සයුරු දිය මත පියා සලනා ප්‍රීතිමත් විහඟකු ලෙසින් - දෙවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ගයන්නට ඔබ නියම කළ සඳඅබිමනින් මා හද බිඳේඔබේ වුවනත දෙස බලන මානුවන් යුග කඳුලින් පිරේවිලින වී දිවි කටුක අමිහිරමියුරු සර ප්‍රසංවාදයකට සයුරු දිය මත පියා සලනාප්රීතිමත් විහඟකු ලෙසින්මගේ හද රැඳි බුහුමනේ පියාපත් යුග දිග හැරේදනිමි මම ඔබ මගේ ගැයුමෙන් ඔකඳ වන බව ප්රීතියෙන්දනිමි ඔබ දැකුමට පැමිණියේපමණි ගයුවකු විලසින්කිසි කලෙක මට ළඟා වන්නට නොහැකි ඔබගේ පා කමල්දිගහැරෙන මා ගීතයන්ගේපියා තුඬගින් පිසැ ...
දවස නිමා වී නම් | විසි හතර වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! දවස නිමා වී නම්විහඟ ගීය ද ගොළු නම්,සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්,අන්ධකාරයෙ රුවල් පටමා සිසාරා හෙලනු මැන!අතුරවා ස්වප්නයේ ඇතිරිලිහොවා සුව නින්දෙක ලොවමවසා ලනු මැන සෙමෙන්සවස පර වූ රත් නෙළුම් පෙති.ගමන නිම වනු පෙරාතුවඔළොගුව සිස් වූසළු ඉරී කිළිටි වූදිරි සිඳුන ඒ යාත්රිකයාමුදා සන්තාපයෙන්කුළුණු බර අඳුර තුළසැඟවගත් කුසුමක් සේ. පුරා ලනු මැන ඔහු හෙටනැවුම් ප්‍රමුදිත ජිවයෙන්__________________________________________________________________If the day is done, if birds ...
බැඳ දමා ඇත ඔබ මගේ හදවත - තෙවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නොදන්නෙමි හිමියෙනි මම, ඔබ කෙලෙස මේ ලෙස ගයන්නේදැයිසවන් දෙමි නිසසල ව හද රැඳුණු විස්මයෙන්දිදුලවයි මුළු ලොවමඔබැ මීයැසි ආලෝකයදුරට විහිදෙනරිද්මයක් වෙයිජීවන සුස්මේආකාසයෙන් ආකාසයට පැන දිවෙන ස්වර දැහැනපවුරු පදනම් කඩා හෙලමින් දිවයයි දුරින් දුරටමපරම පිවිතුරු ඒ සංගීත ප්රවාහයබලා හිඳී විඩාපත් හදවත එක්වනු පිණිස ඔබැ ගීයට අරගල කරයි උපදනු පිණිස එකම එක ස්වරයෙක් හෝ හඬ නැගෙයි - හඬ ඇසෙයිනමුදු මගේ කටහඬ සංගීතයක් නම් ...
දෙනු මැන ශක්තිය | සතිස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! යැදුමයි මා හිමියනි ඔබ හට මේ පෙළන්න! පෙළන්න! මුදුන් මුල මමා හදවත රැඳෙනා දිළිඳු බවේ දෙනු මැන ශක්තිය නොසැලී හිඳිනට සොම්නස හා සන්තාපය අබියස දෙනු මැන ශක්තිය මා ආදරයට යෙදෙනට සපල ව මෙහෙවරෙහී දෙනු මැන ශක්තිය නොනමන්නට දණ අහංකාර බලවතුනගෙ අබිමුව නොසලකමින් දිළිඳුන් අසරණයන් දෙනු මැන ශක්තිය ඔසවන්නට මා මනස නොවැදගත් දුඹුලු කෙරෙන් දෙනු මැන ශක්තිය ඔබ අබිලස ළඟ පුදනට ...
