රෑ කිරිල්ලී සිද්ධිය ඈ අවුත් රෑ කාලයේ, වෙරළ තීරේ අගිස්සේ, ගං ඉවුරු අසබඩින්, පියඹා... අළුයමට පෙර මල් සිඹින්නට, රොන් උරන්නට, කුමුදු මල් සෙව් කිරිල්ලියේ, පියඹා, රෑනේ යන්නට අවුත්.. සැරින් සැරේ නෙතු අද්දර, හීන මවනා, රාත්‍රියේ චන්ද්රකාන්තිය ඔබයි, කිරිල්ලියේ... පමාවී ඈතට ඇදී, නෙතු මානයෙන් එහා, වෙන්වී නෙතු අගට දුක දී, අත්තටු සළන, කිරිල්ලියේ, රාත්‍රිය එනතුරු බලා ඉන්නෙමි, නැවත ඔබේ තටු මත්තට වී, දෙතොලතර, ...
දැඟලිල්ල සිද්ධිය ගැහෙයි, දඟලයි.. වැඩක් නැතුවද වලිකයි, හිත කොහෙද, කොතැනද ඇහුවොත්... මෙතැන යැයි කියන්නේ කවුරුන්ද? දෙතැනක නතරවුනු සිතක් ගැන කියන අද, අතන මෙතන වෙන දේ දැක, දුකද, කම්පාවද, සතුට, සොම්නස දරා ගත නොහැකිව, ගැහෙයි පුලුවන් තරමට වෙහෙසිව... මම කරන, කියන, හිතන හැමදෙයටම, වද නොවී උඹ, කරන් භාර වුනු රාජකාරිය, ඔව් නුඹේ දේවකාරිය, රුධිර පොම්පයක් පමණි නුඹ, හදවත.... ...
සෙව්වන්දිය සිද්ධිය අනන්තයට, සරන මගේ හීන, දිගන්තයක, රැඳුනි ඔබෙ දෑස, මටද හොරා, රැගෙන මගේ හීන, සෙව්වන්දිය, නුඹ ගියා මගෙන් දුර ඈත... සඳ මඬල මැදින්, සොයන්නම්, මද පවන මැදින් ඔබ එනතුරා, බලා හිඳින්නම්, ඔබේ දෑස මගෙම වන තුරා, හිඳින්නම්, සෙව්වන්දියේ.... හිනැහුනා මතකයි, තවමත්, සැනහුනා මතකයි, ඔබේ රුව දෙසින්, නෙතු නොහැර හිඳින්නම්, ඔබේ නිල් නෙතින්, සදා රැඳෙන්නම්.... ...
වැටුනු සළඹ සිද්ධිය සිලිං සිලිං, පා සළඹ, වැනුනි, ගැයුවේ ඔවුනගෙ ගීතය, වේදිකාව මත රඟන ඈගෙ, පා පහස ලැබ, හඬ නැගීය තාලයට... වන්නමට සීරුවෙන්, පාද එක දෙක තබන්, සිනහවක් මුව හොවන්, නටත් ඈ සොම්නසින්... රටා මවමින් නෙක, පාද යයි නැටුමට, බෙර හඬට තාලයට, අවනතයි හිතට පෙර... පාද පොඩි පැකිළුනා, බෙර හඬද නැවතුනා, පාද පොඩි පහස නැති, පා සළඹ නැවතුනා... ...
යන්න සිද්ධිය කියන්න, තව එක සැරයක්, ආදරෙන් නෙතු සලා.. සඟවන්න ඔය වත, මගෙ පපුතුර හොවා... අපි අපෙමදැයි කියා, ඔබ මගෙමදැයි කියා, අපිද නොදනිම්, සිහිනයට ඉඩදෙම්.. රිදවන්න, තව ඉඩක් නෑ.. හඬවන්න, තව කඳුළු ඉතිරිව නෑ.. ගලායන්න, නෙතු අද්දර කඳුළු කැටක් මෙන්, කුමරිය අද යන්න, හද පත්ල, කීරි ගැහෙන, සීතලක දවටලා... ...
සොයන මල සිද්ධිය මිහිදුම කැටි කල, එක් පිනිබිඳක්, පිපි මල අග රැඳී... සිප ගැනුමට පෙර, හිරු කිරණ, බඹරිඳු සොයන, සුපිපි මල, සීත මැදින් සොයන, රුවැති මල... විඩාබර තටු අගට, ඉඩක් නැහැ වෙහෙස නිවනට, සීත මිහිදුම පීරමින්, තවම සොයන, සුපිපි මල, රොන් තුඩු අග සිඹිනට, සිත විඩා නිවුමට.... ...
