සමන්තය Hemalayaa සංගතිය... ඇල්මකින් ඔබ්බට ගිය..... සංවේදය... හදවතට ආවේනික රිද්මයට... අනුනාදවන.... චෛතන්‍යය.... තනිව යන සසර මඟ.... කලින් කලට හමුවන.... නිරන්තරයෙන් සිහිවන... විටෙක මත් බවෙහි දියවී.... වියැකෙන..... අවිඥානකව රාගයේ උණුහුමට වසඟ වන........ මොහොතක උණුහුමට ලොල්වී... වැලපෙන.... ආත්මාර්ථයට බිළිවී... නැවත පණ ගසන.... යථාර්තයට පිටින්... සම්මතයට ඔබ්බෙන්..... හෙවනැල්ලක් ලෙසින් මගේ ලඟින්..... බැඳීමක් නැති... සැනසීමක් ද නැති.... පරමාර්ථයක් නැති.... තර්කානුකූලව එකිනෙකට අසම්බන්ධ මුත්.. නිරන්තර වූ ...
අවනතිය Hemalayaa උඩුගං බලා පිහිනමි සුරතින් රැගෙන අභිමානය.... වමතින් වසාගනිමින් අවමානය.... යති හිතෙහි ජනිතවන... හීන මානය.... අඩපණ කරයි... සැඩ පහරට එරෙහිව.... සටනට පණ පොවන උන්නතිකාමය...... ලෙහා දමමින් බරැති ධවල සන්නාහය.... දියවයන්නට හරිමි කීර්තිමත් සන්නාමය..... ...
අයිතිවාසිකම Hemalayaa ඇත්ත ඇති සැටියෙන් දකින රිසියෙන්.... කඩා බිඳ දමා.... බැඳුම්.... සහ සම්බන්ධ.... සියළු ඇළුම් බැළුම්.... අයිතියක් ඇත්ද රිදවන්ට අන්සතු සිත්... මා සිතු පමණින්..... නිවෙන්නට මා හිතින්..... මිදෙන්නට මේ දුකින්.... ආත්මර්ථය.... පළමුකොට තබා... පළා යන්නද කෙසේ... නිරුවතින්..... හිස් අතින්..... හිත පමණක් ගෙන මිටින්.... ...
පරාජය Hemalayaa තනි තනිවසටන් වදින ලෙසටසිතිවිලි වලට අණදෙමි.....ප්රේමයටපහර දෙනු පිණිස...රාගයට පණ දෙමි.....අන්ධකාරයට ලොබ බැඳආලෝකයට සමුදෙමි......වසන්තයට මඟහැර.....ගිම්හානය වැලඳගමි.... ...
ඉබාගතේ... Hemalayaa මගේ හිත මහ මුඩු බිමක්..... කොයිතරම් නම් සී සී සෑවත්... ලැබෙන්නේ නැති පලක්..... මහේ හද තුළ තිබුනත්...හිස්ව ඉඩ කොපමණක්....ධාරාණිපාතව වැස්සත්.....පිරෙන්නේ නැති වැවක්....ආසාවට විතරක්නෑ නෙව සීමාවක්... ...
යථාර්තය Hemalayaa ජීවිතයම අන්සතුව යන්ත්‍ර ලෙස... ගෙවෙන අපගේ දිවිය එකෙම එක මොහොතකට විඳින්නට දකින්නට....ආඩධානා කරමි ඔබට.....නොපෙනෙනා වැටෙන් පැන...සුවපහසු පුටුවටපා පහරක් දී.....යතුරු පුවරුවට සමුදී....තිරයෙන් මිදී......සැනසුමට ලංවී..... ...
මැස්සා Hemalayaa අනිමිසලෝචනයෙන්.... තිරය සිපගෙන.... මරුමුවට පත්කලෙමි යථාරූපී සිහින.... නිවා දමමි ජීවිතයේ පහන..... වැලඳගෙන තෙත්බර අන්ධකාරය..... අනිච්චානුගව මුවගින් වෑස්සෙන අසීමිතවූ ආශාවේ... ගඳගහන ක්ලේශ..... මත් කරයි ඉරිතැළුණු මහද..... සුන් කරමින් මතකයන්.... පිළිබඳ ආදරණීය පහස..... නොදන්නා මෙම නිල්පාට රහස..... පැරණි සිතිවිලි ආයමත් මතුවෙමින් සිහිකරයි.... කළු සහ සුදු අතර වෙනස.... ...
