ඊට පස්සෙ....
Hemalayaaනින්ද රිදුම් දෙනකොන්ද තවනවා......සිහිල් සුලංකෙහෙරැල් පටලනවා.....ගත නැගි පිණි මුතු....තෙමා මුවින්.......උණුහුම් හදවතපලා ගිහින්.....සිතේ ලිහිල් සළු...පොටින් එබී.....ගතේ කෝල වට....නුවන් සිඹී.......හුස්ම ටික...නවතා කොලොප්පම......අස්වැසුම මවලා......ගැස්මකටනතුවී සරගී....හීන අවදිවෙලා.....කෑගසන්නට බෑ....මට ආදරෙන්......කොනිත්තන්නම්සුමුදුවටමල් හීසරින්.....බැල්මකට නතුවීඔබේ ඔයකැලුම් එළි සොයලා....නිසංසල සිතේකලබල......රූ රටා මැවිලා......පලායන්නට බෑ....සඳ කැන් මතින්..........මත්කරන් මගේහද නුඹ හාදුවෙන්..... ...
පැතුම
Hemalayaaඅසාහිඳිමි...මම...බලාන ඔබ දෙස....නොඇසෙන මුත්...කිසිවක් ඔබ පවසන....සිහින දකිමි.....මේ මහ දවල්......සක්මන් කරන අතරතුර.....අසිහියෙන්.......දෙනෙත අවදියෙන්....ලොවට එබී....සොයයි කෙම්බිමක්...සැඟව හිඳින්නට......වැතිර නිදහසේ....හිතට හොරෙන්.....බලාන ඔබ දෙස....බිඳුනු කැටපතින්......සහසක් පිළිඹිබු අතර...මංමුලා වී......ඉන්නට ඇත්නම්......පේවී......නොඅසා ඔබෙ පද පේලී..... ...
සුදුසුකම්.....
Hemalayaaදිවැස් කියනහැකියාවට.....ආපු අළුතරැකියාවට.......හීන බල බලාහිත යට......ඕපදූප මුමුණනවා....රේන්දයටයට පනාව.....දමා තනනසලපනාව......යෝධ දියරැළිත්...කළඹා ඉවත හෙලනවා.....පිළි පෑහී....පීළි කැඩී දෝරගලනවා....... ...
දසුන....
Hemalayaaසඳ වත මත වැතිරී.....බලා ඉමි මමකාළවර්ණ අහස තුළ...ඇස්පිල්ලමක වත්ගහන්නට ඉස්පාසුවක් නැතිව....ආදරණීය පොළෝතළයදෙස...ඉරිසියාවෙන් උනත්....ලෙන්ගතුකමින් යුතුව...හදා ගන්නට වලිකමින්...ඇදුම් දෙන මයෙ පපුව.....පිටුවාල් කල සතුට...ඔච්චම් කරනවා මට...මැවි මැවී...පෙර වතක දුර මතක...රතු කරයිඉරිතැළුනු හිස් දෙනෙත...උස් පාත් වෙන සිහින....අර අඳියි සටනකට...තර්ක ඥාණය කොහිද......හිඳ පැරද පළා ගිය....ලෝකයට පිටුපාමි....කෝපයට හිස නමමි....හීනියට හීනවල.....දිග පළල උස බලමි.....තාරුකා නෙත් එපා...මගෙ ලොවට එබෙන්නට...හිත මිතුර මගෙ අඳුර....වෙනවාද ම
හීනමානය
Hemalayaaහීන ගනිමිමං දහවල්.....අව්ව තපිනකන්සිතිවිලි...ප්‍රේම කරනකන්හොඳ කවි......දැන් හොඳටමනරක් වෙලා....විසේකාරනන් දොඩවනවිතක් එක්කහාදවෙලා....හිතේ අඳුරු තැන්සොය සොය......පෙළයි දැවෙනහාදු තියා...සින්න වෙන්නදෙන්නෙ කෝමතියෙන එකමහදවතත්....එන්න ඇවිත්අරන් යන්න....එපා ඔබේමතකයත්..... ...
ආදරණීය හුදකලාව.....
Hemalayaaතනිව හිඳිමි මමසරණක් නොමැතිවකොයි කවුරුත්නො එනා මාවත මැද.....අසුරු සැනින්සුණු විසුනුව යන්නටබිඳුණු සිහිනයටවාරුවෙලා...මේ නොම නිමැවුනුවිරහ හඟුම් මැදසිහින ඉතින්යනු මා දමානිසල සිතින්හිඳිමී බලා.....සිහින පැතුම් රුක්....ඉදිරී වැටිලා...ඉදී සිඳී ඵලඅවාරයේ.....උහුලාගෙන මේගින්න තවත් නම්ඉන්නට බෑ මටනිසංසලේ....පාට පාට තැවරීහද පාමුලසිතුවම දියවීගලා හැලේ.....රැයේ සොඳුරු සඳකැල්මට ඉඩදීපහන් තරුවකිම මුවාවුනේ.......කැඩපත හමුවේදෙනෙත නිරුවතින්සොයයි හැඩයසන්තානයේ......සිත්මල පාමුළවත්සුණු තැවරී.....මලේ සුවඳ පොදහඬාවැටේ....... ...