සප්ත වර්ණ රේඛාව සිද්ධිය සප්ත වර්ණ රේඛාව,අහස් ගැබ මතින් ඇඳෙනු දැක මම,වැටුනු මහ වරුසාව අමතකව,තෙත් පොළව ගැන නොසිත,මඩ කඩිති නොතකමින්,දිවයමින් ඒ දෙසට...සිටි පොළොව නැති ලෙසක,සිත මා අහසට වන්න,දුර යන්න දුර යන්න,දුව යන්න දුව යන්න,ඒ මා දුටු රේඛාව තවත් ඈතට වන්න,මිරිඟුවක් පසුපසින් දුවන මුවෙක් වැන්න... ...
SMS සිද්ධිය මේ දැන් දවස් දෙකකට කලින් වෙච්චි සිද්ධියක්... ක්ලාස් ඇරිලා එද්දි දැකපු, අහපු සීන් කෝන් එකක්... ඉදිරියට »
පාට පාට සිද්ධිය රතු, කහ, කොළ, පාට පාට සරුවත් බීම, මහ දහවල මැද, දහදිය පෙරාන මවන, නුඹේ, පාට පාට, විච්චූරණ හීන...
පනින්නද? සිද්ධිය ගල් බිත්තියක රළු බව දැනගෙනත්,ඈඳි ගත්තෙමි, උන්නෙමි ඈත බලන්...සිතිජ ඉමෙන් ඔබ්බට යන්න ඇත්නම්,නැතිව කිසි බැඳුමන්...සිනිඳු වැල්ලේ බැඳී ඉන්න ඇත්නම්,මියෙන තුරාවට ඔබ එනකම්...සුමුදු රළ පතර කිමිදෙන්නට ඇත්නම්,නැහැවෙන්නට ජීවිතයක බලාපොරොත්තුවෙන්...ඉමක් නොපෙනෙන මහ සයුරක තනිවෙන්නම්,අද මට ඔබවත් නැත්නම්...ගාලු කොටුව මතින් තවත් ආදරයක්,හුළඟට එකතුවේවි...ඔව්,ඔයා නැත්නම්... ...
කඩිත්ත සිද්ධිය වැස්සා... පොඩි මඩ කඩිත්තක් හැදුනා.. සුලඟත් එක්ක, දැඟලුවා, නැටුවා, අඳුරත් එක්ක මුකුළු කලා... මං බලාගෙන.. ටිකකින් හිරු ඒවි, පායාවි, රැස් දේවි... ඔයාගෙ දැඟලිලි, එතකොට, ඉවරවේවි...... ...
ආදරෙන් තනිවීම සිද්ධිය හිතුවෙවත් නැති මොහොතක, අවුත් මගෙ ජීවිතයට, ඇද වැටී, තනිවී සිටි මා, මුදවාගත්තී ඈ... අද යන්න යනවාලු, මම තවත් හොඳ නෑලු.. ආදරය... ජීවිතය... මට පසක් කරදුන් ඈ තනිකරනවානම් මා... මිරිඟුවක්ම නොවෙද? ප්‍රේමය, තවත් වචනයක්ම නොවෙද? ජීවිතය.... ...
සින්දු ඇසීම හා ඇස්සවීම සිද්ධිය ලංකාවේ සින්දු කලාව අමුතුය. සමහරු හොඳ සින්දුවක් ලියා, කියා අසන්නා පිනවයි. මේ අතර ටික දෙනෙක් ටකරන් වලට ගල් ගසමින් අපේ කන්වලට විකාරරූපී ආස්වාදයක් ගෙන දෙයි. බස්වල යෑම, මගීන්ට එපා කරවන සිරාම ක්‍රමයක් තමයි මේ ටකරන් සින්දු දැමීම. පූරුවෙ කල පවක් ගෙවන්නටදෝ අපි එව්වා අසාගෙන යමු. ඉදිරියට » ...
අයියාට ආඩම්බරයි සිද්ධිය දින කීපයකට පෙර අපෙ නඟා මට ගෙනත් පෙන්වූ, ඇගේම පුංචි පහේ වැඩක් ගැන ලිවීමට කැමැත්තෙමි. මම බ්ලොගියේ කවියක් ලියන්නේ හිතට එන අයිඩියාක් එවේලෙට කොහේ හෝ කුරුටු ගා, පසුව ඕක හිතුන වෙලාවකට මෙකෙ කොටයි. ඒත් අපෙ නඟාගේ කවියක් මම මීට පෙර කියවා තිබුනේ නැත. ලියා තිබුන දේත් පට්ටය. මෙහෙම දින කීපයක්ම නියම කවි ටිකක් ඈ අතින් ලියවින. මෙයින් හොඳ, පුංචි කවියක් ...
