Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
ප්‍රෝටීනවලින් අනූන පළගැටි බැදුම! Exploring Science And Technology එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food & Agricultural Organisation - FAO) නිකුත්කල වාර්තාවකට අනුව දැනට ලොව ජනගහනය බිලියන 7ක් වන අතර 2050දී එය බිලියන 9ක් දක්වා වැඩිවිය හැකියි. මෙම බිලියන 7න් එක් බිලියනයක් පමණ දිනපතා කුසගින්නේ ගතකරනවා. තවත් අතිවිශාල ප්‍රමාණයක් දිනකට ලැබිය යුතු ප්‍රෝටීන ප්‍රමාණය හෝ කැලරි ප්‍රමාණය ලැබෙන්නේ නෑ.මෙම වාර්තාවට අනුව, දිනෙන්දින වැඩිවන ජනගහනයට අවශ්‍ය ...
යුරෝපා ගවේෂණයට සැරසෙන රොබෝ ආඳා! Exploring Science And Technology යුරෝපා යනු 1610දී ගැලීලියෝ ගැලලි සිය දුරේක්ශය මගින් නිරීක්ශණය කොට සොයාගත් බ්රහස්පතී ග්‍රහයාගේ විශාල චන්ද්‍රයෙකි. සෞරග්‍රහමණ්ඩලයේ චන්ද්‍රයන් අතරින් සයවැනි විශාලම චන්ද්‍රයා වන යුරෝපා සිලිකේට් පාශාණවලින් සැදුම්ලත්, පෘශ්ඨය අයිස් වලින් වැසුනු ග්‍රහයෙකි. ඉතා තුනී වායුගෝලය අණුක ඔක්සිජන් වලින් සමන්විත වන අතර එහි අයිස් පෘශ්ඨයේ ඇති සුමට බවත්, ආවාට රහිතවීමත් නිසා, එම අයිස් තට්ටුව යටින් ජලය සහිත සාගරයක් ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරති. ...
මුහුණු පරීක්ශාකොට හඳුනාගත හැකි නවතම අව්කණ්නාඩි! [Spot Bad Guys a Mile Away With Face Recognition Sunglasses!] Exploring Science And Technology ත්‍රස්තවාදී කණ්ඩායම්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා වෙනත් සංවිධානාත්මක අපරාධකල්ලි සමග නිරන්තර සෙවනැලි යුද්ධයක (covert war) නිරතවන ආරක්ශක හා බුද්ධි අංශවලට සිය බිහිසුනු රාජකාරිය මදක් පහසුකරවන ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් නිපදවා තිබෙනවා. සාමාන්‍ය අව්කණ්නාඩියක් මෙන් දිස්වන මෙයට HD වර්ගයේ ඩිජිටල් කැමරාවක් හා අධිවේගී දත්ත සම්ප්‍රේශණ උපකරණයක් අඩංගුකොට තිබෙනවා. ඒ අනුව අව්කණ්නාඩිය පැළඳගෙන පුද්ගලයින් නිරීක්ශණය කරන ආරක්ශක අංශ නිළධාරියෙකුට ඒ සෑම මුහුණක්ම කැමරාව ...
බිත්තියක් වුව ක්ශණයකින් touch screen surface බවට පත්කල හැකි තාක්ශණයක් බිහිවෙයි! Exploring Science And Technology කැලිෆෝනියාවේ රාජ්‍ය බහුතාක්ශණික විශ්වවිද්‍යාලයේ touch surface තාක්ශණය අත්හදා බැලෙන අයුරු.ඔබද මා මෙන්ම නිතරම ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්නෙක් නම් තිරයේ වැටෙන ස්ලයිඩ් මාරු කිරීම අයිපෑඩයක මෙන් අතින් කල හැකිනම් කෙතරම් අගේදැයි සිතා ඇතුවාට සැක නැත? වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වන මට එලෙස සිතෙන වාර අනන්තය. ස්ලයිඩ් මාරු කිරීම, ස්ලයිඩ් එක මත පැහැදිලි කිරීම් සඳහා අතින් හෝ ස්ටයිලස් ...
අයිස් දියවුනු ඇන්ටාක්ටිකාව කෙසේ දිස්වේද? Exploring Science And Technology ඇන්ටාටිකාව යනු සදාකාලිකවම හිමෙන් වැසුනු මහාද්වීපයකි. විටක මෙම අයිස් තට්ටුවේ ඝණකම කිලෝමීටර් 3ක් පමණවේ යයි කීවොත් ඔබ පුදුම වන්නටද පුලුවන. මේ මහා හිම තට්ටුවෙන් වැසුනු ඇන්ටාක්ටිකා මහාද්වීපය කලින් හිමෙන් තොරවූ අර්ධ-ඝර්මකලාපීය (sub-tropical) දේශගුණයකින් හෙබි ප්‍රදේශයක් වූ බවට විද්‍යාඥයින් අතර කල්පිතයක් ඇත. මෑතකදී ඇන්ටාක්ටිකාව අසල මුහුදේ කැනීම් කල විද්‍යාඥයින් පිරිසකට වසර මිලියන 52ක් පැරණි යයි සැළකෙන වැසිවනාන්තරවල වැවෙන ශාකවල ෆොසිල හමුවී ...