Wrong Turn....
Hemalayaaපිරුණු කොපුල් දෙමැදනොපිපුනු පොහොට්ටුව....හිතේ අහුමුළුවලහොල්මං කරයි තව.....පිපෙන්නට පළමුවෙන්නෙලාගත යුතුව ඇත....ගතට ඇති ලොබ මිසකපෙමට මෙහි නොමැත ඉඩ...නිදිවැදුනු අඳුරු දළ...කිතිකවා අවදි කොට...පිළුනු දහදිය සුවඳසොරාගත යුතුව ඇතඅනවසරයෙන් හොරෙන්අර අඳින හොර හිතට...රිද්මයට එක්වන්නනොහැක ඇති වියරුවටසිතේ රුදු බව සොයයිගතේ ඇති මුදු බව....අභිනික්මනක යෙදෙමින්අතැර හුරු පුදබිම...කතර මිහි තෙත්වෙන්නඅතුල පිනි මුව අගින්...වියැලෙන්න පළමුවෙන්පෑළ දොර හැරයන්න....පිබිදෙන්න වෙර දරන....මල් රේණුවක ගැස්ම..නොම දැනේ පිපුනු මුත්...අකැප කරදහි
සිසිරය....
Hemalayaaසිත දුර ඈතකදුක ලඟ මෑතක....තනිවම වැලපෙමි...... අන්ධකාරේ...සමනළ රෑනකතටු ලැබුනත් මට.....යන්න බැහැ......මතකයෙ අඩි පාරේ.......ඉන්නට බෑ මට ඔබලඟ ආයේ.....සිතිවිලි විසිර යමින්....අණදෙයි.....නපුරු වෙමින්....හදවත උමතුකමින්.....ඉපිලෙයි......උඩඟු වෙසින්......මොහොතකට සිතමි මම නැවතී.....මේ අඳුරු පහන් වැටි යායේ....පෙම පලාගොසින්ඉරි තලා සිත මගේ.....එන්නෙ නෑ ඔබ ආයේ......දිදුලන අළුව යටින්.....මතුවෙයි අඳුර කෙමෙන්....නෙතු කැන් සිනහසෙමින්....සඟවයි උණු කඳුල හොරෙන්....මොහොතකට හිඳිමිමම වැතිරී.....මේ විළිසුන් වූ ඇතිරිල්ලේ....පෙම පලාග
උණුහුම.....
Hemalayaaනරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....සැලෙන ලෙලෙන ගතඇලෙන ලවණ රසපිරුණු ළමැද මතදිවයනවා......සිත දියවෙනවාවිළි මියැදෙනවා....වැයෙන වැයෙන මතසමග ගැහෙන හිත...තාල විරහිතව ඇලලෙනවා....ඉහළ පහළ යනහුස්මට නැහැ ඉඩ....දෙනෙත් වලින් ඔබ අයැදිනවා.....නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....ලොවට පෙනෙන රසකයට දැනෙන කොටමතට බරව හිත ඇවිලෙනවා....මැවෙන මයෙම වතදිලෙන දිගැස මතනෝක්කාඩුවෙන් හිනැහෙනවා...නරඹනවාමම නරඹනවාසැරසෙනවාඔබ සැරසෙනවා....දියත මොහොතකටනතරවෙලා වගමොළය හදවතට පවසනවා......රතට හැරුනු වතසුසුම සමග බරළමැද කපොල්ලේ සැඟවෙනවා.....නරඹනවාමම
අවබෝධය
Hemalayaaකුසීත සිතිවිලි....විනීත ලෙස විත්.....අනාථ කරවයි.....පෙරූ පෙරුම්....සනාථ විය....ඇස් පනා පිටම...නුඹෙ ප්‍රේම සලාකයෙ....කිරුම් මිනුම්....ලිහී ගොසින්...විළි වසා ඇඳන් උන්....සළුව සෙළුව හාමිතුරු වෙසින්....පලා දුවන්නට සිතේ මෙමට....රහසින් අඩකුඹු.....ජය කොඩිය වෙතින්.....සෙනේහයේමල් පරාග තැවරුණු.....සරා සිහිනපල්වෙලා සොවින්....සීත සමීරෙට....භීත වෙලා ඇත.....නුරා ගින්නඇල්වෙලා ගොසින්..... ...
නරිකෙලා (Narikela).....
