#StreetHarassmentHurts | අපේ ලොවටත් සඳක් පායන්න. සිද්ධිය "මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න.හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න.උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න.උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට?"ඉදිරියට » ...
ආත්මය සිද්ධිය දඩ බඩ, සැඩ හඬ, මැද වගුරන, ඔබේ ජීවිතය, "විජේ තව පැත්තට!" ලොක්කාගේ අණට, හාරන වල, ඇඟිලි පුරුක් අතුරින්, මිරිකෙන ජීවිතය, ඩා බිඳු එකිනෙක, රූරා ගලයි, පෙන්වමින් නුඹේ වීරිය, සිඟාකෑමට නොව, අත වෙර, හිත වෙර, එකතු කර පෙන්වන, නුඹේ ආත්මය...... ...
රඟන්නී ඈ... සිද්ධිය විහිදීය ඈ තාලයට පාද පොඩි, සුළඟ හා පොර බදමින්, සංගීත ස්වරයක වෙලෙමින්, ලොවක බර මොහොතකට අමතක කරමින්... අරුත සොයන ජීවිතයට, නිමක් නොපෙනෙන, තෙරක් නොදැනෙන, ගමනක එක නිවහනක්යැයි සිතමින්, දුටු දෙනෙත් වසඟයට ගනිමින්, සවන් යොමු කර වැයෙන තාලයට, නටත් ඈ ලොවම ඉදිරියෙන්, නැත සිතේ එකදු බැඳුමක වගක්, සොයන්නට කෙනෙක්? ඈ කවුද? කසුකුසුව වැඩිවෙත්ම හැරී බලත් ඈ ඔවුන් දෙස, මාත් ඔබමය, ...
දිය බිංදු සිද්ධිය දිය බිඳකට හඬ නැගුවලු, රැකෙන්නට, පණ තියාගන්නට, පොළවෙ හැපුනලු මළ කඳක්, එකක්, දෙකක්, තුනක්... දිය බිඳ වෙනුවට ලේ බිඳක් ලැබුනලු, තෙමන්නට උන්ගෙ පිපාසය, හැඬුවලු, මොර දිදී හැඬුවලු, ගැලූ කඳුලද පොලවට, දිය බිඳ හැර රතු ලේ බිඳු, හැඬූ උන්ගෙ කඳුළු බින්දු, බලා උන්නුන්ගෙ සෝ සුසුම්, දරා උන්නලු ඒ මහ පොළොව, තාම හොයනවලු, දිය බිංදු... ...
ගොම්මනක පැතුමක් සිද්ධිය අවරට ගොස් හිරුකිරණ, ගොම්මන කැන්දන සෙමෙන් අඳුර, දහවල නිලක වෙනස පෙනුමට, නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට... අඳුරත් සමඟ, ඇදෙන එකිනෙක තරු කැට, මවයි බන්දයි රටා නෙක ඇස පිනන, සිතද සනහන මුදු පවනක එතී, පා නගමි නිවෙස්නට, ඈව දකිනට, මා දයාවිය... සඳළුතල මත්තට වී, එනතුරු මග බලා හිඳිමි, රැගෙන සඳ සාවිය, ඈම විය... මගේ සඳළිය.... ...
අවුරුදු සිද්ධිය කාලය ඇවිත්,මල් පිපෙන,කොහාගේ හඬ ඇහෙන,කාලය ඇවිත්.මීන රාශියෙන්,මේශ රාශියට,යන්නට හිරුටකාලය ඇවිත්.හිරි වැටුනු,මගෙ හිතට,පණ පොවන,නුඹ එක්ක,එකට අවුරුද්දක් කන්නහිත යදින,කාලය ඇවිත්,ඔව් නුඹ එක්ක,හිනැහෙන්න,කාලය ඇවිත්. ...
පෙම සිද්ධිය රල පතර පෙන කැටිති, විසිරි සිරි ඇතිරු හැටි, ඔබෙ සහස ලඟ නැවති, මියුරු මුදු පෙම් සුවකි... අහස් කුස ගැබ්බරයි, සිතිජ ඉම වෙත දුවයි, ඔබෙ හිතත් මා රැගෙන, අනන්තය වෙත දුවයි.. ලිහිණියකු රැගෙන එන, වෙරළ මත ඇඳෙන එම, රහස මට කියනු කිම, සිනහවෙන් ඔබ වසන.. ළමැද හොවා මා වතම, ඇඳී පෙම් කවි දහස, ඔබ ලඟම තව රැඳෙන, තව දිනක් මම ...
