ගතසිත සනසන - නින්දට මුල්තැන ඇහැට කණට නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක දෙවැන්න නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි පුද්ගලයෙකුගේ හිසට විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය යන්ත්‍රයක් සවිකර එම පුද්ගලයාව නින්දට යෑමට සැලැස්වීම මඟින් නින්දේදී එම පුද්ගලයාගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වාර්තාගත කරගත හැක. එවැනි වාර්තා රටා හැදෑරීම මඟින් හඳුනාගෙන ඇති පරිදි එක් දීර්ග නින්දක් තුළ පුද්ගලයෙකු විසින් වරින්වර චක්‍රානුකූලව පසුකරමින් යන පැහැදිලි නිදි අවධි කිහිපයකි. නිදි අවධි ප්‍රස්තාරයෙන් ...
පුංචි බලු පැංචී - කකුළු ගමනට ඇයි තහංචී ඇහැට කණට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි 'පාව්ලෙස්' නමැති අති සුන්දර කුඩා දූපත් වෙරළ තීරයේදී කැමරාවට නැගුණු දර්ශනයක් තමයි මේ. ඩක්ස්-හුඩ් නමැති බලු වර්ගයට අයත් මේ සුරතල් බලු පැටවියගෙ නම තමයි මැඩලින්. කකුළුවාට නමක් නැතත් එම කකුළුවා අවතාර කකුළුවා නැමැති කකුළු විශේෂයට අයත් එකෙක්. ඔවුනට එම නම් ලැබී තිබෙන්නේ දහවල් නිදාගැනීම හා රාත්‍රියට ක්‍රියාකාරීවීම යන චර්යා රටාව සහ ...
සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී ඇහැට කණට නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙන යමක් භෞතික ලෝකයේ තවත් නැති තරම්. නමුත් ඒ තරම් සුවදායක නින්දකදී වුව අපට අත්දකින්නට සිදුවෙන භයානක මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් එහෙම නැතිවාම නොවෙයි. ඉතින්, ඒවා අතුරින් අප අතර සුලබව දක්නට ලැබෙන අපූරු අත්දැකිම් දෙකක් ගැනයි මේ කියන්න හදන්නේ. මතක්කරලා බලන්න ජිවිතේ කවදාහරි දවසක ඔබත් නින්දෙන් මෙන්න මේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවද කියලා. 1. ඔබට ...
ඇතුවත් බැරි නැතුවත් බැරි ඇහැට කණට සීනි වනාහී ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි. ඕනෑම සීනි අඩංගු ආහාරයක්, ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ග්ලූකෝස් බවට පත්වේ. ග්ලූකෝස් යනු අපේ ශරීරයට ශක්තිය සපයන ප්‍රධාන ඉන්ධනයයි. මේනිසා සීනි නැතිවම බැරි දෙයකි. නමුත් බාහිරින් වෙනම ලබාගත යුතු දෙයක් නොවේ. අප ගන්නා ආහාරවල ප්‍රමාණවත් තරම් සීනි අන්තර්ගතවේ. පිෂ්ඨය අඩංගු ආහාරවලට අමතරව ඇතැම් එළවළු සහ පළතුරු වලද සීනි ඕනෑතරම් තිබේ. බොහෝ ගැටළු පැනනගින්නේ පිරිපහදු ...
නෙක සමනල දිවි සක වග ඇහැට කණට සොබාදහම විසින් නිර්මිත විසිතුරුම සත්ත්වයා සමනලයා ලෙස සැළකිය හැකිය. සමනලයාගේ ජීවන චක්‍රය, පැහැදිලිව හඳුනාගත හැකි මූලික අවධි හතරකින් යුතුය. ඒවානම් සමනල බිත්තර, දළඹු අවස්ථාව, පිලව් අවස්ථාව සහ සමනල අවධියයි. මේ බැව් කොතෙකුත් අසා ඇතත් රූපසටහන් වලින් දැක ඇතත් සමනල අවධිය හැර අනෙක් අවධි සැබෑවටම දැකගන්න ලැබෙන අවස්ථා ඉතා විරලයි. කෙසේනමුත් මෙම අවධියෙන් අවධියට පිවිසීමේ සිත්ගන්නාසුළු සිදුවීම් පෙළ යම්තාක්දුරට හෝ ...
දින තිහේ අභියෝගය ඇහැට කණට සිරිතක් වශයෙන් හැසිරෙන්නට හෝ විරිතක් වශයෙන් වැළකෙන්නට දින තිහක අභියෝගයකට ඔබ සූදානම්ද ? කළයුත්තේ නොකඩවා දින තිහක් පුරාවට යමක් කිරීම හෝ නොකිරීමයි. අපි දැන් බලමු කරන්නට හෝ නොකරන්නට යමක් තෝරාගන්නෙ කොහොමද කියන එක. ඔබේ අදහස යමක් කරන්නට නම්... 1. විනෝදාස්වාදය ගෙනදෙන අළුත් යමක් කිරීම මේ සඳහා ඔබ එදිනෙදා යෙදෙන සාමාන්‍ය දෛනික වැඩකටයුතුවලට වලට වඩා වෙනස් නමුත් එම දෛනික වැඩකටයුතුවල ...
