පරණ හඳහන් – Old Memories Jangun මේ දිනවල ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ. හමුදාමය කරුණු ඇතුළත් ලිපියක් සැකසීම පහසු නැහැ කියලා, මා මීට පෙරදීත් කීප වතාවක් කියලා ඇති. එවැනි ලිපියක් සඳහා අවශ්‍ය, අධ්‍යයනයක සහ පරිවර්තන කාර්යයක යෙදී ඉන්න ගමන්, කම්මැලිකම යන්නයි, මේ සරල සටහන ලියන්නේ. පරණ හඳහන් කියන කියමන, දැන් භාවිත වෙන්නේ නැති තරම්. අපි කුඩා කාලයේ මේ කියමන කිව්වේ, […] ...
වදන් බලය 4 Jangun මේ අඩවියේ පළවන, වදන් බලය නමැති, සිංහල භාෂා දැනුම උරගා බලන ලිපි මාලාව, ඔබ අතරින් බොහෝ දෙනෙකුට මතක ඇති. අද පළවන්නේ, එහි හතරවැනි කොටසයි. මෙය මගේ නිර්මාණයක් නොවන බවත්, පැරණි සිව්දෙස සඟරා වලින් උපුටා දැක්වීමක් බවත්, මීට පෙර ලිපි තුනේදීත් මා සඳහන් කර තිබෙනවා. අනුන්ගෙන් උපුටා ගන්නා ලිපියක, කර්තෘත්වය සනාථ කරන්නේවත් නැති, මව්කිරි වෙනුවට […] ...
වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (තුන්වැනි කොටස) Jangun කොහොමද සැපදුක්? සතියකට පමණ පසු, අපි ආයෙත් වැටේ කතාවත් එක්ක මුණගැහෙනවා. දැන් ඔබට සතුටුදායක අවබෝධයක් ඇති, යුද බිමක ඉදිවන, ආරක්ෂිත බාධක ඉදිකිරීම් පිළිබඳව. පහුගිය ලිපි දෙක කියෙව්වේ නැත්නම්, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. ඒ ලිපි දෙක ගැන අවබෝධයකින් තොරව මේ කොටස කියවීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. පසුගිය […] ...
වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (දෙවැනි කොටස) Jangun වැටවල් කතාවට සෑහෙන දෙනෙකුගේ සිත ඇදිලා ගිහින් තිබුණා. ඒ අයගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව උදෙසා, :D අද තව දුරටත් ඒ ගැන කතාකරනවා. තවම වැටවල් ගහලා ඉවර නැහැ. පහුගිය ලිපියේදී මම කිව්වා මතකද, ආරක්ෂාව තමා, මේ වැටවල් ගැහීමේ ප්‍රධානතම පරමාර්ථය කියලා. යුද්ධයකදී අපි කරන ක්‍රියාන්විත සාමාන්‍යයෙන් මූලික කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්. 1 ආක්‍රමණශීලී හෙවත් […] ...
වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (පළමුවැනි කොටස) Jangun තමන්ගේ ඉඩම වටේට වැටක් ගහගන්න එක අනාදිමත් කාලයක ඉඳලා මිනිසා විසින් කරන ආරක්ෂාකාරී පියවරක් නොවැ. හැබැයි ඉතිං පනින එකා ඔය කොයි වැටත් පනිනවා. දැකලා තියනවද දඬු වැට කියන එක. දඬු වැට කියන්නේ, හේන් ගොවිතැනේදී, හේන වටා ඉදිකරන වැට. හේන සඳහා තෝරාගත් බිමේ තිබෙන විශාල ගස්, කපා ගිනි තැබීමෙන් පසු ඉතිරිවන, විශාල අතු සහ කඳන් […] ...
මේ උගුලට අහුවෙන්න එපා! Jangun උගුල් ඇටවීම, ප්රාග් ඓතිහාසික යුගයේ ජීවත්වුණු මානවයා විසින් පවා කළ දෙයක් නේද? රැකියා නොකළ ඔවුන්, තම ජීවිතය රැකගත්තේ, උගුල් අටවා සතුන් අල්ලාගෙන ආහාරයට ගැනීමෙන්. නමුත් උගුල් ඇටවීම අද සමාජයේත් දෙයාකාරයකින් සිදුවෙනවා. එක් ආකාරයක් තමයි, වන සතුන් අල්ලාගැනීම සඳහා උගුල් ඇටවීම. මෙය අදත් වනසතුන් ගහණ ප්‍රදේශවල සිදුවෙනවා. අනෙක් ක්‍රමය තමයි, අද සමාජයේ තිබෙන විවිධ කපටි කෛරාටික […] ...
මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස) Jangun ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් […] ...
මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (හතරවැනි කොටස) Jangun තවත් දීර්ඝ ලිපි මාලාවක අවසානයි මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ. බොහෝ දෙනා තුළ, හමුදාමය කරුණු ගැන දැනගන්නට මහත් කුතුහලයක් තිබෙන බව, මා බ්ලොග් ලිවීම ආරම්භ කරන්නටත් පෙර, දැන සිටියා. ඔබ වෙනුවෙන් මෙසේ හමුදා තොරතුරු ඉදිරිපත් කරන්නට ලැබීම සතුටක්. අප මෙතෙක් සාකච්ඡා කල හමුදා පදක්කම් ගැන තවත් තොරතුරු මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා. මේ ලිපි […] ...
මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (තුන්වැනි කොටස) Jangun මේ ලිපි මාලාව ගැන, ඔබ බොහෝ දෙනෙකු තුළ, දැඩි උනන්දුවක් ඇති බව, ඒ සම්බන්ධ අදහස් දැක්වීම් මගින් දකින්නට ලැබෙනවා. අපි පුංචි රටක් වුනත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙත පිරිනමනු ලබන පදක්කම්, සෑහෙන ගණනක් තිබෙනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් නේද, ලෝකයේ විශාල රටවල, කොපමණ පදක්කම් ප්‍රමාණයක් ඇද්ද කියලා. ලිපි මාලාවේ කලින් කොටස් නොකියවූ අයට, පළමුවැනි කොටස මෙතනින් […] ...
මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (දෙවැනි කොටස) Jangun ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පිරිනමනු ලබන පදක්කම් පිළිබඳව, ඔබට යම් අවබෝධයක් ලබාදීමටයි, මේ ලිපි පෙළ ලියන්නේ. පසුගිය ලිපියෙන්, පදක්කම් වර්ගීකරණය, පිරිනැමීමේ පිළිවෙත් සහ වීර පදක්කම් පිළිබඳව ඔබට සරල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා.පසුගිය ලිපියේදී අපි සාකච්ඡා කළා මේ පදක්කම් වර්ගීකරණය කර ඇති ආකාරය. අද අපි බලමු වීර පදක්කම් ලෙස සැලකෙන පදක්කම් වලට පසුව එන […] ...
මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (පළමුවැනි කොටස) Jangun බලන්නකෝ මේ පින්තූරේ ඉන්න හමුදා නිළධාරියාගේ නිළ ඇඳුමේ එල්ලගෙන ඉන්න පදක්කම් ගොඩ. ඒ මදිවට පපුවේ දකුණු පැත්තේ තවත් මොනවද පාට පාට කෑලි වගයක් ගහගෙන ඉන්නවා. ඔබත් දැකලා ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් තම නිළ ඇඳුමේ මෙවැනි දේවල් එල්ලාගෙන ඉන්න හැටි. පොදුවේ සලකා බැලුවොත්, ඔබෙන් සෑහෙන දෙනෙක් දන්නවා, ඒ තියෙන්නේ පදක්කම් කියලා කියන්න. […] ...
පුල් එක නැත්නම් හමුදාවේ ඉන්න බැහැ Jangun ‘මොනවා………! හමුදාවේ ඉන්නත් පුල් එක ඕනෙද’? ‘ඔව් ඕනේ’. ‘මොනවා, එහෙනම් තමුසෙත් ඔය මහ ලොකු ආමිකාරයෙක් කියලා කයිය ගහන්නේ, පුල් එකෙන් ආමි එකේ එල්ලිලා හිටිය නිසාද’? ‘ඔව් ඉතිං…….. එල්ලිලා ඉඳීම කොහොම වෙතත්, මාත් ආමි එකේ හිටියේ, පුල් එක හොඳ නිසා තමයි’. ‘ඒ කියන්නේ තමුසේ කාගේ හරි මිරිකගෙන, ලෙවකාගෙන, හිටියා කියන එක නේද’? ‘ඔන්න ඔන්න…. වරද්දගත්ත […] ...
ටෝනි! ඇයි ටෝනි ඔයා ගියේ? Jangun ටෝනි ඇයි ඔයා ගියේ?……….. ඔයාට හිතුනද අපිට ඔයාව අමතකයි කියලා. නැහැ ටෝනි. මගේ දරුවන් පල්ල, මේ ලියන්නේ ඇස් දෙකේ කඳුලුත් තියාගෙන. පපුවේ ගිනි ගුලියක් තියාගෙන. ඔයාව කොහොමද අපිට අමතක වෙන්නේ ටෝනි, මේ මෑත කාලේ ඔයා දකින්න නොලැබුණා කියලා. ඔයා අපේ සිහින කුමාරයෙක් වුනේ, අපි අටේ නවයේ පන්තිවල ඉගෙන ගන්න කාලෙනේ. හිරිමල් වියේදීම ඔයා අපට […] ...