ආන්යා සිද්ධිය වෙහෙසකර දිනයකට නිමක් දෙන්නට, පුරුදු ලෙස මා ගාලු කොටුව දෙස ඇදුනි.. හැන්දෑවට කොටුවට එකවන් පෙම්වතුන්ට ඉඩක් නොදෙන්නදෝ හෝ, සුළඟ දැඩි වී, අහස අඳුරු වෙනු මට පෙනුනි. "කමක් නැහැ, තෙමෙන්නට පෙර ලංවෙන්න පුළුවන් වේවි.." මටම කියාගනිමින්, ඉක්මනින් වටරවුම පසු කරමින් කොටුව වෙත ඇදුනි. ඉදිරියට » ...
අද සිද්ධිය ඔබ අතගෙන, අතැඟිලි පටලා, පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්, උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග, දඟකරන කෙස් රැල්ලක පැටලී එන, මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි, අද... වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ, නිහඬ ඇයි අද සොඳුර, හිස හොවා මා ළය මත, පියා නෙතු සඟල, තුරුලු වී ඔබ හුන් මතකය, අමතක කරම් හෙට මා කෙලෙස? සිතිජ ඉම සිප එන, ...
හැඩ සිද්ධිය සුදු පිටු අතර, ඔබ මැව් රටා එකිනෙක, අකුරු වචන පසෙකලා, පිකාසෝට හපන් සිතුවමක්, ආන්ජෙලෝට හපන් ඇඹුමක්, මෙලොව පසෙකලා මසිත, ඔබ ලිවු පද අතර තනිවෙලා අද, අරුත පසෙකලා සිතෙහි ඇඳි හැඩතල, වරක් දෙවරක්, නැහැ සියවරක් මා නෙත් ගෑටුවෙමි, දකින්නට මම, ඔබේ නෙතු වලින්, හැඟුනි මට, ජීවිතය, හැඩ කලා ඔබ. පෙම් කලා මම. ...
ඔහු සිද්ධිය රැවුලු ගස් අතගැවෙන බැව් හැඟින, කාලය නොම ඉඳ බැව් හැඳින, ඈ වත තව නොලැබෙන බැව් සිතින, නෙතඟ කඳුලැල් ගැලුවා, ඔහුට නොදැනිම... සිතින නිතින ඈ හැඳින, ගෙවූ කල් රූ මැවෙන, සිතඟ රුධිරය වැකෙන, මතකය දවයි හද නොම කිපෙන... නොම හැඳින ඔහු තෙද, ගත වෙර නොහඳුනන ඒ සිත, තෙත් කරමින් දෙකොපුල් අද, පිරිමි හිතකදු හැඬුවා පෙමක් බැඳ... ...
තවත් Red Bull වැඩකරුවෙක් සිද්ධිය රෙඩ්බුල් කිව්ව ගමන් ඉතින් අපෙ කස්ටිය මෝල් වෙලා පැනලා එනවනෙ! හිහි, ඉතින් ඔන්න තවත් ඒ වගේ එළකිරි අයිටමයක් හෙට අනිද්දම බලාගන්න පිනා චාන්ස් එකක් එන්ටයි හදන්නෙ! ආසයිනෙ? හිහි... කවුද, කින්ද, මන්ද කියලා බලන්නටකෝ... වැදගත් වැඩක් නිසා ලියන්ට හිතුනා, තවත් එක වැඩකෑලි දැක්වීමක් නෙවෙන නිසාම... ඉදිරියට » ...
සුවඳ දුම සිද්ධිය දැවී අළු වැටෙන, සුළඟට සේදී යන, වරක සුවඳ දුන්, සුවඳදුම් තුඩක අග, නෙතු මා දැවටී, නොහැඟෙන ලෙස අවට, බලා හිඳිමි, වැටෙන අළු පිසලන, මාරුතය, පරව ගිය මල් පෙතිද, පිස දමමින් වැලි තලය, දැවුනු අළු සඟවා ගති, නොපෙනෙන්නට, ඊළඟ සුවඳ දුමට, ඉඩදෙන්නට.... ...
ජුලියට් සිද්ධිය මදනල සමඟ වෙලී, ඈතට, දුර ඈතට දුවනා, ජුලියට්... සඳළුතල මත්තෙන් බිමට වන්න, ජුලියට්... රෝමියෝට පේන මානයට, ඇසෙන මානයට වී, ගීයක් ගයන්න, ජුලියට්... අදවත් ඔබ එන්න, හිඳගන්න, හිනැහෙන්න, ජුලියට්.. රෝමියෝගේ ආදරයට, පණ පොවන්න, ජුලියට්.... ...
