සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ~ගිමන්හල~ බර වැඩි වීම නැත්නම් තරබාරු බව පිළිබඳව ලිපි තුනක් ඔයාල දැන් කියවල තියෙනව. කියෙව්වෙ නැති අයට පහල දක්වල තියෙන යොමුවෙන් ගිහින් බලන්න පුළුවන් 1. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)2. මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?3 නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)ඔයාලට දැන් තේරෙනවා හෙමින් හෙමින් ඇඟට පතට නොදැනී අපි ...
මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity) ~ගිමන්හල~ අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ගැන. සමහරු නම් මේ ගැන ගොඩක් කරදර වෙනවා, විවිධ දේ කරනවා ශරීර බර අඩු කර ගන්න. තවත් අය මේ ගැන සතේකට මායිම් කරන්නෙ නෑ. කොහොම වෙතත් මේ බර වැඩි වීම එහෙමත් නැත්නම් තරබාරු බව (Obesity) කියන්නෙ ඔබේ නිරෝගී බව නුදුරේදිම අවසන් වන බවයි. හැබැයි උවමනාව තියෙන කෙනෙක්ට මේ තත්වයෙන් මිදෙන්න කිසිම බධාවක් ...
නිවුණු ජීවිත ~ගිමන්හල~ ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය. "මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ" ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර ...
දුරකථන අංකය....! ~ගිමන්හල~ ටකස් ටකස් හඬ නගමින් ඇවිද එන නිරූපා මඟ දෙපස සිටි කාගේත් අවදානය ලබා ගත්තේ සෙරෙප්පුවේ හඬ නිසා පමණක්ම නොවීය. ආඩම්බර විය හැකි තරමේ රූ සපුවක් හා නිතඹ තෙක් කඩා හැලුන නීරෝගී කෙස් කලඹක්ද ඇ සතු විය.හිස් බස් නැවතුම්පල දුටු විට ඇගේ සිත කඩා වැටින"අද නෑ වගේ" දොම්නසි සිතින් යුතුව ඈ සිතීය. ඒ කණස්සල්ල, සතියක පමණ සිට නිතර දෙවේලේ ඈ ඇස ...
ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....! ~ගිමන්හල~ හදිස්සියේම හමු වුන අපූරු වෙබ් අඩවියක් ගැන කියන්න හිතුනා.මෙහි නම Manybooks.netමෙම අඩවිය තුල ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් දහස් ගණනක් තියෙනව. ඒ සියලුම පොත් නොමිලයේම භාගත කර ගැනීමේ පහසුව එහි තිබෙනව. කිසිම අය කිරීමක් හෝ පමාවක් නොමැතිව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකියි. (ලියාපදිංචි නොවී වුවද පොත් ඩව්න්ලෝඩ් කර ගත හැකියි.)මෙහි ඇති වඩාත් සුවිශේෂී වගේම සිත් ගන්නා සුලු ලක්ශණය වන්නේ අපට ...
මහතුන්ට පමණයි! ~ගිමන්හල~ ඔන්න මීට අවුරුදු ගානකට ඉස්සර හද්ද පිටිසර ගමක මනුස්සයෙක් හිටියා මහතුන් කියල. මිනිහා අහිංසකය. රස්සාවකට කියල කලේ බයිසිකලේ හයි කරපු පෙට්ටියක ඔය දිලිසෙන මාල පෙති, කරාඹු, මුදු වගේ සුකුරුත්තන් මොනව හරි එල්ලගෙන ගම වටේ ගිහින් කොල්ලො කුරුට්ටන්ට විකුණන එක. කොල්ලො කුරුට්ටො කිව්වට ඉතින් ගමේ ඉන්න ගැටිස්සියො ටික තමා වැඩියෙන්ම ඔය සුකුරුත්තන් වලට වහ වැටිල හිටියෙ.ඔන්න ඔය සුකුරුත්තන් ගේන්න මාසෙකට විතර ...
සමුදීම....! ~ගිමන්හල~ කන් බිහිරි කරවන තරමේ යෝධ යන්ත්‍රයේ ගෝසාව නිසා ජානක වැඩ සීමාවෙන් පිටත සිට කියූ කිසිවක් සුමාල්ට නෑසින.ඔහු යන්ත්‍රය නවතා ජානක දෙස බැලීය."මචං ගමෙන් කෝල් එකක් ආවා. පොඩි නරක ආරංචියක්"ජානක එය පැවසූ අයුරින් සුමාල්ගේ හද ගැස්ම මදක් වැඩි විය. ඔහුගේ තීව්ර බැල්ම දුටු ජානක"කලබල වෙන්න එපා, ඊයේ රෑ කුසුම් නැන්දා එල්ලිලා මැරිලලු"නෑ!! දෙයියනේ! ඒ අහවල් පිස්සුවකටද? සුමාල් ක්ශණිකව ඇතිවූ දහසකුත් සිතුවිලි ...
