අවසර දෙනවානම්... සිද්ධිය අඳුරට ඉඩ දෙන්න, දහවල උනුහුම ඔබෙන්, ඉවතට ගෙන යන්න... බඹරිඳුට අවසරයි, මලට බරක් වන, රොන් සුනු ගෙන යන්න... හිරු කිරණ දඟකරයි, තණ මත රැඳි, පිනි බිඳු ගෙන යන්න... ළඳුනේ, අවසර දෙනවානම්, සොඳුරු ඔබේ, හදවත ගෙන යන්න... ...
අහස හිතමැයි සිද්ධිය ඉඩ දෙන්න අහසට, පොළොව දිහා බලාන ඉන්නට... හිත රිදුන වෙලාවක මහා වරුසා දෙන්නට, ඉඩ දෙන්න.. කළු සුදු වළාකුලට.... අනන්තයට දුවනා, දුර ඈත... රාත්රියක, මුළු අහසම නිහඬයි, නිසලයි.. තරු මන්දාකිණි වටකරන්, සැනහෙයි.... චන්ද්රකාන්තියට, අවසරයි... චන්ද්ර මණ්ඩලය, වට කරයි.... හිමිදිරිය දකිනා, හිරු කිරණ අත දරයි, නිල් අහස, නිහඬයි නිසලයි... ඉඩදෙයි.... අහස තවමත් එහෙමැයි, ඉවසයි නිසලයි... ...
පුංචි පද වැළක් සිද්ධිය මීදුම් පට, සඟවයි, නෙතු අග රැඳි කඳුළක්, ලොවටම රහසෙන්.. හැරගිය දා පටන්, ආදරයෙන්... හැඟුමන් බොහොමයි, හද මැද තෙරපෙන, කඳුළැල් සුසුමන්, එකිනෙක පැටලෙයි... ඉදිරියට »
බූල් බව්වො සිද්ධිය හැම දේකම දුකමනම් පේන්නෙ, සතුටක් දැක්කම මොනවා කරන්නද කියල හිතෙනවා... හිත හිච්චක් හරි සතුටුවෙනකොට, කොයින්ද එන ජීවිතයක් ඒ සතුට උදුරනවා... හිත මත්තෙම හැපෙන්නත් බෑ, හැමදාම අඬන්නත් බෑ... ඇත්ත දැනුනම දුකයි, යන්න දෙන්න වෙනවනම්, මොකෝ තියන් ගැටගහගන්නද? ඇල්සේශන්, පොමනේරියන් ජීවිත අස්සෙ, වල්සේශන් ජීවිත වැඩියි. ඉව කරලා වැඩක් නැත්නම් හපා කනවා... ඇත්තටම, අපිට කොයින්ද බූල් බව්වො... ...
ස්වප්නය සිද්ධිය හැඟුම් දහරක, කිමිදෙන සුන්දරියේ, මදනල හඬනඟයි, ඔබේ මුවඟට සිනහ කැන්දන, වදන් උන් තෙපලයි.. දුහුල් මිහිදුම් යහනක, වැතිරෙයි ඈ... සඟවයි ඒ නෙතු, හිරු නැති යාමෙට, හිත ලඟ, ආදරය බොහොමයි.. අඳුරේ සැඟවෙයි.. ළමැද සිරවුනු ඇගේ හැඟුමන්, රාත්රියට දී, රෑ කුමුදිනියකගේ සුවඳ විඳිනට, නිදි දෙව්දුවහට, ඇගේ ස්වප්නය, දැනට භාරයි... ...
ඔබට ලියූ සිද්ධිය දැනුණු හැඟුම්, කැටි කර පදක් තනන්නට, සිතුන සිතුම්, ගයා වයන්නට, මොහොතක් සොයමි.... හැඟුමන් වැළකි, සිතුමන් සිතුනී, හදෙහී රැඳුනී, මාගේ ආදර ළඳුනී... මායාවක්දෝ, ආදරේ... සැබෑවුනානම් ළඳුනේ.. දිවියේ පැතුමන් කළතා, ගොතනා... එක් කවක් ඔබමැයි...සිතුනා... කීවා..ඒ ආදරේ...හඬඟා... ...
කඳුළු වැහි බිඳු සිද්ධිය සුදු, අළු පාට වළාකුළු, රාත්රියේදී කළුවටමයි.. හඳ, තරු වැසෙන්නට ඝන අන්ධකාරයක්, අහස්ගැබ වෙළාගෙන... තිත්ත කළුවර මැද, ඇරඹුන සීතල වැස්සකට මැදිවුන, කාටත් නොඇසෙන, නොහැඟෙන, හැඬුමක්, අකුණු සැරයක් මැද, එළිය වුනු මුහුණක් මත දුටිමි... වැහිපොදට වඩා කඳුලක් බරයැයි හැඟුනි... එත් ඒ වැස්ස, කඳුල හංගන්නට, හැඬුම වළලන්නටමයි හිතේ තදවුන හැඟුම්, පුපුරා අකුණු සැර පරදයි.. වැස්සට තුති, ලොවෙන් සැඟවූවාට, තවත් එක කඳුළක්.... ...
