අලුත් sahas piyawara නිලා කූරක් අග දැවී නිමවුණු වසරක විසිරුණු පුළිඟු දිලිසේ කළුවරට හුරු දෑසකpic. WeHeartIt.com
Rain birds sahas piyawara වැහි ලිහිණියක් වෙන්න සුළඟේ දුර පාවෙන්න අත්හැරුණු මතකයක කෙළවරක පැටලෙන්න තවත් ඇත දුර යන්න වළා මැද සැඟවෙන්න හෙටක එන වැහි කෝඩ අද හෙමින් මුමුණන්න
තනු නොමැති sahas piyawara ලා කහ එළිය වෙමි මම තුරු මුදුන් මත තැවරුණ රාත්රිය එළඹෙනු පෙර අඳුර අතගෙන නැවතුන අතරමං විහඟෙකු ළය දැදුරු කරමින් විසිරුන තනු නොමැති ගීතය මම මතක අතරින් ඉපදුන ...
Summer sahas piyawara තනි නිල් අහස් වියනක පින්සල් පහර තැන තැන ඉඳහිට හමන සුළඟට අතින් අල්ලා යන්නට වළාකුලකුත් නැති දින හෙමි හෙමින් අඩි තිය තිය ගිම්හානයක් එළඹින
අතුරු මඟ ~ sahas piyawara නම් නැති අතුරු මාවත කහ පැහැ පත්ර විසිරුණඉඳහිට හමන සුළඟින් පුංචි වාසුළි නිමවෙන තවම පිය සටහන් ඇතඅමතකව ගිය මිමිණුම් ඇතඅහක බලනා හිරු ඉරිනෑවිත්ම ඇති දින ඇතPicture- seasonal lover ...
the bird bath~ sahas piyawara උදෑසන ලා එළියකරත් පැහැති මද්දහනකසෙමෙන් එළඹෙන හවසකසතුටු ගී හඬ විසිරෙනමහත දෙහෙතැති පරෙවි දනම් නොදත් කහ කුරුළුදදඟ ම ගිරවුන් රංචු දනොආ දිනයක් තිබුණද?මුමුණන්න ගී සතුටින්දුර යන්න පිය සලමින්වරුවක්ම මෙහි තැවෙමින්සිහිනයක් මා දකිමින් picture-Piccsy ...
wisps of wishes sahas piyawara Photo- Hiranya Malwattaබිඳෙන් බිඳ අළු වී දැවී නැතිවී හෙමිහිටදුටුවාද මිය යන හැටිසිහින් සුවඳක්, පැතුමක
දේදුන්න වෙමි sahas piyawara දේදුන්න වෙමි දිදුලනමුදු ව පෑ හත මුහුවුණකඳුළු තැවරුණු පැහැ අගසිනා සුපිපී හිනැහෙනඅහඹු වැහිබර හවසකහිරු බිඳක් සඟවාගෙනවෙන්ව නොපෙනෙන පැහැ ලෙස මැවෙන්නම් නුඹ නුබ තල ...
අඹ ගහ sahas piyawara picture- The Grazing Mindසිතූ දැන් වරුවක් තිස්සේ මෙතන. අම්මාගේ එළවලු පාත්තිය මැද්දේ. අම්මා දැක්කා නම් බැනුම් අහන්නත් වෙයි හීතලේ සපත්තුත් නැතිව මිදුලට ආවා කියලා. අම්මාගේ හිතේ සිතූ තාම කතන්දර පොත කියවනවා කියලා. ඒත් අම්මා උයනවා. දැන්ම මේ පැත්තේ එන්නේ නැහැ. සිතූ ට සීතල දැනෙන්නෙත් නැත්තේ ලොකු කල්පනාවක නිසා. මෙතන මේ බීට් කොළ මැද්දේ, ලීක්ස් ගස් මැද්දේ වාඩිවෙලා ඉන්දැද්දි සිතූ ට ...
ඔබ sahas piyawara සිහින් මිහිදුම ඇවිදින් වතේ දැවටෙන අලුයම උදා තරුවක පෑ ගෙන දෑස ළඟ නවතින ඔබ ඉර මල පිපී දුර ඉම දවාලන මැදියම් කල සිහින් සෙවනැලි සහසක් මවන මුදු සිසිලස ඔබ බොර පැහැය තැවරී අඳුරු වූ රෑ අහසක සඳේ පැහැසර වී හැඩ පිපෙන්නේ රහසින් ඔබ picture- Piccsy, sharoninauburn ...
