Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
අමෙරිකානු මිසයිල ආරක්ශණ පද්ධතියෙන් රිංගා ඉලක්කය වෙත යා හැකි බැලිස්ටික් මිසයිලයක් (ICBM) රුසියාව නිපදවයි!! Exploring Science And Technology රුසියානු උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces) නවතම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ශක අංශ වෙතින් වාර්තාවනවා. මෙම බැලිස්ටික් මිසයිලයට ඕනෑම බැලිස්ටික් මිසයිල නාශක පද්ධතියක් (Anti-Ballistic Missile System - ABMS) අභිබවා ඉලක්කය වෙත යා හැකිබව එය නිර්මාණය කල රුසියානු ඉන්ජිනේරුවන් පවසනවා.පසුගිය ජූනි 7වැනි දින සිදුවුනු මෙම අත්හදා බැලීම අමෙරිකාව යුරෝපය තුල සිය බැලිස්ටික් මිසයිල නාශක පද්ධති ...
ඇපල් iOS 6 Maps සිතියම් වැඩසටහන අසම්පූර්ණයි! වැරදි සහිතයි! - ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් විවෘත ලිපියකින් පිලිගනී Exploring Science And Technology ඇපල් සමාගම අයිෆෝන් 5 ජංගම දුරකථනය සමග හඳුන්වාදුන් iOS 6 මෙහෙයුම් පද්ධතියට අනුබද්ධ කොට සම්පාදනය කරන ලද iOS Maps සිතියම් වැඩසටහන දෝශ සහිත මෙන්ම අසම්පූර්ණ වැඩසටහනක් බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් මහතා ඇපල් සමාගමේ මිලියන ගණනක් වන පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරන ලද විවෘත ලිපියක් මගින් පිලිගෙන තිබේ.iOS Maps වැඩසටහන, ඇපල් සමාගම කාලාන්තරයක් මුළුල්ලේම පවත්වාගෙන ගිය අතිශයින්ම ඉහල තත්ව ...
කොපි කරන්න හපන් චීනා Range Rover Evoque එකෙත් ලාබ කොපියක් හදලා!!! Exploring Science And Technology චීනාගේ කොපි කිරීමේ හපන්කම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඕනෑම දෙයක්, ඒ විධියටම කොපිකරලා, අඩු ගාණට විකුණන්නට චීනුන් දක්වන්නේ උපන් හපන් කමක්. ලෝකේ ජනප්‍රියම සන්නාම බොහොමයකම ලාබ (බාල ) චීන කොපි චීනයේ වගේම ලෝකේ බොහෝ දියුණුවෙන රටවලටත් යවන්න චීන්නු හරිම හපන්නු. ලස්සනට කොපි කරපු අයිෆෝන්, අයිපෑඩ්, නිකොන්/කැනන් වගේ මිල අධික කැමරා විතරක් නෙමෙයි මැක්ඩොනල්ඩ්, KFC වගේ අවන්හල් වල පවා කොපි ...
වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන ගවේශකයින් ආහාර සපයගන්නේ කෙසේද? Exploring Science And Technology හවායි දූපතේ පිහිටි නාසා ආයතනයේ HI-SEAS පර්යේෂණාගාරයඉදිරි අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයක (උදා: අඟහරු ) පදිංචියට යන පෘථිවි වාසීන් කෑම සපයාගන්නේ කෙසේදැයි යන පැනය විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ රාශියකට උදෘතය වී තිබෙනවා. දැනට නිර්මාණය කොට ඇති විසඳුම්වලට අනුව වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන්නවුන් මුලින්ම හයිඩ්‍රොෆොනික් ක්‍රමයට වගාකිරීම සිදුකරනු ඇති. හයිඩ්‍රොෆොනික් ක්‍රමය යටතේ පැල පසෙහි සිටුවීමක් සිදු නොවන අතර ඒවා ආධාරක මත රඳවා විශේෂයෙන් ...
