පිkkzසු......
Hemalayaaමිදි....ඇත්තම උනත්...තිත්තම තිත්ත මිදි.....ශික්....මට තව මදි....අම්මපල්ල ඉන්න හැටි තවමත්ඇඳන් රෙදි.......අපි නොදන්න චීනඩි....කාටද ඕනි කඩා ගන්න බැරි මිදි....මකබෑවිලම පළ.....මොකට කොරනවද හදි....ඇයි කනවද කොහෙ හරි කඩි.....අපි කනව රට ඉඳි.....අමුවෙන්ම හරි..... ...
Wrong Turn....
Hemalayaaපිරුණු කොපුල් දෙමැදනොපිපුනු පොහොට්ටුව....හිතේ අහුමුළුවලහොල්මං කරයි තව.....පිපෙන්නට පළමුවෙන්නෙලාගත යුතුව ඇත....ගතට ඇති ලොබ මිසකපෙමට මෙහි නොමැත ඉඩ...නිදිවැදුනු අඳුරු දළ...කිතිකවා අවදි කොට...පිළුනු දහදිය සුවඳසොරාගත යුතුව ඇතඅනවසරයෙන් හොරෙන්අර අඳින හොර හිතට...රිද්මයට එක්වන්නනොහැක ඇති වියරුවටසිතේ රුදු බව සොයයිගතේ ඇති මුදු බව....අභිනික්මනක යෙදෙමින්අතැර හුරු පුදබිම...කතර මිහි තෙත්වෙන්නඅතුල පිනි මුව අගින්...වියැලෙන්න පළමුවෙන්පෑළ දොර හැරයන්න....පිබිදෙන්න වෙර දරන....මල් රේණුවක ගැස්ම..නොම දැනේ පිපුනු මුත්...අකැප කරදහි
මුලු මට්ටම....
Hemalayaaඅන්ධ බූත ජාතකයේබමුණාවෙමි මං.....සියුමැලි අතකින්එන හැඩි දැඩි පහරට ලොල්....කඩතුරාව තුලින් දුටිමි...ඔබේ කුමරුවන්...ඒත් මහද තවම ලොබින්....සොයයි පහස කම්.....ආදරයට...ආදරයක්....නැහැ නොවෑ කිසි කම්පාවක්...ජීවිතයටජීවිතයක්...කොහෙද ඉතින් සංකාවක්.....ලොබ බඳිනෙමි....තිදොසට......මට නම් නෑ ඉවසිල්ලක්....සංසාරේතව දුර......මරණය මහ රැවටිල්ලක්.....ජාති ජාති.....පතාන ආ....ආදරේට නැවතිල්ලක්......ඉපදුනු දා පටන්පැතූ.....ඉස්පිල්ලට පාපිල්ලක්......දොස් පවරමිමම මට.....නැතිවට කිසි සැනසිල්ලක්....රමණය අගමරණය....මැකිළියෙ තිට මැසිවිල්ලක්....
දියසේන....
Hemalayaaතලමු පෙළමු....භූමිය...යවුලින්....වියරුවෙන්....පතා සුනිලදිය දහරක්.....සැළෙන ලෙළෙනහිස්සිඳිමින්...විකල්ලෙන්....පතා නිමල......දිවි පෙවෙතක්.....පෙනෙන දකින......ඇස්....කඩින්...බඳිමින්...පතා සොඳුරු....පිය දසුනක්.....බිඳිමු නවමු...සිත්සතන්....රවටමින්...පතා නිකැලැල්පුහු සතියක්.....පවසැති සෙයින්මුඛවාඩමින්...මඬිමින්...පතා මිහිරිපිය තෙපුලක්.....නවාගෙන හිසනෙත්අයාගෙනදයාවෙනපතා කතරටමහා වරුසාවක්.... ...
කරකම....
