ඔබ අතගෙන, අතැඟිලි පටලා,
පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්,
උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග,
දඟකරන කෙස් රැල්ලක පැටලී එන,
මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි,
අද...
වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ,
නිහඬ ඇයි අද සොඳුර,
හිස හොවා මා ළය මත,
පියා නෙතු සඟල,
තුරුලු වී ඔබ හුන් මතකය,
අමතක කරම් හෙට මා කෙලෙස?
සිතිජ ඉම සිප එන,
මාරුතය කෙඳිරූ ඒ සොඳුරු වදන් පෙල,
අහවර කලා දිවා රුදු වූ හිරු රැස,
ඔබ අත ගෙන,
නැවතත් පියමනිනට ආසයි,
ඒ මාවත,
ඒ මතකය,
ආදරයෙන් යලි වරක්,
සිහිකරනු පිණිස....
සමිප බවක් දැනුනේ ඇයි කියලා හිතුවේ, හ්ම්ම්...
ReplyDeleteමටත් නිකන් පාළුවක් තනිකමක් දැනුනා වගේ..:)
ReplyDeleteහ්ම්ම්ම්!!!
ReplyDeleteකදිම වදන් පෙලක්..විරහව ගානට සිත්තම් වි තිබෙන ආකාරය මනරම්යැ..
ReplyDeleteඅදත් ලස්සනට ගලපලා විරහවේ පද පෙළක් !
ReplyDeleteවිරහව ! හ්ම් හ්ම්
ReplyDeleteසත්තකින්ම අපුරුයි.....
ReplyDeleteපරණ මතකයන් අලුත් වෙලා දැනුන..
ReplyDeleteහ්ම්ම්ම්... ලස්සනයි..
ReplyDeleteලස්සන ඉසව්වක්නේ අදමයි ආවේ දිගටම එන්නම් දැන්
ReplyDeleteHitha pathulatama danunaa..
ReplyDeleteEhema une ai kiyanna theren na..
Apuru nirmaanayak..
Jayama Wewa !!!
----අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි----
ReplyDelete