මගේ පුස්තකාලයෙන් – A Glimpse from My Library Jangun ලංකාවේ ඉතිහාසය ගැන කතාකරද්දී, ‘ලෙනාඩ් වුල්ෆ්’ නමැති, පරිපාලන නිලධාරියා/ගත් කතුවරයා/මානව විද්‍යාඥයා, ගැන නොකියා ඉන්නට බැහැ. එමෙන්ම ඔහු ලාංකික ජනසමාජය වෙත දැඩි බැඳීමකින් කටයුතු කල පුද්ගලයෙක්. ඔහුගේ ලාංකික ජීවිතය පිලිබඳ විවරණයක් රැගත් අගනා පුස්තකයක් මගේ පුස්තකාලයේ තිබෙනවා. මා සිතුවා එහි ඇති යම් යම් තොරතුරු ඔබ සමග බෙදා හදාගන්නට. මේ පොත 2005 දී මුද්‍රණය කර ඇති අතර, [...] ...
තමන් ඇඳි නිල ඇඳුමත් කෙලෙසන්නෙක් Jangun මගේ බ්ලොග් අඩවියට ලැබුන කමෙන්ට් එකක් ඔස්සේ කරුණු සොයා ගිය මට බ්ලොග් හොරෙක් අතටම අල්ලාගන්න පුළුවන් වුනා. මොහු තමන්ව හඳුන්වා දී තිබෙන්නේ යුද හමුදාවේ සේවය කළා කියලයි. මොහු ඇඳ සිටින නිල ඇඳුම් සහ නිල ලාංචන දෙස බැලීමේදී, මොහු ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායට අයත්ව සිටි කපිතන් වරයකු බව පෙනෙනවා. මොහු මගේ බ්ලොග් අඩවියෙන් [...] ...
සංග්‍රාමයේ පියසටහන් (පළමුවැනි කොටස) – Milestones of Warfare (Part One) Jangun ඇමරිකානු ජාතික ග්රන්ථ කර්තෘ විලියම් වියර් - William Weir විසින් රචිත 50 Weapons That Changed Warfare නමැති කෘතිය ඇසුරෙනි. යුද්ධයට කැමති කවුද කියලා ඇහුවොත්, බහුතරයකගේ පිළිතුර වන්නේ, කැමති නැහැ කියන එකයි. නමුත් අපි කැමති වුනත් නැතිවුනත්, යුද්ධ ඇතිවෙන එක තනි තනිව වලක්වන්න බැහැ. අපි ඇත්තටම අපේ මනස ජයගත්දාට තමයි, යුද්ධය මේ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් […] ...
වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (තුන්වැනි කොටස) Jangun කොහොමද සැපදුක්? සතියකට පමණ පසු, අපි ආයෙත් වැටේ කතාවත් එක්ක මුණගැහෙනවා. දැන් ඔබට සතුටුදායක අවබෝධයක් ඇති, යුද බිමක ඉදිවන, ආරක්ෂිත බාධක ඉදිකිරීම් පිළිබඳව. පහුගිය ලිපි දෙක කියෙව්වේ නැත්නම්, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. ඒ ලිපි දෙක ගැන අවබෝධයකින් තොරව මේ කොටස කියවීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. පසුගිය […] ...
බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත් ග්රන්ථයක් පිළිබඳව කෙරෙන හැඳින්වීමකි. මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, […] ...
මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා! Jangun අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු. එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද මේකනේ වැඩේ. එතුමාට පැන්සොන් කාරයෝ මතක්වුනේ ළඟදීම පැන්සොන් යන්නවත් අදහසක් ඇතිවෙලාද දන්නේ නෑ. අනේ එහෙම උනොත් අපිත් එක්කම එක පොලිමේම ගිහින් පඩි ගන්න […] ...
යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (දෙවැනි කොටස)…………….. Combatants and Non Combatants (Part Two) Jangun මේ ලිපියේ පළමුවැනි කොටස කියවූ බොහෝ දෙනෙකු, සාර්ථක ප්‍රතිචාර දක්වා තිබුණා. ඔබ අතරින් සමහරකු අදහස් දැක්වීම් නොකලත්, සෑහෙන පිරිසක් එම ලිපිය කියවා ඇති බව, බ්ලොගර්/වර්ඩ්ප්‍රෙස් දර්ශක දෙකේම පෙන්වා තිබෙනවා. හොඳයි, පසුගිය ලිපියේ අවසානයේදී, මා ඔබට යම් අභ්‍යාසයක් දුන්නා. ඒ තමයි යුද හමුදාවක තිබෙන, සටන්කාරී සහ සටන්කාරී නොවන රෙජිමේන්තු මොනවාද යන්න තේරීම. කීප දෙනෙක්ම සාර්ථක […] ...
උතුරේ සංචාරයක් (තුන්වැනි කොටස) Jangun මා ඔබව රැගෙන යන උතුරේ සංචාරය, බොහෝ දෙනෙකුගේ සිත් ඇදගන්නා බව, අදහස් දැක්වීම් වලින් පෙනෙනවා. අද මා ඔබව රැගෙන යන්නේ ඩෙල්ෆ්ට් දූපතටයි. මතකනේ, අපි මුලින්ම මුලතිව් කිලිනොච්චි පැත්තෙන් යාපනයට ආවා. ඊට පස්සේ, යාපනයේ නැවතිලා, පහුවදා පිටත්වුනා ඩෙල්ෆ්ට් යන්න. ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැපු තැනින්නේ, පසුගිය කොටස අවසන් වුනේ. අද එතැන් සිට. අදනම් පින්තූර ගොඩක් තියනවා. […] ...
අංකල් සෑම් යුද්ධ කරපු හැටි Jangun පහේ පන්තිය භාර ටීචර් ළමයින්ට පැවරුමක් දුන්නා. හෙට එනකොට හැම දෙනාම තමන්ගේ දෙමවුපියන්ගෙන් හෝ වැඩිහිටියෙකුගෙන් කතාවක් අහලා ඉගෙනගෙන එන්න ඕනේ. ඒ වගේම ඒ කතාවේ අවසානයට මොකක් හරි ආදර්ශයක් ගන්නට පුළුවන් දෙයක් තියෙන්නටත් ඕනේ. ඔන්න ඉතින් පහුවදා එක එක ළමයා පන්තියේදී තමන් ඉගෙනගෙන ආව කතාව කියනවා. මුලින්ම ‘හිමාලි’ ගේ වාරය. මෙන්න හිමාලිගේ කතාව. අපේ තාත්තට ලොකූ කුකුල් කොටුවක් තියනවා. එකේ ඉන්න ...
වදන් බලය 4 – Word Power 4 Jangun මා දන්නවා ඔබ බලාපොරොත්තුව සිටින්නේ යුද්ධ ටැංකි පිලිබඳ ලිපියේ මීළඟ කොටස බව. නමුත් පහුගිය සතියේ සිට මා තවමත් අතිශයින් කාර්ය බහුළ තත්වයකට පත්වී සිටිනවා. යුද්ධ ටැංකි ලිපියේ තුන්වැනි කොටසෙන් බාගයක් පමණයි තවමත් අවසන් කර තිබෙන්නේ. ඒ නිසා මා සිතුවා, කළින් සකසා අවසන් කර තිබුණ, මේ ‘වදන් බලය’ ලිපිය ඔබවෙත දෙන්නට. අමනාප වන්නට එපා. හැකි […] ...