පළමු හමුවීම සිද්ධිය හමු වූ මුල් දිනම, නෙක පැතුම් සිත දරාන, බලා උන්නෙමි, ඔබේ නෙතු කැට දෙස, මුවඟට වදන් එකිනෙක ගලපන්න, ඉඩක් නැතිවැයි, ගොළුව ඉන්නට, තෙපලන වචන එකිනෙක ඇහිඳ, මනසින් ඈඳුවෙමි ඔබේ ප්රේමාද්යාසය... බිම බලා හුන් දෙනෙත, දුකක් රඳවා ඇති ලෙසක, හිත කීරි ගැහුන, ඒ වචන පෙල, ඇසී ඉකිබිඳිනු ඇසුනි මා හද... ඈ මගේ නොව, මා ඇගේ නොව බව, සිතට දරා ගැනුමට, ...
ආවාටය සිද්ධිය සඳ දෙස බලා හුන්නෙමි, මා සඳ නම්... කැළැල් මගෙ මතක වෙන්නැති, සඳට බට ඔබ, ඇහිඳන් ගිය මතක පොදි... හ්ම්ම්... සලකුණක් පමණි මට ඉතිරි වූ, නැවත දුර ගිය ඔබ, පසලොස්වකට මා දිහා බලා, හිනාවෙන්නැති.. ඔව්, අමාවකවත් මට ඇති, ඔබෙන් ලැබූ ආවාටය අතගා, තනිව කඳුලක් හෙලන්නට... ...
ස්වප්නය සිද්ධිය හැඟුම් දහරක, කිමිදෙන සුන්දරියේ, මදනල හඬනඟයි, ඔබේ මුවඟට සිනහ කැන්දන, වදන් උන් තෙපලයි.. දුහුල් මිහිදුම් යහනක, වැතිරෙයි ඈ... සඟවයි ඒ නෙතු, හිරු නැති යාමෙට, හිත ලඟ, ආදරය බොහොමයි.. අඳුරේ සැඟවෙයි.. ළමැද සිරවුනු ඇගේ හැඟුමන්, රාත්‍රියට දී, රෑ කුමුදිනියකගේ සුවඳ විඳිනට, නිදි දෙව්දුවහට, ඇගේ ස්වප්නය, දැනට භාරයි... ...
Luxuryලු එන්නේ - Vikingලා පාරෙ යන්නේ! සිද්ධිය අධිවේගී මාර්ගයේ Viking බසයක් ධාවනය වූ බව ඇසුනු වෙලේ හිතට නැඟුනු අදහසක්...මහමග ගිය ලංගම් බස්ඒ සමඟම ප්‍රයිවට් බස්එකතුවී කම්බස්මගී ජනයා ගස් Boss!පාර නැතිතැන ඇලවල්තියෙන පාරේ වළවල්තිබෙනු දැක ඒ ගල්මුල්පාරෙ යද්දිම සොයයි සුල්මුල්Luxuryලු එන්නේ400ලු ගන්නේඇත්ත බලපන්නේVikingලා පාරෙ යන්නේ! ...
මිතුදම සිද්ධිය සිත ගත වෙලන, ලෙන්ගතුකමක අරුම, කැටි වූ නෙක සිතුම් රැසක, බැඳි පෙමක් මේ අප සැවොම... දින දිවා නෙක දවස, රැඳුනු සෙනෙහසක රහස, මතුවෙමින් සිත් සතොස, මිතුරුදමක් බැඳිය සිත් අහස... ඔබ මමද පහන් වුව, මියැසි ස්වරයකි නැඟුන, නිවාලූ සිත් පවස, අහස් කුස කරා නැඟුන, පෙම් කරමි, මේ මිතුදමට.... ඉදිරියට » ...
කාලාත්‍රයේ සිද්ධිය කාලාත්‍රයේ අපි යන්නෙමු,නෙතු ගැටෙන තුරා ක්ෂේමභූමියක්,රතුමල් පෙති ඇහිරුනු,සියොත් සර රැව්දෙන,ක්ෂේමභූමියක්...සමනල තටුවක සුනු තවරන්,පියඹන්නට තතනමු,පොලොවේ ඉඩ මදි වී,නැහැ කයට නොව සිතට ඉඩ නැත,සැරිසරමු තවත් කාලාත්‍රයේ,නිමක් නැති වූ අවකාශයේ.... ...