හීනමානය Hemalayaa හීන ගනිමිමං දහවල්.....අව්ව තපිනකන්සිතිවිලි...ප්‍රේම කරනකන්හොඳ කවි......දැන් හොඳටමනරක් වෙලා....විසේකාරනන් දොඩවනවිතක් එක්කහාදවෙලා....හිතේ අඳුරු තැන්සොය සොය......පෙළයි දැවෙනහාදු තියා...සින්න වෙන්නදෙන්නෙ කෝමතියෙන එකමහදවතත්....එන්න ඇවිත්අරන් යන්න....එපා ඔබේමතකයත්..... ...
තථ්‍යතාව Hemalayaa කඳු පිට කඳු නගිමි....රළ පිට රළ බිඳිමි....හීන වල තනිවෙමින්....සුරාන්තවල දිග මනිමි....මොහාන්ධකාරයට...අඳුරෙ හිඳ ගල් ගසමි.....හිස මුඩු ශ්‍රමණයින්ට...ඊරිසියා කරමි...බැඳීමවල රහ බලමි...අනවරතව සිත බඳිමි......ගතේ අශාවට වැට බැඳ..සිත ලිහා මුදා හරිමි..... ...
විළි Hemalayaa ගූඪ ස්වප්නයෙහි....කුරිරු උණුසුම් බවතැතිගස්වයි....මගේ ආරූඪ කොටගත් කෘත්‍රිම සභ්යත්වයකැසකවා ගත් හදවත....ලිහා හැර යළිඳු...සඟවාගනිමි....අනාවෘතවූ සත්යයේනග්නත්වය....යතාර්ථයෙන් මුවා කල ...
Pure ලව්..... Hemalayaa ඔබ ගැන හිත හිත...හීන පල් වෙලා....සුවඳ නැතිව....හදවතම ගල් වෙලා.....මුළු ලොවමනැතත් ඔබ ඇතැයි...සිතූ.......මගෙ මෝඩ කල්පනා.....ඇත තාම නිල් වෙලා.....අනන්තයෙන් එහාබලාගෙන....හිස් දෙනෙත් මගෙ...තාම තෙත් වෙලා.......පිවිතුරුයි.....මගෙ චේතනා......කිව්වට සමාවෙලා......ඔයා සාය අස්සෙ තාමසිතිවිලි...අතරමංවෙලා.....ආදරේ.....මගෙ ආදරේ....හිතට නොදැනෙන...අතට අහුවෙන......නෙතට පැටලෙන....තෙතට ගෑවෙන…….මතට බර…සිරාම.......ආදරේ......දැක්කත් ඇති.....ඇතිවෙයි කිති.....ලේ උනයි....මොළයත් නිදී.......හුස්මකින් ඩාබිඳු මැකී....මේ සොඳුරු උණුහුම...න
සැකය Hemalayaa සිත අයාලේයයි පියාඹාමඟහැරී ආ කාරණේ.....අරමුණක් නෑසැනසුමක් නෑදින සති ගතවේ පාළුවේ....හඹායන්නහීනයක් කොහිද....දුක කියාගන්නකැටපතක් කොහිද...සැඟව තෙරපී...මගෙම හිත අස්සේ....ලොව දිහා විපරමෙන් හිඳිමිපොඩි ජනේලයකින්හැම තිස්සේ...සිතිවිලි නිදයි වැස්සේ....හදවත ටිකෙන් ටික හිස්වේ……මුත් එය නොවෙයි ප්‍රශ්නේ.... ...
නෝක්කාඩු Hemalayaa රෝස මලක් පිපිලාහදවත මැද....ගැස්මක් පාසාකටු පැටලෙයි......රිදුම් නොදෙන මල්.....මෙදියත නැතිවද...හති හලනා ආලය....විමසයි....ගලන රුහිරු වැද....හමන සුවඳ මත.....අමුතු වසන්තෙකසිරි පැතිරෙයි......සැලෙන කඳුළු නෙත....පැහැය වසන් කොට....හීන දිගන්තෙකසිත ඇලලෙයි......දැනෙන සසල බවකැවෙන පපුව තුළ...සිහින මැදින්එබිකම් කරලයි....බලන බලන අත..රැඳුනු මලවි දැල....කඳුළු මතින්සිතිවිලි ගෙනයයි...... ...
විපර්යාසය Hemalayaa යලි උපන්නෙමිපසු තැවෙන්නෙමිමෙතෙක් හුන් ගබ සුවය අහිමිවඅඳ දෙනෙත්මත එළිය වගුරාබලකරන්නෙමි.....කියන්නට මඟ......වංගු මැද්දෙන් සිරස් රේඛා...සොයන්නටවක් සිතට අණකොට.....සොයා නිදහසසැරි සරන්නම්....නිමක් නොපෙනෙන...අඳුරු නුබ කුස.... ...