SPECIAL FORCES : නයිරෝබි ත්රස්තයන්ට පහරදුන් අත්භූත සුදුජාතික සෙබලා කවුද? Exploring Science And Technology පසුගියදා නයිරෝබි නුවර සිදුවූ බිහිසුණු ත්රස්තප්රහාරය මැඩපැවැත්වීමට කෙන්යානු පොලීසිය හා ආරක්ෂක හමුදා කටයුතු කරද්දී, ඔවුන්ගේ උදව්වට අත්භූත පුද්ගලයෙකු එක්වුනා. සිවිල් ඇඳුමකින් සැරසී, විශේෂ බළකා උපයෝගීකරගන්නා වෙඩිනොවදින කබා හා වෙනත් උපාංගවලින් සැරසී මුහුණ ආවරණය කරගෙන සිටි ඔහු ත්රස්තයන් සැඟවී සිටින තැන් ඉලක්ක කරමින් වෙඩි තබන අයුරුත්, ප්‍රහාරයට මැදිවූ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථාන වලට ගෙනයන අයුරුත්, කෙන්යානු ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් ක්‍රියාත්මක ...
චීන රොකට්ටුවකින් උඩුගුවනට යවන ශ්‍රී ලාංකික චන්ද්‍රිකාව, චීනය විසින් ඉන්දියාවට එරෙහිව ඔත්තු බලන්නට යෙදවිය හැකි චන්ද්‍රිකාවක්ද? Exploring Science And Technology ශ්‍රී ලංකාවට අයත්වන ප්‍රථම චන්ද්‍රිකාව හෙට, එනම් නොවැම්බර් 22වැනිදා චීනයේ ශියෑන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කිරීමට සියලු කටයුතු සූදානම් බව, එම චන්ද්‍රිකාවේ ශ්‍රී ලාංකික පාර්ශවකාර සමාගම වන සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. චීනයේ නිශ්පාදිත ලෝන්ග් මාර්ච් (Long March 3B) වර්ගයේ රොකට්ටුවකින් අභ්‍යවකාශගත කිරීමට නියමිත මෙම චන්ද්‍රිකාව චීනය විසින් චයිනාසැට් 12 ලෙසත්, ශ්‍රී ලංකාව විසින් ...
HIKING & BACKPACKING : හයිකින්, බැක්පැකින් යන පුරුදුකාරයෝ නොකරන දේවල් 10ක් Exploring Science And Technology Hiking නැතිනම් විනෝදයට ඇවිදීම ලංකාවේ ජනප්‍රිය වෙමින් යන විනෝද ක්‍රියාවක්. නිවාඩුවක් ලැබුනම හයිකින් යන්න කැමති තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න බව හයිකින් / බැක්පැකින් ෆේස්බුක් සමූහවල සාමාජිකත්වය අරගෙන තියෙන ප්‍රමාණයෙන් වගේම එයාලා අහන ප්‍රශ්ණ හා ඇතිවන සංවාද වලින් හිතාගන්න පුලුවන්.හයිකින් vs. බැක්පැකින් vs. ට්රෙකින්ඉස්සෙල්ලම අපි හයික් එකක් හා බැක්පැකින් වල වෙනස වටහාගමු. ඒවගේම මේ දෙකම, ට්‍රෙකින් කියන එකෙන් වෙනස් ...
ගුවන්යානා ගෙනයන USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් Exploring Science And Technology USS Nimitz යනු අමෙරිකානු නාවුක හමුදාවට අයත් විශාලතම ගුවන් යානා ගෙන යන නෞකාවලින් එකකි. මෙම නෞකාව නම් කොට ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී අමෙරිකානු පැසිෆික් නාවුක බලකායේ අණදෙන නිළධාරීව සිටි අද්මිරාඅල් චෙස්ටර් නිමිට්ස් සිහිවීම සඳහාය. නිමිට්ස් නෞකාවේ විශාලත්වය නිසාම එය වෙනම නෞකා ගණයක් ලෙස (class of ships) නම්කරන ලද අතර එම ගණය නිමිට්ස් නෞකා ගණය (Nimitz Class) ලෙස හැඳින්වේ.නිමිට්ස් ගණයේ ...