Hemalayaa සිත හැරදා ගතපාවෙයි ඈතක....නුඹ හැරදා තරුඇවිදින් මෑතට...පමණට වැඩියෙන්සන්සල සාරිය......අමතක කරවයිමා ආ කාරිය.....ලෙන්දොර පිටසැතපුනු කළ්‍යාණිය.....තුන්දොස චන්චලමායාකාරිය......දිඹුලකු සේ හැරදාඅභිමානය....පොළා පෙළමි උමතුවුසන්තානය.....සර්පිල සිතිවිලිදර්පණ මතුපිට.....ගර්හිත කරවයිපින්මද සෙනෙහස......කම්පක මතුපිටලම්භක රූසිරි....රූරා විසිරෙයිවිරඟේ සැණකෙළි....... ...
හිස් පහස
Hemalayaaදෑත බැඳ ඇතදෑස නිදි නැතසිතේ දොරගුළු පළුදුවී ඇත....සීත රෑ මැද....නිමල ගිනිසිළු....යහන පාමුල.....වියැකෙමින්.....යොවුන් ප්‍රෙමයෙ....අඳුරු නටඹුන්...විටින් විට....එයි මතුවෙමින්.......බරිත ඇතිරිලි...සලිත කරමින්.....තෙමුනු කොමු පිළිවියැලෙමින්.....කොහේවත් නැතිහීන අමුවෙන්....පල දරා ඇත තනිකමින්.....අතුල හැඟුමන්.....ගූඪ කෙසුරක......සුස්මකට යටවී හෙමින්......බිඳී විසිරෙයි නලියමින්...... ...
තෝන් ලණුව......
Hemalayaaඋස්ස උස්ස දුන්නටමේ බැස්ටිය......මාරු කරන්හරි හරියට යශ්ඨිය......ඕනි දාටකොහෙවත් නැති කස්ටිය.......පේන කියන්ඩයි....ඕන් ලැහැස්තිය......සීරු මාරුවටදිරාමාරුවී.....පීරිගෑව නම්බුවටමුවාවී.......පංගු පේරුවට....නෝක්කාඩුවී.....වැලයන පැත්තටහේත්තු වේවී.......සිරික්කියට බරනැති අඩුපාඩු.....කිරිච්චියට වැඩිමුව අත ලාපු......අවීචියෙන් පිටුවල්කර දාපු......චීත්තයක් නාගෙනඇත ලාටු.... ...
Aqua Tofana....
Hemalayaaකුළුගෙඩියකටයටවී මළමිණිගෙඩිය...තවමත් රැව් දිදීපාරයි...හද කුටිය......මෝරන කැකුළුසිතිවිලිමල් අමතමින......පවසනු නොහැක ඒ වතහඬ ගොරහැඩිය....සිත් අග ලෙළෙනඋදහස නෙත් කැනින් මකා.....ලත් හිරු සේමපෙරඹර ලප කැළැල් අකා....රෑ අඳුරකට පෙම් බැඳදොර පියන් වසා......පත් ඉරු මලෙකවිස ලූ වෙමි හැඟුම් නසා..... ...
වතුර....
Hemalayaaතුරුළු කරන් බැන අඬගෑවටදන්නවදමම උඹට ආදරේ විත්තියබලන්ට එපාඔහොමටමනෝක්කාඩුවෙන්හිත බරවෙනවමටත් නොදැනිමමහ පුදුම හිස්කමකින්බලාපන් අර හැංගිලා ඉරඒත් සුලඟට පවාකැවී ඇත එහි සැර වැර....ආකාහෙ නෙතු පියාගෙනසැරසෙන්නෙ කඳුලක් සලන්නටඉතින් ඇයි මෙ නුඹේ කඳුලැලිහීන මල්පෙති හේම නොතෙමන්මාත් උඹ වාගෙම අසරණයිමේ කටුක පොළොවේවියළි ගිනි ගහන පිට මතතවත් එක කූඹියෙක් විතරමයිමම....පියාගෙන ඔය දෙනෙත්මදකට බාරකොට නුඹේහිස මයෙ ළමැදටතාලයට හද ගැහෙනහීනයට පිවිසෙන්නඒ හීනෙ මට ඉන්නපොඩි ඉඩක් තියාපන්..මොකට වැට මායිම්දජලයට ...
අමූලික....
Hemalayaaඅයි ඈම් වෙරි සොරි.....මට හොඳටම වෙරි......දැන් පදමට හරි......හිටගන්ටත් බැරි.......ගැහිලා හරි බරි.....උන්නට සිතිවිලි.....අහංකාර හදවතඉගිලෙන්න හදයි යළි.....සතියේ දින අටමට කවදත් මදි.....අම්මපල්ල දවසේවිසි පස්වෙනි පැය ඇති.....කාලය පිරිමැස්ස්මෙන්අනුභව කරන්නෙ අපි....මොනව කලත් අයියෝඅපෙ නෑ ඔය බොරු බිසී.......කඹුරන තරමට....හදවත ඇඹරෙනවාකස්කුරුප්පු සිත මත....කවි පද ලියලනවා......කවිහිත පාමුළ.....මධුවිත වියැලෙනවා......බඩේ උපන් සිංහයලෝකය අමතනවා......... ...
