සම්මුතිය
Hemalayaaඅඳුරු ගුහාවකසෑඟවී ඉන්නෙමි....රුදුරු මගෙමසෙවනැල්ලෙන්.......එළිය නොමැති තැනඅඳුරක් නැති බව.....සිත කොඳුරයිසැනසිල්ලෙන්.....ගැහෙන ළැමෙහි බර...නොදැන රඟන හිස්අහංකාරහසරැල්ලෙන්......මුහුවෙන්ට විනාබැහැ යන්ට පලා.......මේ හිරු මියගියහිමිදිරියෙන්..... ...
පොරොන්දුව....
Hemalayaaබිඟු නදඇසුනිද ?තනිකඩ සියපතදළ හකුලාගෙනඉකි බිඳිනා.....රිදවනු නොවහිමිහිට රොන් ගන්නම්එහෙත් නොවෙමිමම සමනලයා....ඇසුවෙද ? දුටුවෙද ?මල් රොන් හැරමල් සුවඳින්සැනසෙන වන බඹරා....පරවුනු මල ලඟලතවෙනු බැහැ මටකාලය කාගෙත්පසමිතුරා....සෙනෙහස වෙනසකඅනුහස විඳ සිඳිඅදහස් රහසෙමළමැද හොවා....හිතවත්කම මතනුරාව අතුරාහිමිහිට වැතිරෙමියහන තලා.....උදහස් අදහස්පටු ඉරි මදහස්සුරත් දෙතොල් පෙතිඅතර රුවා....ආපසු එන්නම්....රොන් අරගන්නම්යන්නම වෙයිබැහැ වෙන්ට පමා.... ...
සමන්තය
Hemalayaaසංගතිය...ඇල්මකින් ඔබ්බට ගිය.....සංවේදය...හදවතට ආවේනික රිද්මයට...අනුනාදවන....චෛතන්‍යය....තනිව යන සසර මඟ....කලින් කලට හමුවන....නිරන්තරයෙන් සිහිවන...විටෙක මත් බවෙහි දියවී....වියැකෙන.....අවිඥානකව රාගයේ උණුහුමටවසඟ වන........මොහොතක උණුහුමට ලොල්වී...වැලපෙන....ආත්මාර්ථයට බිළිවී...නැවත පණ ගසන....යථාර්තයට පිටින්...සම්මතයට ඔබ්බෙන්.....හෙවනැල්ලක් ලෙසින්මගේ ලඟින්.....බැඳීමක් නැති...සැනසීමක් ද නැති....පරමාර්ථයක් නැති....තර්කානුකූලව එකිනෙකට අසම්බන්ධමුත්..නිරන්තර වූමේ අනන්ත සෙවිල්ල...අරභයා කරන මේ ආත්මීය වැමෑරීම....අවසනමායි
අභිනය
Hemalayaaපෙනි පෙනීමිනිස්වාසය.....ලියාතැබුවෙමිමනස්තාපය.....අවසාන හෙයින්හෙටින් මාගේ සදාදරණීයවනවාසය.....පුරුදු පුහුණු කලයුතුයපරණ ආටෝපය.....වුවන මත තවරාසිනහ ආලේපය......වසා පළුදුවූ අඳුරුආලේඛය….මවා දෙනෙතින්කෘත්රිම ආලෝකය... ...
ප්‍රතිවිෂ.....
Hemalayaaසිනා මුවින්මම මුවා වෙමින්බලා හිඳිම්හිස් දෙනෙත් තුලින්.....පිය වදනින්නොබැන හිඳිම්..සිතින් දරාගෙනඋරණ විකුම්...උතුම් පැතුම්වියැකෙමින් හෙමින්..මිලාන හදවතපිරෙයි පවින්....බලාපොරොත්තුවපතුල බිඳී.....පතූ පැතුම් දිය යට සැඟවී....සිතෙහි උපන් මලනටුව මතම අද මිලානවී.......අරුනළු සැඟවී...කළු වලාකුලක් හදවත පිබිදී.....මන්දාරම ඇත අදමගේම වී......සිහින සපත්තුවපතුල ඉරී...සිලිටි සිතෙහි රළු බොරළු හැනී.....ළමැද උපන් දුකසිහසුන මත අද සක්විති වී....හිස ගිනි ඇවිළී.....ඒ අළු දුහුවිලි කඳුලින් සරුවී....විෂ මලක් පිපී.....ලොව වුවන සිඹී.....
