ගිණි නිවාලන පහනක් sithumpethum ශීත බිඳු දිය බිඳිති බේරෙන ඔබේ පිට මැද කුඩා දිය ඇල්ලක්... සලිත වී සියොළඟ සිපගනිමි එකිනෙක පිපුණු හීගඩු යායක්... මැණික, ඔබ දැල්වී දැල්වී ලසෝ ගිණි නිවාලන පහනක් ~ මෙල්ටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
කිරි අත්තා sithumpethum වැහි ඇල්ලකින් පසුපුරන් වූ යාය කෙලවර,රුක්අත්තන මලක් හිනැහෙයි, කිරි අත්තාගේ සොහොන පාමුල...උදැල්ලක පහසක් කල්පෙකින් නොවිඳිනාපොළොවක්,අදත් හඬගා කියයි අත්තා, හුස්ම ගනිමින් හිඳිනා වගක්...~ බ්රීත්ලස් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ඊළඟ මොහොත ..!!! sithumpethum අඩවන් ජනෙල් පියනකි.. තිර රෙදි, සුළඟට අනුව නැටුමකි...අඩක් අවසන්, රතු වයින් බඳුනකි...මදක් පියවුණසුනිල් දෙනෙතකි...ඉසිඹුවක් නැති ලදළු දෙතොලකි... ඊළඟ මොහොත නොනිමි කවියකි...~ ඉන්ටොක්සිකේටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ඔබේ තෙත "දුඹුරු ඇස්" sithumpethum පියවි ඇසකට නොපෙනෙනා වූ"එක් බැඳීමක්"ඔබේ තෙත "දුඹුරු ඇස්" හාපවතිනා වග ඔබ දන්නවා'දැයි නොදනිමි...මග දෙපස සිටදෑත පානා සියක් දිගු නීල ඇස් ඉඟි,ඒ බැඳීමට යටත් වග පවසමි...ප්රියාදරියෙනි, ඔබ සුවඳක්ව පැතිර පවතිනා වූ හෘදයෙහි, ඔබ අභිබවා නැගෙන්නට සමත් වූ අන් සුවඳක්මෙලොව කහේහේවත් නැති බවත්ඉඳුරාම දන්වමි...~ යුවර්ස් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ප්‍රේමය සඟවාපු අහුමුළු sithumpethum ඉස්සරම දවස්වලතැන තැන සඟවාපු අහුමුළු වලිනි හදිසියේ මතුව එන්නේ ප්‍රේමය..එදවස බොහෝ ඉස්සරපෙම්වතෙක් වී සිටි බවහඬගා කියන්නේ සෙවණැලිය බිත්තිවල...පැළඳ හිඳිනා මේහිනා වෙස් මුහුණ යටපවතින්නේ දුකම වග,ප්‍රේමය සඟවාපු තැන් හැරදැනන් ඉන්නා අන් කෙනෙක් නැත...~ හිඩ්න් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දිදුලනා වූ තනි තරුව sithumpethum ආලෝක වර්ෂදස දහස් ගණනක්එහා හිඳදිදුලනා වූතනි තරුවක්ය"නුඹ" ...ඉතිං,සාධාරණය...!!!,දිදුලමින් පැවතීමම මිසඅහසින් බැස අවුදහදවතක නතර වීමටසිත් පහළ නොවීම.එහෙත් තාරකාවියනි...,තරුවකට පැවරුණා වූසියලු කාරණා හැර,තරුවක් විසින්"තේරුම් ගත යුතුව ඇති"කාරණාදඅපමණක් තිබෙන්නටපුළුවන් බව,තාරකාවකට නොවැටහීමම,කොයි තරම් නම්ශෝකජනකද...?~ ඇස්ට්‍රොනට් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මේ රාත්‍රිය sithumpethum පැස්ටල් පෙට්ටියක,වෛවර්ණ පාට කූරුමුලින් ඉවර වූ පසු,ඉතිරි වූ කළු කූරකින්ළදරුවෙක් ඇඳි බලියකි,මේ රාත්‍රිය...දහ අටක් නැටුම් නටමින්බත් කටක් කවන්නට වෙහෙසුණ,දයාබර මව් අතින් ගිලිහුණුහොදි පැල්ලමකි,ඒ හඳ...බිල්ලන්ට බය නැතිඇට්ටර කිරි සිනා පොකුරකි,තරු කිණිති වී තැන තැනතිබෙන්නේ කටු කුරුටු මත...