කාමර අංක "නමය" sithumpethum කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට ...
"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?" sithumpethum හමු වෙන්නට සමුගන්නට ඇවිත් යන එනරටක් වටින අපි ජීවත් වෙලා මොකටද උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන දුක්බර ගී ආයෙත් නෑ ඔබට ඇසෙන්නේඅඩ්ඩ ඩඩා අඩඩ ඩඩා අඩ්ඩ ඩඩා ඩා....ආආ රම්බාගේ ගෙදර සාලේ ඇතුලෙන් ආව සැමන් බෙලෙක් ටින් වොයිස් එකට මගේ අක්මාව අන්දකයිප්පු වෙලා ගියා. මල්වර නැකතෙන් දීගෙක යන්න ගිහින් ගෙදරට අතේ මාට්ටු වෙලා උන්නු රම්බාගේ නංගිගේ අජරාමර වොයිස් එක මගේ ...
බිලිපූජාව sithumpethum හිටි හැටියේම අපේක්ෂා නොකළ වැස්සක් කඩා පාත්වුණද පෙර සිටම සුදානමක් ඇතුව අප විසින් එළඹී සිටි සම්මත සැලසුම වෙනස් කිරීමට පේද්‍රික් උන්නැහේගේ කැමැත්තක් නොවීය. එබැවින් ඔහුද මාද පීටර්ද ඇතුළු අප තුන් කට්ටුවට සිහින් පොදයේ වුවද එකා පසු පස එකා වැටී වන ලැහැබ තුලට පිවිසියෙමු. ගොම්මන් අඳුර කැලෑව පුරා අරක්ගෙන කෙමෙන් රාත්‍රිය බවට පරිවර්තනය වෙමින් සිටිද්දී අත වූ විදුලිපන්දමේ එළියෙන් පේද්‍රික් උන්නැහේ ...
කසාදය sithumpethum ගෙවුනු වසර කීපය දෙස අතීතාවර්ජනයෙන් බලන කල ඒ කාල පරාසය තුල මට ලැබුණායැයි සතුටු වියහැකි විශේෂ දෙයක් නොමැත. එමෙන්ම දුකකින් කියන්නට නොලැබුණු දේකුත් නොමැත. අවශ්‍ය වූ දෙයක් මාසේ පඩියෙන් අන්තිමට සාප්පුවකට ගොස් මිලදී ගන්නවා හැරෙන්න සේප්පුවක දමා සොරුන්ගෙන් ආරක්ෂා කලයුතු වටිනායයි කිවහැකි කිසිවක් මා සන්තකයේ නොතිබිණි. මෑතකදී සාප්පුවකට අලුත් යමක් මිලදී ගැනීමට ගොඩවැදුන දවසක්ද මතකයකට නගාගත නොහැක. කමිසයක් කලිසමක් ගන්නේද ...
"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා. sithumpethum රම්බාගේ නංගි චාරු ලතා, තේරුණ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එක වැටිලා තිබුනේ පහු වෙනිදට කොළඹ විකාශනාගාරයේ. ඉතින් කට්ටිය යමරෙට වැඩ..එක කාමරේක චාරුලතා සංගීත ප්‍රැක්ටිස් තොරන් සුනිල් අයියා එක්ක. තවත් කාමරේක රම්බාගේ අම්මා, හතර වරිගෙම බවලත් උදවිය එක්ක පහුවදාට අඳින්න සාරි තෝරනවා. ඒ බවලත් උදවියගේ සුහච කීකරු යුග පුරුෂයෝ ටික අතින් කුස්සියේ මේ ඔක්කොටම කෑම හැදෙනවා. ඔය අස්සේ මමයි රම්බයි සිම් ...
"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා" sithumpethum රියලිටි තරඟයේ පලවෙනි තරඟකරු හැටියට ආව තඩි අක්කා ස්ටේජ් එකට බැහැපු කඹේ කඩාගෙන අවාසනාවන්ත විදිහට බිම පත බෑවුනේ අහසෙන් ගිය ඉබ්බාට වැහි නැති හෙන ගැහුවා වගේ. පණ යන්න ඔන්න මෙන්න තියෙද්දී විනිශ්චය මණ්ඩලේ ජාතිය අමතලා වේදිකාව දෙවනත් කරපු හින්දා අනවුන්සර් මල්ලි පොඩි ක්ෂණික ඇඩ් එකකට ගියා. ඒ වුනාට කන් අඩි පැලෙන අප්පුඩි සද්දේ අස්සේ ඒකි කලේ රියල්ම රියල් ඇක්ටින් එකක් ...
