බඹරය....
Hemalayaaඉමි...බොමි...ලමි...නිදමි....හතිලමින්...මියෙන්නට...වෙර දරමි.......ආයෙමත්ලොබ බඳිමි.....නැවත..කමි..බොමි..නිදමි....සිහිනයෙන්..හඬ තලමි....අනියමයපසිඳලමි......
කල්පනාව
Hemalayaaහඳ වැටිල වතුරටකැළතිලාසැඩ පහරට....විසිරෙනා එළියටනොලියවුනු කවිමැවෙයි හිත යට.....ඉඟිමරා අඳුරට....සැරිසරනමුදු මඳනල...උණුහුමට සැඟවෙනකියඹුවැල් ඇගෙසොයයි රහසින....දෑඟිලින් සිරකොට....තබා ගන්නට සදහට...පෙරුම් පිරුවටමගෙ හිත.....අමුණු මොකටදගලන ගඟකට...... ...
අනුතාපය
Hemalayaaදෑස නොසලාඅවදියෙන් ඉමිදැවෙන හදවත් වාරුවෙන්.....මගෙම පිළිකුල් අසුර වෙසනෙත ගැටී.....නොම දැනී හැඳි පිළි සිඳී.....සෙළුව අළු හා මිතුරු වී.......සිතුවිලි ලිහී....ගත උමතුවී......කල....උදහසේ කෙළි නෙත ගැටී...සියොළඟින් ජනිතවූ විළියෙන්.....නොමළ නුවණැස පැනනැඟී.....සුරත් වත සමඟින් මිදී..සැඟව යන්නට අර අඳී....ළහිරු අබිමුව...ගැහෙන පිණිබිඳු සේමහද දුක ලඟ වැටී......ඔබා දණ බිම......කමා යදිමින......මගෙම පිළිඹිබුවට වඳී.... ...
සවිරාම ප්‍රේමය...
Hemalayaaබැල්මකට නතුවීපත්තුවී...මහද රෑ මැද සදා අවදියෙන්...එක හීනෙකට කොටුවී.....ලැබූ සුව අහිමිවී...මැකී වියැකෙමින්....සරන සියොතුන් ආකාහේ.....බලයි මා දෙස...දැන් අරුමයෙන්....අහිමි වූ සෙනෙහේ...මතකයන්.....සැලෙයි උණුහුම සමඟ සියොලඟින්........නෙතට නොපෙනෙයි....සුමට වට පැහැ....ගතම දැල්වෙයි...දැනී පෙම් රහ.....කියන්නම් කතන්දරේ......නිදැල්ලේ පෙරම්බරේ....මැවෙන කිරණේ......සළුව දිගහැර....සෙළුව මත හිඳ....නළුව නිමකොට......වසා සිහින යන්තරේ......සිතැඟි ඇවිළෙයි...ගැටී නුඹ ඇහැ....මසිත මුමුණයිනොකී පෙම් බහ...විඳින්නම් සුසුම් සරේ.....අගුළුල
ඊට පස්සෙ.....
Hemalayaaනිල් පාට රෝස මල....තෙල් පාට....මූණ උඩ....ඇල්මැරුණු හීනවල.....රහ බලනවා.....සිල් බින්ද සළු අගට....පණ දෙන්ටනැහැ වචන...හති හලන ලවන් මත...සිත දුවනවා........ඔබ එක්ක හීනවල....දිග මැන්න රෑ.....හිත අස්සෙ උපන් මල....හංගන්න බෑ.....නුහුරු නුපුරුදු හුස්ම....වැදී පෙති ගිලිහෙන්න......පණ ගැහෙනතුරුඔන්න ඉඩ දෙන්නෙ නෑ...කාලයට ඉඩදෙන්නසිහිනයට බෑ..උණුහුමට සමුදෙන්නහිත දෙන්නේ නෑ.....සෙනෙහෙ මත නුරා සිල....මැවී වියැකී යන්න.....හුස්මකටවත් එන්නඉඩ දෙන්නේ නෑ........ ...
