ගිලන් හදවතට අත්වැලක් - 1 ~ගිමන්හල~ වෙනදාට වඩා අද මදක් වෙනස් අකාරයකට ලිපියක් ගෙන එන්න තමයි මේ ආරම්භය ගන්න යන්නෙ. මීට වසර කීපයකට පෙර එනම් තෙවන වසර වෛද්‍යය ශිෂ්‍යයෙක්ව සිටියදී ගොඩක් වටිනා සමාජ සත්කාරයකට සම්මාදම් වීමේ අවස්ථාවක් ලැබුනා. රාගම (උතුරු කොළඹ ) ශික්ෂණ රෝහලේ K. තිරුමාවලවන් කායික රෝග විශේෂඥ වෛද්යයතුමන්ගේ උපදෙස් හා අනුශාසකත්වය යටතේ එවකට ආධුනික කායික රෝග විශේෂඥ වෛද්යයවරයෙකුව සිට දැනට බිබිල මූලික රෝහලේ සේවය ...
ආදරණීය මට්ටුව....! ~ගිමන්හල~ "අඩෝ අරකි නේද ඉන්නෙ බං පිස්සුවක්නෙ!, දැන් ඉතිං ස්ටෝරිය මොකක් වුනත් අවුලක් නෑ ෆිල්ම් එක ඉවර වෙනකල්ම බලා හිටිය හැකි" ඇටයා චිත්‍රපටයේ මුල් රූපරාමු දකිත්දීම බෙරිහන් දෙන්නට විය."කට වහගෙන හිටපංකො ගොනෝ, සබ්ටයිටලුත් නෑ මූ මෙතන මොර දෙනකොට කියන දෙයක් ඇහෙන්නෙත් නෑ"ඊළඟට ජිලාය."උඹත් ඒකමනෙ කරන්නෙ! තොපි එක්ක ෆිල්ම් බලනවට වැඩිය හොඳයි! නිලන්ත කන් කෙඳිරි ගාන්නට විය.ඒ සමඟම ඔහුගේ දුරකථනය නාද විය."අහ් ...
හුස්ම පොද උදුරන ඇදුම රෝගය (Asthma) ~ගිමන්හල~ නිවාඩු දිනයක් වූ බැවින් සුමනා උදේම නිවස පිරිසිදු කිරීමට පටන් ගත්තාය. "නැගිටිනවා නැගිටිනවා, අවුරුදු දහ අටක් වෙලත් තාම පස්සට අව්ව වැටෙනකල් නිදි" යැයි පවසමින් ඇය දියණියගේ කාමරයේ මකුලුදැල් කඩමින් දොරරෙදි ගසා දමන්නට විය. "මොකක්ද අම්ම වදේ නිවාඩු දවසක වත් ටිකක් දවල් එනකල් නිදා ගන්න දෙන්නෙ නැහැනේ" සිරුරේ මැලි කඩා නැගිටිමින් සිතාරා පැවසීය.ඉන්පසු කිවිසුම් කිහිපයක් පිට කල ඇය "මොකද මේ ...
ශාපය....! ~ගිමන්හල~ පැය 3ක පමණ දීර්ඝ බස් ගමන හමාර කරමින් බසයෙන් බැස ගත් තුශාර අත පය හිරි ඇර ගත්තේය. කුඩා අඩිපාරකට මුහුනලා පිහිටි ගරා වැටෙමින් තිබූ පොල් අතු හෙවිල්ලන ලද කුඩා මඩුව බස් නැවතුමක් යැයි ඔහු අනුමාන කලේය. නුවර.එලියේ සිටද හැතැප්ම 20ක් පමණ දුරින් පිහිටි ප්‍රාථමික වෛද්‍යය මධ්යයස්ථානයක වෛද්‍යයවරයා ලෙස පළමු පත් වීම ලැබූ තුශාර වැඩ භාර ගැනීමට නියමිත දිනට සතියක් ...
සමට වින කරන පොතු කබර රෝගය - සොරයිසිස් (Psoriasis) ~ගිමන්හල~ සිය පෙම්වතිය දැකීමට යාමට කඩිමුඩියේ සැරසෙමින් සිටි ගයාන් ඔහු ඇඳ සිටි තද නිල් පැහැති කමිසය මත වැටී තිබූ සුදු පැහැති කුඩු වැනි යමක් දැක්කේය.එසැණින් හිස කෙස් ඔසවා හිසකෙස් වල පිටත මායිම බැලූ ඔහු කම්පාවට පත් විය."ෂිහ් මේ කරුමෙ ආයෙත් හැදිල"පවසමින් ගයාන් එම පෙදෙසේ තිබූ සුදු පැහැති කොටස් සූරා දමන්නට විය. එසේ කර දණහිස හා වැලමිට දෙස බැලූ ඔහු එවායේද මතු ...
