Z ස්කොර් නිසා වෙච්ච දේ සාරාගේ සටහන් අද උදේ අහන්න ලැබුනු නරක ආරංචියක් නිසා තමයි මම මේ හදිස්සියෙන්ම මේක ලියන්න හිතුවේ. නැත්තන් එකම දවස පෝස්ට් දෙකක් දාන්නේ නෑනේ. කොහොම හරි අද උදේ නඩු තීන්දුවක් දීලා තියෙනවා අපේ Z ස්කොර් එක ආපහු වෙනස් කරන්න කියලා. මමත් කරුමෙට ගිය අවුරුද්දේ තමයි ඒ ලෙවල් කලේ.මදැයි කැම්පස් යන්න බලන් හිටියා. තිබ්බ ස්කොර් එකටත් වඩා අඩු ස්කෝර් එකක් එව්වොත් එහෙම මම ඉඳලා ...
රුපියල් 150 සාරාගේ සටහන් මේ සිද්ධිය වුනේ මම O/L කරන අවුරුද්දේ මම ගියපු ටියුශන් පන්තියේදියි. මේක ටියුශන් පන්තියක්ම නෙමේ , ඉන්ස්ට්රිටියුට් එකක්. මම එකේ විශයන් 4 කට පන්ති ගියා. ඒ ඔක්කොම පන්ති මම ගියේ සෙනසුරාදා විතරයි. සුමුදු නංගිත් ආවේ ටියුශන් වලට මේ ඉන්ස්ට්රිටියුට් එකටමයි. ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදුම තමයි ) සෙනසුරාදා මට කොමස් පන්ති තිබුන වෙලාවට සුමුදු නංගිටත් පන්තියක් තිබ්බා ...
ප්රති ප්රහාරය සාරාගේ සටහන් මම අද කියන්න යන කතාව සමහර අයට විට හිනා යන එකක් වෙන්න පුලුවන්. ඒත් මේ කතාවෙන් ගොඩක් අයට යම් කිසි පාඩමක් ඉගන ගන්න පුලුවන් කියලා මම විස්වාස කරනවා. මේ කතාව මම ඩයරියේ ලියලා තිබ්බේ නැතත් මේ සිද්ධිය වුනේත් මම නවය වසරේ ඉන්ඳැද්දි. (මට මතක විදිහට)මමයි සුමුදුයි ( වතුර තුවක්කුව 1 හා 2 හිටපු සුමුදු ම තමයි ) ඉස්සර වෑන් එකෙන් ...
කිරි පිඩු දානය සාරාගේ සටහන් එදා අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නට කලින් සුජාතා සිටු දුව විසින් පූජා කල කිරි පිඩු පූජාව ගැන බෞද්ධ අපි කුඩා කලදී ඉගෙන ගන්නවා.ඒත් එම පූජාව අදටත් සමහර පන්සල් වල සිදුකරන බව ඔබ දන්නවාද? මමත් මේ ගැන දැන ගත්තේ මීට දින කිහිපයකට කලින්ය.අද පොසොන් පොහොය දවසේ උදේ මේ කිරි පිඩු පූජාව මගේ ආච්චිගේ මූලිකත්වයෙන් සකස් කරලා පන්සලට පූජා කලා.මේ පූජාවට ...
ලාවා කේක් කන්න කැමතිද? සාරාගේ සටහන් මාව Twitter එකේ follow කරන අය නම් දන්නවා මට ලාවා කේක් ගැන තියෙන අමුතුම ආසාව. ඒවා කන්නයි, හදන්නයි ලැබෙන කොට මට පුදුම සතුටක් දැනෙන්නේ. හැබැයි හරියට ලාවා ආවේ නැතිවුනාම නම් ඉතින් තරහෙන් පුපුරනවා. කොහොමත් ලාවා කේක් විතරක් නෙමේ, මම කෑම හදන්න හරිම කැමතියි. හැබැයි ඉතින් මට හිතුන වෙලාවට විතරයි. මම ගිය සතියේ ලාවා කේක් හැදුවා කාලෙකට පස්සේ. හැබැයි එකේ ලාවා ...
