කවිය ඔබ සිද්ධිය කවිය ඔබ, තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී.. සිත දෙගිඩියාවෙන් තවම නොලියූ, කවිය ඔබ, කවිය ඔබ... ඉදිරියට »
රිදී රේඛාව සිද්ධිය අඳුරු අහසට, කඳුළු මුතුවැල් බැඳී, හඬන තරුකැට මෙන්ය හද නොරැඳී, සිහින දෙව්දුව හමායන විටදී, නෙතුමානයේ, පෙම්, සුළඟක් රැඳී... විරහ කවි රැස, ලියූ හද අද, යලිදු තෙත් වී, චාන්දනිය වී පායා එනු මැනවී, අඳුරු හද ගැබ, එලිය ලද විටදී, සඳකැන්ය ඔබ මුවඟ රැඳි සිනැහී... සුසුමන් වියැකී, කඳුලැලි වියැලී, හැඬූ තරු අද සිනහවෙනු පෙනුනී, අළුත් රහසක් මුමුනනවා ඇසුනී, රිදී රේඛාව සිත් ...
දාර්ශනිකයා සිද්ධිය මේක අපේ Physics පන්තියෙදි වෙච්චි සිද්ධියක්. ගිය සෙනසුරාදා, (2012.06.23) අපේ ප්රපාතසිංහ මහත්තයගෙ පන්තියෙ පේපර් එකක් ලියන ගමන්, මගෙ එහා පැත්තෙ උන්නු එකාගෙයි මගෙයි ඇතිවුනු කථාවක්... ඉදිරියට » ...
එක නෑ සිද්ධිය මූඩ් එක නෑ, මුකුත් ලියන්න.. කාඩ් එක නෑ, කතා කරන්න.. බෝඩ් එක නෑ, කැරමක් ගහන්න.. බූට් එක නෑ, තව මට වදින්න... [ඕන් කිව්වයි කියලා හිතාගන්න!]
සොඳුරු සිත්තම් සිද්ධිය පැන්සලය අතෙක රඳවා,සිතෙහි ඇඳුනු රුවක් මවන්නට,රළු කැන්වසයක් මත...මැකෙයි, ඇඳෙයි නෙක නෙක රූ රටා,හීන පොද කැටි කරන් ගල්වයි වර්ණයන්..සිත්තමක් අඳිනට, පිකාසෝ නොවුනද, මැටි ගුලියකි ඇඟිලි මත සිරවුනු,ඇඹරෙයි, තැලෙයි, පොඩිවෙයි..හැඩයන් මැවෙයි, නෙතට දැනෙන...ඇන්ජෙලෝගේ ඩේවිඩ් නොව,සාංකාව මකන කළාවකි මෙය... පින්සල, පැන්සල, පෑන අතට ගත්තෝ,කළාකරුවන්ද,ජීවිතයක් අඹන අපිත්..කළාකරුවන් නොවෙමුද? ...
෴ට්වෙලයට පෙර෴ සිද්ධිය Live'12, අපේ වැඩේ බොක්කෙන්ම සාර්ථකය. කිරිකජු කොල්ලන් ටිකක් සැට් වී එළකිරි ගේමක් දුන්නේ, මුලු ගාල්ලම හෙල්ලෙන්ටය. ගිය සෙනසුරාදා(2012.01.14) කරාපිටිය ෆැකල්ටියේ ඔඩිටෝරියම අපි රිච්මන්ඩ් යැයි රැව් දුන් මතකයත් එක්ක හිච්චංකිතර ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ ලිපිය ලියමි. ඉදිරියට » ...
බොඳ වූ වදන් සිද්ධිය පළමු පෙම් පත, තවම ඇත සැඟවී, ඔබ දුන් පොරොන්දුව, බිඳී මුසුවුනි අවකාශයට... සිත නික්ම ගොසින් ඔබ හැර, හිත පෑරූ අවසන් කඳුළු බිඳුව, බොඳ කලා, ඔබ ලියූ අවසන් වදන... තවත් නෑ බලාන ඉන්නට, තවත් නෑ සිතාන ඉන්නට.... ...
