හාමුදුලුවනේ……….!!! Jangun අලෝ……….ආලෝ……ඔය අපේ අල ලත්තන තුදුපාත හාමුදුලුවොද? හාමුදුලුවනේ, හාමුදුලුවෝ අලි බබෙක් තියාගෙන ඉන්නවද? එයා අතලමං වෙලා ආව අලි බබෙක්ද? ඉතිං එය බලාගත්තා කියලා කවුද හාමුදුලුවන්ට නඩු දාන්න යන්නේ? කවුද එයාව අතලමං කළේ? හාමුදුලුවෝ නෙවෙයි නේද? අලි බබාලා ඉන්නේ ඈත කැළේ කියලා අපේ මොන්ටිතෝලි චීච කිව්වා. ඉතිං මේ අලි බබා කොහොමද එයාගේ අම්මිවයි තාත්තිවයි දාලා පන්තලට ආවේ? […] ...
පියවර හතරයි යුද්දේ ඉවරයි…………! Four Phases of War Jangun මොනවා…..? පියවර හතරක් තියලා යුද්ධයක් ඉවර කරන්න පුලුවන්ද? පුළුවන් නිසා නේන්නම් මෙහෙම මාතෘකාවක් දැම්මේ. ඒ කියන්නේ යුදබිමේ පියවර හතරක් තිබ්බම යුද්දේ ඉවරයි? ඔව් ආයේ දෙකක් නෑ යුද්දේ ඉවරයි. මේ….නිකං පිස්සු කියවන්නෙපා. කිසිම පිස්සුවක් නෑ. ඕනෙම යුද්ධයක් අවසන් වෙන්නේ පියවර හතරකින්, හැබැයි ඒ පියවර හතර කියන්නේ, ඇවිදගෙන යන පියවර හතරක් නෙවෙයි. අවස්ථා හතරක්, කාල ඡේද […] ...
ලබුතෙමේ ගස් නැග්ගේය Jangun මට මතකයි ඉස්සර අපි විහිලුවට කියනවා, රජතෙමේ කියන වචනය යොදා වාක්‍යයක් හදන්න කිව්වම එක ළමයෙක් ලිව්වලු, ‘රජ තෙමේ නම් කුඩයක් ඉහලාගන්න’ කියලා. නමුත් ලබුතෙමේ කිව්වම මොකෑ කොරන්නේ. එව්වත් ඉතින් තෙමෙන්න නොදී රැකගන්න වෙනවා. එහෙම නේද? හැබැයි මේ ලබු අර ඔව් ඔව් අන්න ඒ ලබු නෙවෙයි. වෙන එකක්. දන්නව නේද අපේ ‘ගෑස් ලෑබ්ස්’ හෑ…..දන්නෙ නෑ. ඇයි […] ...
මාධ්‍යවේදියා ! මේ කවුද මොනවද කරන්නේ? Jangun අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු, ඒ පිළිබඳව විවිධ අදහස්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ ජාල වෙබ් අඩවි වලත්, පළවන්නට පටන්ගෙන තිබෙනවා. මාධ්‍ය පිළිබඳව, දේශපාලනඥයන් සිය අප්‍රසාදය පලකිරීම, අපේ රටට පමණක් සීමාවූ තත්වයක් හෝ අද ඊයේ සිදුවන දෙයක් හෝ නොවෙයි. ලෝකය පුරාම, මේ තත්වය අඩු වැඩි වශයෙන් […] ...
හයිබ්‍රිඩ් යුද්දේ – Hybrid warfare Jangun හයිබ්‍රිඩ් කාර් ගැනිල්ලත් එක අතකට යුද්ධයක් තමා. මේ සැරේ අයවැයෙන් හයිබ්‍රිඩ් කාර් මිළ වැඩිවුණා කියලා, ජනතාව මැසිවිලි නගනවා. අනේ අම්මේ…….. අපි ඔව්වා දන්නේ නෑ. මේ ලිපිය ලියන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන කතාකරන්න නෙවෙයි. හයිබ්‍රිඩ් යුද්දේ ගැන කියන්නයි. මොනවා……..? හයිබ්‍රිඩ් යුද්දේ කියලත් යුද්ධයක් තියනවද? මොනවද අනේ අද කාලේ හයිබ්‍රිඩ් ක්‍රමයට නැත්තේ. හයිබ්‍රිඩ් මිනිස්සුත් බිහිවෙන කාලේ, යුද්දෙත් […] ...
