ආසියාව ඇමරිකාව වන දවස................... My Life as a Gaijin ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානු හා චීනය පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්ත ආර්ථික ඉදිරි පිම්ම ,ආසියාන් කලාපයේ රටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත.ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරින ඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක් තිබේ.ඉන්දියාවේ සිලිකන් නිම්නය ලේස හඳුන්වන බැංගලෝරය මුලාස්ථානය කර ගත්InMobiසමාගමයි.රටවල් 165 කට මිලියන 600ක ග්රහාක පිරිසකට තම ...
මේ කථාව මෙහෙම හරි කියලා දාන්න මට ඉඩ දෙන්න..... My Life as a Gaijin ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.වෙන් වෙමු ...
“Kindle” ඇමසන් අනාගතේ දී නොමිලේම බේදාහරියිද? My Life as a Gaijin ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන් අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද ඔවුන් අනුගමනය කලේ ඒ ප්රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල ...
ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද? My Life as a Gaijin 2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන චණ්ඩියෙක් ගාණට දාලා, නැත්නම් CIA ලව්වා වෙන රටවල් ආණ්ඩු අවුල් කරවන යටි කුට්ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ...
අයි ෆොන් 5 ඇත්ත කථාව සහ ඇත්තම ඇත්ත කථාව..... My Life as a Gaijin "අළුත් අයි ෆොන් එක ගැන මුකුත් ලියන් නැද්ද?" දෙතුන් දෙනෙක්මසැහෙන්න පිරිසක් අහන්න පටන් ගත්ත නිසා අළුත් ෆොන් එක ගැන ලියන්න තරම් දෙයක් නැහැ කියන අදහස වෙනස් කරගෙන අළුත් දෙයක් ලියන්න ඔනේ කියලා හිතුවා...මුලින්ම මේ ෆොන් එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු..ස්ක්‍රීන් සයිස් එක විශාල වේලා තියෙනවා කලින් ෆොන් එකේ ස්ක්‍රීන් එකට ...
අත ලඟලු ඇපල් කියයි....... My Life as a Gaijin අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා විශ්වාසය පළ කරයි. මේම ඊමේල් අරාධනා පතය තුළ ‘It’s almost here’ යන වඳන පහලින් විශාල දිනය දක්වන 12 ...
Apple vs. Samsung හැබෑ පරාජීතයෝ කවුරුන්ද? My Life as a Gaijin ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි ...
ඇපල් සමාගම නඩුව ජය ගනියි.සැමුසන් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනක දඩයක්! My Life as a Gaijin සැමුසන් සමාගමට එදිරිව ඇපල් සමාගම විසින් ඇමරිකානු අධිකරණය තුළ ගොණු කර තිබු නඩුව අද දින ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම පිළිබඳ සාධක බෝහෝ දුරට පිළි ගනිමින් ජුරී සභාව විසින් සැමුසන් සමාගම වැරැදිකරු කරමින් ඇපල් සමාගමට බිලියන 1ක හනිපුර්ණයක් ලෙස ගෙවීමට නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කලේය.THE VERGE විසින් ලබ දුන් සජීවි බ්ලොග් විතර වලට අනුව ...
ඇපල් රහස් එකින් එක එළියට..... My Life as a Gaijin "ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සුන් විදුලි උපකරණ සමාගම අතර දිවෙන ස්මාර්ට් දුරකථන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර සහ අදාල දුරකථන වල සැලසුම් නිර්මාණ පිළිබඳව දැන් පවතින නඩු විභාගය තුළ ඇපල් සමාගමේ අතිශය රහසිගත සමාගම් රහස් සහ මේ දක්වා සමාගමේ බිත්ති හතරින් පිටතට නොපැමිණි කථාවන් පොදු සමාජයට විවර වෙමින් පවතියි.තවද ඇපල් සමාගමේ නව්‍ය උපාංග ලොවට හඳුන්වාදෙන පුරෝගාමි සමාගමක් ලෙස ගොඩනඟාගත් අනන්‍යතාවයද ප්‍රශ්ණ ...