දැන ඉන්න ඇති sahas piyawara ඉර වැතිර හිඳින්නට නියමිතම වසන්තයේ අතරමැද දවසකදි හිටි අඩියේ තුහින වැසි වැටෙන බව වළාකුළු වුණත් දැන ඉන්න ඇති අලුතින්ම දිගහැරුණු පත් අහුරු හරිත පැහැ දිලෙන්නට පෙරාතුව තුහිනයෙන් දැවී මිය ඇදෙන බව තුරු මුදුන් වුණත් දැන ඉන්න ඇති මල් පිපෙන්නම නියම දිනවලට සුසුවඳක මතකයක් ඉතිරි කර කැකුළු පොඩි අතු අගින් මිදෙන බව මඳ සුළඟ වුණත් දැන ඉන්න ඇති ...
misty morning thoughts sahas piyawara එළැඹ ඇත දවසක්, අත ඇඟිලි දිගුකර මීදුමෙන් අහුරක්ම ගන්නට වැහි බිඳක් සිපගන්නට සිහිනයක සළුවක් වියන්නට උණුහුම් ම තේ උගුරක තෙත බරිත කෙහෙ රැල්ලක ඇසෙන නෑසෙන ගීයක කාලය අතින් මිටි කොට තවම මට සැඟවිය හැක ...
සිතන බස! sahas piyawara "ඔබ සිතන්නේ මොන බසින් ද?" පැණයක් ලියකිවිලි වාර්තා පසු පසින් හඹා විත් හුස්ම වුව හිර කරන අඳුරු පෑ දවස්වල අකුරු එක එක ඇවිත් දෙනෙත් ළඟ පෙළට සිට නොබසකින් සිතෙනවා සත්තකයි ඒනමුදු හැමදාම හිරු පිපෙන උදාවක ලා රෝස පෑය ගත් වළාකුළු අහුරකට හිත යටින් මිමිණෙමින් කවි බිඳිති ගෙතෙන්නේ ලියූවත්, නොලියුවත් හුරුපුරුදු බසෙන් මයි! වදන් දහසක් දිගැති නමක් නැති කතාවක් ලතවෙවී ...
කලූ sahas piyawara "තාත්තේ.. කලූට කියන්න මම හෙට උදේම ගෙදර එනවා කියලා...රෑ තිස්සේ කොහේවත් ඇවිදින්න යන්න එපා කියන්න!" එයාපෝට් එකට යන්න පිටත් වෙන්න කළින් අන්තිම වතාවට ගෙදරට කතා කළ වෙලාවේ මම තාත්තාට කිව්වා. ගෙදරට කතා කරන හැමවෙලාවේම කලූ ගැන මම නොවැරදීම අහන බව තාත්තා දන්නවා."පුතාලා පරෙස්සමෙන් එන්නකෝ" තාත්තා කිව්වා පැය ගාණක් ගතවෙන ගමනේ මඟ දිගට, ගමන් මහන්සියට පුතා කරදර කරනකොට මම සනසා ගත්තෙත් ...
සිල් sahas piyawara අතුපතර දුර හා ළඟ කුරුළු සේනා හැමතැන තරබාරු බැළලිය ලී වැට උඩයි උදයේම සිල් මුදනවාද නැද්දැයි තවම තනියම සිතමින
නෑසුනු කවිය sahas piyawara මාවත තැනෙන තැන කපන්නට නියමිත ගසක කුරුළු කූඩුවක් සෙනෙහෙ ඇතිමුත් හදවත සමුදුරම පරදන්නට දෑතක් නොමැත, මාහට නුඹ රැගෙන දුර යන්නට අවු වැසි සුළං හමුවේ තුරුළු කරගෙන උන්නට පපුතුර දැවෙන ගින්නෙන් නොහැක නුඹ රැකගන්නට ...
Untitled Post sahas piyawara සිහින් රන් සුණු සිහිනෙක තවරා ඇඟිලි තුඩු අග අඳුර විසිරෙන හවසක සැඟවෙන්න දුර අහසක Photo- Hiranya Malwatta