කුමාර බන්ධනය - අට වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! කුමර සළුපිලි පෙරෙවිරන් මිණි දමින් ගෙල බැඳිසිගිත්තා නො විඳී කෙළි දෙළෙහි ප්‍රහර්ෂය ඔසවන පියවරක් පාසා ගැටෙයි සළුපිලි ඔහු සමග සළු ඉරී වැරහැලි වෙතැයිධූලියෙන් එය කෙළෙසෙතැයිබියෙන් වෙන් වී ලෝකයෙන්නිසල වේ ඔහු හිටි පියවරින්පලක් වෙද මෑණියනි ඔබගේ බන්ධනය මේ විසිතුරු වලකාලයි නම් ඔහුමහ පොළෝ මවුනගෙ සුවදායී දුහුවිල්ලෙන්උදුරා ගනී නම් ඔහු හිමිකමපිවිසෙනු පිණිස මහ පොළොවේසොඳුරු මිනිසත් බව වෙතThe child who is decked with ...
පමා වූ යාත්‍රාව | විසි එක් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! දියත් කළ යුතුය මා යාත්රාවඅනේ..!විකල් වූ සිතින්අලස වූ හෝරාවන්රැසක් වෙරළෙහි මැ ගත විය.වසන්තය මල් කැකුළු කිති කවා පුබුදුවා හැරසැරැසී සිටී සමුගෙන යන්නමුකුලිත ව සුව වියැකිනිසරු මල් පෙති බරින් ළතැවී බලා හිඳිනෙමි.සරින් රළ පෙළ වියරු පෙරැළි කරනා හඬ ඇසේඉවුරු ඉද්දරතුරු වියන් එළා ලූමාවතේ කෙළවරඉදුණු පත් නටමින් බිම වැටේ.අරුත් සුන් බැල්මෙන්ඔබ බලා සිටිනුයේ කවර වූ හිස් බවක් දෙසද ?නො හැඟේ ද ඔබට?නො ...
මුළු ගැන්වුණ අසුන මගේ | පසළොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! පැමිණියෙමි මම ගයන්නට ඔබේ ගීතය. මේ විසල් මණ්ඩපය තුළ මුළු ගැනුණු අසුනක් හිමිව ඇතඉටු කරන්නට මා අත ඔබේ ලොව තුළ කිසිත් නැත නිෂ්ඵල වූ මා දිවිය හසරක් නොදුටු ස්වර සංහිතාවක් සේ බිඳෙනු මිසමැදියමේ අඳුරු දෙවොලත නිහඬ පිණිපා හෝරාව එළැඹි කල විදන් දෙනු මැනවි ඔබ අබියස ගයන්නට මා ස්වාමිනීහිමිදිරි නලින රන් වෙණ තත් සුසර වන සඳ සම්භාවනාවකි මට ඇණවුම ඔබ අබියස ...
නිදහසේ සෙනෙහස | තිස් දෙවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ලොවේ මට පෙම් කරන හැම දෙනරකින්නට වෙර දරති මා බැඳඑ හැම පරදන ඔබේ සෙනෙහසඅහිමි නො කරයි මගේ නිදහසසිතින් ගිලිහී යතැයි බිය වැදඑ හැම මා හැර නොයති තනි කොටනමුදු ගත විය දින ගණන් බෝනොලැබ ඔබගේ දසුන හෝ මටනො කැඳවූවත් මගේ යැදුමකනොසිටියත් ඔබ දරා හද තුළ දනිමි ඔබැ පෙම බලා සිටිනාඅයුරු එනතුරු මගේ ප්‍රේමය__________________________________________________________________By all means they try to hold me secure ...
කවුරුන් ද ලුහුබඳින්නේ මා? | තිස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! තනි ව මඟ බැස මමඇවිද එමි රහස් හමුවටඑනමුදු කවුරුන් ද මේ?ලුහුබඳින්නේ මා පසුපසනිසංසල අඳුර තුළමග හරිනු පිණිස ඔහු ඉඩ හරිමි පසෙකට වී නමුදු නොහැකි ය මටයන්න ඔහුගෙන් මිදී උඩඟු බවින් කළඹා පොළොවේනංවයි දූලි වළා ඔහුගේ උස් හඬ රැව් දෙයි මා කොඳුරන වදනක් පාසා මගෙම කුඩා පිලිබිඹුව යි, ඒ හිමියනි!නොමැත ඔහුට විලි බියක්එනමුදු මා විලිවැදෙමි කැටුව ඔහුපැමිණෙන්නට දොරකඩ වෙත ඔබගේ_____________________________________________________________I came ...
