දුරකථන අංකය....! ~ගිමන්හල~ ටකස් ටකස් හඬ නගමින් ඇවිද එන නිරූපා මඟ දෙපස සිටි කාගේත් අවදානය ලබා ගත්තේ සෙරෙප්පුවේ හඬ නිසා පමණක්ම නොවීය. ආඩම්බර විය හැකි තරමේ රූ සපුවක් හා නිතඹ තෙක් කඩා හැලුන නීරෝගී කෙස් කලඹක්ද ඇ සතු විය.හිස් බස් නැවතුම්පල දුටු විට ඇගේ සිත කඩා වැටින"අද නෑ වගේ" දොම්නසි සිතින් යුතුව ඈ සිතීය. ඒ කණස්සල්ල, සතියක පමණ සිට නිතර දෙවේලේ ඈ ඇස ...
ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....! ~ගිමන්හල~ හදිස්සියේම හමු වුන අපූරු වෙබ් අඩවියක් ගැන කියන්න හිතුනා.මෙහි නම Manybooks.netමෙම අඩවිය තුල ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් දහස් ගණනක් තියෙනව. ඒ සියලුම පොත් නොමිලයේම භාගත කර ගැනීමේ පහසුව එහි තිබෙනව. කිසිම අය කිරීමක් හෝ පමාවක් නොමැතිව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකියි. (ලියාපදිංචි නොවී වුවද පොත් ඩව්න්ලෝඩ් කර ගත හැකියි.)මෙහි ඇති වඩාත් සුවිශේෂී වගේම සිත් ගන්නා සුලු ලක්ශණය වන්නේ අපට ...
මත්පැනෙහි හපන්කම්......! ~ගිමන්හල~ ඉතා බහුලව කථා කෙරෙන මාතෘකාවක් වුවත්. මත්පැන් භාවිතයේ අඩුවක් නම් දක්නට නෑ නේද? මොකක්ද මේකට හේතුව? එයට බොහෝ දෙන දකින හා නොදකින හේතු ගණනාවක් තියෙනවා.1. මත්ද්‍රව්‍යය වලට ඇති ඒවාටම ආවේණික වූ ඇබ්බැහි කර ගැනීමේ හැකියාව.2. මත්ද්‍රව්‍යය අලෙවිකරණය සඳහා ගෙන යන සූක්ෂම ප්‍රචාරණ ක්‍රම.3. මත්ද්‍රව්‍යය පිළිබඳ හා ඒවායින් වන හානිය පිළිබඳ නිවරැදි අවබෝධයක් නොමැති වීම.මත්ද්‍රව්‍යය වල ඇති ඇබ්බැහි කර ගැනීමේ ලක්ෂණය ...
මුලාව....! ~ගිමන්හල~ දිලූ - ඒයි! හිරුණි අන්න අර බෝයි!! අදත් ඉන්නව shop එක ඉස්සරහා, උඹ දිහා තමයි බලන්නෙ හොරෙන් හොරෙන්ජීවනී - කොල්ල නම් හැන්ඩියා, ඒ shop එකත් උගෙද කොහෙද! සල්ලි කාරයෙක් වෙන්න ඇති..හිරුණි - ඇත්තටම මගෙ දිහාද බං බැලුවෙ??? උඹල ලණුවක් දෙන්න හදනවද කොහෙද!දිලූ - අපි මොකටද බං උඹට ලණු දෙන්නෙ! උඹ දිහා තමයි බැලුවෙ... -------------------------------------------ජීවනී - අද නැහැනෙ බංහිරුණි - ඒක ...