සාංකාව.......
Hemalayaaවැරදි කරන තැනකියන කියන කට.....කැපි කැපි විසිරෙනචීත්ත වාටි.....බලන බලන අතබිඳෙන බැඳෙන බැමි....වැටි වැටි නැගිටිනසිතිවිලි පේළි....ඇසෙන පෙනෙන සර...මුවග රැඳුනු තෙත....ඉපිලී සැඟවෙන....රේන්ද පේළි....අතර වැදුනු සිත.....නොදැන දැවෙන විස...යලි යලි වලිකයි....හිඳින්න පේවී.....මල් සුවඳට දහදියමුහුවී......අඳුන් දෙ ඉර යටගිනි ඇවිලී.....පනට වඩා පිනලෙන්ගතුවී.....ඉගිලෙන්න හදයිජය ටැඹ එසැවී....එළිය ඇවිත් අඳුරේසැතපී.....රවටන්න හදයිනෙත් අඳ මලැවී....හුයෙන් බැඳුනුරූපය බොඳවී.........පැන යන්න හදයිනොදැමුණු සිතැඟී ...
කටවහ....
Hemalayaaදිගු කරන් හෙලිතද කරන් කිළිපෙනෙන නොපෙනෙන සේ රුවා.....උදහසින් පිරිකොළ නුවන් ඉරිමදහසට කරමින් මුවා..........අනුහසින් පිරිමහ සභා මැදඅනුන් හෙළු පිළි සෝදනා......හිස් අහස මතමැවුනු තතු මතකරන සහසක් චෝදනා.....ලිඳ මගේ නම්මා ලිඳේ නම්කාටවත් ඇයි වේදනා.. ...
හිමි අහිමි......
Hemalayaaයහනත අතුළ මල්පෙති තලාඅමරස සොයා කිරි මුහුද කලඹලානිදි වරා මුළු රැය පුරාමහාමේරුව දිය වෙලාඈ නෙත් අගින් පවසන කතාළදරුවකු සේ ඉවසමි අසාමුදු ළමැද මත පෙම් මල හොවාහිරුට පළමුව යමි පලාතුසර බිඳු රත් නෙතු නිවාකඳුලකට ඉඩ දෙනු එපාමේ දිග සසර සරණා තුරා..ඔබේ වන්නට ඉමි සිතා.....හිමි නෑතත් පෙමඅවසරයි මටඑබෙන්නට ඔය හිතට රහසින්..සොයා මා රුවඔබේ නෙතු තුළසැරි සරන්නම් ඔබේ හදවත..කඳු සෙල් තලා...නිමනයන් ජයගෙන...ගලායන දිය ...
සවිරාම ප්‍රේමය...
Hemalayaaබැල්මකට නතුවීපත්තුවී...මහද රෑ මැද සදා අවදියෙන්...එක හීනෙකට කොටුවී.....ලැබූ සුව අහිමිවී...මැකී වියැකෙමින්....සරන සියොතුන් ආකාහේ.....බලයි මා දෙස...දැන් අරුමයෙන්....අහිමි වූ සෙනෙහේ...මතකයන්.....සැලෙයි උණුහුම සමඟ සියොලඟින්........නෙතට නොපෙනෙයි....සුමට වට පැහැ....ගතම දැල්වෙයි...දැනී පෙම් රහ.....කියන්නම් කතන්දරේ......නිදැල්ලේ පෙරම්බරේ....මැවෙන කිරණේ......සළුව දිගහැර....සෙළුව මත හිඳ....නළුව නිමකොට......වසා සිහින යන්තරේ......සිතැඟි ඇවිළෙයි...ගැටී නුඹ ඇහැ....මසිත මුමුණයිනොකී පෙම් බහ...විඳින්නම් සුසුම් සරේ.....අගුළුල
ඊට පස්සෙ.....
