ආතල් එකක් ගන්නට කි.මී 20 ක් පයින් ඇවිද්දෙමු නොනිමි අහස අවතාර් ඇතුළු පිරිස රජ මාලිගාවෙන් බත් එකක් කන්න ගිහින් කර ගත්තු වින්නැහිය කස්ටිය දන්නවනේ.විස්තරේ දන්නේ නැති උදවිය මෙතනින් ගිහින් බලලා එන්න.මේ කියන්න යන්නේ එදා එකේ ඉතුරු ටිකය. එදා ලැබුනු සහනාධාර ඝණයේ ආහාර වේලත් අතේ තියාගෙන කල්පනා කලේ මොකද කරන්නේ කියලා.මෙන්න යකෝ සුදු සර්ට් අයිය කෙනෙක් කන්න වගේ මූණ දිහා බලාගෙන ඉන්නවා.කන්ඩ හමබුනාට පස්සේ අහවල් එක කරන්නැතුව මෙතනින් පල කියන ...
මීළඟ ඇරිල්ල කනේ පාරක් වෙයිද? නොනිමි අහස මේ ළඟකදී ඉඳන් රාජ සභාවෙන් අරින ඇරිල්ලේ ඉවරයක් නැත.දැන් නම් ඇරපු උන්ටත් කාපු අපිටත් හොඳටම රිදිලාය.ඒත් ඇරිල්ල නවතින පාටක් පේන්න නැත.අවුරුදු 3 කට කලින් රටේ දහස් ගනන් අම්මලා කඳුළු බීපු දහස් ගනන් කොල්ලො කෙල්ලෝ ජීවිත දීපු විනාසකාරී යුද්දයක් අවසන් කරාගෙන් පසුව රාජ සභාවෙන් සංවර්ධනයේ ස්ටේසමක් අපිට පෙන්නා කෝච්චි පාරද පෙන්නුවේය.කලින් කියූ ස්ටේෂමට යන කෝච්චිය එක්කෝ පීලි පැනලාය එක්කෝ මඟ ...
ලස්සන මුහුණ පිටුපස සැඟවුන වියරුව (ටයිටැනික් නැවේ අභිරහස 2 කොටස) නොනිමි අහස ටයිටැනික් නැවේ සැඟවුණ අභිරහස පළමු කොටස මෙතනින් බලන්න. ආමන් රා(amen-ra) රැජිණ ආමන් රා රැජිණ මීට වසර 1500 කට ප්‍රථම ඊජිප්තුවේ රජකම් කල මනස්කාන්ත රූ සපුවකට හිමිකම් කී රැජිනක්.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමාන ව පින්තාරු කෙරුණු අලංකාර මමී ආවරණයක බහා ඊජිප්තුවේ ලක්සම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණා.පසුව 1890 දී කල ...
තව ටිකෙන් අරලියගහ මන්දිරෙන් හොඳටම කනවාය නොනිමි අහස පහුගිය වෙසක් පෝය ගෙදර ඉඳලා ආපහු කොළඹ ගියාට පස්සේ අවතාර් ගේ කාමර තුනේ බෝඩිමේ සෙට් එක තීරණය කලා වෙසක් බලන්න යන්න.උදේ ලෙක්චර්ස් වලට කලින් බෝඩිමේ දි හම්බ වුනහම කට්ටිය කතා උනේ ලෙක්චර්ස් ඉවර උනාට පස්සේ 5ට යන්න.හවස ලෙක ඉවර උනාට පස්සේ කතා කරගත්ත විදිහටම 6.30 ත් පහු වෙලා බස් ගත වෙනවා.(දෙන්නෙක් ඇර. උන් දෙන්නාම මල් හීය වැදුනු උන් අපි ...
ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (ටයිටැනික් පිළිබඳ සැඟවුණු අභිරහස) නොනිමි අහස ටයිටැනික් කිව්වම කොයි කාගෙත් හිතට ඉස්සරලම එන්නේ ජේම්ස් කැමරන් මහත්තයට පින්සිද්ද වෙන්න බලපු ටයිටැනික් චිත්‍රපටිය.දැනට අවුරුදු 100 කට කලින් උන මේ සිද්දිය ගැන මේ තරම් හොඳින් කවුරුත් දන්නේ ජේම්ස් කැමරන් මහත්තයගේ මේ අපූරු නිර්මාණේ හින්දා තමා.හැබැයි අවතාර් මේ යුනිකෝඩ් කරන්න ලක ලෑස්ති වෙන්නේ ටයිටැනික් චිත්‍රපටිය ගැන නෙමේ.1912 අප්‍රියෙල් 15 දා අත්ලන්තික් සාගරේදී අවසානාවන්ත විදියට මුහුදු බත් වුන ටයිටැනික් කතන්දරේ ...
