the reflection sahas piyawara විලෝ අතු අග්ගිස්සක් එබී දිය මත මොහොතක් අවුල් කෙහෙරැළි අහුරම විහිදමින් මුදු නැටුමක්
September sahas piyawara ඍතු පවා උමතු වී වැසි වසින, මල් පිපෙන සොඳුරු සැප්තැම්බරය වසන්තය එන නොඑන අඳුරු පෑ අහස් මත වළා මැකි මැකී ඇඳෙන මිතුරු සැප්තැම්බරය දවස් දිගු බව කියන
morning goodbyes sahas piyawara රළු ගොරෝසු ම කොපුලක් පුංචි සුසිනිඳු කොපුලක් තුරුළු වී එක අහුරට ගැඹුරු නින්දක කෙළවර උදෑසන මුදු වැසි මැද දුර යන්න, පිටවෙන්නට හාදු දී සම සමවම තවම ලතවෙන දෙනෙතක් ...
කියනවද? sahas piyawara කහ ඩේසි වැටියට, සතුට දෙන උල්පත කියනවද සැඟවුණු තැන?අඳුරුම වැස්ස දවසට හිනාවෙන්නේ කොහොමද?
Magnolia sahas piyawara මැග්නෝලියා වෙමි මමලා රත් කොපුල් හංගනඑක් පතක්වත් නැති තුරසිනිඳු සේලෙක දවටන හිම මිදෙන හැන්දෑවකහිරිවැටෙන සුළඟක් ළඟඑකින් එක මල් පුබුදමි වසත් කල සිහිනෙන් දැක ...
හීන sahas piyawara අලු පාට දුර ඊයෙක වල දැමූ එක හීනෙක මලක් පිබිදී රහසින් එන බවක් වත් නොකියාමහීන රැකගනු බැරි මට මල් පිපෙන්නේ කුමකට කඳුළු ඉහ ඉහ සෙනෙහෙන් අවසරයි සුරකින්නට
නැවතත් sahas piyawara ඉතින් ඇවිදින් කාලය ලැවෙන්ඩර් මල් සුපිපෙන එක පතක්වත් නැති තුරු වසන්තය ගැන ලතවෙන බොහොම එඩිතර චෙරි මල් මහා වැසි වත් නොතකන
සිර දඬුවම sahas piyawara වරක් ප්‍රේමෙන් බැඳුණු වරදට කෙතරම් ද සිර දඬුවම? සිනා නැතිමුත් සිනා සී බරපතල වැඩ සහිතව යන නොයන හැම අතකම කීකරුව ලුහුබැඳ එන මතක මඟ අවුරමින් දඬුවම වසර ම, දශක ම කීයද වරක් ප්‍රේමෙන් බැඳුණු වරදට? ...
නොරිදා sahas piyawara නොරිදා නෙලුම් පත් රැස අඩිය තිය තිය හෙමිහිට කොරවක් මැතිඳ සැඟවෙයි මීදුමේ තිරපට මැද
secrets sahas piyawara the waning Esala moon shrouded in pink lingering a little in the early morning sky glancing over the stark, stripped treetops whispering softly, beckoning with a smile “so many secrets.. ….so little time!”
මිතුර, දුර ගිය sahas piyawara තටුව ඇද සුමිතුරු ගීයක් සමඟ ආ ගිය දිගු කලක් නෑවිත් හිත අග කොනිතිකම් කළ මුණගැසුණි අද මට කහ මල් වැරූ ගස යට සීතල සිරුර තනි කර ඉගිල ගොස් ඇත බෝ දුර
just.. sahas piyawara ගසාගෙන යද්දී ඇඟිලි පැටලුනා පමණි ඉවුර ළඟ ළඟ බව බිඳක් සිතුනා පමණිසිනහවක මතකය දෙනෙතේ රැඳුනා පමණි දෑත යළි අතැරී දුර සැඟවුණා පමණි
(අ)මතක sahas piyawara හවස් වෙද්දී පිටකොටුවේ අහස තද දම් පාටට කිට්ටු වෙලා තිබුණේ. පේන මානෙක ඉන්න මිනිස් සාගරයම තෙමාගෙන වැටෙන්න අනෝරා වැස්සක් කල් බල බල හිටියේ. බස් එකේ කවුළුවෙන් ඈත බෝ ගහේ අගිසි යන්තමින් පෙනුණා. බෝ අතුවල තිබුණු කපුටු කූඩු, අහසේ දම් පාට නිසා කැපිලා පෙනුණා. සැරින් සැරේ කපුටු දෙමවුපියෝ මොන මොනවදෝ හොටින් අරගෙන ඒ කූඩු වලට කිට්ටු වුණා. "මේකේත් වෙලාවක කපුටෝ බිත්තර ...
