ගොළු හදවතක් සිද්ධිය සිත අවදිවේදැයි නොහැඟෙන යාමයේ, නෙතු මානයේ මතක් වැල් ඇඳුනාවේ, ඔබ නොපිපුනු මෙ රාත්‍රියේ, කුමුදු මල් නොපිපුනාවේ... ඇඳෙන සිත්තම් එකිනෙක බලා, ඔබ හිනැහුනා මතකයි, මැකුන සිත්තම් කඳුළු කැට යට, සුසුමක් හෙළුවා මතකයි. නැඟෙන සෝ ගිනි මකා හරිනට, පියැඹුවා මතකයි.... මලේ අද නුඹ කොයිද සොයම්, සිහිනයක වෙලි සොඳුරු නෙතු සිතුවම්, ප්‍රේමයේ හසරැල්, නොහඳුනන ගොළු හදවතක් අද... නොමැතිදැයි ගැයුමන්.. සියොතුනේ අද නොමැතිදැයි ...
යන්න සිද්ධිය කතරට ලංවූ සිත, වෙහෙස දරනට අරන් බර කරට, මඟ වැරදුන සමනලියක තටු සිඳුනි මෙලෙක තැන, අපා දුක් විඳ, යනෙන මඟ නොදැන, යන්නට වූ තැන කොතැන, උපන් බිම හැර ඔබට... වරද කොතැනද, සෙව්වද අද ඈ නැත... කන්නලව් කල දෙවියන් ඉදිරිපිට, අසරණ වුනි ඈ අද... යනෙන මඟ රැකුමට, සිටින උන් කෝ කොහිද? යන තැනෙක සුපිපි මලක් වෙන්න, දකින තැන සැපවත් කරන්න, ...
අළුත් අවුරුද්දට.... සිද්ධිය තවත් අවුරුද්දක් ගෙවිලා ගිහින්... මායාවරුන්ගෙ දිරච්ච කඹය(ලණු කියලා මදි නිසා), ඔබාමා මහත්තයා ආයෙත් පුටුවට ඒම, ලන්ඩන් ඔලිම්පික් උළෙල, අපි ආයෙත් කප් ෆයිනල් එකේදි ඇදගෙන නෑම වැනි පුදුමාකාර සිද්ධි ගොන්නක් මැදින්, 2012ත් හොරෙන්ම පැනලා ගිහින්... වරදක් නැති අවුරුද්දක්, ආපස්සට හැරිලා බලද්දි වෙනස් කරන්න පුළුවන්නම් කියල හිතුන දේවල් දෙක තුනක් තියෙනවා... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති. සිද්ධ උන වැරදි හදාගෙන ...
අද සිද්ධිය ඔබ අතගෙන, අතැඟිලි පටලා, පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්, උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග, දඟකරන කෙස් රැල්ලක පැටලී එන, මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි, අද... වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ, නිහඬ ඇයි අද සොඳුර, හිස හොවා මා ළය මත, පියා නෙතු සඟල, තුරුලු වී ඔබ හුන් මතකය, අමතක කරම් හෙට මා කෙලෙස? සිතිජ ඉම සිප එන, ...
පළමු හමුවීම සිද්ධිය හමු වූ මුල් දිනම, නෙක පැතුම් සිත දරාන, බලා උන්නෙමි, ඔබේ නෙතු කැට දෙස, මුවඟට වදන් එකිනෙක ගලපන්න, ඉඩක් නැතිවැයි, ගොළුව ඉන්නට, තෙපලන වචන එකිනෙක ඇහිඳ, මනසින් ඈඳුවෙමි ඔබේ ප්රේමාද්යාසය... බිම බලා හුන් දෙනෙත, දුකක් රඳවා ඇති ලෙසක, හිත කීරි ගැහුන, ඒ වචන පෙල, ඇසී ඉකිබිඳිනු ඇසුනි මා හද... ඈ මගේ නොව, මා ඇගේ නොව බව, සිතට දරා ගැනුමට, ...