ලංකාවේ පෞද්ගලික අංශය වැනි INFOTEL ප්‍රදර්ශණය Exploring Science And Technology ඉන්ෆොටෙල් යනු 1992 වසරේ සිට මෙරටතුල පැවැත්වෙන, එකම තොරතුරු තාක්ශණ ප්‍රදර්ශණයයි. 92' වසරේ සිටම, විදේශගතව සිටි වසර 5 හැරෙන්නට සෑම වසරකම පාහේ ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය වන්දනා කිරීම ලේඛකයාගේ පුරුද්දක් වී තිබෙනවා. මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශණය පසුගිය සතියේ (ඔක් 27) අවසන්වූ වත් ඒ පිලිබඳව සටහනක් තබන්නට මෙතෙක් කල් ගතවූයේ ඉකුත් කාළය රාජකාරි බහුලවූ බැවිනුයි.සංවිධායකයින්ගේ කයිවාරුව හා ප්‍රදර්ශකයින්ගේ බොරුව සංවිධායකයින් හා ඔවුන්ගේ ප්‍රෙස්-රිලීස් වචනයෙන් ...
එම්පරර් පෙන්ගුවින්, ඇන්ටාක්ටිකාව Exploring Science And Technology නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ ඡායාරූප ශිල්පී පෝල් නික්ලන් පසුගිය ඔක්තෝම්බරයේදී (Oct. 2012) ඇන්ටාක්ටිකාවේ ඡායාරූපකරණ සංචාරයක (photographic expedition) නිරතවුනා. එහිදී ඔහුගේ කැමරාවේ සටහන්වුනු ඇන්ටාක්ටිකාවේ ජීවත්වන එම්පරර් පෙන්ගුවින් පක්ශීන්ගේ දුර්ලභ ඡායාරූප පෙලක් අප ඔබ වෙත ගෙන එනවා. ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද (Ross Sea) නම් මිදුනු මුහුද අසබඩ පිහිටි විශාල එම්පරර් පෙන්ගුවින් කොළණියකදී මෙම ඡායාරූප ගෙන තිබෙනවා.සෙල්සියස් -2 තරම් අධික ශීතල ජලයේ කිලෝමීටර් භාගයක් (අඩි ...
SOCIAL MEDIA : සකර්බර්ග් අධිරාජ්‍යයේ මීලඟ ගොදුර | Zuckerberg empire stikes again Exploring Science And Technology ෆේස් බුක් සමාජජාලයේ සාමාජික සංඛ්‍යාව බිලියන 2කට අධිකයි. මාර්ක් සකර්බර්ගේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ වර්ධනය කොතරම්ද යත් එය අද වනවිට ලොව බලසම්පන්නම සමාගමක්. ඩොලර් බිලියන 28ක ආදායමක් හා ඩොලර් බිලියන 10ක ශුද්ධ ලාභයක් ලබා ඇති ෆේස්බුක් අධිරාජ්‍යය මේවන විට වට්ස්-ඇප්, ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් ආදී ජනප්‍රිය සේවා ගණනාවක අයිතිකරුද වනවා.ලෝකයේ බොහෝ දෙනාගේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ කාළය කාදැමීමට හේතුවන, අනවශ්‍ය සබඳතාවලට පැටලීමට, පරපීඩකයින් අතින් පීඩාවට ...
බොස්ටන් ත්රස්තවාදීන් ගැන කලින් සොයාගන්න බැරිවුනාට අපිට දොස් කියන්න එපා! : අමෙරිකානු ජාතික රහස් ඔත්තුසේවා සමූහයේ අධ්‍යක්ශක ජේම්ස් ක්ලැපර්... Exploring Science And Technology ජේම්ස් ක්ලැපර් ජනපති ඔබාමා සමග සී.අයි.ඒ මූලස්ථානයේදී - 2011 (Photo Credit : CIA)බොස්ටන් බෝම්බයෙන් පසු නැවතත් FBI, CIA, NSA, DIA වැනි අමෙරිකානු ඔත්තුසේවාවන් වෙත අමෙරිකානු ජනතාවගෙන් මෙන්ම කොන්ග්රස් මණ්ඩළයෙන්ද දැඩි පීඩනයක් එල්ලවෙමින් තිබේ.කලක් රහස් ඔත්තුසේවා පිලිබඳව සෙනෙට් මණ්ඩල සභාවේ (select committee on intelligence) නියෝජිතයෙකු වූන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම් අමෙරිකානු ඔත්තුසේවා වලට පොදුවේ චෝදනා කරමින් කියාසිටියේ "අපි රැඩිකල් මුස්ලිම් වරුන් ...