Hemalayaaනිල් පාට රෝස මල....තෙල් පාට....මූණ උඩ....ඇල්මැරුණු හීනවල.....රහ බලනවා.....සිල් බින්ද සළු අගට....පණ දෙන්ටනැහැ වචන...හති හලන ලවන් මත...සිත දුවනවා........ඔබ එක්ක හීනවල....දිග මැන්න රෑ.....හිත අස්සෙ උපන් මල....හංගන්න බෑ.....නුහුරු නුපුරුදු හුස්ම....වැදී පෙති ගිලිහෙන්න......පණ ගැහෙනතුරුඔන්න ඉඩ දෙන්නෙ නෑ...කාලයට ඉඩදෙන්නසිහිනයට බෑ..උණුහුමට සමුදෙන්නහිත දෙන්නේ නෑ.....සෙනෙහෙ මත නුරා සිල....මැවී වියැකී යන්න.....හුස්මකටවත් එන්නඉඩ දෙන්නේ නෑ........ ...
අබිනික්මන
Hemalayaaමල් වඩම් සිහිවටන......එපා මට ගුණකථන......සුභ සිහින මත වැතිරලිහාලනු මගෙ මතක.....කාලයේ වැලි අතරසැඟව යන්නට ප්‍රථම....ආලයෙන් මිදෙන්නටසොඳුර මට අවසරද?...පියදසුන් මුදුවදන්.....සිනාමල් මිලින කොට...සුසුම් වැල් කඳුළු මත....සතපවා සිසිල් කොට....මතක කැටපත් පවුරමකා ඔපලනු පිණිස...අවරගිර ගිලෙන ඉර....නව හෙටක් මවනු ඇත....බැඳි හුයෙන් රැඳි පතුම්...රළු සුළං හා මුසුව....හඬතලයි නොමදැනීහද ගැස්ම කම්පිතව....කැටි ගැසුනු වේදනාමරා සිඳලනු පිණිස.....මැවෙන අළුයම ඉසිමි....සෙනෙහෙ මත දියෙහි පෙණ... ...
අනුතාපය
Hemalayaaදෑස නොසලාඅවදියෙන් ඉමිදැවෙන හදවත් වාරුවෙන්.....මගෙම පිළිකුල් අසුර වෙසනෙත ගැටී.....නොම දැනී හැඳි පිළි සිඳී.....සෙළුව අළු හා මිතුරු වී.......සිතුවිලි ලිහී....ගත උමතුවී......කල....උදහසේ කෙළි නෙත ගැටී...සියොළඟින් ජනිතවූ විළියෙන්.....නොමළ නුවණැස පැනනැඟී.....සුරත් වත සමඟින් මිදී..සැඟව යන්නට අර අඳී....ළහිරු අබිමුව...ගැහෙන පිණිබිඳු සේමහද දුක ලඟ වැටී......ඔබා දණ බිම......කමා යදිමින......මගෙම පිළිඹිබුවට වඳී.... ...
අවනතිය
Hemalayaa උඩුගං බලා පිහිනමිසුරතින් රැගෙන අභිමානය....වමතින් වසාගනිමින් අවමානය....යති හිතෙහි ජනිතවන...හීන මානය....අඩපණ කරයි...සැඩ පහරට එරෙහිව....සටනට පණ පොවනඋන්නතිකාමය......ලෙහා දමමින් බරැති ධවලසන්නාහය....දියවයන්නට හරිමිකීර්තිමත් සන්නාමය..... ...
අයිතිවාසිකම
Hemalayaa ඇත්ත ඇති සැටියෙන්දකින රිසියෙන්....කඩා බිඳ දමා....බැඳුම්....සහ සම්බන්ධ....සියළු ඇළුම් බැළුම්....අයිතියක් ඇත්ද රිදවන්ට අන්සතු සිත්...මා සිතු පමණින්.....නිවෙන්නට මා හිතින්.....මිදෙන්නට මේ දුකින්....ආත්මර්ථය....පළමුකොට තබා...පළා යන්නද කෙසේ...නිරුවතින්.....හිස් අතින්.....හිත පමණක් ගෙන මිටින්.... ...