යළිත් හිස ඔසවන තුවක්කු සංස්කෘතියට මොකද කරන්නේ? Jangun මෑත කාලයේදී, අපේ රටේ, ගිනි අවි වලින් කෙරෙන මිනීමැරුම් සහ අපරාධවල යම්කිසි වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. බැංකු, ඉන්ධනහල්, සුපිරි වෙළඳසල් මංකොල්ලකෑම වගේම, මිනීමැරුම් සෑහෙන සංඛ්‍යාවක් සිදුවී තිබෙනවා. මේ තත්වය ආශ්‍රිතව ඉතා හොඳ විග්‍රහයක්, ප්‍රවීණ හමුදා නිලධාරියකු මෙන්ම, හමුදා කටයුතු පිලිබඳ පුවත්පත් ලිපි රචකයකු වන, කර්නල් සුසන්ත සෙනෙවිරත්න විසින්, රූපවාහිනී ප්රවෘත්ති විකාශනයකදී ඉදිරිපත් කළා. එහිදී ඔහු […] ...
රටක් වනසන්නේ මෙහෙමයි Jangun තරහ ගන්න එපා මේ මාතෘකාව කියවලා, අලුත් අවුරුද්දක් පටන්ගත්ත ගමන්, යන්තම් යහපාලනේට අවුරුද්දක් පිරිච්චි ගමන්, රටක් වනසන හැටි කියලා දෙනවා කියලා. මොකද, අද ලෝකය පුරාම එක එක රටවල්, තමන්ට සතුරු වෙනත් රටවල් වැනසීමට ක්‍රියාකරනවා. ඒ අතර සමහර රටවල පාලකයන්, දේශපාලනික වශයෙන් රටවල් වනසනවා. විරුද්ධ පක්ෂ, සමහර රටවල් වනසනවා. මේ කරුණු නොලියාම බැහැ කියලා හිතුන […] ...
මඩුවලිගේ………. මඩුවලිගේ…………..! බුදු අම්මෝ……… මඩුවලිගේ! Jangun හෙහ් හෙහ් හෙහ්, අම්මපා අපේ ජනාධිපතිතුමාගේ කටින්, අර මඩුවල්ග කතාව පිටවුණ දවසේ ඉඳලා, කොච්චර නම්, පත්තර වාර්තා, රූපවාහිනී වාර්තා, කාටූන්, පළවුනාද, පාර්ලිමේන්තුවේ කතාවුනාද, බ්ලොග් ලිපි ලියවුනාද, තවමත් ඉවර නැහැ මගෙ හිතේ. නෑ නෑ ඒකත් හොඳයි. කියවන්න බ්ලොග් ලිපි හිග කාලේ, අඩු ගානේ ජනාධිපතිතුමාට (මහේල සහ සංගාටත්?) පින්සිද්ද වෙන්න, අලුත් මාතෘකාවක් ලැබුණා, අර හක්කෙන් මේ […] ...
පැරණි පෙම්වතියක් අප හැරදා යයි Jangun පෙම්වතියක් වෙන්වීම ඉවසන්නට බැරි දුකක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. මේ පෙම්වතිය ඇත්තටම මට ජීවිතයේදී හමුවුන කෙනෙක් නෙවෙයි. නමුත් ඇය අපේ කාලයේ සදානුස්මරණීය පෙම්වතියක් බව නොකියාම බැහැ. හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය, සුරූපී නිළි, සාධනා, (සාධනා ශිවදාසනී) වසර 74 ක් ආයු වළඳා, පසුගිය දෙසැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත වූ බව දැනගත් මොහොතේ, මගේ සිත අතීතයට […] ...
ඔය කවුරු මොනවා පැතුවත්………! Jangun අප්පේ………………..අලුත් අවුරුදු සුබපැතුම් දෝරේ ගලනවා නේද මේ දවස්වල? කියලා වැඩක් නැහැ. විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම්, සුබපැතුම් පත්, එකී මෙකී නොකී දේවල්, හැටහුටහමාරක් සිද්ද වෙනවා. මට එකවරම මතක් වෙන්නේ, දැනට දශක හතරකට පහකට විතර ඉස්සර, ජනවාරි පළමුවැනිදා ගෙවුණු හැටි පිළිබඳවයි. කොහොමද ගෙවුණේ? ගෙවුණේ ඉතින් වෙනදා වගේම එච්චර ලොකු විශේෂත්වයක් නැතුවයි. ජනේරුව […] ...