ඔබ මා සොයා පැමිණෙන මාවත | විසි තුන් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! ඔබ පිටත් වූයේද මිතුර!මේ කුණාටු රාත්රියේප්රේම චාරිකාවේ යෙදෙමින්කෙඳිරි ලයි අහස් කුසප්රාර්ථනාවන්සිඳ බිඳ විසිර ගියඑකකු සේ!නින්ද නැත - මා නෙත් මත,සදාකාලයෙන් සදාකාලයටයළි යළිත් යළි යළිත්විවර කරමින් - කවුළු පියන් පත්නෙත් හෙළන්නෙමි,හාත්පස පිරි අඳුර වෙත.කිසිවක් නො වේ මා අබියස.නො පෙනේ මටඔබැ පිය හසර රැඳෙන තැන.සායමක් සේ කළුව ගියදිය දහර රැඳි නදී තෙරඅඳුරින් බොඳවැ ගියකවර ඉවුරෙක ද ?රැවුම් ලන වන පෙතේකවර තීරයෙක ද ...
සියල්ල ම ඔබ ගන්න | සිව් තිස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! සියල්ල ම මා දිවියේඔබ ම යැයි පවසන්නඅවැසි වන අල්පය ම පමණක්ඉතිරිකොට මා වෙතඅන් සියල්ල ම ගන්නදැනෙන්නට ඔබ දසනුදිග,ළං වන්න ඔබ වෙත සියල්ලෙන්,පුදන්නට පාසා ඇසිල්ලක් මා හදේ රැඳෙනා සෙනෙහස,අවැසි වන අල්පය ම පමණක්ඉතිරිකොට මා පැතුමෙහිඅන් සියල්ල ම ගන්නකිසි විටක ඔබ කෙරෙන්මිදී සැඟවී නොයන්නටඅවැසි වන අල්පය ම පමණක්ඉතිරිකොට මා වෙතඅන් සියල්ල ම ගන්නමගේ දිවිය ම ඔබැ පැතුම වී බැඳෙන්නට ඔබගේ අබිලසින් අවැසි ...
පැහැර ගත් පුදසුන | තිස් තුන්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! දිවා කළ මා නිවහනට වන්ඔවුහු කීවෝ ‘ඇබිති ම ඉඩක් පමණෙකිමෙහි අපිට ඕනෑ’‘සහය වෙන්නම් ඔබටදෙවිඳු නමදිනු පිණිසයටහත් ව පිළිගන්නම්දිව්යමය දයාවේඅපට හිමි කොටස පමණක්’එසේ පැවසූ ඔවුහුතැන්පත්ව මුළු ගැනුණ අසුනකසිටියෝ යටහත් ව නිහඬ වනමුදු කළුවර රාත්‍රියේ උන්නොහික්මුණු හැඩි දැඩි කමින් කඩාපැන මා පිදුම් කුටියටඅපරිශුද්ධ වූ ගිජු කමින් පැහැර ගන්නා අයුරු දුටුවෙමිසියලු පුද පෙත්, පුදසුනින්When it was day they came into my house and ...