කටවහ....
Hemalayaaදිගු කරන් හෙලිතද කරන් කිළිපෙනෙන නොපෙනෙන සේ රුවා.....උදහසින් පිරිකොළ නුවන් ඉරිමදහසට කරමින් මුවා..........අනුහසින් පිරිමහ සභා මැදඅනුන් හෙළු පිළි සෝදනා......හිස් අහස මතමැවුනු තතු මතකරන සහසක් චෝදනා.....ලිඳ මගේ නම්මා ලිඳේ නම්කාටවත් ඇයි වේදනා.. ...
ප්‍රතිවිෂ.....
Hemalayaaසිනා මුවින්මම මුවා වෙමින්බලා හිඳිම්හිස් දෙනෙත් තුලින්.....පිය වදනින්නොබැන හිඳිම්..සිතින් දරාගෙනඋරණ විකුම්...උතුම් පැතුම්වියැකෙමින් හෙමින්..මිලාන හදවතපිරෙයි පවින්....බලාපොරොත්තුවපතුල බිඳී.....පතූ පැතුම් දිය යට සැඟවී....සිතෙහි උපන් මලනටුව මතම අද මිලානවී.......අරුනළු සැඟවී...කළු වලාකුලක් හදවත පිබිදී.....මන්දාරම ඇත අදමගේම වී......සිහින සපත්තුවපතුල ඉරී...සිලිටි සිතෙහි රළු බොරළු හැනී.....ළමැද උපන් දුකසිහසුන මත අද සක්විති වී....හිස ගිනි ඇවිළී.....ඒ අළු දුහුවිලි කඳුලින් සරුවී....විෂ මලක් පිපී.....ලොව වුවන සිඹී.....
අභිමානය
Hemalayaaඔබේ පින් පෙට්ටියේමං සතේ කාසියක්මියුරු අග බොජුන් මැදපොඩි පාන් වාටියක්දැවෙන හිරු මඬල මතනියොන් ආලෝකයක්මත් අතරමඟ හැළුනුදිග අනාඝාතයක්...පින් කොහිද මට සබඳනුඹ ලොවට එබෙන්නටසින්දුවක පේළි ඇතමගෙ සෙළුව වැසෙන්නටසරා සඳ මරා මුවවසා මුකුලිත පෙමින..වලාපෙළ විරූපිව හඬයිනුඹ නැති සොවින...රන් හුයෙක රළු පහසමුළු ලොවට පෙනෙන්නටසන්ඩුවක් වෙමුද අපිපෙම පසෙක නිධන් කොට...විරාගික තරු එළියතෙමයි තෙත්බර හුස්ම..හලා හල නුරා සිළදවයි සන්තානයම...... ...
අබිනික්මන
Hemalayaaමල් වඩම් සිහිවටන......එපා මට ගුණකථන......සුභ සිහින මත වැතිරලිහාලනු මගෙ මතක.....කාලයේ වැලි අතරසැඟව යන්නට ප්‍රථම....ආලයෙන් මිදෙන්නටසොඳුර මට අවසරද?...පියදසුන් මුදුවදන්.....සිනාමල් මිලින කොට...සුසුම් වැල් කඳුළු මත....සතපවා සිසිල් කොට....මතක කැටපත් පවුරමකා ඔපලනු පිණිස...අවරගිර ගිලෙන ඉර....නව හෙටක් මවනු ඇත....බැඳි හුයෙන් රැඳි පතුම්...රළු සුළං හා මුසුව....හඬතලයි නොමදැනීහද ගැස්ම කම්පිතව....කැටි ගැසුනු වේදනාමරා සිඳලනු පිණිස.....මැවෙන අළුයම ඉසිමි....සෙනෙහෙ මත දියෙහි පෙණ... ...
මං...මුලා...
