පහන් ටැඹ sithumpethum මෙපමණක් යැයිකිව නොහැකි,ප්රභාලෝකය විහිදෙන,එ'පෙම් පහන් ටැඹ අතහැර,නික්ම යයි නම් හෙටමේ කොදෙව්වෙන්ඔබ,ඉදින් මින්මතු දිනක,බලා වැළපෙනු පිණිස වුව,නන්නාදුනන අහසක, නම් කළ යුතුද අප,අප නමින් දිලෙන්නට,කිසිදු තරුවකුදු අද..!~ ප්රරඩික්ටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ලෙහාලනු මැන මා sithumpethum ලෙහාලනු මැන මා,තාරුකා ඇස් කැලුම් රැහැනින්,ප්‍රියය මාමුදවනු මැන,නුරා මත් දෙතොල්පහසින්,රාත්‍රිය තවදිගු විය යුතු නැත,අවදි කරලනු මැනවහා මා මේ, මිහිරිතමසිහිනෙන්..~ සෆෝකේටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
බක පණ්ඩිත නුඹ sithumpethum කොයි තරම් නම්නෑ කීවද,බක පණ්ඩිතයි නුඹ,කී කිසි දෙයක් නාහන,ඇඟිල්ලක්කපාගෙන අද,වැටෙන්නටනොදී රැකගත්කඳුළු ගුලි ඇහැ අග,හැඬුම් ආයාසයෙන්වැළකුවමට පෙනෙයිසැසැලෙන දෙතොලද,ඔව් ඉතිං ඔබචණ්ඩි කෙල්ලක්...!වහා දිව පැනඔබේ අත ගෙන,උරා දෙතොලින්විෂ නසන සඳ,සිහින් හුස්මක් එකවරඉකියකට පෙරළෙයි,ඇසිල්ලට පෙරපෑ චණ්ඩිකම්,ඔබටද අමතකයි,මහ හඬින්ඉකිලයි...!නාඩන්න සුදු දැන්,සියලු ඇට්ටරදඩබ්බරකම් මැඩ,ඔබ සතැපවිය හැකිඋරහිසක් මා සතු වෙයි..~ බිලව්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
හිම පියලි කුසුමි sithumpethum යමහල් දෙතොල්මුව අභියස,පිපී පරව යන,හිම පියලි කුසුමියකි නුඹ,දුටුවමුත්, නොදුටුවා සේ හිඳ,මිලින පත් ළය තුරුළු කර,නොනවත්වාම වැළපෙමිනි මම,සුවඳ මකරද මුදු ලතාවිය,හෙටත් ගිණි කඳු හදක දුක,ළය තුරෙහිමහොවාගෙන,නිහඬවමය මම~ වීපින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
යටැස් ඉඟි sithumpethum හහා !! කෙල්ලේ, ඒ බැලුම් ඉඟි, යටැසින් එවා පා කළ මෘදුකැළුම් එළි,නොදැක්කා සේ සිටි නිසාවෙන්වද මට,ඔය තරම් හද දවනසුළු රැවුමන්..!~ ඉග්නෝර්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මංමුළාකාරක sithumpethum තෙරක් නොපෙනෙනදිවි මං තලාවෙහි,මංමුළාකාරකයකි මට,මැණික ඔබේ නෙත...~ ලොස්ට් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
වැහි sithumpethum නළල් නිම්නය පසුකොට,හිසින් ගමනාරම්භ කළ,දෙකන් පෙති පසින්දෙපසට වෑහුන,සීත දිය බිඳුළකුණු අහුරකි...මල් වැහි දියපොකුරු හීසරපලස් තිර පට යටින්සංසුන්ව,දුරින් බර අඩි තියා,මා පසුකරමින්ය නුඹ...ඔබේ අත රැඳිකුඩය යට,තවකෙකුට ඉඩපැවතීම ගැන,නොසන්සිල්ලෙන්ය..මා සිත...~ රේන් කෝටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ඔබේ ඇස්, sithumpethum සන්තානකර්ශිතඔබේ ඇස්,ඒ ඔබේ ඇස්ඒ ඔබේ ඇස්,ප්‍රියය මා වශීකෘත කළ,මා නිවා සැනහුව,ඒ මැජික්මය ඇස්ඒ පුලිඟුමය ඇස්~ මිස්ටීරියස් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