මං...මුලා... Hemalayaa පාට පාට මල්වට රැඳිලීන හීනි වැල්...මත වැද....හතිහලනා....නාකි බඹරෙකි මං....කට මැත දොඩනා....මූසිකයෙකි මං...වියපත් උයන් පෙතක...තනිකඩ මලින් ගහන...බඹරෙක් ඇස නොගැටුනු...නිකැළැල් කඩුපුල් සොයනා.....තනිවම හඬනා...බිළිඳෙකි මං....නිල්වන් දැහැනේ....සිරකරුවෙකි මං...නිරුදක කතරක් මැද....ඊතණපත් වදුළක..හිරු මුවඟින් සැඟවුනු....පිවිතුරු පිණි දිය සොයනා...තනිවම හඬනා....බිළිඳෙකි මං....කඳුළලි සයුරේ...සේලරුවෙකි මං.... ...
දසුන.... Hemalayaa සඳ වත මත වැතිරී.....බලා ඉමි මමකාළවර්ණ අහස තුළ...ඇස්පිල්ලමක වත්ගහන්නට ඉස්පාසුවක් නැතිව....ආදරණීය පොළෝතළයදෙස...ඉරිසියාවෙන් උනත්....ලෙන්ගතුකමින් යුතුව...හදා ගන්නට වලිකමින්...ඇදුම් දෙන මයෙ පපුව.....පිටුවාල් කල සතුට...ඔච්චම් කරනවා මට...මැවි මැවී...පෙර වතක දුර මතක...රතු කරයිඉරිතැළුනු හිස් දෙනෙත...උස් පාත් වෙන සිහින....අර අඳියි සටනකට...තර්ක ඥාණය කොහිද......හිඳ පැරද පළා ගිය....ලෝකයට පිටුපාමි....කෝපයට හිස නමමි....හීනියට හීනවල.....දිග පළල උස බලමි.....තාරුකා නෙත් එපා...මගෙ ලොවට එබෙන්නට...හිත මිතුර මගෙ අඳුර....වෙනවාද ම
පුබුදුව..... Hemalayaa පහන් සිළක්දැල්විලා.....සඳයි තරුයිතරහ වෙලා.....හිරුට වඩා එළියයි නුඹ....සඳුට වඩා සිහිලයි මට....ලොවට වඩා....අගනා නුඹෙ කිරිකැටි සිනහව....හදවත සිරවී ඇත ඔය මොළකැටි අත් මිට....හිතේ පවුරු බිඳ හෙළා...සිතිවිලි යයි...උතුරලා....ගතේ වෙහෙස සතුටක් වී….හද පොපියයි...නුඹ නිසා.....ලොවම පෙමින් පුරවලා....අඳුර මැදින් ඉරිතලා...දිවියේ දුක අමතක වෙයිපුංචි පුතේ...නුඹ නිසා....හිතක පැතුම් වැල් ලිහී...තවත් හදකපටලැවී.....මැවුනු සිඟිති ලපටි කැකුළ.....හිනැහෙන් මව් තුරුලෙහි......ගතේ රුහිරු උණු වෙවී....මවයි බරැතිසිතිවිලි......දිවි සයුරේ පහන
බඹරය.... Hemalayaa ඉමි...බොමි...ලමි...නිදමි....හතිලමින්...මියෙන්නට...වෙර දරමි.......ආයෙමත්ලොබ බඳිමි.....නැවත..කමි..බොමි..නිදමි....සිහිනයෙන්..හඬ තලමි....අනියමයපසිඳලමි......
මායාව.... Hemalayaa වෙමි වහලෙකිමගම සිතෙහි.....පිටුවහලෙකිලොව හමුවෙහි.....අකුරු අතරසුනංගු වූ.....විලම්භීත පරිණාමය.....මතක් කරලාසැරෙන් සැරේ....ඉපිලී එන යථාර්තයමොළ වැස්මටඉඳල හිටලා කරන කරච්චල්....වලට බයේසැඟවී ඇත.....මසිත නෝංජල්... ...
මැස්සා Hemalayaa අනිමිසලෝචනයෙන්.... තිරය සිපගෙන.... මරුමුවට පත්කලෙමි යථාරූපී සිහින.... නිවා දමමි ජීවිතයේ පහන..... වැලඳගෙන තෙත්බර අන්ධකාරය..... අනිච්චානුගව මුවගින් වෑස්සෙන අසීමිතවූ ආශාවේ... ගඳගහන ක්ලේශ..... මත් කරයි ඉරිතැළුණු මහද..... සුන් කරමින් මතකයන්.... පිළිබඳ ආදරණීය පහස..... නොදන්නා මෙම නිල්පාට රහස..... පැරණි සිතිවිලි ආයමත් මතුවෙමින් සිහිකරයි.... කළු සහ සුදු අතර වෙනස.... ...