කොතැන දෙවිඳුන් වැඩ වෙසෙන්නේ? | එකොළොස්වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නවතන්න යාතිකා!නවතන්න නව ගුණ ගීතිකා!වැදී මේ පාලු දෙවොල තුළ දොරගුළු වසා සිරකොටඅඳුරු කොනකට වී හුදෙකලා පුදනුයේ කවරකුද ඔබ?දෑස් හැර දකිනු මැනදෙවිඳු ඔබ අබියස නොමැති වග!සිටී ඔහු! ගොවියාතුමුල් පස් පිඬු පෙරළනා තැනසිටී ඔහු! මං තනන්නාවිසල් ගල් කුළු බිඳ හෙලන තැනවරෙක සැඬ හිරු කිරණ සේ වරෙක සිහිලැල් සිරි පොදක් සේදූලි ගත දවටාගෙනසිටී ඔහු, ඔවුන් කැටි ව මසුපිරිසිදු සළු ඉවත ලාඑනු මැනව ඔහු ...
මගේ දේශය අවදි කරනු මැන | පන් තිස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! කො තැනක ද තිබෙන්නේබිය සැකෙන් තොර වූ සිතක්නොබා ඔසොවා තබාගෙන හිසසිටින්නට හැකි වන තැනක්කො තැනක ද තිබෙන්නේචින්තනය නිවහල් තැනක්පටු හැඟුම් පවුරින් බෙදී ලොවකැබැලි වී නොයනා තැනක් සත්‍යයේ පතුලින් ම මතු වීවදන් වැල් හැඬවෙන තැනක්සපිරි බව වෙත නොසිඳි දිරිය මදෑත දිගු කරනා තැනක්ආදි කල්පික දීන පැවතුම්මරු කතර වැලි අතර සැඟවීනිමල වූ දිය දහර පැණසරඅතුරුදන් නොවනා තැනක්නිබඳව ම පැතිරී පුළුල් වනසිතුම් පැවැතුම් ...
මා නම දරනා මිනිසා | නව විසි වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මා නම දරනා මිනිසා වැළපෙයිසිර වී බිම්ගෙයි නපුරුතත්පර වූයෙමි ගොඩ නඟමින් නිති මා වට කළ තුඟු පවුරුදවසින් දවසට දිවයන අහසට එහි සෙවණැල්ලෙන් අඳුරුවියොවුණි දසුනෙන් මා පැවතුමෙහිසැබෑ ගති සොබා සොඳුරුඅහංකාරයෙන් දැපී පවුර ගැනපිරියම් කොට නම මහරුරැගෙන අවුත් වැලි සුනු බදාම ඈවසා කුදු මහත් සිදුරුහිලව් පිණිස මා දැරූ වෙහෙස මහපිරිබඬ ලන්නට පවුරුවියොවුණි දසුනෙන් මා පැවතුමෙහිසැබෑ ගති සොබා සොඳුරු_________________________________________________________________He whom I enclose with ...
ඔබේ දසුනෙන් වියෝවූ හද - පස් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! දුන මැනව අවසර නිමේෂයකටඔබ පසෙක හිඳ ගැනුමටනිමා කරලනු පිණිස වූ සියළු දෑ මමඉන් පසුව හඟින්නෙමි.ඔබේ දසුනෙන් වියෝවූ හදනොදන්නෙය,සහනයෙක සැනැසුමෙක සේයාපලායයි සියලු දෑහසරක් නොදැන කැලැඹෙයිවෙරළක් නුදුටුසමුදුරු රළ පෙළක් මෙන් කවුළු දොරකඩ වෙත පැමිණිගිම්හානයේ සුසුම් හඬරහස් කෙඳිරිලි හඬ මට ඇසේමල් මියුරු අංගනයේබැඳුණු පැසැසුම් ගායනාමිහිලොල් හඬින් අනුරාව නැංවේ.මේ................!නිසොල්මනේ වාඩිවීඔබැ මුව දෙස බලාගෙනපිරී ඉහිරෙනසැනැසුමින් හා නිසංසල බවින් උපන්ජීවිතය ගැන බැඳුණුඋදාන ගී ගැයිය යුතුවේලාවයි.......!_________________________
මේ සිඟිති මල් කැකුළ - හවන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! නෙලා රැගෙන යනු මැනමේ සිඟිති මල් කැකුළනොපමාව........!මිලානව එයදූලි මත වැදකෙලෙසෙතැයි මම බියවෙමි.ඔබැ උර තලෙහි රැඳෙනාමල් අමෙකඑයට ඉඩ අහිමි වුව,නෙලාගත මැන එයඔබේ දෑතේවේදනාබර ස්පර්ශයෙන් පුදමින්!මා අවදිවනු පළමුඅද දවස නිමාවීපිදුම් කල නිමාවී--යතැයි මම බියවෙමි.පැහැයෙන් සිථිල වුවසුවඳින් නොගැඹුරු වුවයොදාගත මැන එමල ඔබ සැනහුමෙහි;නෙලාගත මැන එමල, මේ සුදුසු කාලයෙහි.__________________________________________________________________Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop ...