ඩිජිටල් කැමරාවක් තෝරාගන්නේ කෙසේද? [How to choose a digital camera?] Exploring Science And Technology ඔබගේ නිවසේත් ඩිජිටල් කැමරාවක් තිබෙනවාට සැක නැත. නැතහොත් හොඳ ඩිජිටල් කැමරාවක් ගැනීමේ බලාපොරොත්තුවෙන් කැමරා මාදිලි ගැන සොයා බලමින් තොරතුරු ගවේශණයේ යෙදෙනවා වන්නට පුලුවන. අද බොහෝ ජංගම දුරකථනවල පවා ඉතා ඉහල මට්ටමේ ඡායාරූප ගත හැකි කැමරා තිබේ. විවිධ ප්‍රමාණවලින්, විවිධ මිළගණන් වලට විකිණීමට ඇති කැමරා වර්ග දහස් ගණනක් වෙළඳපොලේ ඇති අතර මේවායින් තමන්ට වඩාත් සුදුසුම කැමරාව තෝරාගැනීම පාරිභෝගිකයින්හට අපහසු කරුණක් වී ...
MARS UPDATE : කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය පණගැන්වීමට නාසා ආයතනය සැරසෙයි! Exploring Science And Technology ඊයේ අඟහරු ග්‍රහයා මතට ගොඩබැස, සාර්ථකව ගමනාන්තයට පැමිණිබව තහවුරු කිරීම සඳහා කිව්රියෝසිටි යානය විසින් එවන ලද ඡායාරූප පරීක්ශා කල නාසා රොබෝ ඉන්ජිනේරුවන්, කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය පණගැන්වීම සඳහා එහි පද්ධති එකින් එක පරීක්ශා කිරීමේ health check මෙහෙයුමක් ආරම්භ කළ බව වාර්තාවේ.Sol 0කිව්රියෝසිටි යානය අඟහරුවා මත ගතකරන මුල් දිනය සොල් 0 ලෙස නම් කොට ඇත. (සොල් යන නාමයෙන් හඳුන්වන අඟහරුගේ දිනයක් පෘථිවි ...
කිව්රියෝසිටි රොවරය අඟහරු මත කාබනික රසායන සොයාගනී - අඟහරු මත පෞරාණික ජීවය සමුවුනාදැයි සැකයක් Exploring Science And Technology කිව්රියෝසිටි රෝවරයේ SAM (Sample Analysis at Mars) නම්වූ ස්වයංක්‍රීය සාම්පල විශ්ලේෂණ විද්‍යාගරය මගින් මෑතකදී ලැබුණු දත්ත විශ්ලේෂණය කල නාසා විද්‍යාඥයින් ඉමහත් උද්දාමයට පත්වී තිබෙනවා.මෙම දත්ත මගින් අඟහරුවා මත පෞරාණික ජීවීන් ගේ යැයි සැක කල හැකි කාබනික රසායන පිලිබඳව දත්ත ලැබී ඇති බව නාසා ආයතනයෙන් ලැබෙන නිළ නොවන ආරංචි පවසනවා. ඉදිරි දින කිහිපය තුල අතිශය වැදගත් නිවේදනයක් කිරීමට නාසා ආයතනය ලක ...