තුරුළට ගෙන සිප සනසවනආදරේ දියවී සිසිලසද කැටිවුණමව් ළයින් නික්මුණු සුවඳකිකුමුදු මලකින් හමන්නේ රෑට...~ ලයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දුවක් වී නම් ගෙදරක sithumpethum බලාගෙනමයි උන්නෙ මමවරු ගාණක සිට, එක දිගට ඔබමට හොරෙන් හැඬූ වග...වාවගන්නට බැරි තැනකදී උපරිම, නාඩන්න'යැයි නොකියමි මැණික...ගුලි කරන් පපුවට ඔබ,සිඹිමින් හඬන ගවුමම,මං ගාවය තිබුණෙ,ඩිංගිත්තකට පෙර...වෙන්කර ගත ඇහැකි නම් පැහැදිලිව, දකින්නට හැකිවෙයි ඔබටද, හරියටම ඉන් අඩක් මගෙත් කඳුළු වග...හදා ගත යුතුව ඇත මැණිකේ අපි, අපේ හිත, දුවක් වී නම් ගෙදරකයා යුතුවම ඇත දීගෙක...~ සීක්‍රට්ලි ක්‍රයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
බොල් පිළිමයක් මම. sithumpethum ගරා වැටෙමින් තිබෙනශේෂ නටඹුන් අතර කල්පයක් නොනැසී පවතින ශිලා පිළිමයකිනුඹ...වංකගිරි කොදෙව්වක.අගුළු ලු බිහිදොරක් අස,ප්‍රේමයෙන් ජීවිතය අයදිනබොල් පිළිමයක් මම...~ එම්ප්ටි රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
අකුණක්ව ඔබ sithumpethum අකුණක්වඔබ පිපිරුණු නුගේගොඩ අහස යට, කල්පයකට පසුව අදටත් මම, තනිවපිපිරෙමි...~ එක්ස්ප්ලෝඩඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
ටශ්වීනියා... sithumpethum ටශ්වීනියා...,ඔබ කැමැතිදඅතීතය යළිකියවන්න..."මෙහෙම වුණා" නම් යැයි හිතෙන,තැන් කීයක් තිබෙනවා'දැයිබලන්න...ඔබ කැමැතිදඑක මොහොතකට විතරක් එන්න...ඉන්පසු ඔබ,ඔබගේ ගමන යන්නමට අවැසි නෑ ඒ බැඳීම් හැර එන්න..ටශ්වීනියා...,හැකිනම් පැමිණ,මේ සිහිනයෙන් මා මුදවා යන්න...~ වීපින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
වෙරිවුණ ලයිට් කණු sithumpethum ඔබේ දෙතොලතරතෙරපීසිහිසන් වන්නටසිහින දකිනා වූ,දඩබ්බරදෙතොලකට තරවටු කරමි...අදත් හොඳටම බීවෙරිවුණ ලයිට් කණු,පරිස්සමට ගෙදර ඇරලවමි...~ ඩ්‍රන්කන් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
නෘත්‍යාශා sithumpethum සදාදරණීය "නෘත්‍යාශා",ඔබ නිමක් නැති කවියකි, දෙතොල් මත රිසි පරිදි, වර නගා ගත හැකිව ඇති...මෙලොව පවතිනා වූ සියළුම දේ ගැන ලියා ඉවර වූ පසුවත්, ඔබේ ඇස් ගැන ලියන්නට, මට දෙයක් ඉතිරිව ඇති...~ අන්ලිමිටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
කල්පෙකට පසු ඔබ.. sithumpethum කල්පෙකට පසු අදඔබව දුටුවෙමි...දිගු නිද්රාවකින්පසු ඇහැරුණ,හිතද රවටා ගතිමි...මගේ ප්රියතමකොණ්ඩ මෝස්තරය,ඔබ දමා ඇත්දැයි බලමි...ඒ කොණ්ඩ කටු හා මුදුවද,ලා පාට බෑගයද, මාලෙද,මා තිලිණ දුන් ඒවා වගට සහතික කර ගතිමි...මෘදු ලැවැන්ඩර් සුවඳළඟින් හමතැයි හඟිමි...ඔබට ළංවීතුරුළුව ඇවිදින, තව කෙනෙකු දැක ගනිමි... ඒ කවුරුදැයි නොහඳුනමි...ඉනික්බිති එයසිහිනයක් බැව් මම තනිව මුමුණාගමි,කිසිත් සිදු නොවුණ සේයළිත් ආපසු හැරෙමි...~ අන්අයිඩින්ටිෆයිඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