Hemalayaaතියාගන්ට තදකොටඉවසායෙදුවට තැත.....කියන දෙයක් නාහනමයෙඅකුරු දෙකේ හිත.....සබකෝලයමුහුවුනු.....සිනහව යහපත්කම....ගොම්මන් අඳුරටනොපෙනෙයිඒ දුප්පත්කම....දකින දකිනමල්පෙති යට රැඳිකෑඹළ වටසොයා ඇදෙයිපරදාඑක් දහස් එකක් මත....මටම දමනමගෙ ගැට....එතිලා සිතුවිලි මත....හදවත පැත්තකටවෙලා...ඉඩහැර තිදොසට..සීතල වටයාරවුමට....මුහුකොට තනිකම....ගැඹුරට වැදිලාහද දොරගුළු අඩවන් කොට...හීන උන්ඩිකොටසඟවා උණුහුම්කෙසුරක....රෑට නින්ද නෑදියවී වැගිරෙයි.....කලිමල..... ...
අමූලික....
Hemalayaaඅයි ඈම් වෙරි සොරි.....මට හොඳටම වෙරි......දැන් පදමට හරි......හිටගන්ටත් බැරි.......ගැහිලා හරි බරි.....උන්නට සිතිවිලි.....අහංකාර හදවතඉගිලෙන්න හදයි යළි.....සතියේ දින අටමට කවදත් මදි.....අම්මපල්ල දවසේවිසි පස්වෙනි පැය ඇති.....කාලය පිරිමැස්ස්මෙන්අනුභව කරන්නෙ අපි....මොනව කලත් අයියෝඅපෙ නෑ ඔය බොරු බිසී.......කඹුරන තරමට....හදවත ඇඹරෙනවාකස්කුරුප්පු සිත මත....කවි පද ලියලනවා......කවිහිත පාමුළ.....මධුවිත වියැලෙනවා......බඩේ උපන් සිංහයලෝකය අමතනවා......... ...
ප්‍රායශ්චිත්තය
Hemalayaaනිදහසේ වපසරිය....සොයා යන....උදහසේ පරිමිතිය.....බලා යන.....මදහසේ අනිමිසය....මුලා කල....ජීවිතේ අවනතිය....වෙලා නුඹ....ආදරේ පරිමතසොයා මේ මිහිමත....ගියා නුඹ කතරක...අතැරනිල් දිය කඳ.....සැබෑවන සහසක්....සිහින අතරින්අහසක්....සොයනකණ කැස්බෑ නෙතකට...නොවෙමිවිය සිදුරක්.....ගිලීයන සෙනෙහසට...ඩැහැගන්ටඑකම එක....පිදුරක්.....ජීවිතේ ගලිවරයකරා යන....ලිලිපුට්ටෙකුට මුවාවුන.....මරණයේ චුම්බනයඅකාලික....වැළඳගමි ස්නෙහයෙන්අසීමිත....වැලපෙන්ට සිත්සේ...නිම්නොවූ…මැසිවිල්ලේ...නිවී සැනසිල්ලේ.....අතුලසිතිවිල්ලේ.....මුලාවුනු පහසක්....සොයනවිලිබර
ආදරණීය හුදකලාව.....
Hemalayaaතනිව හිඳිමි මමසරණක් නොමැතිවකොයි කවුරුත්නො එනා මාවත මැද.....අසුරු සැනින්සුණු විසුනුව යන්නටබිඳුණු සිහිනයටවාරුවෙලා...මේ නොම නිමැවුනුවිරහ හඟුම් මැදසිහින ඉතින්යනු මා දමානිසල සිතින්හිඳිමී බලා.....සිහින පැතුම් රුක්....ඉදිරී වැටිලා...ඉදී සිඳී ඵලඅවාරයේ.....උහුලාගෙන මේගින්න තවත් නම්ඉන්නට බෑ මටනිසංසලේ....පාට පාට තැවරීහද පාමුලසිතුවම දියවීගලා හැලේ.....රැයේ සොඳුරු සඳකැල්මට ඉඩදීපහන් තරුවකිම මුවාවුනේ.......කැඩපත හමුවේදෙනෙත නිරුවතින්සොයයි හැඩයසන්තානයේ......සිත්මල පාමුළවත්සුණු තැවරී.....මලේ සුවඳ පොදහඬාවැටේ....... ...
පේන හීන.....