හදවතේ ගැඹුරුතම පූජාසනයේ සිටී ඔබ - සිව් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! මගේ දිවියේ සාරය!වෑයම් කරමි නිරතුරුපිවිතුරුව තබා ගන්නට මා ගතදන්නා හෙයින් ඔබැ දිවමන් පහසමා ගත පුරා රැඳෙන බවවෑයම් කරමි නිරතුරු සිතිවිල්ලෙන්අසත්යය පලවා හරින්නටදන්නා හෙයින් සත්යයයපමණක්මැ බවදල්වා ලන්නේ විචාර බුද්ධියේ ආලෝකයවෑයම් කරමි නිරතුරු මා හදවතින් සියලු පාපය පලවා හැරආදරය රඳවන්නට මල් කැකුළකදන්නා හෙයින් හදවතේගැඹුරුතම පූජාසනයේඔබ වැඩ වෙසෙන බවවෑයම් කරමි මා මගේ ක්‍රියාවන් තුළ ඔබව හෙළිදරව් කරන්නටදන්නාහෙයින් මගේ කටයුතු වලටදිරි ලැබෙන ඔබේ ශක්තිය ...
කියන් සිරකරුවාණනි | තිස් එක් වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! කියන් සිරකරුවාණනි මෙලෙස බැඳ දැමූයේ කවුරුන් ද නුඹ?‘ඒ මගේ හිමියා ය’ පැවැසී සිරකරු.‘ධනයෙන් ද බලයෙන් ද මැඬලන්න හැකිවෙතැයි ලෝ වැසි සියල්ලන්සිතූයෙමි මම නිබඳ.තර කෙළෙමි මා නිදන් ගෙය නිරිඳුනට හිමි ධනය රැස්කොට.නින්ද ආ කල පරයමින් නෙත සැතපුනෙමි මම සයනයේහිමිසඳුන් වෙනුවෙන් තැනූ.යළි පිබිදි කළ දුටිමිසිටිනා’යුරු සිරකරුවකු වී මගෙ ම නිදන් ගෙයි අබතුරෙහි.‘කියන් සිරකරුවාණනි මෙලෙස තැනූයේ කවුරුන් ද බිඳ නොහෙන මේ යදම?’‘ඒ මම ...
හිත හදාගනු බැරි ව ලතවෙමි | අට විසි වන ගීය !!.ගීතාඞ්ජලී | Gitanjali.!! උඩඟු දැඩිකම් යදැල් වී එයබිඳිනු වෙහෙසෙත, රිදෙයි හදවත අවැසි නිදහස, පමණි මා හට විලි වැදේ පෙරමග බලන හිතඔබ යි මිල කළ නොහැකි වූ ඒඉසුරු සම්පත, සහතිකෙන්ඔබ යි මාගේ උතුම් වූ ඒකල්යාණ මිතුරාණන් මගේ කුටිය ම පිරී ඇත නන්සරුව පිත්තල විසිතුරින්හිත හදාගනු බැරි ව ලතවෙමිඉවත ලන්නට අමදිමින්පිරුවටය මා පෙරෙවි, සැදුණේමරණයෙන් සහ දූලියෙන්කරමි පිළිකුල් නමුදු නැවතත්වැළඳ ගන්නෙමි ප්රේමයෙන්මිරිකෙමින් ණය බරින් සුවිසල්මගේ මහ ...