ආයාචනය Hemalayaa ආරෝපණය කොට පණගන්වනු මැනවි..... මගේ සුප්ත... හදවත.... මකාලනු මැන ඒකාකාරී චර්යානුගත..... සිතිවිලි රේඛාවල අනිච්චානුගව මැවෙන මැසිවිලි..... පුළුස්සා දමා යල් පැන ගිය..... අඳුරු සෙවනැලි..... ප්‍රතිනිර්මාණය කලමැනව... පලාගොස් ඇති මිනිස්කමේ අසරණකම්... උණුහුම්කොට අයෙමත්..... තැන තැන ගල් ගැසී ඇති කඳුලැලි..... ...
පෙම් හටන Hemalayaa පෙම් බඳින්නට වෙරදරමි මම අයෙමත් වතාවක් මගෙම පෙම්වතිය වෙත.... නුඹ නොමැත මගෙ ලඟින්..... ඇත සබඳ ඔහු ලඟම... අමුත්තකු වී සියොළඟම.... සලිතවී යයි ළමැද... හුරු පුරුදු උණුහුමට උරුම කම් කියන්නට... තරඟයක යෙදෙන්නට.... නොමැත මට පෙරවිරිය... ගෙන දිරිය... හදවතට මුදා හැර කඤ්චුකය...... මුලපුරමි සටනකට...... ජයක් නම් හිමි නොවන..... මගෙම ලේ සුවඳකට..... පුදා මුදු ආදරය..... අවනතව හිස නමමි පරාජිත සිහිනයට.... ...
වටාරම Hemalayaa හදවත පැකිලෙයි කළු සුදු ඉරි මත සිතිවිලි වැලපෙයි ඉඳහිට හෙමිහිට අමතකවුනු ප්‍රේමය හදිස්සියෙම පැමිණ අවුස්සයි විරාගික සුන්බුන් සොය සොයා හදවතේ කළුපෙට්ටිය සම්මතයට ඇති අනියත බියමත සමාප්තියට පිටුපාමි අපලාපනය කොට යථාර්තය නොදන්නා අනාගතයට බය ගතානුගතික වර්තමානය යලි යලි අවුස්සයි අතීතය නම් නිමක් නැති කුණු බක්කිය පසසමි ගරහමි මංම මගෙම හිත හංගනවට මටම හිතෙන දේවල් මට ලැජ්ජාවට බය මේ පුදුම ලෙන්ගතුකම ...
මද... Hemalayaa සුරාන්තයට පළමුව..... අර අඳිමි... හීනාන්ධකාරය පරදවා මවන්නට අකුණු සැරයක්..... කිළිපොළායන ලෙස යටි බඩ.... සර සර හඬින් කෙසුරක... මෝහනීය වූ යටි සිත..... නිවා දමමින් පහන් සරතැස.... ස්වප්නාන්තයක දොරකඩ... දුම් දමන භෂ්මාවශේෂ මත වැටෙන හිරිකඩ... කිති කවයි යළි මුඩු හිත..... පෙළා පොළමින් මන දොළ… ...
පවාරණය Hemalayaa තරඟයෙන් ඉවත්වෙමි..... කාලය නවත්වමි.... තත්පර කටුව මත.... වකුටුවී නිදන්නෙමි..... හිත පමණක් අවදියෙන්.... මං ගැනම සෝදිසියෙන්.... රීරිසියාවට විතරක් රිදෙයි මේ චරියාවෙන්.... හති වැටෙන්නේ නැති කමින්... හදවත විමතියෙන්..... හැරි හැරී බලයි ආ මඟ දෙසම ආතතියෙන්...... කියවන්න කම්මැලිම අතීතයේ පාරට්ටු...... හොරැහින් ඉඟිමරයි යටි හිතට කර තට්ටු.... අනාගතයක් කොහෙද.... වර්තමානයට වග නොකියන..... පහන් තරුවක් ඇතිද නිදහසට මඟ කියන..... ...
මායාව.... Hemalayaa වෙමි වහලෙකි මගෙම සිතෙහි..... පිටුවහලෙකි ලොව හමුවෙහි..... අකුරු අතර සුනංගු වූ..... විලම්භීත පරිණාමය..... මතක් කරලා සැරෙන් සැරේ.... ඉපිලී එන යථාර්තය මොළ වැස්මට ඉඳල හිටලා කරන කරච්චල්.... වලට බයේ සැඟවී ඇත..... මසිත නෝංජල්... ...