ගූගල් දෙයියගෙන් වරමක්.ඉක්මන් කරන්න අහවල් දින දක්වා පමණයි. නොනිමි අහස ඔන්න අවතාර් ලක ලෑස්ති වෙන්නේ මෙතෙක් කල් කොටපු කෙටිලි වලින් කුඩාම එක කොටන්න.බ්ලොගියේ සයින් ඉන් වෙලා ඉන්න ගමන් සර්චියක් දාන්න ගූගල් දෙය්යගේ අඩවියට ගොඩ වැදුනා.මෙන්න බොලේ දෙය්යා පියානෝ පන්තියක් දාල.හිතේ හැටියට පියානෝ ගහතහැකි..කැමති ආකාරයට ඔය තියෙන නොබ් උඩට මවුස් එක අරන් ගිහින් කරකවල තමන්ගේ පිච් එක හදා ගන්න.තමා කොච්චර වැඩ්ඩෙක්ද කියල තනුවක් වයල පටිගත කරලා ආය ප්ලේ කොරලා බලන්නත් ...
වෙස් මුනට හු** කියා කෙලව ගත් හැටි .(18+ අයට පාඩමක්) නොනිමි අහස අවතාර්ට ඒ කාලේ හිටියා මිත්තරයෙක් විරිදු කියන්න එහම හැකියාවක් තියෙන එකෙක්.හැබැයි මිනිහගේ එක දුර්වලතාවයක් තමා කටට ලිමිට් නැති එක.සිංහලෙන් කිව්වොත් ඉතින් කට හොද නෑ.කා එක්ක කතා කලත් අවසානෙට කතාව අවසන් කරන්නේ අහන් ඉන්න එකාව හිනා ගස්සලා.ඒ තරම් ආතල් එකේ ඉන්න පොරක්.හැබැයි දවසක් මූ කට හින්දම හොද හැටි නා ගෙන.කට්ටිය එකතු වෙලා මතින් තොර සාදයක් දාන ගමන් තමා මූ විස්තරේ ...
ඔබ මගේ සිහිනයයි මා සිතින් ප්‍රේම කල නොනිමි අහස පස් වස සිසු ඉම ජයගෙනසිප් කිරෙන් වැඩෙනු වස්ප්රාථමිකයට සමු දී නගරයේ සිප් මවගෙ තුරුල්ලට පැමිණියෙමු නව විදු මව පිළිගන්නට කුහුලින් බලා සිටි පිරිස අතර ඔබත් එක් මිතුරියක් විය මිතුරු ඇසුරෙන් දින සති මාස ගතවී තුරුණු වියට පා තබා විදු මව සෙවනේ එකට අකුරු කලෙමු ආදරය කිමදැයි නොතේරෙන වියක මිතුරන් අතරින් ඔබේ රුව දකින්නට සිත වෑයම් කලේ මන්දැයි තවම මම ...
ගූගල් එක්ක මැජික් කරමු නොනිමි අහස අන්තර්ජංජාලේ ජරමරේ ඉන්නකොට අවතාර්ට හම්බවුනා ගූගල් එක්ක කරන මැජික් ටිකක්.මොලේ කොලොප්පම් වෙන බ්ලොග් කියවන අතරේ මේ වගේ දෙයකින් මොලේට පොඩි ඉස්පාසුවක් ලැබෙයි.වැඩි විස්තර මොනාටද පහල තියෙන එව්වා ඒ විදිහටම කොරලා බලන්න. ගූගල් පිටුව වටයක් කරකවමු do a barrel roll කියන එක කොපි කරගෙන සර්ච් බාර් එකේ පේස්ට් කරන්න.ගූගල් පිටුව බබා වගේ වටයක් කැරකෙයි. ගූගල් පිටුව බිමට සමතලා කරමු Google ...
රු.28 න් දවසට 2GB+ ඩවුන්ලෝඩ් කිරීම.(අවතාර්ගේ අන්තර්ජාල විත්ති 2 ) නොනිමි අහස අවතාර් අන්තර්ජාල කෙරුවාව පටන් ගත්තු හැටි ඩයොලොග් උන්දල අවතාර්ට සලකපු හැටි ගැන කලින් පෝස්ට් එකක කිව්වානේ.අද කොටන්න බලාපොරොත්තු ව ඒකෙ දෙවනි කොටස.කලින් එක බලලම මේක බලන්න ඕනේ කියලා හිතෙනව නම් මෙතනින් ගිහිල්ලා ඒක බලලම එන්න. අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1 පස්සේ අවතාර් සියල්ල අතෑරලා දාලා අන්තර්ජාල ගත වෙන්න අලුත් ක්‍රමයක් සොයමින් හිටියා.අවතාර්ගේ නෑදෑ වෙන අයිය කෙනෙක් ඉන්නවා රුහුණු කැම්පසියේ.මිනිහට තියෙන්නෙත් ...
පින්බර වෙසක් නොනිමි අහස වෙසක් කාලේ කියන්නේ ඇත්තටම හිත් වලට සහනයක් ලැබෙන කාලයක්.මේ කාලෙදි මිනිහා වගේම පරිසරයත් සන්සුන් වෙන කාලේ.එක දිගට මාස ගනන් පායලා ඊට පස්සේ තද වැහි වැහැලා පරිසරය සන්සුන් වෙනව එක්කම තමා වෙසක්,ඇසළ, පොසොන් ලබන්නේ.තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිදු වුන පින්බර දවසක් තමා හෙට උදා වෙන්නේ.ගමයි නගරයයි දෙකම එක විදිහට වෙසක් මංගල්‍ය සමරනවා. බුදු දහම කියන්නේ නියත වශයෙන්ම සත්‍ය ධර්මයක්.ඒ හින්දා තමයි ...
කොම්පියුටරේ ලෙඩට පිළියම් කලෙමි නොනිමි අහස සති අන්තේ ගෙදර ආපු වෙලාවේ නිවාඩුපාඩුවේ බ්ලොග් පැත්තේ රවුමක් දාන්න පටන් ගත්තා.සෑහෙන දවසක ඉඳන් කොම්පීතරේ ඇතුලේ ෆෑන් එකක් එහෙන් මෙහෙන් කෑ ගගහා තිබුනා.ඒක ඉතින් කොම්පීතරේට වැඩි ඉෆෙක්ට් එකක් නැති හින්දා සති තුන හතරක්ම ඉවසගෙන හිටියා.ඔය අන්තර්ජාංජාලේ එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා 12 ජාමෙත් පහු කොර ගත්තා.මෙන්න යකෝ එක පාරටම එලාම් එකක් ඇහෙනවා.හරියට නිකන් අවතාර් ඒ කාලේ ප්ලේ කොරපු IGI ...
මට අයිති දිනයක් ලු අද නොනිමි අහස හිරු සමඟ අවදි වී වැඩ මුරය පිලිගන්න වැඩබිමට පියනඟන අතරතුර.......... දහස් ගණනක පිරිසක් එක් වී හඩ තලයි යකඩ කට කුමන මීටිමක්ද හිතේ කුහුලින් වැදුනෙමි ජනයා අතරට....... ජාතික ඇඳුමින් සැරසුන මැතිතුමෙක් කතා කරයි කන් දෙදරා යන තරමට “කම්කරුවා අපේ කෙනෙක්........ “ “කම්කරුවා රැකගනිමු........... “ “කම්කරු අයිතීන් වෙනුවෙන් නැඟී හිටිමු ............“ මොනතරම් පුදුමයක්ද මේ තරම් පිරිසක් මේ තරම් ආවේගයක් මා වෙනුවෙන්....... ...
මාසයකට සීමා වුන අන්තර්ජාල සම්බන්ධතාවය (අවතාර්ගේ අන්තර්ජාල විත්ති 1 ) නොනිමි අහස අවතාර් මූණු පොතේ ගිණුමක් එහෙම හදා ගෙන අන්තර්ජාලයට පළමු පියවර තියන කාලෙදි අවතාර්ගේ දුක සේවාදායකයා වුනේ මොබිටෙල්.ඒ කාලෙදි අන්තර්ජාලෙට පියමැන්නේ ඕකෙ තියෙන මෙගාබයිට් 50/100 පැකේජ වලින්.ඊට පස්සේ අවතාර්ගේ දුක සේවාදායකයා ඩයලොග් වලට මාරු වෙනවා.ඊට පස්සේ ඩයලොග් වල තියෙන පැය ගානට අය කරන පැකේජ පාවිච්චි කලා.ඔය විදිහට යද්දි අවතාර්ට වැටහෙනවා ඒ වැඩේ ගැලපෙන්නේ නෑ කියලා.පැය 2කට අන්තර්ජාලෙ ඉඳලා මොනවා කරන්නද?ඒ ...
widget නැතිව blogger වලින්ම බ්ලොග් එකේ වැඩ දාමු නොනිමි අහස අවතාර් නොනිමි අහස පිලියෙල කරන කොට වැදගත් වුන දේවල් ටිකක් කොටන්න හිතුනා.වරතමානයේ බ්ලොගි වල මේ ස්වරූපය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙනවා.කැමති අය ඉන්නවනම් තම තමන්ගේ බ්ලොගි වලටත් මේ දේවල් ඇඩ් කොරගන්න පුළුවන්. පෝස්ටුව සම්පූර්ණයෙන් නොපෙන්වා read more ආකාරයට කුඩා කොටසක් පෙන්වීම සාමාන්‍ය විදිහට බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මහම මුළු පොස්ට් එකම පෙන්නනවා.ඒ වෙලාවෙදි මුල් පිටුවේ තියෙන සේරම පොස්ට් මේ ...