මුලු මට්ටම....
Hemalayaaඅන්ධ බූත ජාතකයේබමුණාවෙමි මං.....සියුමැලි අතකින්එන හැඩි දැඩි පහරට ලොල්....කඩතුරාව තුලින් දුටිමි...ඔබේ කුමරුවන්...ඒත් මහද තවම ලොබින්....සොයයි පහස කම්.....ආදරයට...ආදරයක්....නැහැ නොවෑ කිසි කම්පාවක්...ජීවිතයටජීවිතයක්...කොහෙද ඉතින් සංකාවක්.....ලොබ බඳිනෙමි....තිදොසට......මට නම් නෑ ඉවසිල්ලක්....සංසාරේතව දුර......මරණය මහ රැවටිල්ලක්.....ජාති ජාති.....පතාන ආ....ආදරේට නැවතිල්ලක්......ඉපදුනු දා පටන්පැතූ.....ඉස්පිල්ලට පාපිල්ලක්......දොස් පවරමිමම මට.....නැතිවට කිසි සැනසිල්ලක්....රමණය අගමරණය....මැකිළියෙ තිට මැසිවිල්ලක්....
ප්‍රායශ්චිත්තය
Hemalayaaනිදහසේ වපසරිය....සොයා යන....උදහසේ පරිමිතිය.....බලා යන.....මදහසේ අනිමිසය....මුලා කල....ජීවිතේ අවනතිය....වෙලා නුඹ....ආදරේ පරිමතසොයා මේ මිහිමත....ගියා නුඹ කතරක...අතැරනිල් දිය කඳ.....සැබෑවන සහසක්....සිහින අතරින්අහසක්....සොයනකණ කැස්බෑ නෙතකට...නොවෙමිවිය සිදුරක්.....ගිලීයන සෙනෙහසට...ඩැහැගන්ටඑකම එක....පිදුරක්.....ජීවිතේ ගලිවරයකරා යන....ලිලිපුට්ටෙකුට මුවාවුන.....මරණයේ චුම්බනයඅකාලික....වැළඳගමි ස්නෙහයෙන්අසීමිත....වැලපෙන්ට සිත්සේ...නිම්නොවූ…මැසිවිල්ලේ...නිවී සැනසිල්ලේ.....අතුලසිතිවිල්ලේ.....මුලාවුනු පහසක්....සොයනවිලිබර
කරකම....
Hemalayaaතියාගන්ට තදකොටඉවසායෙදුවට තැත.....කියන දෙයක් නාහනමයෙඅකුරු දෙකේ හිත.....සබකෝලයමුහුවුනු.....සිනහව යහපත්කම....ගොම්මන් අඳුරටනොපෙනෙයිඒ දුප්පත්කම....දකින දකිනමල්පෙති යට රැඳිකෑඹළ වටසොයා ඇදෙයිපරදාඑක් දහස් එකක් මත....මටම දමනමගෙ ගැට....එතිලා සිතුවිලි මත....හදවත පැත්තකටවෙලා...ඉඩහැර තිදොසට..සීතල වටයාරවුමට....මුහුකොට තනිකම....ගැඹුරට වැදිලාහද දොරගුළු අඩවන් කොට...හීන උන්ඩිකොටසඟවා උණුහුම්කෙසුරක....රෑට නින්ද නෑදියවී වැගිරෙයි.....කලිමල..... ...
තීන්දුව.....
Hemalayaaගසා අඬබෙර....වසා මුවදොර.....සිනාසෙමි මම...ඇඬූ කඳුලෙන.....බිඳී විසිරුණු....පැතුම් පොදි බැඳ......මුවා කෙරුවෙමි....හදේ ගිනියම......හිතේ මැලවෙන...මහා තනිකම....මකා ඇවිලෙයි...මතක සිතුවම.....සිහින ඇහැරෙන...මහා පිපුරුම...ලඟම එයි...පුපුරුවාගෙන කස....විදා හල හිස්...නෙතේ කඩතුර....ගසා හල අළු...මවයි උදහස.....මරා මදහස.....පුරා නුඹ කුස....සරයි කිළුටින්....සිලිටි වුනු හිත......විරාගී මන....තලා පොඩිකොට....සරගී නෙතුමකයි සරතැස.....විලම්භීතවසිනාසෙමි මම....මගේ විජිතය...අරාජික කොට....අමන්දානන්දයටමූලිකහේතු ප්රථ්යයනොවේ සත්‍යය...