තවත් එක් රෑ සමනලියක්....! ~ගිමන්හල~ ඇඳ විට්ටමට කොට්ටය තබා උදාසීන කමින් යුතුව සිවිලිම දෙස බලා සිටි නිම්නාට සිවිලිමේ කොනක ඇති මකුලුදැලක පැටලී දඟලන සමනලයෙකු ඇස ගැටින. නේක වර්ණයෙන් හැඩ වූ සමනලයාට අත් වන්නට යන ඉරණම ගැන ඇයට ශෝකයක් ඇති විය.සමනලයා දඟලන වාරයක් පාසා තව තවත් දැලෙහි පැටලේ. නිම්නා ඇඳෙන් බැස අසල තිබූ කොස්ස ගෙන සමනලයාව මුදා හැරියාය. මිදුන සැනින් පියඹා ගිය සමනලයා ඊට නුදුරින් තිබූ ...
හිසරද අතර ප්‍රමුඛයා - ඉරුවාරදය (Migraine) ~ගිමන්හල~ මදක් ප්‍රමාද වී අවදි වූ කුමුදු ඇස් විවර කල සැණින් ඇස ගැටුණ හිරු එළිය ඇයට ඇති කලේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇඟට දැනුන අම්රාණික බව හා හිසේ බර ගතිය ඇය සිතුවේ ප්‍රමාද වී නිදා ගැනීම නිසා ඇති වූවක් ලෙසය. ඇය යලි දෙනෙත් පියා ගත්තාය.ඇසේ වම් පසින් ආලෝක ලපයක් ඇයට යාන්තමට පෙනෙන්නට විය. ඇය සිතුවේ එය එකවරම හිරු එළිය දැකීම නිසා ඇති ...
අඳුරු පාශාණය....! ~ගිමන්හල~ පැයක් පමණ එකම ඉරියව්වෙන් සිටි නිසා කකුලක් හිරි වැටී ඇත. නමුත් දුරදක්නයෙන් ඇස ඉවතට ගැනීමට ධනුශ්කට හිත ඉඩ නොදේ.මාස ගණනක් පුරාවට තමා නිශ්ඵල ව්‍යායාමයක යෙදී සිටිනවා වත්දෝ වත් දැයි වැනි සිතුවිල්ලක් දැන් දැන් ඔහුගේ හිතේ එබිකම් කරන්නට පටන් ගෙන ඇත. ඔහුට සිය සඟයාගේ වදන්ද විටෙන් විට සිතට නැගෙයි."උඹෙත් මනස්ගාතනෙ, සම්මතයෙන් පිට කල්පනා කරනව කියල ඔහොම මෝඩ වැඩ කරල ඇති පලේ ...
මනුදම් රකින්නෝ....! ~ගිමන්හල~ අව් රැසින් දිලිසෙන ගේට්ටු රාජයා දවහවල උනුසුම තවත් වැඩි කරන්නේ යැයි විමලදාසට සිතේ. අතින් මුහුනෙන් බේරෙන දහඩිය පිස දැමූ ඔහු යලි ගේට්ටුවට තට්ටු කලේය.එවර නම් සාර්ථකය. කවුරුන් හෝ ගේට්ටුව අසලට පැමිනේ.ගේට්ටුවේ කුඩා දොරටුව විවර කරගෙන පැමිනි මැදිවියේ ගැහැණිය,"කවුරු හම්බ වෙන්නද" ඇසුවේ හිසේ සිට පාදාන්තය දක්වා නොරුස්සනා සුලු බැල්මක් හෙලමිනි.නංගිල ගෙදර වැඩට අලුත් කෙනෙක් අරන් වගේ."මම සුසිල නෝනගේ අයියා, කෝ ගෙදර ...
නොදත් කලාව....! ~ගිමන්හල~ මුදුන් වූ ප්රචණ්ඩ හිරු රාජයාට බියෙන් සෙවනැල්ලද යටි පතුලට පෑගෙන්නට තරම් සැඟවී ගොසින් යැයි චාමරට සිතේ. ඉහින් කණින් වැක්කෙරෙන දහඩිය පිස දැමීමෙන් ලේන්සුව වතුරේ ඔබා ගත් කල මෙන් දහඩියෙන් පෙඟී ගොස්ය.සෙවනක් පේන තෙක් මානයේවත් නැත. කෙසේ හෝ ප්‍රධාන බස් නැවතුමටම ගොස් නතර වීමට සිතා ගෙන චාමර යලි ගමන ඇරඹීය. සරසවියෙන් පිටවී වසර දෙකකටත් කිට්ටුය. අවසන් විභාගයෙන් ප්‍රථම පංතියේ උපාධියකට උරුමකම් ...