ඉගෙනීම රසවත් කරගමු! - 2 (නිදිමත පරදවමු) ~ගිමන්හල~ සාර්ථක නිවරැදි ආරම්භයක් (ඉගෙනීම රසවත් කරගමු! - 1) අරගෙන පාඩම් කරගෙන යනකොට ඔන්න ඕකට හරස් වෙන්න එන හතුරෝ ඉන්නවනෙ නේද? ඔය හතුරු හමුදාවෙ ප්‍රමුඛයෙක් තමයි 'නිදිමත'. මහන්සි වෙලා පාඩම් කරන, කරපු ඕනෑම කෙනෙක් හොඳ හැටි දන්නවනෙ ඔය හතුරගෙ තරම.පොත අතට අරන් පිටුවක් කියවන්න හම්බවෙන්නෙ නැහැ අහලකවත් හිටියෙ නැති නිදිමතක් අපිව හොයාගෙන එනව. ඉතිං අපිත් ඇස් ලොකු කරගෙන, නලල දෙපැත්ත ...
කළුවලා පරදා....! ~ගිමන්හල~ දින දෙකක් තිස්සේ නොනවත්වා ඇද හැලුන ධාරාණිපාත වර්ශාව චුරු චුරු වැස්සකට හැරී ඇත. පිලේ ඇන තියාගෙන වැස්ස දෙස බලා සිටි කළුබණ්ඩාට වැස්සේ හඬ ගෙන ආවේ කුසීත කාලකණ්ණි හැඟීමකි. "අන්න අහරයට වෙයන්" ඇඟේ දැවටෙන්නට ආ කළුබණ්ඩාගේ බාල දරුවා ඔහුගේ හඬින් ගැස්සී ගේ තුලට දිව ගියාය. "පුතේ අප්පච්චිට කරදර නොකර මෙන්න මෙහාට වෙලා ඉඳින්" හීන්මැණිකා කුස්සියේ සිට කෑ ගැසුවාය. තමා වැස්සත් ...
ඔබත් නිදි සුව අහිමි වූවෙක්ද...? ( Insomnia ) ~ගිමන්හල~ "හිතේ හැටියට නිදා ගන්න තිබ්බා නම් ඊට වැඩිය දෙයක් නැහැ"විභාගයකට පාඩම් කරන නැත්නම් නිදිමරා ගෙන රාජකාරී කටයුතු කරන ඔබට මේ විදිහට දහස් වාරයක් හිතිලා ඇති නේද?නිදිමත වෙලාවකට වදයක් වුනත් නිදිමත නැති වීමත් ඊට වඩා මනසට වද දෙන කාරනයක්. වර්ථමානයේ තරුණ මහලු බේදයක් නැතිව කෙරෙන චෝදනාවක් තමයි මේ නින්ද නොයාමේ රෝගය."රෑ එලි වෙනකල් පෙරලි පෙරලි හිටියා යන්තම් උදේ පැයක් දෙකක් තමා ...
තවත් එක් කතාවක්....! ~ගිමන්හල~ තොර තෝංචියක් නැතිව මොරදෙන දුරකථනයේ නදට අස්විද අවදි වූවේ ඒ දෙස නොරිස්සුම් බැල්මක් හෙලා ගෙනමය." ධනුකයා...! අද දවසත් ඉවරයි වගේ" සිතමින් දුරකථනය අතට ගත්තේය.මොකද බං නිවාඩු දවසේ වත් දෙයියනේ කියල ටිකක් නිවිහැනහිල්ලෙ නිදා ගන්න දියන්කො"ඇස්විදට තරහ ගොස් ඇති වගක් ධනුකට වැටහින."සොරි මචං, බොස් කතා කලා. ලබන සතියෙ අනිවාර්යයෙන් රිපෝට් එක භාර දෙන්නලු,තව ඩේටා ටිකක් මදි නේද? අද ට්‍රයි එකක් දෙම්මොත් ...
ඉගෙනීම රසවත් කරගමු! ~ගිමන්හල~ උසස් පෙල විභාගයත් ලඟ ලඟම එනවා නේද? නංගිලා මල්ලිලා දුම් දමාගෙන පාඩම් කරන කාලෙ. මේ කාලෙට ඉතින් මාත් උසස් පෙල කරපු හැටි මතකෙට එනව.කොයි කවුරු උනත් පාඩම් කිරීම, විභාග වලට මුහුණදීම වගේ දේවල් එතරම් කැමැත්තකින් කරන දේවල් නෙවෙයිනේ. අවිවේකය, මානසික පීඩනය, නිදිමත, සමහර විට ගෙදර උදවියගෙ වුවමනාවට වඩා කරන උනන්දු කිරීම් නිසා බොහොම අසීරු කාලයක් තමා ඔය කාලෙ. කොයි කොහොම ...