International Scores සිද්ධිය International Scores: Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!
සොඳුරු සිත්තම් සිද්ධිය පැන්සලය අතෙක රඳවා,සිතෙහි ඇඳුනු රුවක් මවන්නට,රළු කැන්වසයක් මත...මැකෙයි, ඇඳෙයි නෙක නෙක රූ රටා,හීන පොද කැටි කරන් ගල්වයි වර්ණයන්..සිත්තමක් අඳිනට, පිකාසෝ නොවුනද, මැටි ගුලියකි ඇඟිලි මත සිරවුනු,ඇඹරෙයි, තැලෙයි, පොඩිවෙයි..හැඩයන් මැවෙයි, නෙතට දැනෙන...ඇන්ජෙලෝගේ ඩේවිඩ් නොව,සාංකාව මකන කළාවකි මෙය... පින්සල, පැන්සල, පෑන අතට ගත්තෝ,කළාකරුවන්ද,ජීවිතයක් අඹන අපිත්..කළාකරුවන් නොවෙමුද? ...
තවත් Red Bull වැඩකරුවෙක් සිද්ධිය රෙඩ්බුල් කිව්ව ගමන් ඉතින් අපෙ කස්ටිය මෝල් වෙලා පැනලා එනවනෙ! හිහි, ඉතින් ඔන්න තවත් ඒ වගේ එළකිරි අයිටමයක් හෙට අනිද්දම බලාගන්න පිනා චාන්ස් එකක් එන්ටයි හදන්නෙ! ආසයිනෙ? හිහි... කවුද, කින්ද, මන්ද කියලා බලන්නටකෝ... වැදගත් වැඩක් නිසා ලියන්ට හිතුනා, තවත් එක වැඩකෑලි දැක්වීමක් නෙවෙන නිසාම... ඉදිරියට » ...
අළු සිද්ධිය තනිකමද, පාළුවද රජයන, සුසුමක අසමාකාර හඬ, විශමාකාර ලොවක් තුල, සමමිතිය සොයන්නී ඈ නියමයන් නොදන්නා හදවතක්, විකසිත වන්ට දඟලනු දුටුවද, මුකුලිත කරයි මනෝභාවය රූරා වැටෙන කඳුළු බිඳුවක, දියරමය සිතුවිලිය, මතකයන්ය වර්ණ හතක අරුමය නුදුටුවද, කළු සුදු මැද ඈ අළු විය... ...
දැඟලිල්ල සිද්ධිය ගැහෙයි, දඟලයි.. වැඩක් නැතුවද වලිකයි, හිත කොහෙද, කොතැනද ඇහුවොත්... මෙතැන යැයි කියන්නේ කවුරුන්ද? දෙතැනක නතරවුනු සිතක් ගැන කියන අද, අතන මෙතන වෙන දේ දැක, දුකද, කම්පාවද, සතුට, සොම්නස දරා ගත නොහැකිව, ගැහෙයි පුලුවන් තරමට වෙහෙසිව... මම කරන, කියන, හිතන හැමදෙයටම, වද නොවී උඹ, කරන් භාර වුනු රාජකාරිය, ඔව් නුඹේ දේවකාරිය, රුධිර පොම්පයක් පමණි නුඹ, හදවත.... ...
හද ලද මිරිඟු ලඳ සිද්ධිය හිතන්නෙපා, ඔබ, මගේමයි කියා,හිතන්නෙපා ඔබ මිරිඟුවක් කියා,හිතන්නෙපා ඔබ, මට දුරයි කියා,සිතින් ලඳේ, මා ඔබ තුරුලට වෙලා... හෙමින් බලා ඉඟිබිඟි කලා ඔයා,දෙතොලඟට වඩා, නෙත් සඟල කතා කලා,මදනල පවා, දඟකලා, හිනැහුනා,ඔය නෙතු දිහා බලන්,කුමරිය මා සැනසුනා... පැතුමන් පතා, ඔබ මා තුරුලේ හොවා,හිඳිනා දිනක්, ගැන මසිත කතා කලා,ඔබ පතමින්, ළතැවෙමින්, මාස සති ගණන් උනා,අන්සතු වුනු ලඳේ....ආදරේ බොරුවක් උනා... හිතන්නෙ නෑ, ඔබ මගේමයැයි ...
අයියාට ආඩම්බරයි සිද්ධිය දින කීපයකට පෙර අපෙ නඟා මට ගෙනත් පෙන්වූ, ඇගේම පුංචි පහේ වැඩක් ගැන ලිවීමට කැමැත්තෙමි. මම බ්ලොගියේ කවියක් ලියන්නේ හිතට එන අයිඩියාක් එවේලෙට කොහේ හෝ කුරුටු ගා, පසුව ඕක හිතුන වෙලාවකට මෙකෙ කොටයි. ඒත් අපෙ නඟාගේ කවියක් මම මීට පෙර කියවා තිබුනේ නැත. ලියා තිබුන දේත් පට්ටය. මෙහෙම දින කීපයක්ම නියම කවි ටිකක් ඈ අතින් ලියවින. මෙයින් හොඳ, පුංචි කවියක් ...
