ප්රති ප්රහාරය සාරාගේ සටහන් මම අද කියන්න යන කතාව සමහර අයට විට හිනා යන එකක් වෙන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් ගොඩක් අයට යම් කිසි පාඩමක් ඉගන ගන්න පුලුවන් කියලා මම විස්වාස කරනවා. මේ කතාව මම ඩයරියේ ලියලා තිබ්බේ නැතත් මේ සිද්ධිය වුනේත් මම නවය වසරේ ඉන්ඳැද්දි. (මට මතක විදිහට)මමයි සුමුදුයි ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදු ම තමයි ) ඉස්සර වෑන් එකෙන් ...
වතුර තුවක්කුව - 02 (අවසාන කොටස) සාරාගේ සටහන් මුල කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් කියවන්න වතුර තුවක්කුව - 01කතාවේ ඉතිරි ටික... සඳුදා අපේ වෑන් එක මල්ලිලා ගන්න නැවැත්තුවට අපි බයිටාවත් අනෙක් අයියලා කවුරුත් අරලිය ගහ යට හිටියේ නෑ. අපි හිතුවා කට්ටිය අද නැතුව ඇති කියලා. ඔන්න ඉතින් මල්ලිලා නැග්ගට පස්සේ වෑන් එක හෙමින් හෙමින් ඉස්සරහට ගියා. (හෙමින් හෙමින් ගියා කිව්වේ කොලඹ ඉස්කෝල ලඟ තියෙන වාහන තදබදය නිසා) එකපාරට මම ...
වතුර තුවක්කුව - 01 සාරාගේ සටහන් කලින් "ජනප්රිය කෙනා" කතාව වගේ නෙමේ. මේ කතාව සම්පූර්නයෙන් ඩයරියේ ලියලා තිබ්බා. කලින් "ජනප්රිය කෙනා" කතාවේ 95% ක් විතර ලිව්වේ මතකයෙන්. හරි මේ වැඩේ උනේ මම නවය වසරේ ඉන්දැද්දි. ඒ කාලේ මම ඉස්කොලේ ගියේ ස්කූල් වෑන් එකකින්. අපේ ඉස්කොලේ ලමයි එකේ 8 ක් විතර හිටියා. වෙන ඉස්කෝලවල ලමයි පවා හිටියා. මම වෑන් එකේ ඉඳගත්තේ ඩ්රයිවර් සීට් එකට සීට් 1 ක් ...
මටත් වෙච්ච දෙයක්... සාරාගේ සටහන් මේ කතාව අද මීට පැය කිහිපයකට පෙර මම අත්විඳපු අත්දැකීමකින් ලියන්නේ. අද දවල් මම තනියම බොරැල්ලේ තියෙන Aquinas එකට ගියා මගේ Final Project එක භාර දෙන්න. මම ගියේ බස් එකේ. මම ගිහින් සර්ව හම්බ වෙලා Project එක බලන්න දුන්නා. සර් එකේ තව විස්තර ටිකක් ඕනේ කියපු නිසා මම ඉතින් භාර දෙන්නේ නැතුව හැරිලා ආවා.මම දැන් ගෙදර යන්න ඕනේත් බස් එකේමනේ. ...
ජනප්රිය කෙනා - 03 ( අවසාන කොටස) සාරාගේ සටහන් මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස යි දෙවෙනි කොටස යි කියෙව්වේ නැත්තන් කියවන්නජනප්රිය කෙනා - 01ජනප්රිය කෙනා - 02 හරි කතාවට යමු... මට හිතුනේ මොකද්ද කියලා කියන්න කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම සාමන්යෙන් අඳුරන්නේ නැති ජීවිතේ පලමු වතාවට දැක්ක කිසිම කෙනෙක් එක්ක කතාවට වත් හිනාවෙන්නේ වත් නෑ. විශේෂෙන් පිරිමි කට්ටිය එක්ක.ආපහු කතාවට.... මට මොකද්ද දන්නවාද හිතුනේ. ...
නිදහසට පෙර මතක සාරාගේ සටහන් 2009 අද වගේ දවසක අපේ රට වසර 30ක් පුරා තිබුන ත්රස්තවාදයෙන් නිදහස ලැබුවේය. ඒ රණ බිමේ සටන් වැදුනු දිවි පිදූ අපේ වීරෝධාර රණවිරුවන් හා රටේ නායකත්වය නිසාය. ඒ ලැබූ නිදහසට තුන් වසරක් සැපිරෙන අද වගේ දවසක මට මේ සටහන ලියන්න සිතුනා. ඒ 2006දී මම ලියපු දිනපොතේ සමහර සටහන් උපුටා දක්වන්නයි. මම සාමන්යෙන් දින පොත් පාවිච්චි නොකරට 2006දි විතරක් මම සම්පූර්නයෙන්ම ...
ජනප්රිය කෙනා - 02 සාරාගේ සටහන් මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස කියෙව්වේ නැත්තන් කියවන්නජනප්රිය කෙනා - 01තව දෙයක්.... මේ විදිහේ බ්ලොග් එකක් ලියන පලවෙනි වතාව නිසා පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා. කතාවේ හැඳින්වීම අපැහැදිලි නම් මට සමාවෙන්න. මේකයි කෙටියෙන් කියනවනම් : මේකලා ජනප්රිය කෙනාව ටීවී එකේ දැකලා තියෙනවා. ඒත් ජනප්රිය කෙනා මේකලාව දැකලා නෑ.පියුමිනි ජනප්රිය කෙනා යන සයන්ස් පන්ති ගිය නිසා ...
ජනප්රිය කෙනා - 01 සාරාගේ සටහන් මේ කතාව පලවෙනියටම ලියන්න හිතුනේ මේ බ්ලොග් එක ලියන මම කොයි වගේද කියලා පොඩ්ඩක් හරි කියවන අයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතිලයි.කතාව පටන් ගන්න කලින් කතාවට අදාල වෙන කට්ටිය ගැන කියන්න ඕනේ. පලවෙනි අදාල පුද්ගලයා තමයි මගේ මොන්ටිසෝරි එකටත් ගියපු ඉස්කෝලේදි පන්තියේ (මේ සිද්ධිය වුන දවස් වල) මං හිටපු තැනට ඉස්සර ඉඳගෙන හිටපු මගේ (දැන්) පරණ යාලුවෙක්. මං එයාට ...
ඇයි මේ බ්ලොග් එක? සාරාගේ සටහන් A/L ත් කරලා ඉවරයි. නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට කරපු ග්රැෆික් කෝස් එකත් ඉවරයි. මීට දවස් දෙකකට කලින් කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මගේ පරන් ඩයරි ටිකක් හම්බ උනා. ඒ ටික කියවද්දි ඉස්සර කරපු මැටි වැඩ් මතක් උනා. ගොඩක් බ්ලොග් ලියන කට්ටිය ඒගොල්ලන්ට ඇත්තට වෙච්ච දේවල් , දැක්ක දේවල් ලියන හින්දා මටත් ඒ වැඩේම කරන්න හිතුනා. ප.ලි - මේ ...