නෑවිත්ම හිඳින්නය තිබුණේ ඔබට sithumpethum නෑවිත්ම හිඳින්නය තිබුණේ ඔබට...,ඉතා දිගු වූ ඒ වෙහෙසකර කවිය,කියවා අහවර කළා පමණෙකි, වාහල්කඩින් යළිඔබේ රුව, ඇස ගැටෙන විට...ඔබ විසූ තැන අහසෙහිදැල්වුණ අවසාන තරුවද,නිවී ගියායින් කල්පෙකටත් පසුවය,ඒ තරු සොහොන් බිමඅතහැර ගියේ මම...ඉනික්බිති කළු කුහර තුළ,සුවහසක් මන්දාකිණි වල,උමතුවෙන් සැරිසරමිනිහදාගන්නට වූයේ හිත...එනිසාවෙන්ය යළිනෑවිත් හිඳින්නට, ගත යුතුව තිබුණේඒ තීරණය ඔබ...~ ටර්න්ඩ් බැක් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
"තාරකා දෙකක්" sithumpethum ඔබට වේලාසන නිදිමත දැනෙන්නට පටන් ගත්තා වූරාත්රින්හිද,ඔබ අමනාපයෙන් පසුවූ දිනයන්හිද, ඒ අහසෙහි නිතර මා හා දොඩමළු වූ "තාරකා දෙකක්" විය...ඉන් දීප්තිමත්ම තාරකාව"ඔබ"ය කියා නම් කර ඊට ඔබ්බෙන් වූ අඳුරු තාරුකාව"මා" යැයි සිතා ගතිමි...ඉක්බිති, ඔබගේ නික්ම යාමෙන් බොහෝ කලකට පසුවද,අදටත් එතැන අහසෙහි "ප්රභාවත්ම" තාරුකාව "ඔබ",අර අඳුරු පුරුදු තාරකාව "මම"....~ ලයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ඇය වගේ නෙමෙයි මම... !!! sithumpethum "ඇය වගේමයි මම"... ,කතාවට මුළපිරුවේ එහෙමය, මුණගැහෙන්නට ආමුල් දවස්වල ඔබ...නන්නාදුනන ගැහැණු සිරුරක, සෙවණැල්ලක්ව ඔබට හෙවණක් වීම, කොයි තරම් නම් අපුලදඩමියක්ව ඉන්නට සිදුවීම...ඇගේ ඒ ඇස් මගේ දෑස් තුළ දැකීම, ඇගේ චුම්බනාණුසුමමගේ දෙතොලෙහි සෙවීම,කවදාද ඔබ සිපගත්තෙහැබෑවට හරියට මාව...ගිලගත්තායින් පසුවහාත්පස අඳුරු කලුවර, වැළඳ ගන්නේ ඔබපෙමින් ඈවය,ඉනික්බිත් ඔබට ඇසුණේඉකි බිඳෙන හඬ පමණක්ය..."ඇය වගේ නෙමෙයි මම"...එතැනින් කතාව,එහෙම නවත්වන්නයිතිබුණෙම එදා මට...~ දිස් ඊස් නොට් රයිටර් ...
හිස්තැන් sithumpethum මා නුඹට ප්‍රේම කළාදැයිපුදුමත් හිතෙන තරමට,අප අතර බැඳීමක්තිබුණාදැයිත්හිතෙන තරමට,කාලය විසින් අප අතර ඉදිකලපවුරු පදනමඅතිශය ගුප්තයජුගුප්සාජනකය...එනමුත් තවම නොවියලුණුහදවත් සෛල මතඋණු තෙල් බිඳිතිඉසින්නාක් මෙන්,ඉඳහිටක වුවද දැනෙනා වූ සෝ තැවුල් සාංකාව,ජීවිතය මත කිසිදාක පිරවියනොහැකියැයි හැඟෙන හිස්තැනක් පමණක්ශේෂ කර ඇත..~ එම්ප්ටි රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
වරක් වෙන්ව ගිය පසු sithumpethum වරක් වෙන්ව ගිය පසුනැවත වෙන්වීමක් නැත,එහෙයින් යළි යළිත්අහිමි වීමක් ගැනකිසි බියක් නොසිතාම හිතේ හැටියට ඔබට,පෙම් කරන්නට මට හැකිය...~ අන්කන්ඩිෂනල් රයිටර්~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
හිත නවතින එකම එක තැන sithumpethum අතීතය හරහාම දිවෙනඑක්තරා මාවතකහැමදාම හිත නවතිනඑකම එක තැනක් ඇත~ එන්ටෑන්ග්ල්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss