Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටි සමයේ පැරණි සිතියම්වල පෙන්වන ඇන්ටාක්ටිකාව! Exploring Science And Technology විකිපීඩියා විශ්වකෝෂයට අනුව ඇන්ටාක්ටිකාව මුලින්ම දැක ගත් යුරෝපීයයන් වන්නේ රුසියානු රාජකීය නාවික හමුදාවේ (ඔක්තෝම්බර් විප්ලවයට පෙර සාර් රජසමයේ) අද්මිරාල්වරයෙකු වූ ෆේබියන් ගොත්ලේබ් හා ඔහු සමග ගවේෂණයට එක්වූ අද්මිරාල් මිකයිල් ලසරෙෆ්ය. ඒ 1820 වසරේදීය.විකිපීඩියාවට අනුව රුසියානුවන් ඇන්ටාක්ටිකාව සොයාගැනීමට පෙරසිටම, එනම් වසර දහස් ගණනාවක සිටම "ටෙරා ඔස්ට්රාලිස්" නම්වූ විශාල භූමියක් ගැන පුරාවෘත්ත පැවතිනි. (ටෙරා=භූමිය / ඔස්ට්රාලිස් = දක්ශිණ). පුරාවෘත්ත ඕනෑ තරම් පැවතිය ...
නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල මල් තුහින වැසි [ මොනවද මේ මල් තුහින? ] Exploring Science And Technology නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල මල් තුහින (මිදුණු පිනි) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි. මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 පමණ දක්වා පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් දැඩි සීතලක් පවතින බැවින් මල් තුහින හෙවත්ඌෂ්ණත්වය පහළ බැසීමත් වැසි නොමැති තත්ත්වයක් පැවතීමත් හේතුවෙන් ජලවාෂ්ප දැඩි සීතලට මිදෙන්නට පටන් ගන්නා අතර එසේ මිදුණු පිනි තණ පත් මත ශාක ...
2018 වනවිට කාර්යාලවල රාජකාරි සියල්ලම පාහේ රොබෝවරුන්ට කලහැකි වනවා - රොබෝ සේවකයින් නිසා අනාගතයේ විශාල රැකියා වියුක්තියක් ඇතිවිය හැකියි! Exploring Science And Technology මහා බ්‍රිතාන්‍යයේ කෘත්‍රිම බුද්ධිය පිලිබඳව පර්යේෂණ පවත්වන "සෙලැටන්" නම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ඇන්ඩෲ ඇන්ඩර්සන් පවසන අන්දමට ඉදිරි වසර 5තුල රොබෝවරුන් හා කෘත්‍රිම බුද්ධි තාක්ශණය දැවැන්ත පිම්මක් ඉදිරිය පැනීමට නියමිත අතර ඒ අනුව දැනට මිනිසුන්ට පමණක් කල හැකි කාර්යාල රාජකාරි විශාල ප්‍රමාණයකට රොබෝවරුන් අනුයුක්ත වීම අනිවාර්යයෙන්ම සිදුවනවා.ඔහු පවසන අන්දමට කෘත්‍රිම බුද්ධියේ නවතම පර්යේෂණ තුලින් මිනිසුන් මෙන් ඉගෙනගත හැකි පරිගණක ...
2012 අගෝස්තු 6වැනිදා අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබසින Mars Science Lab, අඟහරු රොබෝ විද්‍යාගාරය Exploring Science And Technology Mars Science Lab අඟහරු රෝවර් යානයේ ග්‍රැෆික් චිත්‍රයක්<p><p><p><p><p>&
CONSPIRACY THEORY : කෙනඩි රහස් වාර්තා එලියට - කේ.ජී.බී "Department 13" ඝාතන ඒකකය සම්බන්ධද? Exploring Science And Technology <> කෙනඩි ඝාතනයට මාස දෙකකට පෙර ඔස්වල්ඩ් මෙක්සිකෝවට ගියේ ඇයි? කේ.ජී.බී ඔත්තු සේවයේ ඝාතන සිදුකිරීමට කුප්‍රකට "13වැනි දෙපාර්තමේන්තුවේ" ඒජන්තයෙකු හමුවුනාද?<> තනි මිනිහෙකුට ඇමරිකන් ජනාධිපති මරන්න ලැබෙන්න තරම් ඇමරිකන් ආරක්ෂක අංශ දුර්වල නෑ, ඔය වැඩේ ලොකු කුමණ්ත්‍රණයක් වෙන්නම ඕනෑ - සෝවියට් නායක නිකිටා කෘෂ්චෙෆ්<> ඔස්වල්ව අත් අඩංගුවට ගන්නට ගොස් වෙඩිකෑ ඩලාස් පොලීසියේ ඔෆිසර් ටිපිට් කෙනඩිගේ නියම මිනීමරුවාද? නැතිනම් කෙනඩි මැරූ ඔස්වල්ඩ්ව ...
ඔබේ අදහස් නිර්මාණශීලීව ගොනු කරගන්නට- FreeMind Exploring Science And Technology බුද්ධිමය සිතියම් ගත කිරීමක් (Mind mapping)යනුවෙන් හැඳින්වෙන්නේ තොරතුරු හෝ දත්ත, දෘෂ්‍ය සටහනක් ලෙසින් ප්‍රස්තාරයක/දළ සටහනක කටු සටහන් කිරීමයි.සාමාන්‍යයෙන් මෙම 'බුද්ධිමය සිතියමක්' යන ක්‍රියාවලියේදී සිදුවන්නේ යම් මූලික අදහසක් හෝ සංකල්පයක් හිස් කොළයක නැතිනම් ඩිජිටල් අවකාශයක මධ්‍යයේ සටහන් කර, එතැන් සිට අතු බෙදෙමින් යන පරිදි විවිධ තොරතුරු, රූප වැනි ඕනෑම දෙයක් උපයෝගී කර ගනිමින් සිතියම්ගත කිරීමයි. මෙහි ඇති වාසිය වන්නේ ඔබගේ සිතේ ...
SUSTAIN - පැය දෙකක් ඇතුලත ලොව ඕනෑම තැනකට හමුදා ඛණ්ඩයක් යැවිය හැකි අමෙරිකානු අභ්‍යවකාශ යුධ සැළස්ම Exploring Science And Technology SUSTAIN හෙවත් Small Unit Space Transport and Insertion යනු අමෙරිකානු මැරීන් හමුදාව (United States Marines - USMC) විසින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යුධ සැලැස්මකි. මේ සැලැස්මට අනුව ලොව ඕනෑම තැනකට, කුඩා සන්නද්ධ කොමාන්ඩෝ භට ඛන්ඩයක් යැවීමේ හැකියාව ඇමරිකාවට ලැබෙනවා.සස්ටේන් සැලැස්මේ මූලික අංගය වන්නේ අමෙරිකානු මහද්වීපයේ හමුදා කඳවුරක සිට ගුවන් ගත කල හැකි කුඩා අභ්‍යවකාශ ගුවන්යානයක්. දැනට සැළසුම් කොට ඇති පරිදි ...
MH17 යානය බිම හෙලීම... හිතාමතා සිදුකල දෙයක්ද? වැරදීමක්ද? වැරදුනේ කාටද? Exploring Science And Technology MH-17 යානය යුක්රේනයට ඉහල අහසේදී ප්‍රහාරයකට ලක්වීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇත. අමෙරිකාව, යුරෝපය හා යුක්රේනය එක් පිලකද රුසියාව හා රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරලිකරුවන් තවත් පිලකටද බෙදී එකිනෙකාට චෝදනා කර ගනිති. යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට අමෙරිකාව චෝදනා කරන අතර එය යුක්රේනයේ සිටින රුසියානු සම්බ්හවයක් ඇති බෙදුම් වාදීන් විසින
ඔලිම්පික් උළෙල : සිවු වසරකට වරක් එන ඡායාරූපකරණයේ මෞලි මංගල්‍යය Exploring Science And Technology ලොව වැඩිම කැමරා කාච ගණනක සටහන්වෙන යම් අවස්ථාවක් ඇත්නම්, ඒ සිවු වසරකට වරක් එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙල බවට විවාදයක් නැත. මෙවර ලන්ඩනයේ පැවැත්වෙන මෙම උළෙල ගියවර පැවැත්වූ බීජිං ඔලිම්පික් උළෙලටත් වඩා ඡායාරූප ගතවනු නො අනුමානය.එපමණක් නොව, ඔලිම්පික් උළෙල ක්‍රීඩකයින් හට දැවැන්ත අභියෝගයක් වන්නේ කෙසේද, එලෙසින්ම වෘත්තීමය ඡායාරූප ශිල්පීන් හටද ඔලිම්පික් උළෙල ආවරණය කරමින් එහි ස්වර්ණමය අවස්ථාවන් හැකිතාක් හොඳින් සිය කැමරාවේ ...