හමුදාවේ දොස්තරලාත් සටනට බසිති Jangun පසුගිය දිනවල, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, එක යුද්ධයක් දිනුවා නේද? දැන් ආයෙත් යුද්ධ ප්‍රකාශ කරලා තිබුණ බව, ඊයේ රූපවාහිනියෙන් දැක්කා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අම්මපා දොස්තර මහත්තුරු ‘ඉස්ටැයික්’ කොරන, ලෝකයේ එකම රට, අපේ රටද මන්දා. මම මේ ඊයේ පෙරේදා, මොකක්හරි තැනක කියෙව්වා, ලෝකයේ එක්තරා රටක, නේස් මිසීලා ඉස්ටැයික් කලොත්, ලෙඩ්ඩුන්ට කරදර නිසා, ඒ රටේ පතල් […] ...
‘ටැෆායි’ සහ ලංකාව – ඉන්දියාව යා කිරීම Jangun ‘රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ‘ කියලා, ප්‍රියා සූර්යසේන කියනවා. අපේ කාලයේ සුන්දර මතකයන් අවදිකරවන ගීතයක් එය. ඒ වුණාට අද කාලේ, රටකින් රටකට ඉගිලෙන එක සුළුදෙයක්. තමන්ගේ මව් රට සදහටම හැරදමා, වෙනත් රටකට ඉගිලෙන ලෝ වැසියන්, එක අවුරුද්දකට ලක්ෂ කීයක් ඇද්ද? මේ අඩවිය කියවන කී දෙනෙක් ඇද්ද, එහෙම සදහටම මව්රට හැරදා ගිය අය. නන්දා මාලනී […] ...
සියළුදෙනාගේ දැනගැනීම පිණිසයි Jangun මගේ බ්ලොග් අඩවියේ හතරවැනි සංවත්සරය වෙනුවෙන් මා ලියන ලද ලිපිය නිසා, සිංහල බ්ලොග් ලෝකයේ මහා ප්රතිරූප ලෙස සිතාසිටින, සමහර පුඟුලන්ගේ මහා පිළිම, බොල් පිළිම බවට පත්වීමේ හේතුවෙන්, ඒ පුඟුලන්ගේ සටටැඹි කම් කරමින්, උන්ගේ වසුරු වළඳන, පහත් ජන්ම ලාභීන් කීපදෙනෙකුට, ‘බ්ලොග් වලිප්පුව’ නමැති, මහා භයානක, විකාරරූපී, හීනෝන්මාදය මිශ්‍ර ජ්වර රෝගයක්, වැළඳී තිබේ. ඒ […] ...
සිව්මංසල – At the cross roads Jangun හ්ම්…………..සිව්මංසලකට ආවම මොකද කරන්නේ…………….? මොනව කරන්නද, පාර දන්නවා නම් නිවැරදි පාර තෝරාගෙන යන එකයි තියෙන්නේ. හොඳයි නොදන්නවානම්………? ඒත් ඉතින් කරන්න දේවල් කොච්චර තියනවද. කාගෙන් හරි පාර අහගන්න පුළුවන්, ඒ හන්දියේ තියන නාමපුවරු කියවලා බලන්න පුළුවන්, වාහන වල බෝඩ් කියවලා අදහසක් ගන්න පුළුවන්. අහන්න කෙනෙක් නැත්නම්, පාලු හන්දියක් නම්, වාහන […] ...
මෙන්න බොලේ ශපිරෝටත් …………….මං එපාලු දැන්! Jangun මේ කෙටි ලිපිය ලියන්නේ දැඩි සිත්වේදනාවක් සහිතවයි. අරුණි ශපිරෝගෙන් බ්ලොග් අඩවිය කාලයක් තිස්සේ මා කියවන්නේ යම් දැනුමක් එයින් ලබාගන්නටයි. ඉතා ගැඹුරු මෙන්ම විවාදාත්මක කරුණු ඇතුළත් ලිපි අරුණි ශපිරෝ අතින් ලියවෙනවා. පසුගිය කාලයේදී එම අඩවියේ මා පළකළ සමහර අදහස් වලට, ඇය මට පිළිතුරු දී තිබුනේ සියුම් උපහාසයක්ද සහිතවයි. ඇය ලියන සමහර කරුණු, මට නොතේරෙන නිසා […] ...