Hemalayaaපාට පාට මල්වට රැඳිලීන හීනි වැල්...මත වැද....හතිහලනා....නාකි බඹරෙකි මං....කට මැත දොඩනා....මූසිකයෙකි මං...වියපත් උයන් පෙතක...තනිකඩ මලින් ගහන...බඹරෙක් ඇස නොගැටුනු...නිකැළැල් කඩුපුල් සොයනා.....තනිවම හඬනා...බිළිඳෙකි මං....නිල්වන් දැහැනේ....සිරකරුවෙකි මං...නිරුදක කතරක් මැද....ඊතණපත් වදුළක..හිරු මුවඟින් සැඟවුනු....පිවිතුරු පිණි දිය සොයනා...තනිවම හඬනා....බිළිඳෙකි මං....කඳුළලි සයුරේ...සේලරුවෙකි මං.... ...
විරූපී හීන
Hemalayaaවටා ඇත ලෝකයක්වසා ඇති මූඩියක්...පලාගෙන හද පියන්....දැනෙන ආවේගයක්...ඇසි පියන් යට කරදරෙන්....විරූපී හීනයක්....ඇසෙන මානේ නෙතක් කුමටද?පෙනෙන මානේ හීන මොකටද?හීනමානේ හිස්මතින්...ඇවිද යමු අපි..විගසකින්......දකිනු රිසියෙන් වටා හිඳිනා....රකුසු කැළ....තව උමතු කරවා.....රිස්ස යනු රිසියෙන්මෙයින් මතු.....පලා යමු විගසින් හොරෙන්.....ගසා අඬබෙරහිත සොඳින්...වලා පෙළ මත නළියමින්.....මැවෙන සෙවනැළි අනියමය හා....හාද වෙමු අපි එක පයින්.....ක්‍රෝධ විරහිතහිතේ අහුමුළු....පීර පීරා කළඹමින්.....සොයමු නිදහස ඉත සිතින්....දෙනෙත් නැහැකඩතුරා කුම
සාංකාව.......
Hemalayaaවැරදි කරන තැනකියන කියන කට.....කැපි කැපි විසිරෙනචීත්ත වාටි.....බලන බලන අතබිඳෙන බැඳෙන බැමි....වැටි වැටි නැගිටිනසිතිවිලි පේළි....ඇසෙන පෙනෙන සර...මුවග රැඳුනු තෙත....ඉපිලී සැඟවෙන....රේන්ද පේළි....අතර වැදුනු සිත.....නොදැන දැවෙන විස...යලි යලි වලිකයි....හිඳින්න පේවී.....මල් සුවඳට දහදියමුහුවී......අඳුන් දෙ ඉර යටගිනි ඇවිලී.....පනට වඩා පිනලෙන්ගතුවී.....ඉගිලෙන්න හදයිජය ටැඹ එසැවී....එළිය ඇවිත් අඳුරේසැතපී.....රවටන්න හදයිනෙත් අඳ මලැවී....හුයෙන් බැඳුනුරූපය බොඳවී.........පැන යන්න හදයිනොදැමුණු සිතැඟී ...
නෝක්කාඩු
Hemalayaaරෝස මලක් පිපිලාහදවත මැද....ගැස්මක් පාසාකටු පැටලෙයි......රිදුම් නොදෙන මල්.....මෙදියත නැතිවද...හති හලනා ආලය....විමසයි....ගලන රුහිරු වැද....හමන සුවඳ මත.....අමුතු වසන්තෙකසිරි පැතිරෙයි......සැලෙන කඳුළු නෙත....පැහැය වසන් කොට....හීන දිගන්තෙකසිත ඇලලෙයි......දැනෙන සසල බවකැවෙන පපුව තුළ...සිහින මැදින්එබිකම් කරලයි....බලන බලන අත..රැඳුනු මලවි දැල....කඳුළු මතින්සිතිවිලි ගෙනයයි...... ...
පුබුදුව.....
