කිඩාරම් මල Manasgaatha පාලු අඳුරු නිසල රැයක වීදි කොණ දෙමහල් ගොඩනැගිල්ලක සුපිපුනු කිඩාරම් මල විඳින්නට එන සමනළයා මම. . .බඹර දෙබරුන් සරන විෂ දළින් කිඩාරම් සුවඳ බිඳින පරාජිත රාජධානියේ සඳ කැල්ම වෙමි මම. . . සල් සපු නා ගෙමිදුලෙහි සිටුවන කිඩාරම් සුවඳට වීදියට ඇදෙන සපු මලක් දෝතින් ගෙන හිරු එළිය යට කිඩාරම් දුඟදට දොස් නගන කුහක බඹරකු නොවී. . අදිසි කිඩාරම් සුවඳටම ඇලුම් වන අහිංසක සමනළයෙක් වෙමි ...
සුභ අලුත් අවුරුද්දක් වේවා! Manasgaatha සීතල බක් මහේ ලා සඳ නැඟ එද්දී සිනා රස කැලුම් දස අත විසිරෙද්දී සීතලු ලපලු මල් වැල් සුසුවඳ දෙද්දීවේවා සැමට සුභ වසරක් සිත් පැහැදී වපුල හිම පියලි මිහිකත පිසීවාඋණුසුම් සුභ පැතුම් ගුවනට මුසු වේවා ප්‍රීති නාද කන්කලු වී රැව් දේවා ලැබු නව වසර සැමටම කිරි ඉතිරේවා!!! ...
හොස්ටල් Manasgaatha සබරෙට ආමි වට පිට බැලීමි මිතුරු කිසිවකු නොවූයෙන් දුරින් නැවතුනෙමි! දිනෙන් දින ගෙවුනි විඩාපත් වීමි සැවොම හොස්ටල් වූයෙන් මමද හොස්ටල් වීමි!
හුදකලා මිතුරී.... Manasgaatha ළබැඳිම මිතුරියයි නුඹ මටසැප දුක් සමවැ විමසනදකිමි නුඹ මුව ගැඹුරින්, නුඹ මවුන් මුවවිඳිමි එසුවඳ රහසින්, ඇගෙ කවක් තුළතෙමයි මා නෙත් කෙවෙනිසුසුමින් දෙදරවයි හද පතුල ...
කුරුලු කූඩු Manasgaatha උඹ මහ පවිටු අධම මිනිහෙක්! ලෝකයා බැණ අඬ ගසයි මට විපිලිසර වෙමි මං "අනේ ඇයි බං, පවු නැද්ද මං" "ලං වෙන්නෙපා පර හිමි හිතට ඔතරම් හෙලන්නෙපා බිම කුරුලු කැදලි, සාප වෙයි උඹටම මචං" පෙරලමි උඩු හිත වදන් වලට මං "අනේ මට සමා වෙයන් බං" සඟවා ගනිමි සදහටම මං........ යටි හිතේ තෙරපී කැකෑරෙන වේදනා පිරි චේතනා..... අහිමි පෙම් හිත අත හරිමි ...
නුඹ ලඟ නැති මේ සසරේ.... Manasgaatha අද වගේම එදත් වැස්සා ඒත් එදා වැස්ස අද වගේ නෙමෙයි හුඟක් සීතයි දැන් වැහි බින්දු එදා වගේම අදත් නුඹ මගෙ ලඟ නම්... උනුහුම් වැඩි වේවි හිම පියලිත්! එදා වගේම අදත් හීන දකිනවා ඒත් එදා හීන අද හීන නම් නෙමයි නුඹත් එක්ක ඇවිදපු ඒ හීන මාවත් අද පාලු වෙලා.... නුඹ නැතුවම දකින්නෙම දැන් මුඩුම හීනමයි... හ්ම්ම්ම්ම්ම්ම්ම්.... ...
කවිකම Manasgaatha එම්බා... නුඹ කවුද මා තුළ නිදා හුන් කවියා අවදි කල දැන් ඉතින් නොමැත නිවනක් ලියනවා ලියනවා ලියනවා මිස තවත් මුනිවත රකිනු කුමට වහා උත්තර බඳිනු මට!
ආදර කන්ද! Manasgaatha සියක් කඳු පසු කරන් විත් තරණය කළත් ආදර කන්ද හමු නොවූ සොඳුරුතම මිටියාවත නුඹේ හද බිමයි මියුලැසිය.....
කලියුගය Manasgaatha හරි වැරැද්ද, නිවැරැද්ද සොයන්නට යන්නෙපා මගෙ රත්තරන් පුතේ... නවාපන් ඔලුව වැරැද්දට උනත් උඹ මගේ බුදු පුතේ... වැරදි නිවැරදි කරන ස්වප්නයක්වත් උඹ එපා දක්නට එපා මගෙ පුතේ... භද්‍ර නුඹෙ යව්වනය භද්‍ර වූ දේශයක භද්‍ර වූ කාලයක ගෙවන්නට පින් මඳයි නුඹ පුතේ! ...
තනිකම.... Manasgaatha තනි මට තනියට මගෙ ලඟ කවුරුත්තනි රකින්න මට නෑ..තනි මට තනියටතනි රකින්න මටනුඹවත් අද ලඟ නෑ...තනිකම රජයනපාලුව පොපියනදවස් ගෙවෙන විටතනි මට, මමවත් නෑ....
සමාජය! Manasgaatha වවමි මම රෝස වත්තක් පුදමි සුදු රෝස මලක් මිනිසුන්ට පුදයි මට ආපිටට ඔවුන් අකුලකින් නෙලා ගත් කටු මලක්!