රිදී රේඛාව සිද්ධිය අඳුරු අහසට, කඳුළු මුතුවැල් බැඳී, හඬන තරුකැට මෙන්ය හද නොරැඳී, සිහින දෙව්දුව හමායන විටදී, නෙතුමානයේ, පෙම්, සුළඟක් රැඳී... විරහ කවි රැස, ලියූ හද අද, යලිදු තෙත් වී, චාන්දනිය වී පායා එනු මැනවී, අඳුරු හද ගැබ, එලිය ලද විටදී, සඳකැන්ය ඔබ මුවඟ රැඳි සිනැහී... සුසුමන් වියැකී, කඳුලැලි වියැලී, හැඬූ තරු අද සිනහවෙනු පෙනුනී, අළුත් රහසක් මුමුනනවා ඇසුනී, රිදී රේඛාව සිත් ...
මිතුදම සිද්ධිය සිත ගත වෙලන, ලෙන්ගතුකමක අරුම, කැටි වූ නෙක සිතුම් රැසක, බැඳි පෙමක් මේ අප සැවොම... දින දිවා නෙක දවස, රැඳුනු සෙනෙහසක රහස, මතුවෙමින් සිත් සතොස, මිතුරුදමක් බැඳිය සිත් අහස... ඔබ මමද පහන් වුව, මියැසි ස්වරයකි නැඟුන, නිවාලූ සිත් පවස, අහස් කුස කරා නැඟුන, පෙම් කරමි, මේ මිතුදමට.... ඉදිරියට » ...
ඔහු සිද්ධිය රැවුලු ගස් අතගැවෙන බැව් හැඟින, කාලය නොම ඉඳ බැව් හැඳින, ඈ වත තව නොලැබෙන බැව් සිතින, නෙතඟ කඳුලැල් ගැලුවා, ඔහුට නොදැනිම... සිතින නිතින ඈ හැඳින, ගෙවූ කල් රූ මැවෙන, සිතඟ රුධිරය වැකෙන, මතකය දවයි හද නොම කිපෙන... නොම හැඳින ඔහු තෙද, ගත වෙර නොහඳුනන ඒ සිත, තෙත් කරමින් දෙකොපුල් අද, පිරිමි හිතකදු හැඬුවා පෙමක් බැඳ... ...
SMS සිද්ධිය මේ දැන් දවස් දෙකකට කලින් වෙච්චි සිද්ධියක්... ක්ලාස් ඇරිලා එද්දි දැකපු, අහපු සීන් කෝන් එකක්... ඉදිරියට »
මොහොතක් සිද්ධිය එන හැන්දෑවක... කියාදෙන්න මට, සිතාගන්න තව, ඔබ ගැන... හිත හදාගන්න බැරිව මම, කියාගන්න බැරිවුනු පෙම... සොයාදෙන්න සොයාදෙන්න තව, මට.. අපි අපේම වන, තව එක මොහොතක්... ගිය හැන්දෑවක... කියාදුන්න මට, සිතාගන්න පෙර, දුර ගිය... ගලාහැලෙන කඳුළු බිඳක් ගෙන, වළාකුලක් අද බඳිමි හිත යට, හිරු මැදියම එනතුරා... වළාකුලට පෙම් බඳිමි මම.... ...
හෙන්දිරික්කා සිද්ධිය යනමඟ බලා උන්නෙමි, මාවත දෙපස සැළුනු, හෙන්දිරික්කා මලක් පෑගුනු, තෙතමනය කැවී දෙපා අගට.. හිමිදිරි පිනිබිඳු පැටලී, තෙතබරිතව මල් ගොමු, තවත් දවසක, තවත් කතාවක්, කියන්නට තතනන අයුරු... පෙර දිනක ඔබ පහස, ලද මේ ගුරු පාර, සුවඳ හෙන්දිරික්කාවන්ට, පාළුයිලු, අද, ඔබ නැතුව.. පාළුයිලු,අද,අපි නැතුව... ...