විසඳුම sithumpethum අතොරක් නැතුව කියවන,සොඳුරුකං කරච්චලයකි,ඔබේ මුව...හදිසියේ කඩා පැන,බදා තුරුළට ගෙන,සෙමින් දිගුහාදුවක් මුව,අතුරන එකයිවිසඳුම...උණුසුම් හද ළමැද පහසින්මිදෙන්නයි මට,ඉන් පසුවඅපහසු..~ යුවර්ස් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ම'පුතු sithumpethum ගෙදර ටීපෝව වටකුඩා යුද්ධයකි,බත් පිඟානක් අතැතිවපුතු පිටුපසින් ඔබ දිව යන, මැරතන් තරඟයකි,ගුලි කොට අනා ගත් බත් ගුලි රැගෙන එන්නේ කුරුල්ලෙකි,මුව අයාගත් ම'පුතුට බියවී කොහේදෝ සැඟවෙන,ගෝනි බිල්ලෙකි,ආදරේ උතුරන ඇස් හතරකට මැදිවී,පාවී නිවී යයි මා දිවිසරතැස් දුක්-දෝස සේදීපුතු පිටු පසින්දිව ගොස් බිම වාඩිවී, බත් පිඩක් කවා ගන්නටහිත ආශාවක් උපදී,ආදරේ මට දැන් නෙමේ නේදැ'යි කී,මා මුව ගොතාගත් බොරු අවනඩුවකි,එසැණින් බත් පිඩක් විත් ...
"තද දුඹුරු" ඇස් sithumpethum දකිනු රිසියෙන්බිමට බරවුන,ශෝකයෙන් ඇළලුණු"තද දුඹුරු" ඇස්,හිතයි මට අදඔබව රිදවන්නට, මවාගෙන මුහුණටබොරු අමනාපයක්..."රහ නෑ කෑම අද...!"සැලෙන සසැලෙන දෙතොල තදකර,හාරමිනි එකෙණෙහි පයැඟිල්ලකින්ගෙබිම ඔබ...පමාවී තව මදක් කල් ගෙන,වහා පැන එමිඔබේ තුරුළට,පෙර සැලැස්මෙහිසිතාගෙනසිටි පරිදි,කඳුළු ගුලි පිරි දෑස් පෙති මත ඉනික්බිති මෘදු හාදුවක් රඳවමි, ~ ප්රීටෙන්ඩඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මුතු මැණිකේ sithumpethum ගොම මැටි අතුලගෙබිම සාලය මැද,හැපී හැඬවෙනු ඇසෙයිපයක බැඳි ගිගිර ඔබ,සියුමැලිම අංශුව තෙක්පෙරා රෑ හඳ එළිය,පොල් අතු වහළයෙන්වෙන් වෙයි,නුරා හිස් අහස් මායිම,නිවී යායුතු බැවින් තවසුළු මොහොතකින් ඉක්බිති,මැළැවුණු මුහුණකිනි පහනක්ඉපැරණි ලී කනප්පුව මත,සියක් වර දොවා හිසසීතල උල්පත් ගඟුල් දිය,ගැල්වූ සඳුන් පුසුඹක් හමා එයි,කුටියේ දොර සීමාව බිඳ,"ඉවසුම්" පවුර පාමුල විසිරබිඳෙමින් සිටි අතරතුර සිත,දොර උළුවස්සෙන්ය මැවුණේමුතු මැණිකේ ඔබේ රුව.~ කවුන්ටින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මෙ'අඳුර... sithumpethum තාරකා කණු හිස්එකිනෙකට යා කොටබැන්දා වූ යොතක,කවුරුන් හෝවියලෙන්නට වැනූතෙත දුහුල් සළුවකි,මෙ'අඳුර...පුරා හෝරාදෙක තුනක් තිස්සේඒ සළු බඳෙන් වෑහුණදාහක් දිය බිඳිති ය,පිනි කියා තිබෙන්නේඋදෑසන තුරු වියන් මත~ නැචුරල් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