සිලිකන් පරිපථයෙන් ඔබ්බට පරිගණක ලොව ගෙනයන නැනෝෆොටොනික්ස් තාක්ශණය Exploring Science And Technology නැනෝෆොටොනික්ස් යනු නැනෝ පරාසයේ, එනම් මීටරයකින් 1 / 1,000,000,000ක ප්‍රමාණයේ ක්ශුද්‍ර පරිපථ තුල ආලෝකය හැසිරෙන ආකාරය විස්තර කරන විද්‍යාවයි. දැන් අයි.බී.ම්, ඉන්ටෙල් වැනි අධිතාක්ශණික සමාගම් මෙම තාක්ශණය වැඩි දියුණු කරමින් සිටින්නේ නුදුරු අනාගතයේදී මෙම සමාගම්වල ප්‍රධාන නිශ්පාදනය වන සිලිකන් පරිපථ හා ඒ මත බිහිවන පරිගණක ක්ශුද්‍රකරණයේ (miniaturization) උපරිම සීමාවට එනම් නැනෝමීටර් 7 සීමාවට වේගයෙන් ලඟාවෙමින් සිටීම නිසයි.ක්ශුද්‍රපරිපථ නිර්මාණය කලදා සිට ...
[To the moon and back] සඳ ජයගෙන අදට වසර 46යි! - සඳ ගමනේ සේයාරූ 1969දී පලවූ LIFE සඟරාවේ සටහන්වූ අයුරු... Exploring Science And Technology 1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝං සඳමතට පියසටහන් තබා මානව වර්ගයා සිය කැදැල්ලෙන් ඔබ්බට පියඹා විශ්වය සැරිසරන්නට සැරසීමේ මල්වර පියවර සනිටුහන් කලේය. ඒ අදට වසර 46කට පෙරය. එදා ඒ ගමන සනිටුහන් කරමින් සුප්‍රකට ටයිම් සඟරාවට අනුබද්ධ LIFE සඟරාව විශේෂ සඳ ජයගැනීමේ කලාපයක් නිකුත් කලේය. ඒ 1969 අගෝස්තු 11වැනිදා නිකුත්වූ කලාපයයි. 1883 සිට නොකඩා පලවූ LIFE සඟරාව වසර 2000දී පලකිරීම නවතා ...
ෆෝල්කන් X : ලොව බලසම්පන්නම රොකට්ටුව Exploring Science And Technology දැනට සේවයේ යෙදවිය හැකි අභ්‍යවකාශ රොකට්ටු අතරින් බලසම්පන්නම රොකට්ටුව වන්නේ ෆෝල්කන් X හෙවී රොකට් (Falcon X Heavy Rocket) ලෙස නම්කොට ඇති රොකට්ටුවයි. මීට වඩා බලසම්පන්න රොකට්ටු නිමැවී ඇත්නම් ඒ නීල් ආම්ස්ට්‍රෝං ඇතුලු පිරිස සඳමතට ගෙන ගිය සැටර්න් 5 රොකට්ටුව හා රුසියානුවන්ගේ එනර්ජියා රොකට්ටුවයි. සැටර්න් 5 රොකට්ටුවක් අවසන් වරට අභ්‍යවකාශගත වුනේ 1977දී අවසන් සඳගමන සඳහායි. ඉන් පසු සැටර්න් 5 රොකට්ටුවක් නිශ්පාදනය ...
CEYLON TEA : සිලෝන් ටී - ලංකා තේ කර්මාණ්තයේ වර්ණවත් ඉතිහාස කතාව කෙටියෙන් Exploring Science And Technology මූලාශ්‍ර : මැබ්රොක් ටී වෙබ් අඩවිය / හිස්ටරි ඔෆ් සිලෝන් ටී - ඩිල්මා 1839දී කල්කටාවේ රාජකීය උද්භිද උද්‍යානයේ පාලක ආචාර්ය වැලික්, පේරාදෙණිය උද්භිද විද්‍යා පර්යේෂණ වතුයාය වෙත ඉන්දියාවේ ඇසෑම් තේ පැල කිහිපයක් එවන ලද අතර ඒවා එහි රෝපණය කරන ලදී. මේ වනවිට පේරාදෙණිය උද්භිද උද්‍යානය නිළ වශයෙන් ආරම්භ කොට නොතුබූ නමුත් 1821 සිටම එහි කෝපි, සිංකොනා හා කොකොවා වැනි ...