සන්තර්පණය Hemalayaa හැඟුම්බර විජිනිපත තවමත් සෙමෙර සලමින්... හැමදාමත් වගේ විඩාපත් හිත නිවාලන්නට ආදරෙන්.... අචේතනිකවූ වැයමක යෙදෙමින්.... හිත සිසිලසෙන් පලා යන්නට... අනේකවිධ වූ හේතු හොයමින්..... වියැළුනු කෙම්බිමක රළුබව මවාගෙන.... සාප කරමින් හඬයි ගලා ගිය කාලයට.... මලානික ආලයට..... හදවත හොරෙන් හැඩ බලයි.... කාෂ්ඨක හීනයක... ...
ඇල්ම Hemalayaa සෙනෙහසකට විස පොවා සනසවා...... අභිමතයට අමතක කෙරුවෙමි මං..... සිතුවමකට... පණ පොවා.... රවටලා..... අදහසකට පෙම් කෙරුවෙමි මං.... අනිමිසයක..... දුක විඳින නුවන්.... අනියමයක..... සුව විඳින ලවන්....... හිතින් හිතට එබිකම් කල ආලය...... ඇලී ගැලී..... නැවතිලා මොහොතකට.... උණුහුම මත හති හලන ගමන්..... නොදැමුණු සිතිවිලි නිවයි ගිමන්..... ...
ඇස්බැන්දුම Hemalayaa වෙස් මුහුණකට පෙම් කරමි විවර කරන් හිත රවට්ටගෙන හදවත.... පණ ඇති දෙයකට වඩා..... ගැස්මක් ඇතැයි පතාගෙන.... වියැලිච්චි ඇස් පිටිපස..... හිස් මිනිසුන්න්ට වඩා නුඹ හොඳයි මගෙ හිතවත.... උපතින්ම හිස් වුනත්.... ඇතුළත..... තෙත් බවක් දැනෙයි.... මට.... ඔය ලෙන්ගතුකම මත.... බලාපොරොත්තුවක් නැතත්.... පොදි බැඳගෙන..... නිදහසේ වැතිරෙන්න හිතෙයි ඔය රුව මත.... ඉසිඹුවක් නොදී මට..... රිදවාපන්..... යළි යළිත්..... සිහිගන්වන්නට.... මං තාම අවදියෙන් වග..... ...
සැකය Hemalayaa සිත අයාලේ යයි පියාඹා මඟහැරී ආ කාරණේ..... අරමුණක් නෑ සැනසුමක් නෑ දින සති ගතවේ පාළුවේ.... හඹායන්න හීනයක් කොහිද.... දුක කියාගන්න කැටපතක් කොහිද... සැඟව තෙරපී... මගෙම හිත අස්සේ.... ලොව දිහා විපරමෙන් හිඳිමි පොඩි ජනේලයකින් හැම තිස්සේ... සිතිවිලි නිදයි වැස්සේ.... හදවත ටිකෙන් ටික හිස්වේ…… මුත් එය නොවෙයි ප්‍රශ්නේ.... ...
අභිනය Hemalayaa පෙනි පෙනී මිනිස්වාසය..... ලියාතැබුවෙමි මනස්තාපය..... අවසාන හෙයින් හෙටින් මාගේ සදාදරණීය වනවාසය..... පුරුදු පුහුණු කලයුතුය පරණ ආටෝපය..... වුවන මත තවරා සිනහ ආලේපය...... වසා පළුදුවූ අඳුරු ආලේඛය…. මවා දෙනෙතින් කෘත්‍රිම ආලෝකය... ...
මූනිච්චාව Hemalayaa හිත මරාපන්.... යළි හිටෝපන්... මොකවත්ම වැවෙන්නැති මුඩු බිමක...... කෙළවරක..... කඳුළු පිණි යන්තමට වෑස්සෙන උල්පතක.... සිනහවෙන් නැති හන්දා.. සරදමට ඉර එළිය.... අඳුරෙන්ම එළිය කොට.... නිතිපතා සාපකොට ඉපැද්දූ පොහොට්ටුවෙ ඇති අඳුරු කැරැට්ටුවෙ.... විළි වසා මදහසින් තවරලා සුවඳ පැන්... මුළු ලොවට පුදාපන්........ ආදරෙන් ඉඹින්නට..... ආයෙමත් වතාවක්..... ...
විපර්යාසය Hemalayaa යලි උපන්නෙමි පසු තැවෙන්නෙමි මෙතෙක් හුන් ගබ සුවය අහිමිව අඳ දෙනෙත් මත එළිය වගුරා බලකරන්නෙමි..... කියන්නට මඟ...... වංගු මැද්දෙන් සිරස් රේඛා... සොයන්නට වක් සිතට අණකොට..... සොයා නිදහස සැරි සරන්නම්.... නිමක් නොපෙනෙන... අඳුරු නුබ කුස.... ...