Hemalayaaතරු එළියේ...හීන හැංගිලා.....ඔබ එන තුරා.....ඉන්නවා බලා....මගෙ දිවියේ...ආලෝකය මවා....අවදිකලා…..අමාවක නිමා.....වෙලා....මන්ද ස්මිතයෙන්...සැරසිලා....බලන්න මා දිහා.....සිහිනෙන් පවා...ඔබ කී කතා.....හැබෑවක්ම වෙලා.....කඳුළැලි මකා.....දුක අතරමං කර....යන්න පාවෙලා.....අතරින් දුහුල් වලා......ඔබ එන්න මා කරා...ක්ෂේම භූමියෙන්සැඟවිලා....සිත යයි මුලාවෙලා.....නෙතඟින් පවාඔබ කී කතාඉනාවක්ම වෙලා....සිතිවිලි උනා...හිත නිරුවතින්අසරණයි මෙමා....හිනාවක් වෙලා......ඔබ එන්න මා කරා.... ...
නරිකෙලා (Narikela).....
Hemalayaa සිත හැරදා ගතපාවෙයි ඈතක....නුඹ හැරදා තරුඇවිදින් මෑතට...පමණට වැඩියෙන්සන්සල සාරිය......අමතක කරවයිමා ආ කාරිය.....ලෙන්දොර පිටසැතපුනු කළ්‍යාණිය.....තුන්දොස චන්චලමායාකාරිය......දිඹුලකු සේ හැරදාඅභිමානය....පොළා පෙළමි උමතුවුසන්තානය.....සර්පිල සිතිවිලිදර්පණ මතුපිට.....ගර්හිත කරවයිපින්මද සෙනෙහස......කම්පක මතුපිටලම්භක රූසිරි....රූරා විසිරෙයිවිරඟේ සැණකෙළි....... ...
හිස් පහස
Hemalayaaදෑත බැඳ ඇතදෑස නිදි නැතසිතේ දොරගුළු පළුදුවී ඇත....සීත රෑ මැද....නිමල ගිනිසිළු....යහන පාමුල.....වියැකෙමින්.....යොවුන් ප්‍රෙමයෙ....අඳුරු නටඹුන්...විටින් විට....එයි මතුවෙමින්.......බරිත ඇතිරිලි...සලිත කරමින්.....තෙමුනු කොමු පිළිවියැලෙමින්.....කොහේවත් නැතිහීන අමුවෙන්....පල දරා ඇත තනිකමින්.....අතුල හැඟුමන්.....ගූඪ කෙසුරක......සුස්මකට යටවී හෙමින්......බිඳී විසිරෙයි නලියමින්...... ...
කුහකකම...
Hemalayaaසංසර්ගයෙන්ස්වර්ගයසොයන...ගන්ධම්බයෙකු හට..එහි අර්ථය....කියාදෙනු නොහැකමට....පාගගෙනමගේ වල්ගය......
ආයාචනය
Hemalayaaආරෝපණය කොටපණගන්වනු මැනවි.....මගේ සුප්ත...හදවත....මකාලනු මැනඒකාකාරී චර්යානුගත.....සිතිවිලි රේඛාවලඅනිච්චානුගව මැවෙනමැසිවිලි.....පුළුස්සා දමා යල් පැන ගිය.....අඳුරු සෙවනැලි.....ප්‍රතිනිර්මාණය කලමැනව...පලාගොස් ඇතිමිනිස්කමේ අසරණකම්...උණුහුම්කොට අයෙමත්.....තැන තැන ගල් ගැසී ඇති කඳුලැලි..... ...
සන්සල...
Hemalayaaවිසේකාර..එක් පෙති මල...සලා සිඹිනසන්සල හිත......පලා මහදවට රැඳි සල....බිඳී හැපෙයිසිතිවිලි රළ....තෙමා වියලිමතක අහුර.....මවා මැකුනුඅකුරු හතර......සොයා සිතේසොඳුරු පැහැය.....වෙලේ දිගැසකැළුම් දහර......ඇළුම් කරනබැළුම් මතින්.....පියලි සැලෙනනෙත් අතරින්.....මැවෙන නොසිඳිකම් පහසින්....සිත ඇළලේ...මට රහසින්....සළුපොට අගනෙත පැටලී....ගිනි මලසිත තුල ඇවිලී...ලීන සුපුන්වට දිස්වී.....ගලා හැලේහද හිස්වී.... ...