සෙලෝලොයිඩ් sithumpethum තිලකරත්න එදින කෙටි නිවාඩුවක් දමා වේලාසන නිවසට ඒමට තීරණය කලේ උවමනාවකටම නොවුනත් මාසික කෙටි නිවාඩුවක් ඉතිරිවී තිබුන හෙයින් ඒවා නොගැනීමෙන් මාසික වේතනයට සිදුවෙන විශේෂ සෙතක්ද නොමැති නිසාවෙනි. සුපුරුදු පරිදි දක්නට ලැබෙන කාර්යබහුලත්වයෙන් තොර පදික වේදිකාව දිගේ ඇවිද ගිය ඔහු සිනමා ශාලාව අසල මදක් නැවතී උනන්දුවෙන් බැලුවේ විශාල දැන්වීම් පුවරුව දෙසය. ඒ මේ දිනවල තිරගත වන සිනමාපටය කුමක්ද යනවග දැනගනු පිණිසය. ...
එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං sithumpethum ගොත ගහ ගහ ඉන්න රම්බාගේ මුණ නිකන් හරියට පැණි කොමඩු ගෙඩියක් වගේ වුණා. මු කියන දෙයක් කියන්නේ නැති කොට මමත් අමාරුවෙන් දත කාගෙන හංගගෙන ඉන්න ඉවසීම, පනින්න ඔන්න මෙන්න වගේ."ඉතින් මොකද උඹ මට ආදරෙයිද. එව්වා හරියන්නේ නෑ පුතෝ ලංකාවේ තාම ඒ නීතිය සමාජගත කරලා නෑ, හොරෙන් ජීවත් වෙන එවුන් ඇති. ඒත් උඹේ අදහස් සුම්මා, එව්වා හඳේ හරිය, හොඳ හිතින් ඔය ...
සම්භාෂණය sithumpethum "බෙල් ඒක වදිනකම් බලාගෙන හිටියේ මම""මොකටද...?""ඔයාව හම්බවෙන්න""මාව....?" "ඔව්...ඔයාව, ඒක නෙමෙයි, මට ප්‍රශ්නයක් තියනවා""හ්ම්, ඉතින් කියන්න මොකක්ද""එකක් නෙමෙයි ගොඩක්...මේ දවස් වල මට අමුතු අමුතු දේවල් හිතෙනවා" "අමුතු දේවල්...ඉතින් ඒක ප්‍රශ්නයක්ද...අද කාටද ප්‍රශ්න නැත්තේ ?""හ්ම්...ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න..ඒත් මට ඒවා ප්‍රශ්නයක්....හඳෙන් මටම කියල ඉඩම් කෑල්ලක් අරන් දාන්න, හඳ එලිය බෝතලේකට දාගෙන තියා ගන්න, මල් සුවඳ රුපියල් දෙකේ සිලි බෑග් එකක දාලා ගැට ගහලා ...
"ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත" sithumpethum මට අයිති නැති මේ හිත පුරාහොරෙන් කවියක් කුරුටු ගාපද පේලි අමුණා හැඩ දමාසිහින් ස්වරයෙන් මිමිනුවා අහිමි කරගෙන තනුව ජීවිතේඇවිද යමි නුඹ නැති මාවතේවිහින් සිරකර හැඟුමන් ලයේවිඳවන්න වෙන බැව් දනිමි මතුභවේ සංසාර පුරුද්දට සෙනෙහසේඇස් ගාව හිඳින්නට පිං නැතේයදම් බැඳලු සිත් ඉමේ නොයිඳ විගහින් යනු මැනේ සිත්තරේ පැටිකිරිය දන්නවනේ වෙනමම :මොකක් හරි සීන් කොන් එකක් හින්ද, බ්ලොග් එක කියවන පිරිස අම්බානක ...
නිරුවතින් අතුගෑම sithumpethum බේරේ වැව ඉස්මත්තෙන් කොහොදෝ ඉඳන් හමාගෙන ආ සුලන් රැල්ලක් වෝක්ෂෝල් වීදියේ පිහිටි බෝගසේ පත් නටවමින් අලුත් බෝඩිමේ ජනේලය තුලින් ඇතුළු වුයේ බෝ ගස අසල දල්වන ලද හඳුන්කුරු වල සුවඳත් මුඩුක්කු නිවාස පිහිටි දෙසින් රැගෙන ආ අපුල් දුර්ගන්දයත් සමගය. අපි පිළිකුලෙන් නහය හකුලාගත්තේ අනාගතයේ විඳිය යුතු දුකක මුල් පරිච්චේදය පිළිබද හෝඩුවාවක් ලැබුණු නිසාවෙනි. මමත් ලහිරුවත්, ලක්ෂ්මන් අයියාත්, බණ්ඩාර අයියාත්, අරුනුත්, ගිහානුත් ...