උන්මාද සිද්ධිය කොටුවක්, රවුමක්, හැඩයන් පමණක් ලෙස දුටු මට... එකතු කර හැඩයන්, ගැල්වූයේ වර්ණයන්, අර්ථයක් නැති ජීවිතයකට, එකතු වුනි ලාලිත්‍යය... හැරී බලන්නේ හෙමින් ඔබ දෙස, මා දුටු, උන්මාද චිත්‍රාවයි, නුඹ... ...
කෝල් එක සිද්ධිය ඔයා යන්නද හදන්නෙ? කොහෙ යන්නද ඔයාව දාලා... එහෙනම්? අම්මිගෙන් කෝල් එකක් ආවා, ඒකයි... අම්මිගෙන්මද? ආහ්? ඇයි අනේ, ඔයාට මාව විශ්වාස නැද්ද? ඔයාව විශ්වාසයි... ඒත් අනිත් අයව විශ්වාස නැහැ... ඔයා මගෙම උනත්, වෙන කෙනෙක් ඔය ගැන හිතනවා කියන එකත්, මට දුකක්... පිස්සුවක් වගේ තමයි, ආදරේ නිසා වෙන්නැති... නිසා නෙවෙයි... තමයි... මම ඔයාට ආදරෙයි...♥ ...
චූ පෝලිම සිද්ධිය එහෙම කියලා පටන් ගත්තෙ අද ක්ලාස් එකේදි වෙච්චි දෙයක් නිසා. අද මට bio ක්ලාස්. 7.30ට සෙට් උන ගමන් ආයෙ ඉන්ටර්වල් එකක් ලැබෙන්නෙ 11ට. එතකන් බඩගිනි, චූ බරවල් ලෝඩ් කරන් ඉඳලා කස්ටියම මිස් "හරි දැන් ඉන්ටර්වල් ගන්න" කියපු ගමන් දුවනවා ඕන ඕන දිහාවලට. කොල්ලො ටිකනම් මුලින් කොරන්නෙ කාලා බීලා සප්පායම් වෙන එක. එකෙක් නෑර සංගමිත්ත ඒරියා එකේ සෝටීස් කඩවලට ඉක්මනින් රිංගනවා. ...
හද උමතුවෙන් සිද්ධිය හිතට හොරා කොහෙදින් ඇවිදින්, ලඟට වෙලා කියනා කියුමන්, නෙතඟ බලා හිඳ පෙම් හැඟුම්, දුරකට වෙන්නට බෑ අදනම්... කෝළ බැලුම් නුඹ හදහි දරා, මසිත සරා නුඹ උමතු වෙලා, නඟන සිනා වැල් දෝරෙ ගලා, ඔබ මගෙමැයි යැයි මට හැඟුනා... වස්සානේ පිනි පොද මැදින්, කැටි කරන් එන මල් හැඟුම්, ලපළු තුරු වියනටින්, ඇවිද යන්න ඔබ හිත අරන්, මතුකරන් අද හැඟුම්... මා ඔබෙයි ...
මෙමෙ සහ මම සිද්ධිය මෙමෙ, ලංකාවට අළුත් දෙයක්... මෙමෙ කියන්නෙ මොකක්ද, සාමාන්‍ය කාටූනයකින් මෙමෙ කාටූනයක් වෙනස් වෙන්නේ කොහොමද? මටත් හෙන කුතුඅලේ! ටිකක් හෙව්වා, මට මීටර් උන, මට හිත ගිය තැන් ටිකක් ගැන් ඔයාලටත් කියන්න හිතුවා. මොකද, මෙව්වා ගොඩාක් කාලීනයි. මට දැනුන විදියට එකෙන්ම ලෝකෙම හඳුනන භාශාවක් වගේ. ඉතින්, මෙන්න එහෙනම් මෙමෙ සහ මම... ඉදිරියට » ...
ඔබට ලියූ සිද්ධිය දැනුණු හැඟුම්, කැටි කර පදක් තනන්නට, සිතුන සිතුම්, ගයා වයන්නට, මොහොතක් සොයමි.... හැඟුමන් වැළකි, සිතුමන් සිතුනී, හදෙහී රැඳුනී, මාගේ ආදර ළඳුනී... මායාවක්දෝ, ආදරේ... සැබෑවුනානම් ළඳුනේ.. දිවියේ පැතුමන් කළතා, ගොතනා... එක් කවක් ඔබමැයි...සිතුනා... කීවා..ඒ ආදරේ...හඬඟා... ...