වෙඩිතියන්න සිද්ධිය පියාඹන්න ඉඩක් නැත, සුවිසල් අහසට... හැඬුම අසන්නට කෙනෙක් නැත, පේනතෙක් මානයක... හීන එක එක අරන්, මිරිකා, කූඩු කල ආත්මය.. අදහසට ඉඩක් නැත, කොටුවට හිර වූ කල, ඉගෙනගන්න දඟලන ඌට, වෙඩිතියන්න, තටු කැපූ ඌට, වෙඩිතියන්න.. ...
අවසර දෙනවානම්... සිද්ධිය අඳුරට ඉඩ දෙන්න, දහවල උනුහුම ඔබෙන්, ඉවතට ගෙන යන්න... බඹරිඳුට අවසරයි, මලට බරක් වන, රොන් සුනු ගෙන යන්න... හිරු කිරණ දඟකරයි, තණ මත රැඳි, පිනි බිඳු ගෙන යන්න... ළඳුනේ, අවසර දෙනවානම්, සොඳුරු ඔබේ, හදවත ගෙන යන්න... ...
කඳුළු කතාවක් සිද්ධිය පොද වැස්සට තෙමිලා, පාට එකිනෙක දියවී රූරා වැටෙනා, සිත්තම බොඳවී, සිත්තරු හැඬුවා... කඳුළු බිඳුවක තිබුනා, උණුහුම් පැන් පොදකට වඩා, ආදරේ වේදනා, කැටිකොට ගලනා... පෙරදා පැවසූ වදන්, එකිනෙක, එකිනෙක, හදවත ලඟ, වැටෙමින්, හඬමින්, කියන්න තතනන අඳින්න පවසන තවත් එක්, බොඳවූ...කඳුළු කතාවක්... ...
ප්‍රේමය සිද්ධිය ඔබ මට ප්‍රේම කරනවාද? සුසුමක් හෙළූ ඔහු ඈ දෙනෙත් තුල අයා, සොඳුර, ප්‍රේමය යන්න, වචනය මා නොදනී, අර්ථය මා නොහඳුනයි, කියාදෙන්නට කිසිවකු නොදනී.. එසේනම්, කෙසේ කරම් මම නුඹට ප්‍රේමය? කියාදෙන්නට වදන් නැති මෙය, ලියන්නට කවියන් වෙර දැරූ එය, සිතාගන්නට සිත නැතුව නොව, පතන්නට මට, හිතන්නට මට, ඉඩක් ඇත්දැයි තවම සොයමි මම... අරුත වටහා ගත් දිනක, ඔබටත්, මටත්, ලොවටත් කියන්නට, ...
නාකි උනු නිදහස සිද්ධිය 64යි, දැන් නාකියි නිදහසත්.. පුරන් අප්පුවේ, ඇවිත් බලාපන්, සුද්දා එලවා දැමූ රටට, කළු සුද්දා කොරපු විපත... ලක් මාතාවට උනු හදියක තරම... දමිළ, මුස්ලිම් භේදයක් නැතිව, ගලවාගති සිරි ලංකාවම, අනේ අපෙ බුදුන් වැඩි මව්බිම, හූල්ලයි බලන්නට මිහිරි අනාගතයක් ලඟම... නියම සිංහලයකු හොයයි ඈ, ඔව්, තවත් සරදියලයැකු හොයන්නේ, සතරදික්බාගයකම... අනාගතය භාරගන්නට යන පොඩි එකාටත්, මහින්ද හිමියනේ යන එන මං නැත, තවත් එක ...
කඳුළු වැහි බිඳු සිද්ධිය සුදු, අළු පාට වළාකුළු, රාත්රියේදී කළුවටමයි.. හඳ, තරු වැසෙන්නට ඝන අන්ධකාරයක්, අහස්ගැබ වෙළාගෙන... තිත්ත කළුවර මැද, ඇරඹුන සීතල වැස්සකට මැදිවුන, කාටත් නොඇසෙන, නොහැඟෙන, හැඬුමක්, අකුණු සැරයක් මැද, එළිය වුනු මුහුණක් මත දුටිමි... වැහිපොදට වඩා කඳුලක් බරයැයි හැඟුනි... එත් ඒ වැස්ස, කඳුල හංගන්නට, හැඬුම වළලන්නටමයි හිතේ තදවුන හැඟුම්, පුපුරා අකුණු සැර පරදයි.. වැස්සට තුති, ලොවෙන් සැඟවූවාට, තවත් එක කඳුළක්.... ...