පෙම් හටන
Hemalayaaපෙම් බඳින්නටවෙරදරමි මමඅයෙමත් වතාවක්මගෙම පෙම්වතිය වෙත....නුඹ නොමැත මගෙ ලඟින්.....ඇත සබඳ ඔහු ලඟම...අමුත්තකු වී සියොළඟම....සලිතවී යයි ළමැද...හුරු පුරුදු උණුහුමටඋරුම කම් කියන්නට...තරඟයක යෙදෙන්නට....නොමැත මට පෙරවිරිය...ගෙන දිරිය...හදවතටමුදා හැර කඤ්චුකය......මුලපුරමි සටනකට......ජයක් නම් හිමි නොවන.....මගෙම ලේ සුවඳකට.....පුදා මුදු ආදරය.....අවනතව හිස නමමිපරාජිත සිහිනයට.... ...
මූනිච්චාව
Hemalayaaහිත මරාපන්....යළි හිටෝපන්...මොකවත්ම වැවෙන්නැතිමුඩු බිමක......කෙළවරක.....කඳුළු පිණි යන්තමටවෑස්සෙන උල්පතක....සිනහවෙන් නැති හන්දා..සරදමට ඉර එළිය....අඳුරෙන්ම එළිය කොට....නිතිපතා සාපකොටඉපැද්දූ පොහොට්ටුවෙඇති අඳුරු කැරැට්ටුවෙ....විළි වසා මදහසින්තවරලා සුවඳ පැන්...මුළු ලොවට පුදාපන්........ආදරෙන් ඉඹින්නට.....ආයෙමත් වතාවක්..... ...
බෝමන් තියරිය.....
Hemalayaaතෙරක් නොපෙනෙනවැලිතලාවක.....වැතිර උන්නෙමි......උඩුකුරුව මම......නොපිට පෙරළුනු කුරුමිණියෙකු සේ.......නැගිට ගන්නට බැරි නිසා.....වලාකුලකුදු නොමැති අහසක....පට්ට අව්වේ තට්ට තනියම.....සිහින සහසහසක්බල බලා......අඩියෙ චුට්ටක් ඇති නිසා.....හිස හැරෙව්වෙමිනෙතු පිනෙව්වෙමි.....අවට ඇති පාලුව බලා........ඇහැකි නම් මට....මෙතැන මෙලසින්හිඳ මියෙන්නට....එළිය සොයාගිය ආවාගියෙකු සේ.......තිබුනි නම්මට ශක්තියක්.......කැගසන්නට වීරියක්.....නැතිව වාගෙයි....කාත් කවුරුත්ලන්න සැකයේ වාසියක්.... ...
Aqua Tofana....
Hemalayaaකුළුගෙඩියකටයටවී මළමිණිගෙඩිය...තවමත් රැව් දිදීපාරයි...හද කුටිය......මෝරන කැකුළුසිතිවිලිමල් අමතමින......පවසනු නොහැක ඒ වතහඬ ගොරහැඩිය....සිත් අග ලෙළෙනඋදහස නෙත් කැනින් මකා.....ලත් හිරු සේමපෙරඹර ලප කැළැල් අකා....රෑ අඳුරකට පෙම් බැඳදොර පියන් වසා......පත් ඉරු මලෙකවිස ලූ වෙමි හැඟුම් නසා..... ...
වැල්වටාරම්
Hemalayaa අවදි වන්නෙමිනැවත නැවතත්සියොලඟම කොනිත්තා ගනිමින්එකම හීනයකින්හැමදාමත්....පලා යනු පිණිසමගෙම මතකයන් වෙතින්....සැඟවී ළදරු වෙසින්...—----------------------මං මාවම හොයා ගනිමින්...මගෙම කෙස්සෙන් ඇද ගොඩට ගනිමි....බොර වතුරෙන්.......පෙඟුණු සුසුමෙන්....සුප්ත හදවතට පණ පොවන්නෙමි.....අතෘප්තිකරවූ...මුත්...වැරවෑයමින් ඇඟලූතෙත බරිතවූකෘත්රිම සාමාජීය අවශ්යතාවයන්එකින් එක ගලවා නිරුවත් කරමින්....ඉවත්වූ තරඟයේ...දුඹුරු මතකයන්.....එකින් ගෙන පළුදු කරමින්....ආයෙමත් වතාවක්...බර හුස්මක් අරන්....දෑසින් දකින්නට අවට ලෝකය....මටම මා විසින්