ඉස්කෝලේ යන කාලේ 11 Jangun මගේ ශිෂ්‍යභට ජීවිතය ගැන ලියන්න කියලා ‘හීනලන්තයේ හරී’ කියලා තිබුනා. ඇත්තටම මට ශිෂ්‍යභට ජීවිත දෙකක් තියනවා. 1. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටියදී ගතකල ශිෂ්‍යභට ජීවිතය. 2. යුද හමුදා ශිෂ්‍යභට ජීවිතය. එයින් අද ලියන්නේ පාසල් ශිෂ්‍යභට ජීවිතය ගැන. අපි පාසල් ශිෂ්‍යභට ජීවිතය ගතකලේ 1966 සිට 1973 පමණ වනතුරු. ඒ කාලයේ මුලින්ම තිබුනේ ලංකා ශිෂ්‍යභට බලකාය (Ceylon Cadet Corps – C.C.C) ශ්‍රී ලංකාව ...
අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවය Jangun අදට යෙදෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඒවා තිබුණු ලිපියක් ඔබේ කියවීම සඳහා මෙසේ පළකරනවා. අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය. එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොර වීමත් අරගලය ස්වාර්ථය සඳහා යොදා නොගැනීමේ සාධකය නිසාත් කැපී පෙනෙයි. […] ...
ලේසි වැඩේ කෝකද? Jangun මීළඟ ලිපිය පල කරන්නට පෙර මේ බ්ලොග් එක බලන සියලු දෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න ප්රශ්නය. ඉතා නවීන රයිෆලයක් ඔබ අතේ තියනවා. ඔබ එයින් වෙඩි තියන්නත් දන්නවා. ඔබ එක දවසක් දඩයමේ යනවා. ඔබ දකිනවා මීටර් 200 ක පමණ කඳු මුදුනක සිටින එළුවෙක්. ඔබ ඌට වෙඩි තියනවා. (වැදුනාද නැද්දැයි මා දන්නේ නැහැ) ඒ වගේම එම කඳු මුදුනේ ඔබ සිටින විට දකිනවා, ...
අපේ කාලයේ තුවක්කු 5 Jangun මේ ලිපිය ලියන්නට හිතාගෙන හිටි එකක් නෙවෙයි. අපේ කාලයේ තුවක්කු ලිපි පෙළ, තවත් ලිපි තුනකින් පමණ අවසන් කරන්නට හිතාගෙන හිටියත් අටම්පහුරෙන් ලැබුණු පෙළඹවීම, විමසීම, උනන්දු කරවීම මත තමයි මේ ලියන්නේ. ඒ ගැන අටම්පහුරට මගේ ප්‍රණාමය. ඉතින් මේ ලිපිය හැර අපේ කාලයේ තුවක්කු ලිපි තවත් කීපයක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එනවා. Shotgun – ෂොට්ගන් හෙවත් ව්‍යවහාර භාෂාවෙන් පතරොම් තුවක්කු යන වර්ගීකරණයට ...
පළමුවැනි සතුරාගේ මරණය Jangun 1985 මාර්තු 8 වැනිදා උදේ 6 ට ආසන්නයි. මේ දවසත් වෙලාවත් මා මියයනතුරු අමතක වෙන්නේ නැහැ. මම ඒ කාලයේ යුද හමුදාවේ ‘තනි තරුවේ’ කියාගෙන හිටිය කාලේ. පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ‘පූනානි’ කියන ප්‍රදේශයේ තමයි මම සේවය කලේ. ඒ දිනවල එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය බලය තහවුරු කරගන්නට ආරක්ෂක හමුදා සමග නිතර සටන් වැදුනා. එයින් බොහොමයන් සැඟවී සිට එල්ල කරන ප්‍රහාර. මේවා මැඩපැවැත්වීමට ආරක්ෂක ...
මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ Jangun වාහනයක රියදුරෙකුට තම වාහනයේ දෙපැත්තෙන් පසුපස බැලීමට සයිඩ් කන්නාඩි තිබෙනවා. ඒ වගේම පසුපස බලන්නට තවත් කන්නාඩියක් වාහනය ඇතුලේ තියනවා. දැන් කාලේ වාහන වල පසුපස සවි කල කැමරාවක් තිබෙන නිසා වහනය රිවස් කිරීම පහසුයි. අපි දන්නවා මුහුදේ දිය යටින් ගමන් කරන සබ්මැරීන්. මේවා දිය යටින් ගියත් වරින් වර දිය මතුපිටට පෙරිස්කෝප් එක යොමු කර අවට තත්වය සොයා බලනවා. හැබැයි වර්තමානයේදී චන්ද්‍රිකා තාක්ෂණය ...
