අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (දෙවැනි කොටස) The Battle Tank (Part two) Jangun කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ […] ...
අපේ කාලයේ වීරයෙක් Jangun රාජේශ් ඛන්නා මියගිය පුවත මට දැනගන්නට ලැබුනේ දැනට පැය භාගයකට පමණ පෙරයි. 1960 දශකයේදී මා හඳුනාගත් මේ සිනමා වීරයා, එකල තරුණ අපේ හදවත්හි නංවාලන ලද ප්‍රේම කල්පනා අපමණය. ඇත්තෙන්ම තාරුණ්‍යයේ ප්‍රේමය අප හදවත් තුලට ඇතුළු කිරීමට මුල්වූ සිනමා නළුවකු ලෙස ඔහු හැඳින්වීමේ වරදක් නැත. මා ඔහුව සියැසින් දැක නැතිද, ඔහුගේ කුසලතාවයෙන්, සහජ දක්ෂතාවයෙන්, රංගන වින්‍යාසයෙන්, ඔප් නැංවුණු සිනමාපට විශාල සංඛ්‍යාවක් ...
කොපි පුස්සාට අභියෝගයක් (සමථයකට පත් කළෙමි) Jangun මෙම ලිපිය සම්බන්ධයෙන්, ‘අන්තිම පේළිය’ අඩවියට සම්බන්ධ සාමාජිකයන් කීප දෙනෙකු විසින්, සිදුවූ වරදට කණගාටුව ප්‍රකාශ කොට, සමාව අයැදිමින් පහත අදහස් දක්වා ඇති බැවින්, මේ පිළිබඳව මින් ඉදිරියට කිසිදු සඳහනක් නොකිරීමටත්, මෙම සිද්ධිය මෙතෙකින් අවසන් කිරීමටත් තීරණය කළ අතර, මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ සියලු දෙනාට, මගේ කෘතඥතාව පළකරමි. කෙසේ වෙතත් අදාළ අඩවි පරිපාලක සහ […] ...
සපත්තුවේ ඉතුරු ටික Jangun සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මා ලියනලද ලිපිය 1100 කට වැඩි පිරිසක් කියවා තිබුණා. සපත්තු ගැන මෙන්ම සපත්තු පොලිෂ් කිරීම පිළිබඳව මීට පෙර නොදත් කරුණු ඒ ලිපියෙන් දැනගත් බව සමහරු කියා තිබුනා. එලෙස දැනුම බෙදා දෙන්නට හැකිවීම සතුටට කරුණක්. අද මා සපත්තු පිළිබඳව තවත් වැදගත් කරුණු ටිකක් කියන්නයි යන්නේ. සපත්තු දැමීම එක්තරා කලාවක්. හැබැයි සපත්තු තෝරා ගැනීමත්, අවස්ථාවට සුදුසු පරිදි පැළඳීමත් ...
ඒයි ඇම්ඩන්. . . . .දන්නවද එස්.එම්.එස්. එම්ඩන් කියන්නේ කවුද කියලා? Jangun ඇම්ඩන් කියන්නේ කාටද කියලා මම ඔබට පැහැදිලි කිරීමට ගියොත් මම විහිලු කාරයෙක් වෙනවා. ඒ තරමට වර්තමාන සමාජය ඇම්ඩන් කියන වචනයේ තේරුම දන්නවා. අපේ ළමා කාලයේදී නම් ඇම්ඩන් කියන වචනයේ තේරුමට සමාන වුණේ, ලෝකෝත්තරයා, කයිරාටිකයා, ගල් ආඳා, සීතල ගණන් කාරයා, වැනි වචනයි. වර්තමානයේදී නම් කටකාර, කපටි, නූල් සූත්තර කාරයන් වැහි වැහැලා ඉන්න නිසා, ඒ ඔක්කොම ඇම්ඩන් කියන වර්ගීකරණයට තමයි වැටෙන්නේ. හැබෑට කොහෙන්ද මේ ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (හතරවැනි කොටස) – Battle Appreciation and Plan (Part Four) Jangun කොහොමද සැපදුක්? මාත් එක්ක යුද්දෙට යන්න ලෑස්තිවෙන නිසා හිතට බයක් චකිතයක් එහෙම දැනෙනවද? එහෙම නැත්නම්, කවදද ‘ඔපරේෂන් ගර්ල් ලිෆ්ට්’ හෙවත්, කෙල්ල ඉස්සීමේ මෙහෙයුම කරන්නේ කියලා, ඇඟිලි ගනිමින්ද ඉන්නේ……..? ඔපරේෂන් එක සාර්ථක කරගන්න නම්, ඉතා හොඳ සැලැස්මක් තිබිය යුතුයි. නිකං ආවට ගියාට කෙල්ල උස්සන්න ගියොත්, කෙල්ලගෙ පැත්තේ අය, අපේ බෙල්ල ගලෝලා අතට දෙයි, ‘යන ගමන් […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (තුන්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Three) Jangun අනේ මන්දා, මම මේ ලිපි පෙළ ලියන්න පටන් අරං තියෙන්නේ, මොකක්දෝ මහා අපල ග්‍රහචාරයක් තියන වේලාවකද කියලා හිතෙනවා. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම කිව්වනේ, ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 වර්ෂයේදී කියලා. පින්තූරය ගත්තේ මෙතනින් ඉතිං බලන්න, පළමුවැනි කොටස පළකර ගන්නම කොච්චර කාලයක් ගියාද. ඊළඟ දෙවැනි කොටස පළකරන්න ලැස්ති වෙනකොටම, වෙනත් වැදගත් මාතෘකා දෙකක් ඔලුවට […] ...