POLITICS : අක්කිට කිරි තොපිට කැකිරි Exploring Science And Technology ඊයේ (සෙනසුරාදා) දවල් දේශණ විරාමයේදී සුපුරුදු පරිදි මා සේවය කරන ආයතනයට මදක් ඈතින් ඇති කඩයට ගොඩ වුනේ පැය දෙකක් පමණ වූ දේශණය නිසා මෙව්වා වී තිබූ උගුර තෙමාගන්නටය. ආයතනයේ මැෂිමෙන් දෙන මැෂින් ටී හා මැෂින් කෝපි බී අප්පිරියාවී ඇති නිසා මද දුරක් ඇවිදගෙන ගොස් කඩ ප්ලේන්ටියක් බීම මාගේ දෛනික චර්යාවේ එකකි. මුදලාලි මා හිතවතෙකි. දේශපාලනයෙන් මහින්දවාදියෙකි. අල්ලාප සල්ලාපයේදී අමාත්‍යාංශ ප්‍රහාරය ...
SR 72 - Son of Blackbird Exploring Science And Technology ලොව වේගවත්ම කළු කුරුල්ලා - SR 71 Blackbirdලෝකයේ වේගවත්ම ගුවන්යානය ලෙස තවමත් බිඳ නොහෙළුනු වාර්තාවලට හිමිකම් කියන්නේ එකසත් ජනපද ගුවන්හමුදාව හා සී.අයි.ඒ ඒජන්සිය ඔත්තුබැලීම සඳහා භාවිතාකල, ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයක (Mach 3) වේගයකින් පියාසර කල හැකි SR-71 ගුවන්යානයයි. අමෙරිකාවේ ලොක් හීඩ් සමාගම නිපදවූ මෙය නිර්මාණය කලේ ලෝක පූජිත අධිවේගී ජෙට්යානා නිර්මාපකයෙකු වූ ක්ලැරන්ස් ලියොනාර්ඩ් ජොන්සන් හෙවත් කෙලී ජොන්සන් විසිනි. ඔත්තු ...
HISTORY : එදා රුපියල් 1,527,976කට අලෙවි කල මෙගාබයිට් 10 හාඩ්-ඩිස්ක් එක | අද මෙගාබයිට් 1,000,000ක්ම රු.7000යි! Exploring Science And Technology මේ තියෙන්නේ 1980 වසරේ පරිගණක සඟරාවක පලවූ දැන්වීමක්. පුද්ගලික පරිගණක මේනියාව වේගයෙන් පැතිරීම ආරම්භවුනේ මේ කාලේ. ස්ටීව් ජෝබ්ස්ගේ සුප්‍රකට ඇපල් I පුද්ගලික පරිගණකය හඳුන්වාදීලා යන්තම් අවුරුදු 4යි. ඇපල් සමාගම මුලින්ම ලෝක පූජිත කල ඇපල් II පුද්ගලික පරිගණකය හඳුන්වලා දීලා අවුරුදු 3යි.හාඩ් ඩිස්ක්වල ඉතිහාසය ගත්තොත්, මුලින්ම හාඩ් නිස්ක් එකක් නිර්මාණය කලේ අයි.බී.එම් පරිගණක සමාගමයි. ඒ ඔවුන්ගේ අතිවිශාල මේන් ෆ්‍රේම් පරිගණක වල ...