තෘප්තිය ~ගිමන්හල~ තව බොහෝ දුර යා යුතුය ....සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත මොන්ටෙරෝ රථය පැදවීම කිසිඳු වෙහෙසකර කටයුත්තක් නොවුනද නිරන්තර සිත රැඳී අතෘප්තිකර බව ඔහුව වෙහෙසකරවයි. ඇස් දෙඅත් දෙපා වාහනය හොදින් හැසුරුවද සිත නම් එක් තැනක නොවීය, එය අතීතය අවුස්සමින් හේතූන් සොයයි.යන්තම් කරඳඩු උස් මහත් වූ වයසේ සිට ඔහුව පෙලුවේ මේ අතෘප්තිකර බවමය. ඉන් මිදීමට ඔහු නොකල දෙයක් නැත, මුලින්ඔහු සිතුවේ තමාට ඇත්තේ මුදල් ...
එදා මෙන්ම තවමත්.... ~ගිමන්හල~ හිරුට සඳුට නොකියාම හමා යනකාලයේ මඳ පවනේ වෙලිලා..එදා මෙන්ම තවමත් හිත අද්දරහිනැහෙයි නුඹ ජීවිතය වෙලා..සීතල දෙකොපුල් විඩා බර නුවන්සිපගන්නෙමි සෙනෙහස අතුරා..නොතැවෙන් සොඳුරිය අද මෙන් සැමදානුඹ හා එන්නෙමි සසර පුරා... ...
මිනිත්තු දහය ~ගිමන්හල~ වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත."අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන"මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්‍ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම් ය. "ඔයා තාම නියම ලස්සන දැක්කෙ නෑ" දේශාන් ආඩම්බර සිනහවක් මුව රඳවාගෙන පවසයි."මොනාද අනේ!! ...
සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් ~ගිමන්හල~ (එක්සත් ජාතීන්ගේ දියවැඩියාව සඳහා වූ "නිල් වක්‍ර" සලකුණ)මීට කලින් ගිලන් හදවතට අත් වැලක් ලිපියේ සඳහන් කෙරුණු ආකරයටම නිර්මාණය කෙරුණු පොත් පිංචක් ඇසුරෙන් මීලඟට කොටස් දෙකක ලිපියක් ලෙස "සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක්" මඟින් සෑම දෙනෙක්ට වැදගත් වන දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ.ඔබට මෙම රෝගය අද නොමැති වෙන්න පුලුවන්, තිබෙන මුත් නොදන්නවා වෙන්න පුලුවන්, කෙසේ වුවත් සෑම කෙනෙක්ටම මෙය වැලඳීමේ අවදානමක් ...
ඕනෑම දෙයක් උපරිම වේගයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න! ~ගිමන්හල~ ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට ...
විස සිහින ~ගිමන්හල~ සරත් කියවමින් සිටි පත්තරය පහත් කර කඩුල්ලෙන් එපිට ගුරුපාර දෙස බැලුවේය. ඒ කුස්සියේ සිටිය ශීලා කඩාගෙන බිඳගෙන ඉස්තෝප්පුවට විත් මෙතරම් උවමනාවෙන් පාර වෙත ඇස් යොමා සිටීමට හේතුව දැකීමට.මඳ වේලාවකින් දුහුවිලි නඟමින් නිවස ඉදිරියෙන් ඇඳී ගිය සිල්ව ලාගේ අලුතින් ගත් කාරය දුටුවිට සරත්ට කාරණය පැහැදිලි විය. ශීලා තවමත් ඇඟිලි වලින්ද ඉස්සෙමින් ඈත ඇදී යන කාරය දෙස බලයි. "සුදු පාට නැතුව රතු ...
දිනපොතට වටිනාකමක් ~ගිමන්හල~ ලිවීම නවත්වලා ගත්ත මාස දෙකක පමණ විරාමයට නැවතීමක් තියන්නත් එක්ක ඔබේ ජීවිතේට අලුත් යෝජනාවක් අරගෙන පොඩි ලිපියක් ලියන්නයි යන්නෙ.නව වසරක් උදාවත් එක්ක හැමෝම වගේ තමන්ගෙ ජීවිත අලුත් කර ගන්නවා. අවුරුද්ද සාර්ථක කර ගන්නවා කියන බලාපොරොත්තුව ඔයාල හැමදෙනාම අවුරුද්ද මුලම ඇති කර ගන්න ඇති. එහෙම බලාපොරොත්තුවක් ඇති කර ගන්න එක ඇත්තටම වටින දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් අවුරුද්ද පටන් අරගෙන මාසයක් යන්නත් ...