මංගල බණට ආරාධනය සාරාගේ සටහන් මේ වැඩේ වුනේ මීට දින කිහිපයකට කලින් මං දන්න කෙනෙක්ට. කෙනා කවුද කියන එක කියන්නේ නැතුව මේ කතාව කියන්නම්.සාමන්යයෙන් ලංකාවේ (සමහර) පිරිමි ලමයි වැඩිපුරම ඉන්න තැන් දෙකක් තමයි ෆේස්බුක් හා පන්සල.ඒ වගේම තමයි පන්සල් වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවරු පන්සලට දහම් පාසලට එන සම වයස් වල පිරිමි ලමයි එක්ක කතාබහ කරනවා කියන එකත් හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් එක පන්සලක ...
වතුර තුවක්කුව - 02 (අවසාන කොටස) සාරාගේ සටහන් මුල කොටස කියෙව්වේ නැත්තන් මෙතනින් කියවන්න වතුර තුවක්කුව - 01කතාවේ ඉතිරි ටික... සඳුදා අපේ වෑන් එක මල්ලිලා ගන්න නැවැත්තුවට අපි බයිටාවත් අනෙක් අයියලා කවුරුත් අරලිය ගහ යට හිටියේ නෑ. අපි හිතුවා කට්ටිය අද නැතුව ඇති කියලා. ඔන්න ඉතින් මල්ලිලා නැග්ගට පස්සේ වෑන් එක හෙමින් හෙමින් ඉස්සරහට ගියා. (හෙමින් හෙමින් ගියා කිව්වේ කොලඹ ඉස්කෝල ලඟ තියෙන වාහන තදබදය නිසා) එකපාරට මම ...
ඔබගේ නාමය සදා අමරණීයයි.... A Tribute to Yash Chopra සාරාගේ සටහන් මීට දින දෙකකට පෙර මම මගේ පාසල් කාලේ මිතුරියකට හා මගේ ඥාති සොහොයුරියට නොවැම්බර් මාසේ නිකුත් වෙන්න නියමිත Jab Tak Hai Jaan හින්දි චිත්රපටිය බලන්න යමු කියා කෙටි පණිවිඩ දෙකක් යැව්වෙමි. එහෙත් ඊයේ හැන්දෑවේ හදිසියෙන් වාගේ මම මගේ Twitter Timeline එක බලද්දි මුලු Timeline එකේම තිබුනේ මම හීනෙකින් වත් හිතපු නැති දෙයකි."RIP Yash Chopra"යශ් චොප්රා කියන්නේ හින්දි සිනමාවේ King of ...
ඉගනීමේ අගය සාරාගේ සටහන් ඊයේ මම මගේ පරණ පොත් තියෙන පෙට්ටි වගයක් අවුස්සද්දි මට මගේ 7 වසර සිංහල රචනා පොත හම්බ වුනා. එතකොට මම දැක්කා ඒකේ මම ලියලා තිබ්බ රචනා අතරින් මට තාමත් හොඳට මතක රචනාවක්. මාතෘකාව "ඉගෙනීමේ අගය". මේ රචනාව මම මුලින් ලිව්වේ ඒ කාලේ උදේට පන්තියේ නම් පිලිවෙලට එක්කෙනෙක්ට කතාවක් හරි කවියක් හරි කියන්න ඕනේ කියලා නීතියක් තිබුන නිසා ඒකට කතාවක් විදිහටයි. ...
පුදුම හතක්..... සාරාගේ සටහන් පුදුම දවසක වෙච්චි පුදුම හිතෙන සිද්ධි හතක්..... 1. වෙලාව උදේ 8.12. මම වෙනදා වගේ පන්ති තියෙන බිල්ඩිමට ඇතුලු වුනා. පඩිපෙල ලඟ අපේ පන්තියේ පිරිමි ළමයෙක් කාල සටහන දිහා බලාගෙන හිටියා. මම කාල සටහන දිහා එක පාරක් විතරක් බලලා වේගෙන් 4වෙනි තට්ටුවට ගියා. 4වෙනි තට්ටුවේ තියෙන අපේ පන්ති කාමරේට ගිහාම එතන හිටියේ කවදාවත් දැකලා නැති ළමයි කට්ටියක්. එතකොට මට තේරුනා කාලෙකට ...