MITSUBISHI GR-HEV DIESEL-ELECTRIC HYBRID PICKUP Exploring Science And Technology ජපානයේ මිට්සුබිෂි සමාගම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 2013 ජිනීවා මෝටර් ශෝ ප්රදර්ශණයේදී නවතම ඩීසල් හයිබ්‍රිඩ් පිකප් රථයක් ලොවට හඳුන්වාදුන්නා. නුදුරු අනාගතයේදී මිට්සුබිෂි සමාගමේ ජනප්‍රිය L200 පිකප් රථ මාදිලියේ නවතම ප්‍රතිමූර්තිය ලෙස ඉදිරිපත් කිරීමට නියමිත මෙම රථය ලොව පුරා පිකප් රථ ලෝලීන් කුල්මත් කිරීමට සමත්වී තිබෙනවා. අතිනවීන, ආකාර්ශණීය පෙනුමකින් නිමැවී ඇති මෙම රථයේ නිර්මාණය මෙන්ම රථය තුල අඩංගු කොට ඇති තාක්ශණයත් ...
Best and Worst Notebook Brands 2013 Exploring Science And Technology Source : http://blog.laptopmag.com/best-worst-notebook-brands-2013/3
Agents of S.H.I.E.L.D Exploring Science And Technology Agents of S.H.I.E.L.D යනු රූපවාහිණී ලොව එලිදැක්වෙන අලුත්ම අලුත් රූපවාහිණී වැඩසටහන් මාලාවකි. මෑතකදී අමෙරිකාවේ හා යුරෝපයේ විකාශනය ආරම්භ කල ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් හි පලමුවැනි කතාමාලාව (Season 1) විකාශණය වන අතර 9වැනි කථාංගය (Episode 9) මෙය ලියන අවස්ථාවේ (නොවැම්බර් 26) විකාශණය වෙමින් පවතී. මෙහි කථාංග 1 සිට 8 දක්වා piratebay වැනි ජනප්‍රිය ටොරන්ට් අඩවි හරහා බාගත කල හැක. පලමුවැනි කථාමාලාව (Season ...
පිළිකා නසන මංඤොක්කා කොළ මැල්ලුම... Exploring Science And Technology පිටුව #1පිටුව #2උපුටාගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය, නිරෝගා විශේෂාංගය
මුලම ඩයිනසෝරයා මිහිපිට ඇවිදින විටත් සපුෂ්පික ශාක බිහිවී තිබුණා? Exploring Science And Technology පැරණි සපුෂ්පික ශාකයක් ලෙස සැළකෙන Yellow water lily (Nuphar advena) ජලජ ශාකයමෙතෙක් කාළයක් විද්‍යාඥයින් අනුමාන කරගෙන සිටියේ මල් හටගන්නා ශාක එනම් සපුෂ්පික ශාක බිහිවූයේ ඩයිනසෝරයින් මිහිපිට බිහිවී වසර මිලියන 100කට පමණ පසුව බවයි. එහෙත් මෑතකදී ස්විට්සර්ලන්තයේ භූගත සිදුරකින් ලැබුණු, ඉතා හොඳින් සංරක්ශණය වී තිබූ ෆොසිල සාම්පල දෙකක, නූතන ශාක පරාගවලට ඉතා සමාන පරාග දක්නට ලැබී තිබෙනවා. මේවා වසර මිලියන 245 ...
සයිබීරියාවේ අභිරහස් සිදුරු Exploring Science And Technology මීට සති දෙකකට පමණ පෙර සයිබීරියාවෙන් සොයාගත් පොලවේ ඇති අභිරහස් සිදුර පිළිබඳ විමර්ශන කරන අතර තුරම තවත් එවැනි අභිරහස් සිදුරක් සොයාගෙන තිබේ. පළමුව හමුවූ සිදුර මීටර් 70ක් පමණ ගැඹුරු වන අතර දෙවන සිදුර මීටර් 100ක් පමණ ගැඹුරු වෙතැයි අනුමාන කර තිබේ.මෙම සිදුරුවල බිත්ති ඉතාමත් සුමට ලෙස සැකසී ඇති අතර ඒවා යන්ත්‍රයකින් කැපූ ලෙස පෙනේ. එහෙත් මේ සිදුරු නිර්මාණයක් මිනිසුන් කළ ...