බත් කනවද? තේ බොනවද? බත් කාලම තේ බොනවද? ඇහැට කණට ඔබට බත් කාලා තේ එකක් බොන්න හිතුනොත්... ගොඩක් දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි බත් කාලා තේ බොන්න හොඳද කියන කාරණය. කෙළින්ම පිළිතුරට නොයා අපි බලමු තේ ගැන විස්තර ටිකක්. නැතිනම් උත්තරය දැනගත්ත ගමන් ලිපිය කියවන එකේ තේරුමක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්නේ. තේ කියන්නෙ ඉතා ප්‍රණීත රසයකින් යුක්ත එමෙන්ම ශරීර ප්රබෝධය ගෙනදෙන ස්වභාවික රසායනික සංඝටක අඩංගු ඉතාම සුවිශේෂී පානයක්. ලෝකේ හොඳම ...
විදුලි හටන ඇහැට කණට නිකොලා ටෙස්ලා - මතකයෙන් ගිලිහුණු අසිරිමත් විද්‍යාඥයා (පළමුවැන්න) විදුලිය ගැන හිතන විට ඔබේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් ය. ගුවන් විදුලි යන්ත්‍රය ගැන හිතෙන විට ඔබේ මතකයට එන්නේ ගුග්ලියාමෝ මාර්කෝනි ය. ඒ ඔවුන් එම සොයා ගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගෙන ප්‍රසිද්ධියට පත්වූ බැවිනි. නමුත් ප්‍රත්‍යාවර්ථ විදුලි ජනකය, ගුවන් විදුලි තරංග, එක්ස් රේ කිරණ, ප්‍රතිදීප්ත පහන්, නියෝන් විදුලි බුබුල, නියෙමු මිසයිල, ...
එක් දවසකි - තුන් දොළසකි ඇහැට කණට 12 සංඛ්‍යාවකි. වරුවකට පැය 12 කි. අවුරුද්දකට මාස 12 කි. අඩියකට අඟල් 12 කි. කාර්තුවකට හෝ සෘතුවකට අවම වශයෙන් සති 12 කි. දුසිමකට අයත්වන්නේ අංග 12 කි. රාශි හා ලග්න 12 කි. කාඩ් කූට්ටමක එක් එක් කාඩ් වර්ගයෙන් ක්‍රීඩාවකට යොදාගන්නා කාඩ් ගණන 12 කි. මොළයේ කපාල ස්නායු ගණන 12 කි. ඔරලෝසුවේ අංක 12 කි. සංගීතයේ මූලික ස්වර ගණන 12 ...
තවත් එක් ගුරු ගීතයක් - ගයන්නට ගත් වෑයමක් ඇහැට කණට සිතුම් සඳැල්ලේ මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින් මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම් ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම් නාම විශේෂණ මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම් හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ ...
පුංචි සුරංගනාවී - විය සුරතල් සිනහවී ඇහැට කණට පුංචි දරුවෝ හරියට පුංචි සුරංගනාවෝ වගෙයි. ලස්සනයි, අහිංසකයි, අව්‍යාජයි… ඒ වගේම ඒ අයගෙන් කාටවත් කිසිම කරදරයක් හිරිහැරයක් නැහැ. ඒ අය කියන කරන දේවල් බලාගෙන ඉන්න ආසයි. අන්න ඒ නිසාමයි ඒ වගේ ලස්ස්න පුංචි සුරංගනාවක් ඉන්න මේ රසවත් වීඩියෝ දසුන ඔබත් එක්ක බෙදාහදාගන්න හිතුවේ. මේ වීඩියෝවේ පෙනී සිටින පුංචි සුරතල් දුවණිය තුන් හැවිරිදි ‘ඉසබෙලා නැටලිනි’. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා රෝසාහි ...