කවුද ආමි එකේ ඉන්න ගණන්කාරයෝ? Jangun හෙහ් හෙහ්………., ආමි එකේ ඉන්නේ ඉතින් ගණන්කාරයෝ නේන්නං. එහෙම නැත්තං ඔය යුද්දේ දිනයියැ. ඔය පේන්නැද්ද පාරේ යනකොටත් බොහොම ගණන් විදිහට නේ යන්නේ. අර, පොලීසියේ ලොකු මහත්තයෙක්, එක වතාවක් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් කිව්වා, ‘චණ්ඩි හැටියට ඉන්න පුළුවන් අපිට විතරයි. අපි තමා ලයිසන් චණ්ඩි’ කියලා. එව්වගේ ඇත්ත නැත්ත මං දන්නේ නැහැ. හැබැයි ආමි එකේ කෝප්රල් සහ […] ...
හමුදා කෙතේ කළමනාකරණය (දෙවැනි කොටස) Jangun එහෙනං තමුන්නාන්සේලා හමුදා කෙතටත් බැස්සා ඈ? හොඳයි හොඳයි, ඔය කොයි කෙතටත් බැහැලා බැලුවම, නවමු අත්දැකීම් ලැබෙනවා. ඒ වගේමයි, ඒ ඒ කෙතේ හැටි සොබාව, බොහොම හොඳින් තේරුම් යනවා. පහුගිය ලිපියෙන් කිව්ව දේවල්, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම ගැන සතුටුවන ගමන්, ඔන්න අද අපි මේ ලිපි මාලාවේ දෙවැනි කොටස, මෙන්න මේ විදිහට ආරම්භ කරනවා. එකක් මතක […] ...
හමුදා කෙතේ කළමනාකරණය (පළමුවැනි කොටස) Jangun හමුදා කෙත කිව්වේ……………? හමුදාවට අයිති කුඹුරකුත් තියනවද? ඔව්, සමහර අවස්ථා වලදී තිබිලා තියනවා. දැන්නම් තියනවාද කියලා දන්නේ නැහැ. හමුදාවට අයිති ගොවිපොළවල් පරිපාලනය කරන්නේ, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායෙන්. දැනටත් එවැනි ගොවිපොළ කීපයක් තියනවා. මේවා පරිපාලනය සඳහා කෘෂිකර්මය පිලිබඳ දැනුමක් සහ පුහුණුවක් ඇති නිළධාරීන්, යොදවා සිටිනවා. (එවැනි දැනුමක් ඇති අය නිළධාරීන් ලෙස […] ...
ගුරුවරුන්ට තහනම්……..! Jangun බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු. ඌව මහ ඇමති කියනවා, ගුරුවරුන්ට පාසල් වෙලාව තුළ, ජංගම දුරකථන පාවිච්චිය තහනම්ලු. පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු. ඉතුරු පළාත්වල මහා ඇමතිතුමන්ලාත්, දැන්ම තම තමන්ගේ තහනම් නියෝග ටික ගුරුවරුන්ට දුන්නානම් හොඳයි. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන්, ඔය ඔක්කොම නියෝග […] ...
නරලොව හොල්මන් දැකලා තියනවද? Jangun ඔව් ඉතින්, එදත් අදත් අපි, නොයෙක්විට, විවිධාකාර හොල්මන් දකිනවනේ. එදා අපේ කාලෙත්, පාරේ යනකොට දකින සමහර අය, මනුස්සයෙක්ද හොල්මනක්ද කියලා හිතාගන්න බැරි අවස්ථා තිබුනා. ඉතින් අදත් එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. වැඩේ කියන්නේ, පණපිටින් ඉන්න මනුස්ස පරාණ, හොල්මන් වගේ පෙනෙන එකයි. බොහෝවිට ඒ සඳහා බාලපාන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් සහ බාහිර පෙණුමයි. ‘අඳින්න මිනිගවුම අඳින්න’ […] ...