සෙල්ලම ලෙල්ලම සාරාගේ සටහන් "ඒයි චමිඳු, මට වතුර එකක් අරන් එනවා" "චමිඳු, මගේ ඇඳුම් ටික වැලට දානවා"පුංචි චමිඳුට මෙලෙස ඇසෙන වාර දිනකට නොගිණිය තරම්ය. තවමත් 2 වසරේ ඉගෙන ගන්න ඔහුට මෙලෙස අණ කිරීම් කරනු ලබන්නේ ඔහුගේම එක්කුස උපන් අක්කා හා අයියාය. චමිඳු මේ සියලු දේ කරබාගෙන ඔහුට පවරන සියලු දේ කරන්නේය. ඔහුගේ අක්කාගේ හා අයියාගේ මෙම අණ කිරීම් යන්තම් හෝ නවතින්නේ එතෙර සිටින ඔවුන්ගේ ...
ෆැන්ටසි ලෝකයට අපි කැමති ඇයි? සාරාගේ සටහන් ෆැන්ටසිය ඒ කියන්නේ සිතෙන් මවාගත් දේවල් වලට ඇයි මිනිසුන් ප්රිය කරන්නේ? හොඳ ප්රශ්නයක්. මොකද මමත් ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සාමන්යයෙන් මිනිස්සු වෙන කෙනෙක් නිර්මාණය කරන ෆැන්ටසි දේවල් වලට ආසා කරනවා. සමහරු තමන්ගේම ෆැන්ටසි ලෝකයක් මවාගෙන ඉන්නවා. මිනිස්සු ෆැන්ටසි දේවල් වලට කැමති ඔවුන්ගේ හිතේ තියෙන සමහර ආසාවන් ඉටුකරගන්න සැබෑ ලෝකෙදී තිබෙන අපහසු කම නිසයි. තව හේතුවක් තමයි මේ තරඟකාරි ලෝකයෙන් ...
වතුර තුවක්කුව - 01 සාරාගේ සටහන් කලින් "ජනප්රිය කෙනා" කතාව වගේ නෙමේ. මේ කතාව සම්පූර්නයෙන් ඩයරියේ ලියලා තිබ්බා. කලින් "ජනප්රිය කෙනා" කතාවේ 95% ක් විතර ලිව්වේ මතකයෙන්. හරි මේ වැඩේ උනේ මම නවය වසරේ ඉන්දැද්දි. ඒ කාලේ මම ඉස්කොලේ ගියේ ස්කූල් වෑන් එකකින්. අපේ ඉස්කොලේ ලමයි එකේ 8 ක් විතර හිටියා. වෙන ඉස්කෝලවල ලමයි පවා හිටියා. මම වෑන් එකේ ඉඳගත්තේ ඩ්රයිවර් සීට් එකට සීට් 1 ක් ...
මටත් වෙච්ච දෙයක්... සාරාගේ සටහන් මේ කතාව අද මීට පැය කිහිපයකට පෙර මම අත්විඳපු අත්දැකීමකින් ලියන්නේ. අද දවල් මම තනියම බොරැල්ලේ තියෙන Aquinas එකට ගියා මගේ Final Project එක භාර දෙන්න. මම ගියේ බස් එකේ. මම ගිහින් සර්ව හම්බ වෙලා Project එක බලන්න දුන්නා. සර් එකේ තව විස්තර ටිකක් ඕනේ කියපු නිසා මම ඉතින් භාර දෙන්නේ නැතුව හැරිලා ආවා.මම දැන් ගෙදර යන්න ඕනේත් බස් එකේමනේ. ...
ජනප්රිය කෙනා - 03 ( අවසාන කොටස) සාරාගේ සටහන් මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස යි දෙවෙනි කොටස යි කියෙව්වේ නැත්තන් කියවන්නජනප්රිය කෙනා - 01ජනප්රිය කෙනා - 02 හරි කතාවට යමු... මට හිතුනේ මොකද්ද කියලා කියන්න කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මම සාමන්යෙන් අඳුරන්නේ නැති ජීවිතේ පලමු වතාවට දැක්ක කිසිම කෙනෙක් එක්ක කතාවට වත් හිනාවෙන්නේ වත් නෑ. විශේෂෙන් පිරිමි කට්ටිය එක්ක.ආපහු කතාවට.... මට මොකද්ද දන්නවාද හිතුනේ. ...