අමුතු තාලේ ගිනි අවියක් Jangun මේ කතාව ආරම්භ කරන්නට කලින් එක දෙයක් මතක් කල යුතුයි. මේ මගේ බ්ලොග් එකේ 50 වැනි ලිපිය. 2011 දෙසැම්බර් මස 15 වැනි දින ආරම්භ කල මේ බ්ලොග් අඩවිය ඉතා සුළු පිරිසකගේ හෝ අවධානයට යොමුවීම සතුටක්. එමෙන්ම මා, මේ කාර්යය කරගෙන යන්නේ තොරතුරු තාක්ෂණය ගැන පොත් පත් වලින් ලබාගත් දැනුමෙන් සහ පරිගණක අලුත්වැඩියාව පිළිබඳව උඩින් පල්ලෙන් කල විකාර පාඨමාලාවකින් පසුවයි. හැබැයි ...
සුවඳ හමන ‘නයිට් ගාඩ් එක’ Jangun මේ සිදුවීම් කීපයට මා මුහුණ දුන්නේ 2002 දී පමණ බවයි මගේ මතකය.එවකට මා සේවය කලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොටසකුත්, මුලතිවු දිස්ත්‍රික්කයේ කොටසකුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසකුත් අයත්වනලෙස පිහිටවා තිබුන බලසේනා මූලස්ථානයකයි. මේ මූලස්ථානයේ කඳවුරු ආරක්ෂාව සඳහා කාන්තා බලකායට අයත් භට ඛණ්ඩ දෙකක් යොදවා තිබුනා. ඒ සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් කරන ලද කඳවුරු ආරක්ෂක මුරයට අමතරවයි. කෙසේ වෙතත් කාන්තා සෙබළියන්ට දී තිබුනේ ...
සාජන්ට් ගේ ‘ඇම්බුෂ්’ එක Jangun මේකනම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිදු වූ ඇත්ත කතාවක්. ඒ නිසා බොහොම සංක්ෂිප්තව තමයි කතාව කියන්නට වෙන්නේ. පසුගිය යුද සමයේ මෙවැනි රසවත් සිදුවීම් ලක්ෂ ගානක් ඇති. ඉඩ ලැබෙන ආකාරයට සහ යම් යම් නීතිමය රාමු වලට අනුකූලව ඒවා පල කරන්නට අදහස් කරනවා. සතුරා සමග සටන් කිරීමේදී ඔහුගේ බල බිඳින සාර්ථක උපක්‍රමයක් තමයි රැක සිට පහරදීම. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය හඳුන්වන්නේ ඇම්බුෂ් (Ambush) ...
අලුත්ම ත්රස්තවාදියා Jangun තලේබාන් කාරයෝ ලෝක කපටියෝ. මෙන්න මුන් අලුත්ම අවියක් නිපදවලා. උන් මේකට කියන්නේ ‘බැටළු රොකට් විදිනය’ ‘Sheep Rocket Launcher’ කියලලු. පේනවා නේද බැටළුවා බලාගෙන ඉන්න මරුමුස් විදිහ. දකිනකොටත් බයේ බෑ. හොඳ වෙලාවට එල්.ටී.ටී.ඊ කාරයෝ මේක ඉගෙන නොගත්තේ. ඉගෙනගත්තනම් යාපනේ පැත්තේ හිටිය එළුවෝ යොදවලා, මේ විදිහටම ‘එළු රොකට් ලෝන්චර්’ එකක් හදන්ඩ ඉඩ තිබුනා. බලන්ඩකෝ මේකා බැටළුවා කියලා නැහැ, හෙල්මට් එක එහෙම දාගෙන ...