ලෝකේ හැමදාම ඉදිරියට යනවා,හැබැයි.........හිටපු ගමන් ආපස්සටත් යනවා - ආපහු ජනප්‍රිය වුන ඇමරිකානු කොමික් වීරයෝ! My Life as a Gaijin ඉස්සර ඉස්කෝලෙක ඉස්සරහ ස්ටිකර් ,තව ඔය පොඩි පොඩි ගැජට් බැජට් විකුණන වෙළඳෙක් අනිවාර්යෙන්ම හිටියා.අපි ඉස්කොලේ යන කාලේ ඔය මනුස්සයා ගාව ඒ ඒ කාල වලට ජනප්‍රිය වුන කාටුන් ,චිත්‍රපටි වල එහෙම ස්ටිකර් පොස්ටර් එහෙම විකුනන්න තිබුන.මට මතක විදියට අපි 6,7 පංති වල ඉද්දී තමයි රෙස්ලිං පිස්සුව නැගලා යන්න ගත්තේ.ඒ කාලේ කියුවේ WWF කියලා පස්සේ F හලලා E දාගත්තා වුනාට. රෙස්ලිං වලට ...
iPhone 5 රජ දැක්මට සුදානම්!!! My Life as a Gaijin දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර් මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google nexus 7 වාගේ නම් බබීත් සුන්, බබීගේ අම්මත් සුන් වගේ වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින් එ හැටි කරදරයක් ...
IOCයට සුද්දාගේ ඉංගිරිසීයට වැඩිය ගෝල් කාරයිනේ ප්‍රංශ ෂොක්ලු.... My Life as a Gaijin ජාත්‍යයන්තර ඕලිම්පික් කමිටුවේ(IOC-International Olympic Committee) නිල භාෂාවන් විදියට සලකන්නේ ඉංගිරිසි සහ ප්‍රංශ භාෂාවන්.හැබැයි වැඩි තැන ප්රංස වලටලු. ඒ කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්ණයක් මතු වුනොත් එහෙම ප්රමුඛ ලියවිල්ල විදියහට සලකන්නේ ප්‍රංශ වලින් ලියවුනු ව්‍යවස්ථාවලු.ඔන්න IOC නඩු දාන්න එහෙම ඕනේනම් ඒගොල්ලො හරියට ජොබ් එක කරන් නැහැ කියලා උසාවියට අරන් යන්න ඔනේ ප්‍රංශ බසින් ලියවුනු ව්‍යවස්ථාව තමයි. තව ඉතින් ඔලිම්පික් සමාරම්භක/අවසාන උලෙළවල් වල මුල්ම ...
ඇපල් WWDC 2012 සඳහා සියල්ල සුදානම්....... My Life as a Gaijin ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ උපාංගයන් පිළිබඳව තක්ෂණික තොරතුරු ආදිය ඇපල් සංවර්ධකයින් සඳහා එළිදක්වන WWDC: ලොක ව්‍යප්ත සංවර්ධකයින්ගේ සමුළුව )සමුළුව 11 වන දින සිට(ඇමරිකානු වේලාවේන්) ඇරඹිමට නියමිතය.මෙවර සමුළුව සැන් ෆැන්සිකෝ නුවර Moscone West Convention Centerහි පවත්වනු ලබයි. සමුළුව 15 වැනිදා දක්වා පවත්වනු ලබයි. මෙවර සමුළුව තුළ ඇපල් එළි දක්වනට නියමිත කරුණු පිළිබඳව 9to5Mac වෙබ් අඩවිය මෙලස ...