නිදහසට පෙර මතක සාරාගේ සටහන් 2009 අද වගේ දවසක අපේ රට වසර 30ක් පුරා තිබුන ත්රස්තවාදයෙන් නිදහස ලැබුවේය. ඒ රණ බිමේ සටන් වැදුනු දිවි පිදූ අපේ වීරෝධාර රණවිරුවන් හා රටේ නායකත්වය නිසාය. ඒ ලැබූ නිදහසට තුන් වසරක් සැපිරෙන අද වගේ දවසක මට මේ සටහන ලියන්න සිතුනා. ඒ 2006දී මම ලියපු දිනපොතේ සමහර සටහන් උපුටා දක්වන්නයි. මම සාමන්යෙන් දින පොත් පාවිච්චි නොකරට 2006දි විතරක් මම සම්පූර්නයෙන්ම ...
ජනප්රිය කෙනා - 02 සාරාගේ සටහන් මේ කොටස කියවන්න කලින් පලවෙනි කොටස කියෙව්වේ නැත්තන් කියවන්නජනප්රිය කෙනා - 01තව දෙයක්.... මේ විදිහේ බ්ලොග් එකක් ලියන පලවෙනි වතාව නිසා පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා. කතාවේ හැඳින්වීම අපැහැදිලි නම් මට සමාවෙන්න. මේකයි කෙටියෙන් කියනවනම් : මේකලා ජනප්රිය කෙනාව ටීවී එකේ දැකලා තියෙනවා. ඒත් ජනප්රිය කෙනා මේකලාව දැකලා නෑ.පියුමිනි ජනප්රිය කෙනා යන සයන්ස් පන්ති ගිය නිසා ...
ජනප්රිය කෙනා - 01 සාරාගේ සටහන් මේ කතාව පලවෙනියටම ලියන්න හිතුනේ මේ බ්ලොග් එක ලියන මම කොයි වගේද කියලා පොඩ්ඩක් හරි කියවන අයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතිලයි.කතාව පටන් ගන්න කලින් කතාවට අදාල වෙන කට්ටිය ගැන කියන්න ඕනේ. පලවෙනි අදාල පුද්ගලයා තමයි මගේ මොන්ටිසෝරි එකටත් ගියපු ඉස්කෝලේදි පන්තියේ (මේ සිද්ධිය වුන දවස් වල) මං හිටපු තැනට ඉස්සර ඉඳගෙන හිටපු මගේ (දැන්) පරණ යාලුවෙක්. මං එයාට ...
ඇයි මේ බ්ලොග් එක? සාරාගේ සටහන් A/L ත් කරලා ඉවරයි. නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට කරපු ග්රැෆික් කෝස් එකත් ඉවරයි. මීට දවස් දෙකකට කලින් කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මගේ පරන් ඩයරි ටිකක් හම්බ උනා. ඒ ටික කියවද්දි ඉස්සර කරපු මැටි වැඩ් මතක් උනා. ගොඩක් බ්ලොග් ලියන කට්ටිය ඒගොල්ලන්ට ඇත්තට වෙච්ච දේවල් , දැක්ක දේවල් ලියන හින්දා මටත් ඒ වැඩේම කරන්න හිතුනා. ප.ලි - මේ ...
මගේ උපන්දිනේ වෙනස් කරපු හැටි සාරාගේ සටහන් මම කෙලින්ම කතාව කියන්නම්. මේ කාලේ මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ 9 වසරේ. අද වගේම ඒ දවස් වලත් හින්දි Film වලටයි ඒ නළු නිලියන් ගැනයි පිස්සුවක් තිබුණා. ඒත් ඔය කාලේ මගේ Computer එකට Internet Connection එකක් තිබුනේ නෑ. ඒක නිසා හින්දි Film ගැන නළු නිලියෝ ගැන විස්තර එකතු කරේ පත්තර වලින්. ඉතින් ඔය පත්තර වල විස්තර වලට අමතරව වෙන විදිහකින් විස්තර ...