සිතාරි sithumpethum දවස පුරාම කැත්ත උදැල්ල මත්තේ හැප්පෙන දවාලට පුපුරු ගසන ගිනි අව්වෙන් බැට කන ගමේ මිනිස්සුන්ට, ගස් කොලන්වලට වගේම සතා සිව්පාවට වුනත් අඳුර වැටෙද්දීම දැනෙන හීතල සනීපයක් ගෙන දුන්නත් හා හාපුරා දුෂ්කර සේවයට ලැබුණු පත්වීම ගෙන දුෂ්කර යයි කියන ගමකට ආ මට මුල් කාලයේ ඒ සීතල දරාගැනීමට තරමක් අසීරු විය. එනමුත් දිනපතා හැන්දෑවේ කොහේදෝ ඈත පන්සලකින් හෙමීට ඇසෙන පිරිත් නාදයත්, ...
හැමදාම වගේ නැතුව පොඩි වෙනසක් sithumpethum හැමදාම දකින කුකුලත් පේන්නේ ඔල්මොරොන්දම් හැදිච්ච එකෙක් වගේයිලුනේ.. ඉතින් හැමදාම කෙටි කතා/ රයිටරේ විතරක් ලියන එකේ පොඩි වෙනසක් කළා. මෙව්වා අඳින විදිහ දන්නවනේ ?නිකන් ඉන්න වෙලාවට මං කරපු තවත් වැඩක් තමයි මේ. හැබැයි මට මලාට අතින්, පැන්සලකින් නම් චිත්‍ර අඳින්න බෑ ගොයියෝ. මේවා ඇන්ඳේ Illustrator වලින්..ට්‍රයි කරන අය ට්‍රයි කරලා බලන්නකෝ ආසයිනම් උඩ ලින්ක් එකට ගිහින්. නොදන්න තැනක්, තේරෙන්නේ නැති ...
"ඌරෙකුයි...ඊරියෙකුයි" sithumpethum සිතේ ජවය සම්පුර්ණයෙන්ම සිඳුණු කලක ඇතිවන උදාසීනත්වයෙන් හා හිස්බවින් ඔහුගේ ගත පෙලෙන්නට විය. අසම්පුර්ණ වූ බලාපොරොත්තුවක ශේෂ වූ කඩතොළු නිසා පෑරෙන සිතුවිලි වලින් ඔහු අපමණ පීඩා වින්දේය. දරාගැනීමේ සීමාව ඉක්මවූකල්හි දෙනෙතින් පෑහෙන කඳුළු කැට කියාපාන්නේ ඒකපාර්ශවීය වූ බැඳීම්හි අස්ථීර පැවැත්ම හා එතුලින් මතුවන්නා වූ වේදනාවේ අමිහිරි බවම නොවේද යන්න ඉලන්දාරියා තවමත් තේරුම් ගනිමින් සිටින සෙයකි. වැව මැද ගල් තලාවට පැමිණ ...
අදිසි හස්ත sithumpethum ජීවිත මාවතේ පළමු කාර්තුව අවසන් කරමින් සිටින ඇය ඉන්දීවරී නම් විය. කුලවත් වලව් පලන්තියක විසු ධනවත් දෙමාපිය යුවලකට දාව උපන් ඇය ජීවත් වුයේ දෙමාපියන්ගෙන් උරුම කරගත් අවේනික ජීවන දෘෂ්ටියක් ඇතිවය.දවසින් දවස සීග්‍රයෙන් සමාජයේ සිදුවන වෙනස්කම් වලට අනුගත වීමට ඇගේ දෙමාපියන් මෙන්ම ඇයගේද කැමැත්තක් නොවීය. පාරම්පරික සාම්ප්‍රදායික චින්තන රටාවන් වලින් අත්මිදීමට සිදුවීම ඔවුන් සැලකුවේ අවනම්බුවක් විඳීමට සිදුවන්නක් ලෙසය. එහෙතුවෙන් පරම්පරාගත චාරිත්‍ර ...