ඇපල් යන්නෙත් සොනි ගිය පාරේමද?........... My Life as a Gaijin ඇපල් සමාගම ගැන ඇමරිකානු Forrester සමික්ෂණ සමාගමේ ප්‍රධාන විධයක ජොර්ජ් ක්ලොනි මහතා සිය බ්ලොග් අඩවියේ පළ කල "ඇපල් = සොනි "ලිපිය මෑත තාක්ෂණ ක්ෂේත්රයේ වඩාත් කතා බහට ලක් විය.මේහිදී ඒ මහතා , ස්ටීව් ජොබ්ස් නැති ඇපල් සමාගම තව වසර 2කත් 4 ක් ඇතුළුව කඩා වෑටෙන බවට අනාවැකි පළ කරයි.ක්ලොනි මහතා ස්ටීව් ජොබ්ස්ගේ මරණයත් සමගම ඇපල් සමාගමට අහිමිව ගිය සාධක 3 ...
iPadය පරදවන ටැබ්ලටයක් Google නාමයෙන් ළගඳීම...! My Life as a Gaijin "ගුගුල් සමාගම සිය වෙළඳ නාමය යටතේ ටැබ්ලට් පරිගණකයක්වෙළඳ පොළට නිකුත් කරන්න සැරසෙයි.තාක්ෂණික ක්ෂත්රයේ පැතිරි යන දුෂමාන ආරංචී වලට අනුව නව ටැබ්ලටය අඟල් 7ක ප්රමානයකි.9.7"වන ඇපල් අයි පැඩයට වඩා කුඩා වු තනි අතෙන් වුවදක්රියා කරවිය හැකි ඇමසන් සමාගමේ "කින්ඩල් ෆයර්"හා සමාන බව පැවසේ.මේහි දෘඩාංග නිපදවනු ලබන්නේ තයිවාන් ASUSCOMPUTERSවිසිනි.මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්රොරොයිඩ් මත!Wi-Fi සඳහා පමණක් සහයෝගය දක්වන,අධි බල quad-coreNVIDIA Tegra 3 ප්රොසසරයකින්දසමන්විත, මුලදී ඇමරිකානු ...
Google Glasses ;ඇස් දෙකට කණ්නාඩි කුට්ටමක් සමග ඔළුවට අං තට්ටුවක්? My Life as a Gaijin තැන නොතැන නැතිව Mailයවන්න ෆොටෝ ගන්න පහසුකම තියෙන ඇස් කණ්නාඩි කුට්ටමක්සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක ගුගූල් නිරත වේයි.අවිවාදයෙන්ම අළුත්යුගයකට මුල පුරන සංකල්පයක්!! හබැයි පාවිච්චීකරන්නා පරිස්සම් නුනොත් ඇබැද්දීත් ගොඩයි!!දැන් ගුගුලුත් අනාගතේ වෙනස් කරන්න මුල පුරලාලු.හැබැයිඔය වෙනස් කරන්න හදන්නේ හොඳ අතටද?දැන් මාසෙකට හමාරකටකලින් ගුගූල් සමාගම තමන්ගේ නවතම "Project Glass"ව්‍යාපෘතිය එළි දැක්කා.මේගැජට්ටුවේ විස්තරාත්මක යාන්ත්‍රනය ප්‍රසිද්ධියට පත් නොකලත්,ගුගූල්ලා කියනවිදියට මේ අළුත් කණ්නාඩි කුට්ටම ඊමේල් යවන්න,බලන්න,යාළුවන්ට
නොකියා,දැළි පිහියෙන් කිරි කයි? My Life as a Gaijin පින්ලන්ත නොකියා සමාගම පසුගිය 8 වැනිදා නව Lumia 900 ස්මාර්ට් දුරකථනයවෙළඳ පොළට නිකුත් කිරීමත් සමග නැවතත් ඇමරිකානු සෙලියුර් වෙළඳපොළ තුළ සක්‍රීය විම ඇරඹුනි.ඒනමුදු වර්තමානයේ ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සන් සමාගම වෙළඳ පොළ තුළ හිමිකරගෙන තිබෙන අධිපත්‍යය සලකා බැලු විට,නොකියා සමාගමටදැවැන්ත තරඟකාරිත්වයකට මුහුණ දීමට සිදු වේතැයි උපකල්පනය වේ.මෑත කාළිනව, නොකියා සමාගම විසින්වෙළඳ පොළට නිකුත් කරන ලද දුරකථන සමග බැලු විට ...