නිර්භීත සතුරා ‘බිස්මාර්ක්’ – Battleship Bismarck – (තුන්වැනි කොටස) ‘අවසන් සටන’ ‘The Final Battle’ Jangun බිස්මාර්ක් යුද්ධ නැව පිළිබඳව ගෙන එන ලිපි මාලාවේ තුන්වැන්න සහ අවසාන ලිපියයි මේ. පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ ඔබෙන් ලද ප්‍රතිචාර මා බෙහෙවින් අගය කරනවා. ඇත්තවශයෙන්ම බිස්මාර්ක් සිද්ධිය සම්බන්ධයෙන් මා අධ්‍යයනය කල තොරතුරු සමුදාය අනුව, සියලු කරුණු කාරනා ඇතුලත් කොට ලියන්නේනම්, යටත්පිරිසෙයින් ලිපි පහක්වත් ලිවිය යුතුයි. එහෙත්, බ්ලොග් කියවන්නන්, ඉතා දීර්ඝ ලිපි කියවීමට මෙන්ම, කොටස් ගණනාවක් කරා යන ලිපිද, (රැල්ලේ ...
කවුද හදන්නේ , කවුද ගන්නේ, කවුද මරාගන්නේ? Jangun දිග ලිපියක් ලියන්න අවශ්‍ය කාරණයක් නෙවෙයි මේ. කවුද ලෝකයේ වැඩියෙන්ම කුඩා පරිමානයේ අවි ආයුද විකුණන්නේ, කවුද ඒවා මිලදී ගන්නේ, මෙතනින් බලන්න. මෙය හොඳින් බලන්න පුළුවන් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයෙන්. Filed under: ලිපි Tagged: තාක්ෂණික තොරතුරු ...
නයිට් කොම්පස් මාර්ච් Night Compass March Jangun තාක්ෂණික දියුණුවට සමගාමීව වර්තමාන ලෝකවාසීන්ගේ ජීවිතය වෙනස් වන්නේ සිතාගත නොහැකි වේගයකිනි. මෙයට හොඳම උදාහරණය වන්නේ පරිගණකයයි. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියේ 1968 වසරේදීය. එකල පරිගණකයෙන් ප්‍රතිඵල නිකුත්කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සතුව පරිගණක පහසුකම් තිබුනේ නැත. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුව තිබුණු පරිගණකය ඒ සඳහා යොදා ගැනුනි. ඒ පරිගණකය පිලිබඳ තොරතුරු එකල පුවත්පත්වල පල වුනේ විශාල හෙඩින් සමගය. එම පරිගණකය වෙනම ...
ඌන පූරණයක් Jangun යුද හමුදාවේ සාමාන්‍ය සෙබළකු හඳුන්වන නම එක් එක් රෙජිමේන්තුව අනුව වෙනස්වන බව මා සඳහන් කළා ඔබට මතක ඇති. එහිදී මා කාන්තා බලකාය ගැන සඳහන් කරමින් කියා සිටියේ, කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළියක හඳුන්වන්නේ කාන්තා සෙබළ හෙවත් කාසෙ යන නමින් බවයි එහෙත් යුද හමුදාවට බඳවා ගන්නා සියලුම සෙබලියන් බඳවා ගන්නේ කාන්තා බලකායටම නොවේ. උදාහරණයක් වශයෙන් යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත පොලිස් ...
ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද, (දෙවැනි කොටස) Jangun පසුගිය ලිපියෙන් ඔබට හමුදා නිල පිළිබඳව මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා සිතනවා. එහිදී මා යුද හමුදාව විශේෂ කර කරුණු දැක්වුවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සම්බන්ධයෙන්ද එම තත්වය බොහෝ දුරට එසේමයි. කෙසේ වෙතත් මේ ලිපියෙන් මම විශේෂ අවධානය යොමු කරන්නේ, ලිපියේ මාතෘකාවටද ගැලපෙන පරිදි ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල මොනවාද යන්න පැහැදිලි කිරීමටයි. මෙහිදී මා සමහර නිල හැඳින්වීම සඳහා සිංහල ...
නිර්භීත සතුරා ‘බිස්මාර්ක්’ – Battleship Bismarck (දෙවැනි කොටස) ‘තර්ජනය – Threat’ Jangun බිස්මාර්ක් යුද නැව සම්බන්ධ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙන් ඔබට ඒ නැව පිලිබඳ සතුටුදායක අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා. යුද නැවක භූමිකාව සහ කාර්යභාරය (Role & Task) කෙබඳුද යන කාරණය පිළිබඳවත්, පොදුවේ යුද නැව් පිලිබඳ උනන්දුව දක්වන අයටත්, මේ ලිපි මාලාවෙන් යම දැනුමක් ලබාගත හැකිවේයැයි වැඩිදුරටත් සිතනවා. දෙවැනි ලෝක යුද සමයේදී නාවික හමුදා තීරණාත්මක සාධකයක් වුනා. විශේෂයෙන් අත්ලාන්තික් සාගරය මෙන්ම මධ්‍යධරණී මුහුදේ සහ රතු මුහුදේ ...
මේ බල්බ් වර්ගය මිලදී ගන්න එපා – Poor Quality CFL Bulbs Jangun පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි. දැල්වී තිබියදී, එකවරම් ‘ඩොහ්’ යන හඬින් පුපුරා ගියාක් මෙන් දැනෙන ආකාරයට නිවී යන්නේ, එම පරිපථයට අයත්, කුඩා පරිපථ බිඳිනයද ක්‍රියා විරහිත […] ...
මාමා අපිට අරින්න? හුහ්….හිතුවා මදි මාමේ Jangun හෙහ් හෙහ් හෙහ්….මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද […] ...
තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු Jangun මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව […] ...
භයානක කුමන්ත්‍රණයක් Jangun මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක […] ...