තව මොනවයින්ද අඩුවක් sithumpethum පිටුපසින් විත් හදිසියේවැළඳ ගන්නාවූපපුවක්...අතොරක් නැතුවසිප ගන්නා වූඋණුසුම්ම දෙතොලක්...උර බාහුවක එල්ලීපසුපස හඹා එනසියුමැලි දෑතක්..දරදඬු පිරිමි හිතකටතව මොනවයින්දඅඩුවක්...~ ඩ්‍රීමින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දෑසක පහස sithumpethum කවදාක හෝඅත්පත් කරගතනොහැකි වූදෑසක පහසක්,ස්වදෑසාභිමුඛ රේඛාව මතසමපාත වීම තරම්,හිත තෝන්තුවාවෙන්පෙළනා වූඅන් කාරණාවක් මේ ලොව නැත...~ ලයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
රාත්‍රිය.. sithumpethum සැර අධික මධුවිතකිරාත්රිය..ෂැන්ඩි කරනු වස්යමෙ'හඳ එළිය~ ඩ්‍රන්කන් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
තරු සිරුරු sithumpethum දවාලෙහි කාශ්ඨෙට ඇවිලුණු තරු සිරුරුවල අඟුරුය, කළුවරක් සේ අහසින්ඇද හැලෙන්නේ රෑට...උනුන් මිහිදන් කළඒ සොහොන් කොත් මතසංවේගයෙන් දල්වනපන්දම් පහන් එළියකිඔබ දකින්නනේ තරුවක් විලස...~ වොරීඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මොනාශා sithumpethum දඩබ්බර මොනාශා, බොහෝ කලකට පසුවදී අමතමි...තවමත් මැකී නොගියාවූඔබේ දඟකාර නිය පහර කෑ දෑතෙහි,සුවපත් වූ සීරුම් හදිසියේ ඇස ගැටුණාවෙන් ලියමි...මතුපිටින් සුවපත් වූ කැළලිඇතුලාන්තයෙන් පෑරීම,ලියන්නට තරම් වටිනා කාරණාවක් නොවන බැව් හඟිමි...නැවත ලියලන්නට ලදළු ප්‍රේමයක් ඉතිරිවනොවනා නියාවෙන්, හැකි පරිදි, හැකි ඉක්මනින් අවසාන සුවඳ බිඳුවත් රැගෙන යන මෙන් ඉල්ලමි...~ රික්වෙස්ටින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ඔබ තෝරා ගත් හදවත sithumpethum ඔබ තෝරාගෙන ඇත්තේකර්කශම හදවතකිමතුපිට හිමාලේපිතඇතුළතින් ගිණි පුළිඟු නළියනතෙතක් කියා කිසිදෙයක් නැති රළු පරළුම හිතකි..එනිසාවෙන් ඔබට,හඬන්නට සිදු වූ කලෙකඋරපතක් මත හිස හොවාතුරුළෙහි සනසවනලෙංගතු දෑතක් පිළිබඳවසුබ සිහින නොදකින්න..~ ටෆ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
පළමු හමුවීමකට සුදානම් වීම sithumpethum ඔබ හිතනා තරම්පහසු නැත, පළමු හමුවීමකට සුදානම් වීම...කල්පයක් හිතරැඳෙනු පිණිස, සිහි තබා ගත යුතුව ඇත එකදු බැල්මක්වත් මග නොහැර...වෙන්වී යන්නටසිදුවූ දාක අපිට, යළි යලිත් සිහිකර හඬන්නට දෙයක්සන්තකව විය යුතුය..මරණ මංචය මතහෙළනා දිනකඅවසාන සුසුම,සිහි කැඳවා ගත යුතුව ඇත ඉතාමත් පැහැදිලිව,පළමු හමුවීම දා ඔබගේ මුහුණ...එහෙයින් සොඳුරඒ පළමු හමුවීමට සූදානම් වීම,ඔබ කියනා තරම් පහසු නැත...~ බැක්පැක්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...