පිනි බිඳ සිද්ධිය පිනි බිඳක්, අහසින් වැටෙනා, පිනි බිඳක්, තනපතක් අග රැඳි පිනිබිඳක්, දැවෙන පොළව නිවුමට වැර දරන, පිනි බිඳක්, අහසට පොලොවට බට, හිරු රැස් මැද නැවතත් අහසට හිමිවන හැඩ, යන මඟ ඇතිකරමින් ඒ ඉන්ද්‍රචාපය, පිනි බිඳ, අයිති අහසට යන්න, පොලොව අද ඔබට දුර යැයි නොහැඟෙන්න.. ...
මතක සිද්ධිය පාර පුරා,මතක එක දෙක වැටිලා,යහන පුරා,ඔබ මැව් සිහින ඇඳිලා,සිත මා වසඟ කල,යුවතියක්, යුවතියක්,ඇඳෙනවා, හැඟෙනවා,මට,දැනෙනවා...පාර පුරා,ඔබ අත් අල්ලා,එදාත් අදත් ගිය මඟ,හෙටත් බලා හිඳී,ඔබ මා පා නගන තුරා...සිත මත ඇඳුනා,හද තුල රැඳුනා,ඔබේ පෙම් වදන්,ඔබේ පෙම් හැඟුම්... ...
බූල් බව්වො සිද්ධිය හැම දේකම දුකමනම් පේන්නෙ, සතුටක් දැක්කම මොනවා කරන්නද කියල හිතෙනවා... හිත හිච්චක් හරි සතුටුවෙනකොට, කොයින්ද එන ජීවිතයක් ඒ සතුට උදුරනවා... හිත මත්තෙම හැපෙන්නත් බෑ, හැමදාම අඬන්නත් බෑ... ඇත්ත දැනුනම දුකයි, යන්න දෙන්න වෙනවනම්, මොකෝ තියන් ගැටගහගන්නද? ඇල්සේශන්, පොමනේරියන් ජීවිත අස්සෙ, වල්සේශන් ජීවිත වැඩියි. ඉව කරලා වැඩක් නැත්නම් හපා කනවා... ඇත්තටම, අපිට කොයින්ද බූල් බව්වො... ...
හෙන්දිරික්කා සිද්ධිය යනමඟ බලා උන්නෙමි, මාවත දෙපස සැළුනු, හෙන්දිරික්කා මලක් පෑගුනු, තෙතමනය කැවී දෙපා අගට.. හිමිදිරි පිනිබිඳු පැටලී, තෙතබරිතව මල් ගොමු, තවත් දවසක, තවත් කතාවක්, කියන්නට තතනන අයුරු... පෙර දිනක ඔබ පහස, ලද මේ ගුරු පාර, සුවඳ හෙන්දිරික්කාවන්ට, පාළුයිලු, අද, ඔබ නැතුව.. පාළුයිලු,අද,අපි නැතුව... ...
සැඟවීම සිද්ධිය දෙතොලඟ තැවරූ, මුහුණු පොඩිය මත ඇතිරූ, සියොලඟම ගැල්වූ, විළවුන්ය මන බැන්දූ... සිත යටට තෙරපූ, හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ, සිනහවක් මුව රැන්ඳූ, ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ... අතීතය ඔබ හැංඟූ, කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ, වසන් නොකරන්, වසන් නොකරන්, ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ... ...
උඹට මට සිද්ධිය උඹට මටවින්නැහි වෙන්නැති.සියක් දොහක්,බලං ඉන්නැති.උඹට මට.පෙමක් බඳින්නැති.කවක් ලියන්නැති.උඹට මට.හිතෙත් ඇඳෙන්නැති,උඹට ඇඬෙන්නැති,රෑ දොහක.සියක් ගානකට,බලා හිඳින්නැති,අහස් කුස.පෙමත්, කවත් හරි,නැතිවුන දා,උඹට මට. ...