#ෆුල් ආතල් #EpicSinhalaCartoonDubs සිද්ධිය ට්විටරය පුල් ආතල් බැව් මම කලින් ලිපියකින් සඳහන් කලෙමි. බොයියක් දුන්නේ නැත. ඊයෙ(05.02.2012) රෑත් අපේ එකෙක්ගෙ මොළයේ ස්පාර්ක් ප්ලග් එකක් බුරුල් වී ආ අයිඩියාස් එකක් නිසා පැය ගානක් බඩවල් අල්ලන් හිනා උනෙමු. හිච්චි කාලයේ පටන් බැලූ කාටූන් වලට ඉස්තරම් සාධාරණයක් කොලෙමු. මේ ආතල් සංවාදයේ සුපිරි මතක ටිකක් මම මෙතන කොටා දැක්වීමට හිතුවෙමි. ඉදිරියට » ...
හැඬූ දෙව්දුව සිද්ධිය දෙතොලතර, සිරගතව ඇත, සිනහව.. ලොවම නිහඬ, නිසල මොහොතක, දෙව්දුවක නෙතඟින්, සැලෙයි මුතු පබළු කැට හඬන... අමිහිරි මතකයට පිටුපා, බලාපොරොත්තුවෙන් දල්වා ඈ නෙත්, ආදරයක රසභාව සිඳුනු, විරහවෙන් තෙමුනු, මැලවුන සියුමැලි කොපුල්, අයදියි සියුම් හාදුවක්, වියැලුනු දෙතොල් මත... ...
නාකි උනු නිදහස සිද්ධිය 64යි, දැන් නාකියි නිදහසත්.. පුරන් අප්පුවේ, ඇවිත් බලාපන්, සුද්දා එලවා දැමූ රටට, කළු සුද්දා කොරපු විපත... ලක් මාතාවට උනු හදියක තරම... දමිළ, මුස්ලිම් භේදයක් නැතිව, ගලවාගති සිරි ලංකාවම, අනේ අපෙ බුදුන් වැඩි මව්බිම, හූල්ලයි බලන්නට මිහිරි අනාගතයක් ලඟම... නියම සිංහලයකු හොයයි ඈ, ඔව්, තවත් සරදියලයැකු හොයන්නේ, සතරදික්බාගයකම... අනාගතය භාරගන්නට යන පොඩි එකාටත්, මහින්ද හිමියනේ යන එන මං නැත, තවත් එක ...
කිව්ව දේ සිද්ධිය හිනාවුනා, ඔයත් එක්කම, ආදරෙන් හිටියා, ඔයත් එක්කම, ගෙවුනෙ කාලය, ඔයත් එක්කම, සමහර වෙලාවට ඇඬුවා, ඔව්, ඒත් ඔයත් එක්කම... අද ඔයා යන්න යනවා... එයත් එක්කම... හිනාවෙච්චි තරමට මට ඔහොමවෙයි කියලා හිතුනා.. තරහක්නම් නැහැ, හැරිලා බලද්දි පුංචි දෙයක් මතක් උනා, "වැඩිය හිනාවුනොත් අඬන්න වේවි..." අම්මා කිව්ව දෙයක් වැරදුනේම නැහැ... ...
පනින්නද? සිද්ධිය ගල් බිත්තියක රළු බව දැනගෙනත්,ඈඳි ගත්තෙමි, උන්නෙමි ඈත බලන්...සිතිජ ඉමෙන් ඔබ්බට යන්න ඇත්නම්,නැතිව කිසි බැඳුමන්...සිනිඳු වැල්ලේ බැඳී ඉන්න ඇත්නම්,මියෙන තුරාවට ඔබ එනකම්...සුමුදු රළ පතර කිමිදෙන්නට ඇත්නම්,නැහැවෙන්නට ජීවිතයක බලාපොරොත්තුවෙන්...ඉමක් නොපෙනෙන මහ සයුරක තනිවෙන්නම්,අද මට ඔබවත් නැත්නම්...ගාලු කොටුව මතින් තවත් ආදරයක්,හුළඟට එකතුවේවි...ඔව්,ඔයා නැත්නම්... ...
ප්රවේසමෙන් පරිහරණය කරන්න සිද්ධිය ජීවිතයේ බර, දරාගත නොහැකි වූ කල්හි, ආදරය කල ජීවිතය, විඳීමට නොව, විඳවීමට වූ කල්හි, සැලෙන් මුවඟ සිපගැන්මට, ඉතිරිවූයේ වස බිඳුවක් පමණද? ඉහ ඉහත්තාවට ඇවිත්, මරණය, බලා හිඳියි නෙත් යොමා ඈ දෙස, සවන් වැකුනි, මරණයම අයැදි ඇගේ, ජීවිතය ඉල්ලා හඬන, ශෝකාලාපය... ...