ලඳ පියකරු - වෙයි පිවිතුරු ඇහැට කණට නෙක විසිතුරු ලොව බියකරුදැක අනතුරු සිහි කළ හුරු හිරි බිය නිති රැකි නිරතුරු ලඳ පියකරු වෙයි පිවිතුරු ජාත්‍යන්තර මානවිකා දිනය වෙනුවෙනි
හෙළිවේය අපරාධ සැඟවුණු - නිසා නොමැකුණු ඇඟිලි සළකුණු ඇහැට කණට ඇඟිලි සළකුණු මිනිස් සමෙහි චර්මීය පිටිකා හෙවත් ඇතුල් සම පිට සම තුළට පුඩු ආකාරයෙන් නෙරුම් පවතී. අත්ලෙහි සහ පතුලෙහි සම මත මේවා වැටි (ridges) වශයෙන් දක්නට ලැබේ. එමෙන්ම අත්ලෙන් සහ පතුලෙන් දහදිය නික්මෙන්නේ එම වැටිවල තිබෙන ස්වේද ග්‍රන්ති විවර තුළිනි. අත්ල ස්පර්ශ වන සුමට පෘෂ්ඨ මත ඇඟිලි සළකුණු ලෙස ඉතිරි වන්නේ එසේ නික්මෙන දහදියයි. මේවා අප්රකටව හෝ ප්රකටව පවතී. ...
පැණි මුගටියාට වගේවගක් නෑ ඇහැට කණට කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි. මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ ...
කම්පාවිය හද - දැකුමෙන් මෙවදන ඇහැට කණට මේ දිරිමත් පුතුගේ සැබෑ දක්ෂතාවය මෙන්ම සැබෑ වටිනාකම ගැන නොදන්නා කෙනෙකු දැන් ලංකාවේ තබා ලෝකයේද සිටිනු අල්පය. එබැවින් මා මේ ලිපිය ලියන්නේ ඔහු ගැන ඔබට කියන්නට නොවේ. ඔහු ගැන නොදන්නා දේ දැනගැනීමට පහත දැක්වෙන පිවිසුම් සබඳතා ඔබට උපකාරී වනු ඇත. තඹුත්තේගම නාමල් උදාර පියසිරි නමින් අහසේ තරුවක් ඇමරිකාව නම් කරයි ගෙදර කුඹුර උකස් කර කුඹුරු වැඩට නව යන්ත්‍රයක් හැදූ ...
අහසට නැගිලා ගිය ඉගිලී - කෝච්චි පුංචා ‘ස්ටැන්ලී’ ඇහැට කණට මේ පින්තූරයේ ඉන්න පුංචි පුතුගෙ නම ‘ජේඩන්’. ඔහු සිව් හැවිරිදි දරුවෙක්. ඔහු එක්ක ඉන්න සෙල්ලම් කෝච්චි පුංචා ‘ස්ටැන්ලි’. ඔහු ජේඩන්ගෙ හොඳම යහළුවා වුණේ ජේඩන්ට වයස අවුරුදු දෙකේදී ඉඳන් [v]. ඉතින් එදා ඉඳන් මේ දෙන්න කෑවේ බිව්වේ නෑවේ නිදාගත්තේ සෙල්ලමක් පාඩමක් කළේ ඒ විතරද ගමන් බිමන් ගියේත් එකටමයි. ඒත් එක දවසක්, ස්ටන්ලිට අහසට ගිහින් එන්න අගනා අවස්ථාවක් ලබා දෙන්න පුංචි ...
කන්නටත් බැරිය - නොකා ඉන්නටත් බැරිය ඇහැට කණට යකඩ ශාකමය හෝ සත්ත්වමය සෑම ජීවී සෛලයක් තුළම අන්තර්ගත වෙමින් ඒවායේ නඩත්තුවට බෙහෙවින් උපකාරී වන සංඝටකයකි යකඩ. ඒ කෙසේදයත් ශරීරයේ සෑම සෛලයකටම සිය පරිවෘත්තීය (ආස්වාස ප්රාස්වාස) ක්‍රියාවනට අත්‍යාවශ්‍ය කරන ‘ඔක්සිජන්’ පරිවහනයටත් පරිභෝජනයටත් උපකාරී වීම මඟිනි . මීට අමතරව එදිනෙදා යහපැවැත්මට මෙන්ම හදිසි අවස්ථාවකදී අමතර ශරීර ශක්තිය උපදවා ගැනීමටත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට යකඩ අත්‍යාවශ්‍යයි. රුධිරයේ රතු රුධිරාණු සෛලවල තිබෙන ...
අහඹු වචන සිද්ධාන්තය ඇහැට කණට විසඳුමක් හිතාගන්නම බැරි ගැටළුවක හිරවෙලා ඉන්න වෙලාවක, විසඳුමක් ඕනිමයි කියලා දැනෙද්දී කරන්න තියෙන හොඳම දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. මේක ටිකක් අමුතු සිද්ධාන්තයක්. හැබැයි ගොඩාක් සරලයි. ඒ වගේම ලස්සනයි. අහඹු වචන සිද්ධාන්තය පළමුව ඔබේ ගැටළුව කොළයක සටහන් කර ගන්නමගේ ගැටළුව ආච්චි අම්මාට බෙහෙත් බොන්නට හෝ බිව්වාද නැද්ද කියා නිතරම අමතක වීම... දෙවනුව එක්වරම ඔබේ සිතට නැගුණු වචනයක් ඊට ...