ඔබෙන් ලද ජීවිතය....! ~ගිමන්හල~ "පුතා!! දොර අරින්න! මොකද මේ වෙලා තියෙන්නෙ!"වික්‍රමට දැඩි බියක් ඇති විය. මෙතුවක් කාලයට සිතිජ මෙසේ හැසිරී නැත. සිතිජ වික්‍රමගේ එකම පුතණුවන්ය. බිරිඳගේ මරණනින් පසු වික්‍රමට ජීවිතයේ සතුට හා බලාපොරොත්තුව වූවේ සිතිජය. සිය මවගේද උදවු ඇතිව සිතිජට පියෙක් මෙන්ම මවක් වීමටද වික්‍රමට හැකි වූවේ සිතිජ වෙත වික්‍රමගේ වූ අපරිමිත පිය සෙනෙහස නිසාමය.නවය වසරේ ඉගෙනුම ලැබූ සිතිජ හැම මොහොතක්ම සතුටින් ගත කල ...
මිතුරේ...... ~ගිමන්හල~ "උඹට විකාරද සහන්? උඹ මොනවා කියනවද කියල මට හිතා ගන්න බෑ! අනික මම කොහොමද උඹ කියන දේ කරන්නෙ? මම හැමදාමත් ජීවනීව දැක්කෙ මගෙම සහෝදරියක් විදිහට. බෑ මචං උඹ වෙන ඕනෙ දෙයක් ඉල්ලපං ඔය දේ මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි"සහන්ට සජීව ගෙන් ලැබුනේ බලපොරොත්තු වූ පිලිතුරමය. මිතුරාට පිටුපා සුසුමක් හෙලූ සහන්"මම දන්නවා මචං. එත් උඹ දන්නවා මට මේ උදවුව්ව ඉල්ලන්න වෙන ...
අමතක වීම රෝගයක්ද? (Dementia) ~ගිමන්හල~ "පුතේ කවදටද කොලඹ යන්න හිතගෙන ඉන්නෙ?""ඇයි මම කිව්වෙ අම්මෙ 25 වෙනිදටනෙ"අහ් එහෙමද මම බැලුවෙ මොනව හරි කෑම ටිකක් වත් හදල දෙන්න කියල යනකොට ගෙනි යන්න""ඕනෑ නෑ අම්මෙ"පැය බාගයකට පසු....."අම්මේ මේ පාර කොලඹ ගියහම මාසෙකින් විතර තමා එන්න වෙන්නෙ""හැබෑද පුතේ, හ්ම්ම් කමක් නෑ වැඩ පාඩු වෙනවා නම් එහෙට මෙහෙට දුව දුවා ඉඳල බැහැනෙ."ඉතිං පුතේ කවදටද කොලඹ යන්න ඉන්නේ?"අම්ම කීපාරක් දැන් ඕක ...
අසිහිය....! ~ගිමන්හල~ විටින් විටේ ඔරලෝසුව දෙස බලමින් සිටි සෝමපාල හරියටම සවස 3 වන විට සිය අසුනෙන් නැගිට කලිසම උස්සා ගෙන ප්‍රධානියාගේ කාමරය වෙත පා තැබීය.අද පඩි දිනයයි. සෝමපාලට මාසයේ ඇති සතුටුම දිනයයි."අහ් එන්න එන්න සෝමපාල, පඩිය ගන්න නේද?ප්‍රධානියාගේ බසට සෝමපාල කට පුරා හිනාවක් පැවේය."ඉඳ ගන්නවකෝ""සතුටු ආරංචියකුත් තියනවා, ලබන මාසේ ඉඳල තමුසෙට ප්‍රමෝශන් එකක් දෙන්න කියල. ට්‍රාන්ස්පෝට් සෙක්ශ්න එකට. පඩියත් හත් අට දාහක් ...
එදා මෙන්ම තවමත්.... ~ගිමන්හල~ හිරුට සඳුට නොකියාම හමා යනකාලයේ මඳ පවනේ වෙලිලා..එදා මෙන්ම තවමත් හිත අද්දරහිනැහෙයි නුඹ ජීවිතය වෙලා..සීතල දෙකොපුල් විඩා බර නුවන්සිපගන්නෙමි සෙනෙහස අතුරා..නොතැවෙන් සොඳුරිය අද මෙන් සැමදානුඹ හා එන්නෙමි සසර පුරා... ...