ඈලියාව Hemalayaa අසාගෙනවැදි බණ.....උක්කුටිකව හිඳගෙන....මස් කට්ටක් වැළඳීමි.....තෙල් මන්ද දෙසගිජුව බලමින.....මන්ද ස්මිතයෙන්....කෝපාග්නිය දොවා....පලා පැහැ නෙතුද්වාරයන්.....වසා තදකොට.....අසීමිත වීරියෙන්....තලා පෙලුවෙමි...හදේ ගිනියම....අඳුරු සිතිවිලි ලවා..... ...
කල්පනාව Hemalayaa හඳ වැටිල වතුරටකැළතිලාසැඩ පහරට....විසිරෙනා එළියටනොලියවුනු කවිමැවෙයි හිත යට.....ඉඟිමරා අඳුරට....සැරිසරනමුදු මඳනල...උණුහුමට සැඟවෙනකියඹුවැල් ඇගෙසොයයි රහසින....දෑඟිලින් සිරකොට....තබා ගන්නට සදහට...පෙරුම් පිරුවටමගෙ හිත.....අමුණු මොකටදගලන ගඟකට...... ...
නිමේශය.... Hemalayaa අව්ව වැස්ස මැදදේදුන්න වගේ...කඳුල හිනාවඅස්සෙ ආදරයත්...මොහොතකටපෙනිලආයෙම මැකිලගියත්...ඒ දසුනෙ මතකයඅපි කොයි තරම් නම් කල්හිතේ තියාගෙනවමාරා කනවද අප්පා...
The බොසා.... Hemalayaa තමුන් කොයිතරම්ඇදේට ගියත්....ඉඳ හිට රවුමෙමකැරකුනත්.......තම යටත් වැසියන්කෙලින් යන්න යොමුකරන එකකොයි තරම් නම්ශ්රේෂ්ඨ කිරියාවක්ද අම්මප.....අනේ වාසනාවං......අපිටම ඇරපං.... ...
අභිමානය Hemalayaa ඔබේ පින් පෙට්ටියේමං සතේ කාසියක්මියුරු අග බොජුන් මැදපොඩි පාන් වාටියක්දැවෙන හිරු මඬල මතනියොන් ආලෝකයක්මත් අතරමඟ හැළුනුදිග අනාඝාතයක්...පින් කොහිද මට සබඳනුඹ ලොවට එබෙන්නටසින්දුවක පේළි ඇතමගෙ සෙළුව වැසෙන්නටසරා සඳ මරා මුවවසා මුකුලිත පෙමින..වලාපෙළ විරූපිව හඬයිනුඹ නැති සොවින...රන් හුයෙක රළු පහසමුළු ලොවට පෙනෙන්නටසන්ඩුවක් වෙමුද අපිපෙම පසෙක නිධන් කොට...විරාගික තරු එළියතෙමයි තෙත්බර හුස්ම..හලා හල නුරා සිළදවයි සන්තානයම...... ...
වියරුව..... Hemalayaa රඟපාන්න මට බැරුවටඋඹ මට බැන අඬගානවනෝක්කාඩුවට බය හිතදැන දැන උඹ මගහරිනවඇතුලාන්තයම දියවී....පෙරී ඇවිත් සිත දවනව.....ලෝකාන්තයෙන් පහළටඉගිල යන්ට මට හිතෙනව....ශෝකාන්තයක කෙළවරරෝස මලක් උඹ හොයනව...කල්පාන්තයේ සිහිනෙකහිරවී හිත හති හලනව...සෙනෙහෙවන්ත අතීතයේනටබුන් හිමිහිට දිරනව...කඳුළු මතින් සිනහවතක්විත් සිහිනෙන් අතවනනව... ...
හපේ... Hemalayaa අපේ තීරුවෙඇති ලපේ දැකකිතිකැවී හිත දස අතේ...සක්මන් කරයිඉක්මන් වෙමින්...තනියම හිමින් යනහද හොරෙන්ඔසවා දැහැන් බිඳි අවසරෙන්...මිරිකා වැරෙන්....කක්ෂය යටින්..මුහුවෙනාසඳුන් පුසුඹට ලොබින්....මුසපත් වෙමින්..බරවුනු කිළින්..හැලේ උණුහුම සියොලඟින්....ඇසිල්ලෙන්යලි ගැස්ම ඇරඹී...වැස්ම පියවීරස්නෙ ගිලිහී....පිට ඔපේ යටඇති හපේ දැකහද හලයිසැනසුම් සුසුම්..... ...