මළ ගෙදර කවි කොලේ Jangun අවමංගල්‍ය උත්සව වලදී, ශෝකප්‍රකාශ කවි ගායනා ඉදිරිපත් කිරීම, අපි කුඩා දරුවන් කාලේ තිබුන සිරිතක්. මට මතකයි, ඒ කාලයේ, (1960 දශකයේ) අවමංගල්‍ය උත්සව වලදී, මෙවැනි ශෝකප්‍රකාශ කවි ගායනා හතරක් පහක්වත්, අහන්න පුළුවන්. බොහෝවිට මේ කවි පන්ති ගායනා කරන ලද්දේ, තරුණියන් විසින් වීමත් විශේෂයක්. ඔවුන්ගෙන් බොහෝ දෙනා, මේ කවි ගායනා කරන අතර, (බොහෝවිට ගායනා කළේ, භූමිදානය […] ...
යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (දෙවැනි කොටස)…………….. Combatants and Non Combatants (Part Two) Jangun මේ ලිපියේ පළමුවැනි කොටස කියවූ බොහෝ දෙනෙකු, සාර්ථක ප්‍රතිචාර දක්වා තිබුණා. ඔබ අතරින් සමහරකු අදහස් දැක්වීම් නොකලත්, සෑහෙන පිරිසක් එම ලිපිය කියවා ඇති බව, බ්ලොගර්/වර්ඩ්ප්‍රෙස් දර්ශක දෙකේම පෙන්වා තිබෙනවා. හොඳයි, පසුගිය ලිපියේ අවසානයේදී, මා ඔබට යම් අභ්‍යාසයක් දුන්නා. ඒ තමයි යුද හමුදාවක තිබෙන, සටන්කාරී සහ සටන්කාරී නොවන රෙජිමේන්තු මොනවාද යන්න තේරීම. කීප දෙනෙක්ම සාර්ථක […] ...
යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (පළමුවැනි කොටස)…………….. Combatants and Non Combatants (Part One) Jangun යුද්ධයක් කරනකොට රටක මුළු හමුදාවම යුද්ධ කරනවද එහෙම නැත්නම් යුද්ධ නොකරණ අයත් ඉන්නවද? හැබෑටම මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? මේ ලිපිය ලියන්න හිතුනේ, පහුගිය දිනක, එක්තරා බ්ලොග් අඩවියක, සියල්ල දත් වර්ගයේ මෝඩ ඇනෝවකු විසින් දමා තිබුන, දෙකොනින් හිනායන කමෙන්ට් එකක් නිසා. ඔහුගේ අදහස අනුව, ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ තිබුන බෙදුම්වාදී යුද්ධයේදී, ලක්ෂ දෙකක් පමණ […] ...
කොහොමද ඔබේ සිංහල දැණුම? Jangun ලෝකයේ සෑම ජාතියකටම අයත් සියළු දෙනාටම, තම මව් භාෂාව විශිෂ්ඨ ලෙස භාවිත කිරීමට හැකියාවක් නැහැ. ඒ ධර්මතාව, මේ ලිපිය ලියන මටත්, ලිපිය කියවන ඔබටත් පොදුයි. කෙසේ වෙතත්, සාක්ෂරතාව අතින් ගතහොත්, අපේ රට, ලෝකයේම වුනත් ඉහළ තැනක තිබීම සතුටක්. සාක්ෂරතාව ඉහළින් තිබුණත්, භාෂා ඥානය අතින්, යම් කෙනෙකු, එතරම් විශිෂ්ඨ තත්වයක නොසිටින්නට පුළුවන්. භාෂාව ඉගෙනගැනීම […] ...
කෝ අර කලාකිරිඤ්ඤෙ Jangun මොනවා? කලාව + කිරිඤ්ඤය = කලාකිරිඤ්ඤය? ඒක යකාගේ සිංහල වචන සන්ධි කිරීමක්නේ. අපොයි!….. කලාකිරිඤ්ඤෙ කියන නම ටයිප් කරන්නත් අමාරුයි. අනේ මන්දා හැමදාම අර යුනිකෝඩ් එකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, කිව්වට මොකද, ඉතා පහසුවෙන්, සඤ්ඤක, මහාප්‍රාණ, ටයිප් කරන්න තවම මොන කෝඩ් එකටවත් බැහැ වගේ. ‘කලාකිරිඤ්ඤෙ? ඒ මොකක්ද? කලාවට සම්බන්ධ දෙයක්ද? ඔය ඉහළින් තියන […] ...
චාරිකා සටහන් එකතුවක් Jangun පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් ‘යාපනයේ සංචාරය‘ සහ ‘වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව‘ පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා.. […] ...
ඔන්න කතන්දර මෙන්න කතන්දර Jangun හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා. සාජන්ලා හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට […] ...