අපිත් ගියා හඳපානේ හොරපාරෙන් [1] sithumpethum හඳපාන තරම් සෞම්‍යවුත් සුන්දරවුත් තවත් ආලෝකයක් මිහිපිට ඇත්දැයි මම නොදනිමි. එමෙන්ම රාත්‍රී අඳුර, සැබැවින්ම සඳ එලියතුල ගැබ්ව ඇති අව්‍යාජ සුන්දරත්වය කවියන් කිවිඳියන් මෙතරම් ආදරයට උපමා කරගන්නෙත් ඒ නිසාම වෙන්නැති. වරෙක ඇය සඳ එලිය වෙයි. වරෙක ඔහු සඳ එලිය වෙයි. තවත් වරෙක සඳ එලිය මොවුන් දෙදෙනාගේම නිහඬ සාක්ෂිකාරයෙක් වෙයි. ඉතින් සඳ එලියට ලොබ බඳින්නට ඔබගේද මගේද හිත් ආසා නොකරන්නේ නම් පමණකි ...
වැරද්දක් නිවරද්දක් කිරීමට අවසර sithumpethum මගේ බ්ලොග් පොස්ට් එක සම්බන්දව ගැටළුවක් මතු වී ඇති බවත් ඒ පිලිබඳ ඉක්මනින්ම නිවෙරදි කිරීමට කටයුතු කරමි. වෙනත් බ්ලොග් එකකින් යුනිකෝඩ් කීපයක් කොපි කරගෙන එය බාවිත කරගෙන google transliteration හරහා ලිවීමට යත්දී අහම්බෙන් කොපි කර ගත් යුනිකෝඩ් එක අඩංගු පොස්ට් එක අත්වැරැද්දකින් publish වී ඇති බව දැනගන්නට ලැබිණි. යුනිකෝඩ සහිත අකුරු අඩංගු ඒ නිර්මාණය මගේ ඩෑෂ් බෝඩ් එකෙන් ඉවත් ...
පණපිටින් මියැදෙමි sithumpethum අතට ගත්තු වැලිකැට අහුරක් ආයෙම වැලි ගොඩකට දාල පිස්සුවෙන් වගේ ආයෙම අතේ තිබුන වැලිකැට ටිකම හොයන්න හදන කෙනෙක්ගේ හිතක් වගේ මගේ හිතත් තියෙන්නේ හරිම අවිනිශ්චිත තැනක. විඳින්න ඕනේ තරම් දුක් විඳලා විඳලා, හිතල හිතලම අන්තිමට මට පිස්සු හැදීගෙන එනවා වගේ හිතෙනකොට, දැනෙනකොට ඔලුව හයියෙන් ඇඳ වියලේ ගහගෙන ගහගෙන යන්නේ හිතේ තියන කේන්තිය නැති වෙනකම්. එත් අන්තිමට නළල පුරා කැටි ගැහුණ ...
"වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?" sithumpethum "එක්ස්....කියු...ස්ස්ස්...මී.....ගායිස්...! කැන් යූ ෂෝ මී ද වේ ටු කටුවැල් බටු වලව්ව"රම්බායි මායි හැරිලා බලද්දී කළු දොදොල් කෑල්ල වගේ හිටපු කෙල්ල ඇඹරි ඇඹරි කිව්වා."යාස්...ඔෆ් කෝස්....මැඩම්...ඩෙනිෆිට්ලි" රම්බාගේ හිනාවට කට කන ගාවට පළල වෙද්දී හක්ක දෙපැත්තෙන් කෙල ලීටර් දෙකක් විතර හැලුනා.මට බිම තිබ්බ වැලි අහුරක් කටේ ඔබාගෙන මැරෙන්න හිතුනා ඒකිගේ කොමලේ දැකලා.. රම්බා අඩියෙන් අඩිය කෙල්ලට කිට්ටු වුණා. එක වීදුරුවක් පීරිසි කෝප්පයක් විතර ...
අකාරුණික දෛවය sithumpethum "නොදකින් මේ වැස්ස, උදේ ඉඳන් චුරු චුරුව, කඩේකට පිලකට යන්න නෑ, රෙද්දක් වේලාගන්න නෑ, ළමෙක්ට ඉස්කෝලෙකට යන්න නෑ, පොඩ්ඩක් පායනකන් ඉඳල එලි පෙහෙලියට බැස්සොත් අයෙත් කඩා පාත් වෙනවා. තුහ්:" හප හපා හිටි බුලත් හපේ ඉස්සරහින් ගලාගෙන යන වතුර පාරට දාල වැහි වතුරටම දෝත පාල කටත් හෝදගෙන තමන්ගේ ඉරණම අත්වෙච්ච සෙසු පිරිස දිහා සමස්ත බැල්මක් හෙලු මැදි විය මීට වසර පහලවකට ...