ජුලියට් සිද්ධිය මදනල සමඟ වෙලී, ඈතට, දුර ඈතට දුවනා, ජුලියට්... සඳළුතල මත්තෙන් බිමට වන්න, ජුලියට්... රෝමියෝට පේන මානයට, ඇසෙන මානයට වී, ගීයක් ගයන්න, ජුලියට්... අදවත් ඔබ එන්න, හිඳගන්න, හිනැහෙන්න, ජුලියට්.. රෝමියෝගේ ආදරයට, පණ පොවන්න, ජුලියට්.... ...
රෑ කිරිල්ලී සිද්ධිය ඈ අවුත් රෑ කාලයේ, වෙරළ තීරේ අගිස්සේ, ගං ඉවුරු අසබඩින්, පියඹා... අළුයමට පෙර මල් සිඹින්නට, රොන් උරන්නට, කුමුදු මල් සෙව් කිරිල්ලියේ, පියඹා, රෑනේ යන්නට අවුත්.. සැරින් සැරේ නෙතු අද්දර, හීන මවනා, රාත්‍රියේ චන්ද්රකාන්තිය ඔබයි, කිරිල්ලියේ... පමාවී ඈතට ඇදී, නෙතු මානයෙන් එහා, වෙන්වී නෙතු අගට දුක දී, අත්තටු සළන, කිරිල්ලියේ, රාත්‍රිය එනතුරු බලා ඉන්නෙමි, නැවත ඔබේ තටු මත්තට වී, දෙතොලතර, ...
සොයමි සිද්ධිය තරු පිරි අහසේ, එක් තරුවක් සොයමි මම, සඳකැන් මත පිහිනමින්, දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම.. අඳුරට අයිති ඔබ, කොහෙදැයි සොයමි මම, අවරට ගිය හිරු නැවත එනතුරු, ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම... හිරු අරක් ගත් අහස, දවාලූවා මගේ සිහින, අඳුරු නොපෙනෙන යාමය වුවද, රැයට තවමත් ආදරෙයි, මම.... ...
කවිය ඔබ සිද්ධිය කවිය ඔබ, තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී.. සිත දෙගිඩියාවෙන් තවම නොලියූ, කවිය ඔබ, කවිය ඔබ... ඉදිරියට »
ගොම්මනක පැතුමක් සිද්ධිය අවරට ගොස් හිරුකිරණ, ගොම්මන කැන්දන සෙමෙන් අඳුර, දහවල නිලක වෙනස පෙනුමට, නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට... අඳුරත් සමඟ, ඇදෙන එකිනෙක තරු කැට, මවයි බන්දයි රටා නෙක ඇස පිනන, සිතද සනහන මුදු පවනක එතී, පා නගමි නිවෙස්නට, ඈව දකිනට, මා දයාවිය... සඳළුතල මත්තට වී, එනතුරු මග බලා හිඳිමි, රැගෙන සඳ සාවිය, ඈම විය... මගේ සඳළිය.... ...
වැටුනු සළඹ සිද්ධිය සිලිං සිලිං, පා සළඹ, වැනුනි, ගැයුවේ ඔවුනගෙ ගීතය, වේදිකාව මත රඟන ඈගෙ, පා පහස ලැබ, හඬ නැගීය තාලයට... වන්නමට සීරුවෙන්, පාද එක දෙක තබන්, සිනහවක් මුව හොවන්, නටත් ඈ සොම්නසින්... රටා මවමින් නෙක, පාද යයි නැටුමට, බෙර හඬට තාලයට, අවනතයි හිතට පෙර... පාද පොඩි පැකිළුනා, බෙර හඬද නැවතුනා, පාද පොඩි පහස නැති, පා සළඹ නැවතුනා... ...
සොයන මල සිද්ධිය මිහිදුම කැටි කල, එක් පිනිබිඳක්, පිපි මල අග රැඳී... සිප ගැනුමට පෙර, හිරු කිරණ, බඹරිඳු සොයන, සුපිපි මල, සීත මැදින් සොයන, රුවැති මල... විඩාබර තටු අගට, ඉඩක් නැහැ වෙහෙස නිවනට, සීත මිහිදුම පීරමින්, තවම සොයන, සුපිපි මල, රොන් තුඩු අග සිඹිනට, සිත විඩා නිවුමට.... ...