හම්බන්තොටට බැරි දේ ටෝකියොවටත් බැරිය........! My Life as a Gaijin ජපනා හපනාය, ඒ ඉස්සර ජපන්නුය.දැන්හපන්නු චීනුන්ය.ජපනා හපනා කාලේ, චීන්නු කොණ්ඩේබැන්දේය.දැන්නම් චීන්නු කොණ්ඩේ බඳින විත්තියක් අහන්න නැතිය.දැන් දැන් අහන්නේ ලැබෙන්නේචීන්නු සමහරක්ව තමගේ කරත්තයට බන්ඳගන්න විත්තියය.ඒ තෑගී ක්‍රමයට ණය දීලාය.ඔව්වා ගැනවැඩිය කියවන්න බැරිය. රෑට හීනෙන් සුදු පාට වෑන් පෙන්න ගන්න පුළුවන්ය.චීනා ගැන නැතිවජපනාට අම්මා මුත්තා ගැන කියලා බැන්නත් බය වෙන්න දෙයක් නැත්තේය. මෙහේ සුදු පාට වෑන්හිඟය.හදපුවා ඔක්කොම වෙන රටක හදිසි ඔඩරයකට යවලාය. ...
ජපනා වැසිකිළිය මොඩිෆයි කරයි!!!මේන්න වතුර නැති ප්‍රශ්ණේට විසඳුම්!!!! My Life as a Gaijin රට ගියාම කෙනක්ට ඇතිවන ප්‍රශ්ණ ගැන ඇහුවොත් ඔව්වා කියලා ඉවර කරන්න බැරි තරම්! කියලා තමයිඋත්තර දෙන්න වෙන්නේ.හැබැයි ඔය කියලා ඉවර කරන්න බැරි ප්‍රශ්ණ වලින් කාට කාටත්ටික ටික හරි පොදු වන ප්‍රශ්ණ ටිකකුත් තියෙනවා.ඒව්වා ඇවිල්ලා මේව්වා ටික.1.භාෂාව,ඔය චීනේ,රුසියා, තයි,හරි ජපන් ගිය ඇත්තෝනම්ඔය කට්ට ෂෝක් එකට විස්තර කරයි.හැබැයි ඔය ප්රශ්ණේනම් මාස 6,7ක් යද්දී ගොඩක්අය ගොඩ දා ගන්නවා.2.ඊ ළඟට කෑම බීම.සමහර රටවලනම් ඉතිං ...
නොකියා, Lumia 900 සමග නැවත රජ මාවතට? My Life as a Gaijin වැඩිය ඕනේ නැහැ.අවුරුද්දු 5ක් අතීතයට ගියාම ඇති! සෙල් ෆොන් ගැන අපි දැනගෙනහිටියේ මෙච්චරයි, අවුලක් නැතිව කාලයක්පාවිව්චී කරන්න හිතන් ඉන්නවානම් "නොකියා ෆොන්" එකක් ගන්න ඔනේ.හැබයි ලංකවේනම්, දකුණු කනේන් රිංගලා වම්කනේන් එළියට එද්දී අපේ බඩේ හිටන් තියෙන බොකු බඩවැල් පවා අරන් එළියට බහින පිටකොටුවේඅයියලාට එහෙම අහු නොවී නියම "ඔර්ජීනල් නොකියා" එකක් වෙන්න ඔනේ.අළුතේන් අතගහපු බිස්නස් එකත් නැගලා යනවානම්, පොඩ්ඩක් විතර යාළුවන්ටයිඅනිත් වටේ ...