ගලක් මෙළෙක් කළ, නිම්නයක් වැවක් කළ, දණ්ඩක් දඬු මොනරයක් කළ, සංසාරයක් නිර්වාණයක් කළ ඒ ජාතියට කුමක් වීද? Exploring Science And Technology ගලක් මෙළෙක් කළ, නිම්නයක් වැවක් කළ, දණ්ඩක් දඬු මොනරයක් කළ, සංසාරයක් නිර්වාණයක් කළ ඒ ජාතියට කුමක් වීද?පිට දීප දේශ ජයගත් ජාතිය අන්තිමේදී නිදියන පැදුරත් පිටරටින් එන තුරු බලා සිටින තැනට වැටුණේ කෙසේද?සියවස් කිහිපයකට ප්‍රථම මහා පෞඩ ජාතියක් සුද්දාගේ ශතවර්ෂ එකහමාරක පාලනයෙන් අනතුරුව පරපෝෂිත ජාතියක් බවට පත්වූයේ කෙසේද?ජාතියේ ආශ්චර්යමත් හැකියාවන් මොටවූයේ කෙසේද? නැතිනම් ඒ හැකියාවන් මොට කළාද? ඒ හැකියාවන් මොට කරනු ...
SPACE : මීතේන් පාදක ජීවයක් සෞරග්‍රහමණ්ඩළයේ???? Exploring Science And Technology අප දන්නා පරිදි ජීවය නිර්මාණයවී ඇත්තේ කාබන් පදනම් කරගෙනයි. එහෙත් වෙනත් පිටසක්වල ග්‍රහලෝකවල ජීවය පවතීනම් ඒවාත් කාබන් පදනම් කරගෙනම හටගත යුතුද?විද්‍යාඥයින් කල්පණාකරන ආකාරයට කාබන් මෙන්ම සංකීර්ණ සංයෝග සෑදිය හැකි වෙනත් මූළද්‍රව්‍ය පාදක කරගෙනද ජීවය හටගන්නට ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස සිලිකන් මූළද්රව්යයය පාදක කරගෙන සංකීර්ණ සංයෝග ස්වභාවිකව පැවතිය හැකි අතර ඒවා යම් ආකාරයකින් ස්වාත්තයෙන්ම ප්‍රතිජීවනය වීම, එනම් ජීවී ආකාරයට පත්වීමද ...
එක්සත් ජනපද යුධ හමුදාව විශේෂ බළකා සඳහා Iron Man සන්නාහ ඇඳුමක් නිර්මාණය කරමින් සිටී.... Exploring Science And Technology Tactical Assault Light Operator Suit (TALOS) ලෙස හඳුන්වන මෙම සන්නාහ ඇඳුම් කට්ටලය විශේෂ බළකා සෙබලුන් හට සුපිරි ශක්තියක් මෙන්ම වෙඩි උණ්ඩ හා පිපුරුම් වලින් ආරක්ශාවීමේ වැඩි හැකියාවක් ලබාදෙනු ඇතැයි එය නිර්මාණය කරන U.S. Army Research, Development and Engineering Command නම්වූ යුධ හමුදා පර්යේෂණ ඒකකය පවසයි. විශාල බරක් ඔසවාගෙන යාමේ සුපිරි ශක්තියක් එම ඇඳුමේ පිටසැකිල්ල (exo-skeleton) විසින් ලබාදෙන අතර වෙඩි උණ්ඩ ...
ඉරානයේ සයිබර් හැකර්ලා CIA ඩ්‍රෝන යානාවක් ගොඩබස්වාගත් කතාව ඇත්තක්ද? [ Did Iran cyberjack a CIA stealth drone?] Exploring Science And Technology
රොබෝ සෙබළුන්, රොබෝ සහන සේවකයින් හා රොබෝ සහයකයින් ශිල්ප දක්වන DARPA Robotics Challenge Exploring Science And Technology අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ හෙවත් පෙන්ටගනයේ පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය වන DARPA ආයතනය අනාගතයේ යුධ බිම්වල, ස්වභාවික හෝ ස්වභාවික නොවන ආපදා අවස්ථාවලදී (උදා: සුනාමියක්, න්‍යශ්ඨික බලාගාරයකට එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාරයක්) මිනිස් සෙබලුන් හා සහන සේවකයින් සමග හරි-හරියට වැඩකල හැකි රොබෝවරුන් නිර්මාණයේ යෙදී සිටින්නේ සෑහෙන කාලයක සිට. මුලින් මෙම තාක්ශණයන් බිහිකිරීම පැවරී තිබුනේ පෙන්ටගනය සමග සමීපව කටයුතු කරන විශ්වවිද්‍යාල පර්යේෂණාගාර හා එහි කොන්ත්‍රාත් ...