නොදත් කලාව....! ~ගිමන්හල~ මුදුන් වූ ප්රචණ්ඩ හිරු රාජයාට බියෙන් සෙවනැල්ලද යටි පතුලට පෑගෙන්නට තරම් සැඟවී ගොසින් යැයි චාමරට සිතේ. ඉහින් කණින් වැක්කෙරෙන දහඩිය පිස දැමීමෙන් ලේන්සුව වතුරේ ඔබා ගත් කල මෙන් දහඩියෙන් පෙඟී ගොස්ය.සෙවනක් පේන තෙක් මානයේවත් නැත. කෙසේ හෝ ප්‍රධාන බස් නැවතුමටම ගොස් නතර වීමට සිතා ගෙන චාමර යලි ගමන ඇරඹීය. සරසවියෙන් පිටවී වසර දෙකකටත් කිට්ටුය. අවසන් විභාගයෙන් ප්‍රථම පංතියේ උපාධියකට උරුමකම් ...
මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද? ~ගිමන්හල~ පසුගිය ලිපිය ඔයාල කියවන්න ඇති කියල හිතනවා. කියවපු නැති අය මෙතනින් ගිහින් බලන්න.මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)දැන් ඔයාල දන්නවා අනවශ්‍ය විදිහට බර වැඩි වීම නැත්නම් තරබාරුකම අපේ නිරෝගී දිවියේ අවසානය බව. ඉහත ලිපිය දකින්න කලින් වුනත් ඔයාල හැමෝම මහත, නැත්නම් බර වැඩි වීම නරකයි කියල දැනගෙන හිටියා. ඉතින් එහෙම දැන දැනත් බර වැඩි වුනේ කොහොමද? දැන් ඔයාල කියයි අනේ ...
අමරණීයත්වයේ ඖෂධය ~ගිමන්හල~ අධික සීතල පරදමින් නැගෙන දාබිඳු නලලතින් සූරා දැමූ ඔහු වෙහෙස නොබලා යලි ගිරි හිස තරණය කරන්නට විය. තිස් එක් වියැති හැඩි දැඩි සිරුර, ඉදිරියෙන් ඇති හිමාල කඳුවැටියට අභියෝග කරන්නට අපූරුවට සුදුසුකම් කියාපෑවේය. ගතේ සවියට වඩා ඔහුගේ සිතේ වූ සවියට හා අධිශ්ඨානයට නම් හිමාලයත් දෙවෙනි වනු නිසැකය.අඩි හාරසියක් පමණ එක හුස්මට නැග ගත් ඔහු මඳ විවේකයකට නතර වූයේ ඈත කඳු වැටි ...
නොනිමි සෙනෙහස ~ගිමන්හල~ ශීලා අතුගෑම නවත්වා කඩුල්ල වෙත නෙත යොමු කලේ මඳක් වෙහෙස නිවෙන තෙක්ය, අසල්වැසි නිවසේ කුමාරි කඩිමුඩියේ පාසැල වෙත දුවයි. ඇය ගුරුවරියකි."අද නම් හොඳටම පරක්කු වුනා අක්කෙ""ඒක තමයි මාත් බැලුවේ, ටිකක් අඩිය ඉක්මන් කලා නම් හරි"කුමාරි සිනාවක් පාමින් ශීලා පසු කලාය. ශීලාගේ නෙත ගියේ ඇය ඇඳ සිටි සාරිය වෙතයි."අලුත් එකක් වගේ"එහි වර්ණය හා කුඩා මල් මෝස්තරය ඇගේ සිත් ගත්තේය."තව ටිකක් තද ...
කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..? ~ගිමන්හල~ නදීශා"මට නම් තව බලා ඉන්න බෑ බං, මම ගෙදරට ගිහින් මේ ගැන කතා කරනවා"දිගු කල්පනාවක ගිලී සිටි ගයාන් සිය රූමා සමඟ පැවසූවේ ස්ථීර තීරණයකට පැමිණෙමිනි. "ඒකි කියන්නෙ බොරුවක් කියල හිතනවා නම් එහෙම කරන එක හොඳයි, මොකක් හරි ගෙදර අවුලක්ද දන්නෙ නැහැනෙ""ඔව් මම හෙටම යනවා"..........නදීශාගේ නිවස.."මේ ලමය එතකොට අපේ දුවගෙ කැම්පස් එකේම කිව්ව නේද, ඉතින් දැන් කාරණේ කිව්වා නම්"ගයාන් මදක් පැකිලෙමින් ...
වරදක බර.....! ~ගිමන්හල~ ගාමිණී මේසය උඩ ඇති තේ කෝප්පය දෙස භාවනාවක් කරන්නාක් මෙන් බලා සිටී, මඳ වේලාවකට පෙර දුම් පිට කරමින් සිටි එය ඇල් වී ඇතැහි ඔහුට සිතුනි. දින ගණනක සිට කෑමට බීමට ප්‍රියක් ඇති නොවේ. හිතේ ඇති බර ශරීරයේ අංශුවක් පාසා පැතිර ඇතැයි ඔහුට සිතේ.මේසය මත වූ දුරකථනයේ හඬට ඔහු තිගැස්සිනි. එහි සටහන් වන අංකය වෙත එබී බැලූ ඔහු මදක් බලා සිට ...