Hemalayaa පහන් සිළක්දැල්විලා.....සඳයි තරුයිතරහ වෙලා.....හිරුට වඩා එළියයි නුඹ....සඳුට වඩා සිහිලයි මට....ලොවට වඩා....අගනා නුඹෙ කිරිකැටි සිනහව....හදවත සිරවී ඇත ඔය මොළකැටි අත් මිට....හිතේ පවුරු බිඳ හෙළා...සිතිවිලි යයි...උතුරලා....ගතේ වෙහෙස සතුටක් වී….හද පොපියයි...නුඹ නිසා.....ලොවම පෙමින් පුරවලා....අඳුර මැදින් ඉරිතලා...දිවියේ දුක අමතක වෙයිපුංචි පුතේ...නුඹ නිසා....හිතක පැතුම් වැල් ලිහී...තවත් හදකපටලැවී.....මැවුනු සිඟිති ලපටි කැකුළ.....හිනැහෙන් මව් තුරුලෙහි......ගතේ රුහිරු උණු වෙවී....මවයි බරැතිසිතිවිලි......දිවි සයුරේ පහන
කැකුළ.....
Hemalayaaඈ හින වටබැඳි මුතු පොට.....බර වැඩිවුනුසුබ පුවතට.....නෙත ගඟුළකි...හද පියුමකි.....මුළු ලොවපුන් මල් යහනෙකි......දුක සතුටකි..කඳුල සැපකි.....බර අදහස්තටුලන සෙකි....සිතක සිතකි....ගහෙන ළැමෙහි...සිනා සලන...කැකුළු රුවකි....හද බිතු මතමල් ලියලති....රළු අහසේතරු නැලවෙති.....නෙතු අද්දරසිහින වැලකි....ආදරයටනව අරුතකි... ...
පොරොන්දුව....
Hemalayaaබිඟු නදඇසුනිද ?තනිකඩ සියපතදළ හකුලාගෙනඉකි බිඳිනා.....රිදවනු නොවහිමිහිට රොන් ගන්නම්එහෙත් නොවෙමිමම සමනලයා....ඇසුවෙද ? දුටුවෙද ?මල් රොන් හැරමල් සුවඳින්සැනසෙන වන බඹරා....පරවුනු මල ලඟලතවෙනු බැහැ මටකාලය කාගෙත්පසමිතුරා....සෙනෙහස වෙනසකඅනුහස විඳ සිඳිඅදහස් රහසෙමළමැද හොවා....හිතවත්කම මතනුරාව අතුරාහිමිහිට වැතිරෙමියහන තලා.....උදහස් අදහස්පටු ඉරි මදහස්සුරත් දෙතොල් පෙතිඅතර රුවා....ආපසු එන්නම්....රොන් අරගන්නම්යන්නම වෙයිබැහැ වෙන්ට පමා.... ...
ගවේෂණය
Hemalayaaඇබිති....වීදුරුජනේලයකින්පෙරී එනවිසරිතමන්දාලෝකයෙහිඑරී ගෙන....මළානිකහිතේ ඇති සිහින පොතඑළාගෙන...සත්යයෙහිදිග පළල හොයමි*ක ඉරාගෙන........
ශූන්‍ය
Hemalayaaහුදකලාවෙච්චිකඳුලයි...පිරිවරාගත්තුසතුටයි......අස්සේතරු අරාගත්තුඅහසක....සඳ මුවා වෙලා....
සන්සල...
Hemalayaaවිසේකාර..එක් පෙති මල...සලා සිඹිනසන්සල හිත......පලා මහදවට රැඳි සල....බිඳී හැපෙයිසිතිවිලි රළ....තෙමා වියලිමතක අහුර.....මවා මැකුනුඅකුරු හතර......සොයා සිතේසොඳුරු පැහැය.....වෙලේ දිගැසකැළුම් දහර......ඇළුම් කරනබැළුම් මතින්.....පියලි සැලෙනනෙත් අතරින්.....මැවෙන නොසිඳිකම් පහසින්....සිත ඇළලේ...මට රහසින්....සළුපොට අගනෙත පැටලී....ගිනි මලසිත තුල ඇවිලී...ලීන සුපුන්වට දිස්වී.....ගලා හැලේහද හිස්වී.... ...