අන්ධ නොවූ සෙනෙහස........(එක් සත්‍ය කතාවක්) නොනිමි අහස අවතාර් අද කොටන්න ලක ලෑස්ති වෙන්නේ වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන.ඇත්තටම මේක අවතාර් ගේ නිර්මල හද පතුලටම කිඳා බැහැපු නිසා තමා කොටන්න හිතුවේ.තමන්ගේ බඩින් වදපු දරුවා පළවෙනි හුස්ම ගන්නත් කලින් ඒ දරුවගේ බෙල්ල මිරිකල දාන එහෙමත් නැත්තම් ළඟ තියෙන ඇලට කාණුවට විසික්කරල දාලා යන හය හතරක් නොතේරෙන කිරි සප්පයින්ව මහ මඟ දාලා යන උදවිය ඉන්න අපේ රටේ මෙහෙම අයත් ඉන්න ...
බසයක් තුල නිදි වර්ජිතව නොනිමි අහස හා හා පුරා කියල අලුත් අවුරුද්දට පස්සේ ඕං අවතාර් නොනිමි අහසත් වෙනස් කොලා.දැං කස්ටිය බලයි යකෝ මූ අහස වෙනස් කරන්න දෙයියොද කියලා.අවතාර්ට හිතුන අඳුරෙන් එළියට යන්න.අඳුරෙන් එළියට විතරක් නෙවි ඔය “අවතාර්“ කල එළි බහින්නෙත් මේ පෝස්ටුවත් එක්කම තමා.නොනිමි අහස කලින් අඳුරු තේමාවක තිබුන බව මේ පැත්තට ගොඩ වුන අය දන්නව.ටික දවසකට කලින් අවතාරුත් පුරුද්දට වගේ අන්තර්ජංජාලේ කරනම් ගහන අතරෙ ...
සුභ අලුත් අවුරුද්දක් වේවා! නොනිමි අහස රතිඤ්ඤා වල පට පට සද්දෙත් එක්කම තවත් අලුත් අවුරුද්දක් උදා වුනා.සෑහෙන කාලෙකට පස්සේ අලුත් අවුරුදු නැකැත් රෑ කාලේ යෙදිල තියෙන නිසා මේ අවුරුද්දේ පොඩි වෙනසකුත් තියෙනවා වගේ දැනෙනවා.හැබැයි ඉතින් මට දැනෙන විදිහට අපි පොඩි කාලේදි අලුත් අවුරුද්දේ අපිට දැනුන සතුට දැන් නෑ.අපි පොඩි කාලේ ගැන මතක් කරද්දි කාලය කොයි තරම් ඉක්මනට ගෙවිලා ගිහිල්ලද කියල හිතෙනවා.ආයේ එන්නේ නැති ඒ කාලේ ...
වර්ණ වලට ඇස රැවටෙන දෘෂ්ටි මායා නොනිමි අහස හැමෝටම සාමය සතුට පිරි කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මුලින්ම.බ්ලොගිය පැත්තට ආවේ සෑහෙන දවසකින්.ළඟදි දවසක පේස් බුකියට ගොඩවැදුනේ අඳුරන කෙනෙක්ගෙන් මිත්‍ර ඇරයුමක් වත් තියනවද බලන්න.ඒ ගියාම පේස් බුකියට අප්ලෝඩ් කරල තිබුන පොටෝ එකක් දැක්කමයි මේ පෝස්ට් එක දාන්න අදහසක් ආවේ.තිබුන picture එක භාවිතා කරල ගූගල් දෙයියන්ට පින්සිද්ද වෙන්න අදාල විස්තරෙයි තව පොටෝ ටිකකුයි හොයා ගත්තා.දෘෂ්ටි මායා ...
වර්ණවත් අකුරු වලින් මූණු පොතේ චැට් කරමු නොනිමි අහස බ්ලොගිය පැත්තේ ආවේ සෑහෙන දවසකින්.බ්ලොගියෙ ලියන්න දේවල් එමට තිබුනත් කාලය පිළිබඳව ඇති ප්‍රශ්න නිසා අකමැත්තෙන් වුනත් කොම්පීටරේට නිවාඩුවක් දීලයි තිබුනේ.වෙනත් වුවමනාවකට අන්තර්ජංජාලෙට ගොඩවැදුන වෙලාවක හම්බ වුන වැදගත් දෙයක් බ්ලොගියේ කොටන්න හිතුනා. මම මේක බ්ලොගියට දාන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතල මගේ කාල චක්කරෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරගෙන.ඒ නිසා කාට හරි මේක වැදගත් වුනානම් ස්තුතියක් වත් දීල යන්න.ඒක මගේ ...