BUSINESS STRATEGY : චීනාගේ අලුත් ප්ලෑන - Made in China 2025 Exploring Science And Technology "Made in China 2025" යනු මෑතකදී හඳුන්වාදුන් දස අවුරුදු සැළසුමකි. දැනටමත් ලෝකයේ කාර්මික නිෂ්පාදන දැවැන්තයා වන චීනයේ නිෂ්පාදන කර්මාණ්තය ලෝකයේ ඉහලම තලයේ කාර්මික රටක නිෂ්පාදන හැකියාවන් හා සම කිරීම මේ මහේච්ඡ (ambitious) සැලසුමේ අරමුණ බව චීනය පවසනවා. මෙය 2013 වසරේදී ජර්මනිය සිය ජාතික සැළසුමක් ලෙස අනුමත කොට ක්‍රියාත්මක කල "Industry 4.0" සැලසුමට බොහෝ සමාන බව මෙම සැළසුම අධ්‍යයනය කල විශේෂඥයින්ගේ ...
Cars of Fast & Furious 6 Exploring Science And Technology Dodge Charger SRT8 අමෙරිකාවේ ක්‍රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්‍රයිව් හා 4වීල් ඩ්‍රයිව් යන පහසුකම් දෙකම සහිත රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට නිකුත් වෙන මෙහි 2012 මාදිලියේ රථයක් චිත්‍රපටයේ දැක්වෙයි.V8 මාදිලියේ ලීටර් 6.1ක ධාරිතාවයක් ඇති, අශ්වබල 435ක එන්ජිමකින් බලගැන්වෙන මෙය 5ස්පීඩ් වර්ගයේ ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් සමන්විතය.අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මාණය ...
MEDIA : විනාඩියේ ඩාන්ස් එකෙන් රනිල් යලි හදාගත් ප්‍රතිරූපේ හා සිරසේ ෆේල්වීම Exploring Science And Technology මාධ්‍ය; විශේෂයෙන්ම රූපවාහිණී මාධ්‍ය හිතාගෙන ඉන්නවා එයාලට මිනිස්සුන්ගේ ප්රතිරූප මවන්න වගේම නැතිකරලා දාන්නත් පුලුවන් කියලා.විශේෂයෙන් සිරසෙ ඉන්න අධිමාන්නෙන් පෙලෙන මැදිවියේ ගැටව්, කිලීගේ සල්ලි බලේ නිසා හිතාගෙන ඉන්නේ ශිව දෙවියෝ වගේ සියල්ල මවන්නෙත්, නැති කරන්නෙත් තමුන් කියලා.ඒත් ප්රතිරූප මැවුම්කරණයේදී වගේම නාෂනයේදීත් සිරස හැමදෑම ෆේල්සිරස මවපු අය බලමු. කෝ දැන් ඔය සිරස සුපර් ස්ටාර්ලා? එයලා තනිකරම සෙලියුලොයිඩ් මවා පෑම් . විතරයි. හරියට ...
VW සමාගම ඉන්ධන පිරිමැස්ම සඳහා ගියර 10ක ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් නිර්මාණය කරති. Exploring Science And Technology වොල්ක්ස්වගන් යනු ලෝක ප්‍රකට ජර්මානු මෝටර් රථ නිශ්පාදකයෙකි. නට්සි ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අදහසක් අනුව, ජර්මනියේ වැඩකරන ජනයා සඳහා ලාබදායි, ඉතා පහසුවෙන් නඩත්තුකල හැකි කුඩා කාර් රථයක් නිර්මාණය කොට නිශ්පාදනය කිරීම සඳහා 1937දී වොල්ක්ස්වගන් සමාගම ඇරඹුනි. වොල්ක්ස්වගන් යන ජර්මන් නමෙහි තේරුම වන්නේද මහජනයාගේ වාහනය (වොල්ක්ස්=ජනයා | වගන්=වාහනය) යන්නයි. ඔවුන්ගේ සුප්‍රකට නිර්මාණය වන්නේ පසුපස එන්ජිම පිහිටි, ජලය යොදන රේඩියේටරයක් හා ජල සිසිලන ...