සුර ලොව sahas piyawara එපිටින් මීදුමේ මුදු සළුව මෙපිටින් කේතලේ හුමාලය බොඳව ගොස් කවුළුව පුංචි සුර ලොවක, මම
ක්ලියෝපැට්රා sahas piyawara “මෙහෙම.. මේ ඇලේට..ඔයාගේ දිහා බලන් ඉන්නකොට මට කතාවක් මතක් වෙනවා..”“කතාවක්!!.. කියන්නකෝ..!!”“ක්ලියෝපැට්රාටත් දිග නහයක් තිබ්බා ලු නේ..” “ ‘ත්’ කියන්නේ.. තව කාටද දිග නහයක් තිබ්බේ?”“නෑ.... මේ.. මං කියන්නේ ක්ලියෝපැට්රා ට දිග නහයක් තිබ්බා නේ..”“ඉතින්?”“ඉතින් ජුලියස් සීසර් ඒ නහයට වහ වැටිලාලු හිටියේ..”“නෑ?”“නෑ.. නෙමෙයි ඔව්!..රාජධානි පවා පවරලා දෙන තරමේ පිස්සුවෙන්ලු හිටියේ..”“ඔයාට කිව්වද?”“නැහැ.. මට දැන් තේරෙනවා සීසර්ට පිස්සු හැදුනු විදිහ.. ඒකයි”“ඒ කොහොමද?”“මටත් දැන් ටිකක් ...
හිඩැස sahas piyawara කහ හොට කුරුළු රංචුව හැමදාම කෑමට එන තටුව ඇද මිතුරා නම් පෙනෙන්නටවත් නැහැ අද ඇද පලුදු නැති ලොවකට ගොස් ද ඉගිලී නොකියාම?
සුභ sahas piyawara early morning, Keysborough temple හුස්ම වුව මිදී යන හිරිවැටෙන හීතලක ලා පාට ඉරි අඳින උදෑසන ඉර එළිය මීදුමක එතීගෙන දිළිසෙනා වෙහෙර කොත අමතකම විය බිඳක් දුරක නොරටක ම බව
101. අභිනික්මන sahas piyawara ඒ, කවුළු දොර තුහින රටා මැකෙමින් ඇඳෙමින් ගෙවුණු මැදියම් හෝරාවයි. තිර රෙදි අතරින් බේරෙන ලා සඳ එළිය ඇඳ මත අපිලිවෙලකට විසිරී තිබිණි. ඈත ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ හැරෙන්නට ලොවම ගල් ගැසී ඇති සෙයකි. ඔහු නිදා සිටියේ මුණින් හැරී, මුහුණ තම බාහුවේ සඟවාගෙනය. දොරකඩ මා උන් තැනට පෙනුණේ ඔහුගේ අවුල් කෙහෙරැල්ලත් කොපුලක බෑවුමත් පමණි. හැමදාම මෙන්ම අදත් පොරෝනාව ඔහු අසලක වත් ...
100. සියවැන්න sahas piyawara සහසක් දේට නොලියූසියයක් ලියා ඇති බවහීන් හඬකින් හෝහිත තවම මුමුණන බවඉඳුරා දනිමි දැන් මමදෑත ගිලිහුණු පසුතනිව බෝ දුර ආ බවබිඳුණු හද කැබලිතිඑකින් එක එක් කළ බවඉඳුරා දනිමි දැන් මමසොඳුරු සුසුමක් මිසමතක හිත නොරිදන බවළබැඳි මිතුදම් ළඟදවස් බෝ දිගු නැති බවඉඳුරා දනිමි දැන් මම ...
සතුට sahas piyawara වතුර මල දිලිසෙන පයිප්පය පිපිරුණ තැන පුංචි කෙළි උයනක් අද සිනා කැබලිති විසිරෙනදඟ ඇති පුංචි මිනිසුන් සතුට නිතරම අත ළඟ