ජීවිතය සොයා යාම....! ~ගිමන්හල~ පංසලේ පිරිත් හඬ වටපිටාවේ රජකරමින් තිබූ මූසල නිහඩියාව පිංබර කමකින් පුරවන තුරු තමා මෙතෙක් ගැලී සිටි සිතුවිලි දාමයෙන් මිදෙන්නට අමාලිට නොහැකි විය. සුසුමක් හෙලා කොට්ටයෙන් හිස ගලවාගත් ඇය උන ලෙඩෙකු මෙන් ඇඳෙහි වාඩි වූයේ හිතේ වූ ඔත්පල බව ගතටද බෝ වූවාක් මෙනි.ජනේලයෙන් ගෙබිමට පතිත වූ අවසන් සැඳෑ හිරු රැස දෙස අනිමිසලෝචනය කරමින් අමාලි නැවතත් සිතුවිලි සයුරේ ගිලිණි.දින තුනකට පෙර සුමිත් ...
නිවරැදි විවේකයක්...! ~ගිමන්හල~ ලෝකෙ වෙනස් තාලෙ අලුත් කියල හැමදෙනාම නවීන පන්නෙට හුරුවෙලා. කොටින්ම කිව්වොත් විවේක ගන්නෙත් නවීන පන්නෙට. අපි ටිකක් කල්පනා කරල බලමුකෝ අපි විවේක ගන්න කියල කරන දේවල් ටිකක්.දවස පුරා වෙහෙසිලා රෑ කරුවල වැටෙද්දි ගෙදර ඇවිත් වතුර ටිකක් නාගත්තට පස්සෙ, දවසේ මහන්සිය ටිකක් අඩු කරගන්න කියල අපි මොකද ඊලඟට කරන්නෙ? වැඩි පිරිසක් කරන්නෙ රූපවාහිනිය ඉදිරියෙන් තැම්පත් වෙන එක. තවත් පිරිසක් පරිඝනකය ලඟට.ඊට ...
ජීවිතය විඳින්න....! ~ගිමන්හල~ මුලින්ම අපි හිතල බලමු ඔබ දවසෙ උදේ අවදි වුන වෙලාවෙ ඉදල රෑ නින්දට යනතුරු මොකද කලේ කියල. උදේ පාන්දරින් නැගිටල කඩිමුඩියෙ ලකලෑස්ති වෙලා කාර්යාලයට / පාසැලට / අතිරේක පන්තියකට යන්න ඇති. යන අතරතුර ගමනෙදි ඉතින් විවිධාකර අපහසුකම් විදින්නට ඇති. සමහරු නිවාඩු පාඩුව ගියාට සමහරුන්ට නම් තැලිල පොඩි වෙලා යන්න වෙන්න ඇත්තෙ.වැඩට ගිය උදවිය නම් තමන්ගෙ රාජකාරියට අනුව මහන්සි වෙලා දවසේ ...
ඔබත් එන්න ගිමන්හලට! ~ගිමන්හල~ ගිමන්හල කිව්වහම ඉතින් කොයි කාටත් හිතට ගතට සුවයක් දැනෙන තැනක්නේ නේද? ආදි කාලෙ, ඒ කිව්වෙ රථ වාහන මුකුත් නොතිබුන කාලෙ ඔය ලොකු පොඩි හැමෝම ගමන් බිමන් ගියේ පයින්නෙ. ඉතිං ඇවිදල ඇවිදල මහන්සි දැනෙනකොට හරි රැයක් ගත කරන්න හරි කාටත් පිහිටට තියෙන්න ගිමන්හල.අද කාලෙ ජීවත් වෙන හැමෝම හති වැටුන උදවිය. මොකද, ලොකු පොඩි, ගැහැණු පිරිමි බේදයක් නැතිව හැමෝම මොකද්දෝ ඉවරයක් නැති ...