BUSINESS STRATEGY : ලංකාවේ නැතත් බටහිර ව්‍යාපාරික ලෝකය උඩු-යටිකුරු කරන "මිලෙනියල්ස්" Exploring Science And Technology මිලෙනියල්ස්ලා, නැතිනම් ජෙනරේෂන් Y කියලා සමාජ විද්‍යාඥයින් හඳුන්වන පරම්පරාව 1980 ගණන්වල සිට වසර 2000 පමණ කාළය දක්වා මෙලොව එලිය දුටු පරම්පරාව ලෙස විකිපීඩියා හඳුන්වා දෙනවා. ඒ අනුව මේ වෙනකොට අවුරුදු 40ට ආසන්න වයසේ සිට අවුරුදු 17-18 වයස් කාණ්ඩ දක්වාම මිලෙනියල්ස් පරම්පරාවේ සාමාජික සාමාජිකාවන් සිටිනවා. තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාලය භාවිතය අතරින් මිලෙනියල්ස්ලා ඉදිරියෙන්ම සිටිනවා. වැඩියෙන්ම ජංගම දුරකථනවල ඇලී ගැලී සිටින්නේද මිලෙනියල්ස්ලායි.Business ...
BUSINESS : ජැක් ඩැනියෙල්ස් විෂ්කි වලට වඩා මිල අපේ හොඳම අරක්කු! Exploring Science And Technology අඩුකුලේ මත් පාණයඅරක්කු යන වචනය ඇසූ පමණින් සිතන නැගෙන්නේ පහල මධ්‍යම පංතියේ නිර්ධනයින් සිය විඩාව නිවාගන්නට, සතුටු අවස්ථා සමරන්නට පාණය කරන අඩුකුලේ පාණයක් යන්නයි.විෂ්කි, බ්‍රැන්ඩි හා වෙනත් විදේශීය මත්පැන් වඩාත් ඉහලින් සැලකීමට ශ්‍රීලාංකිකයා පුරුදුවී ඇති අතර, සාදවලදී අරක්කු බොන්නටදීමට බොහෝ දෙනා අකමැති වන්නේ තමන්ගේ තත්වයට එතරම් හොඳ නැති බව සිතමිනි. අධික මිළගණන්දී විදෙස් ලේබල්වල මත්පැන් කෙසේ හෝ සපයා ගැනීමට ඔවුන් ...
මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්?? Exploring Science And Technology Automatic ගියර පද්ධතියක ගියර පිහිටන ස්ථාන (Stick positions of an Automatic Transmission vehicle)ටිප්ට්‍රොනික් ගියර පද්ධතියක් යනු ස්වයංක්‍රීය ගියර පද්ධතියක (automatic transmission) හා ස්වයංක්‍රීය නොවන ගියර පද්ධතියක (manual transmission) සංකළණයකි. එනම් රියදුරාට රථය, ස්වයංක්‍රීය (automatic mode) හෝ සවයංක්‍රීය නොවන (manual mode) ආකාරයට ධාවනයේ යෙදවිය හැකිය. ට්රිප්ට්රොනික යන නාමය මෙවැනි ගියර පද්ධතිවලට බහුලව යෙදුනද නිවැරදි තාක්ශණික නාමය manumatic transmission හෙවත් මැනුමැටික් බලසම්ප්‍රේෂණ ...
ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ දැක්වෙන ආකාරයේ කෘත්‍රිම අතක් නිෂ්පාදනය කෙරේ Exploring Science And Technology ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ ද එම්පයර් ස්ට්‍රයික්ස් බැක් සිනමාපටයේදී ඩාත් වේඩර් සමග සටනකින් අතක් නැතිවූ ලූක් ස්කයිවෝකර්ට ලබාදෙන කෘතිම අතට සමාන රොබෝ හස්තයක් නිර්මාණය කිරීමට අමෙරිකානු සමාගමක් සමත්වී ඇත.ස්වභාවික අතකට ඉතා ආසන්න මෙම කෘත්‍රිම අත වෙළඳපොළ නිෂ්පාදනය සඳහා අවසර දීමට ඇමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම කෘත්‍රිම හස්තයට ලූක් ලෙස නම් තබා තිබෙන්නේ ...