සමුද්‍ර ලෝකය - ඡායාරූප එකතුව Exploring Science And Technology නැෂනල් ජියෝග්රැෆික් ආයතනයේ ඡායාරූප ශිල්පීන් ගන්නා ලද සමුද්‍ර ලෝකයේ සුන්දර, අධි-විබේධනය ඡායාරූප ඇල්බමයක් අපගේ ෆේස්බුක් අඩවියට ඇතුලත් කරන ලදී. මෙතනින් Facebook Album වෙත යන්න... ...
"LOOPER" කාළතරණය වටා ගෙතුනු ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Exploring Science And Technology වසර 2044 වන විට ලොව සුපිරිබලවතා වුනු අමෙරිකා එක්සත් ජනපදය පරිපූර්ණ ලෙසම ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් ගරාවැටීමක ආරම්භයට මුළපුරා ඇත. තවත් වසර 30ක ඇවෑමෙන් කාළතරණ තාක්ශණයක් නිර්මාණය කෙරෙන අතර දේශපාළන අධිකාරිය විසින් එය තහනම් කරයි. එහෙත් ආර්ථිකයමය හා දේශපාලනමය වශයෙන් ගරාවැටී ඇති ඇමරිකානු රජයට මෙම තාක්ශණය වලළා දැමීමට නොහැකිවන අතර එය එරට පාතාලයේ ධනකුවේරයින් අතට පත්වේ.ඔවුන් මෙම තාක්ශණය විවිධ නීතිවිරෝධී ...
POLITICS : පාදඩයා හා අටපාස් කොල්ලා (අන්නේකයි අපේ හාමුදුරුවනේ වෙනස) Exploring Science And Technology කැම්පස් යන මුකුත් ඉගෙන නොගන්න, නූල් සූත්තරවලට ඉබේ නැටවෙන අන්තරේ රූකඩ නඩය පොලීසියේ හමුදාවේ කොල්ලන්ට බනින්නේ සැලුට් ගහන්ඩ ඉපදුන අටපාස් මෝඩයෝ කියාය.ඡායාරූපයේ පෙනෙන්නේ අන්තරේ චීවරකාරයෙකි. ගණිකාවක් හෝ කසිප්පු පෙරෙන්නෙක් ලඟ ඇති සීලය වත් නැති කසාවත් රොඩ්ඩාට මේ කොමාන්ඩෝ පුහුණුව ලැබූ කොල්ලා දෑත් එකතු කොට වඳිමින් පින්සෙන්ඩු වෙන්නේ බෝංචි කඩනවාමෙන් මේ කැහුට්ටාගේ කරටිය කඩා දමන්නට පුහුණුව හෝ ආත්ම ශක්තිය නැති නිසා ...
එබෝලා ::: මොකක්ද මේ අලුත් ලෙඩේ??? Exploring Science And Technology එබෝලා වෛරසය ඉලෙක්ට්‍රෝණ අණ්වීක්ශයකින් පෙනෙන ආකාරයEbola virus disease (EVD) නැතිනම් Ebola hemorrhagic fever (EHF) යනු වෛරස් මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. එබෝලා රක්තපාත උණ ඇති කරන වෛරස් 4ක් මේ වනවිට හඳුනාගෙන ඇත. Bundibugyo virus (BDBV), Sudan virus (SUDV), Taï Forest virus (TAFV), Zaire Ebola virus (ZEV) යනු එබෝලා රක්තපාත උණ ඇති කරන වෛරස් වර්ග 4යි. එබෝලා රක්තපාත උණ බෝවීම සඳහා ...
ඇපල් අයිෆෝනයේ සිරී වැඩකරන්නේ කෙසේද? Exploring Science And Technology සිරී නම බිහිවූයේ කෙසේද?සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් ...