යථාර්තය
Hemalayaaජීවිතයම අන්සතුවයන්ත්ර ලෙස...ගෙවෙන අපගේ දිවියඑකෙම එක මොහොතකටවිඳින්නට දකින්නට....ආඩධානා කරමි ඔබට.....නොපෙනෙනා වැටෙන් පැන...සුවපහසු පුටුවටපා පහරක් දී.....යතුරු පුවරුවට සමුදී....තිරයෙන් මිදී......සැනසුමට ලංවී..... ...
පාපොච්චාරණය...
Hemalayaaමම කැමති වුනත් ලැම්බට් වෙන්න.... ඇය කැමති නෑහෙම්බත් වෙන්න... මම එකඟ වුනත්ගෙම්බෙක් වෙන්ට ඈ බෑම කියයිහාදුවක් දෙන්ට.... රොමාන්තිකම වුනත් ඇගේ රහ ජංගි... අන්තිමේදි මට ඉතුරු.... මල්පාත්ති හන්දි........ ඉනාවක් නැති පවක්.... හිස් ගතිය පිරි ලවක්.... පින්සෙන්ඩුවුනා ඇති... අළුත් නැව ලෙඩ ගොඩක්..... ජීවිතේ පල්වෙන්ට..... තනි අතෙන් රජ වෙන්ට...... හීන හීනිව ඔතන්..... කාමරේ පැලවෙන්ට........... ඔරිගමියක් තරම් වත්..... නොවටින ආදරය..... අරන් පලයන් යන්ට........ සිනාවත ...
ශූන්‍ය
Hemalayaaහුදකලාවෙච්චිකඳුලයි...පිරිවරාගත්තුසතුටයි......අස්සේතරු අරාගත්තුඅහසක....සඳ මුවා වෙලා....
වටාරම
Hemalayaaහදවත පැකිලෙයිකළු සුදු ඉරි මතසිතිවිලි වැලපෙයිඉඳහිට හෙමිහිටඅමතකවුනු ප්රේමයහදිස්සියෙම පැමිණඅවුස්සයි විරාගික සුන්බුන්සොය සොයාහදවතේ කළුපෙට්ටියසම්මතයට ඇතිඅනියත බියමතසමාප්තියට පිටුපාමිඅපලාපනය කොට යථාර්තයනොදන්නා අනාගතයට බයගතානුගතික වර්තමානයයලි යලි අවුස්සයිඅතීතය නම්නිමක් නැති කුණු බක්කියපසසමි ගරහමිමංම මගෙම හිතහංගනවටමටම හිතෙන දේවල් මටලැජ්ජාවට බයමේ පුදුම ලෙන්ගතුකමනැවතුම්පලක් සොයයිගිමන් හරින්නට....නිමේශයකට.... ...
ඊට පස්සෙ....
Hemalayaaනින්ද රිදුම් දෙනකොන්ද තවනවා......සිහිල් සුලංකෙහෙරැල් පටලනවා.....ගත නැගි පිණි මුතු....තෙමා මුවින්.......උණුහුම් හදවතපලා ගිහින්.....සිතේ ලිහිල් සළු...පොටින් එබී.....ගතේ කෝල වට....නුවන් සිඹී.......හුස්ම ටික...නවතා කොලොප්පම......අස්වැසුම මවලා......ගැස්මකටනතුවී සරගී....හීන අවදිවෙලා.....කෑගසන්නට බෑ....මට ආදරෙන්......කොනිත්තන්නම්සුමුදුවටමල් හීසරින්.....බැල්මකට නතුවීඔබේ ඔයකැලුම් එළි සොයලා....නිසංසල සිතේකලබල......රූ රටා මැවිලා......පලායන්නට බෑ....සඳ කැන් මතින්..........මත්කරන් මගේහද නුඹ හාදුවෙන්..... ...