වරදක බර.....! ~ගිමන්හල~ ගාමිණී මේසය උඩ ඇති තේ කෝප්පය දෙස භාවනාවක් කරන්නාක් මෙන් බලා සිටී, මඳ වේලාවකට පෙර දුම් පිට කරමින් සිටි එය ඇල් වී ඇතැහි ඔහුට සිතුනි. දින ගණනක සිට කෑමට බීමට ප්‍රියක් ඇති නොවේ. හිතේ ඇති බර ශරීරයේ අංශුවක් පාසා පැතිර ඇතැයි ඔහුට සිතේ.මේසය මත වූ දුරකථනයේ හඬට ඔහු තිගැස්සිනි. එහි සටහන් වන අංකය වෙත එබී බැලූ ඔහු මදක් බලා සිට ...
නිවාඩුව....! ~ගිමන්හල~ බනිස් කන්න බෑ අම්මේ..! මට බත් ඕනෑ!චමත්ගේ හැඬුම්බර හඬ ඔහු හැබෑවටම බඩගින්නේ පෙලේයැයි නයෝමිට හැඟවීය."ඉන්ටවල් එකටත් පාන් පෙති දෙකක් කාපු ගමන්නෙ" ඒත් දැන් ගෙදර ගිහින් එන්න වෙලාවකුත් නැහැ" නයෝමි අත් ඔරලෝසුව දෙස බලමින් සිතීය."දැන් ගෙදර ගිහින් එන්න වෙලාවකුත් නැහැනෙ පුතා. තව විනාඩි 10න් පංතිය පටන් ගන්නවනෙ හොඳ පුතා වගේ මේක කාල කිරි පැකට් එක බොන්නකෝ, පංතිය ඉවර වෙලා ගෙදර ගිය ...
යූ ටියුබ් වීඩියෝ නොමිලයේම පහසුවෙන් දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගන්න....! ~ගිමන්හල~ අපේ ප්‍රියතම මියුසික් වීඩියෝවක් හෝ සිනා උපදවන කුඩා වීඩියෝ ක්ලිපයක් යූ ටියුබයේ නැරඹූ විගස ඊළඟට ඇති වන ආසාව තමයි නැවත නැරඹීමට හෝ යහළුවෙකුට පෙන්වීමට එය ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක. නමුත් දුර්වල අන්තර්ජාල සබඳතාවය හෝ මෙම් වීඩියෝ ක්ලිප ප්‍රමාණයෙන් විශාල වීම නිසාත් සමහරෙක්ට ඒවා භාගත කර ගැනීම අපහසුයි.මෙයට විසදුමක් ලෙස මට හමු උනා අපූරු වෙබ් අඩවි දෙකක්. මෙම අඩවි දුරකතන ...
දයාබර නැගණියට....! ~ගිමන්හල~ සිනා පිරුණු කෙළි කවට කතාවටවිරාමයක් තැබුවේ මන්දෝපෙර මෙන් සෙල්ලම් ගීත ගයන්නටපුංචි නංගියේ හිත නැතිදෝආල හැඟුම් පූදින මල් සමයකඔය නෙතු අබියස හීන මැවෙයිපොතින් පතින් ගිලිහී කවියක් ගැන හිතන්නෙපා නුඹෙ මග වැරදෙයිඉති අතරින් නැගි පුංචි කැකුළකින්පිච්ච මලක් පිපුණම සුවඳයිසිහින අතර නොරැඳී දිරි ගත්තොත්නංගියෙ ජීවිතයම සුවඳයි! ...
එකම දේ නැවත නැවත කරවන ග්‍රස්ථිය (Obsessive Compulsive Disorder) ~ගිමන්හල~ "චා දොර වහන්න බැරි වුනාද මන්ද" කාරයට නැගි සුගත්ට සිතින. හණික කාරයෙන් බැස ගත් ඔහු ඉදිරි දොරටුවේ හැඬලය දෙතුන් වරක් කරකවා දොර තල්ලු කර, දොර වැසී ඇති බව තහවුරු කර ගත්තේය. "අයන් එක ගැලෙව්වද මතකත් නැහැ"ඔරලෝසුව දෙස බලා නැවත නිවසට ඇතුලු වූ ඔහු විදුලි ස්තිරික්කය විදුලියෙන් විසන්ධි කර ඇති බව තහවුරු කරගෙන නැවත ඉදිරි දොර වසා කිහිප වරක් එය පරීක්ෂා ...