වෙදහාමිනේට මාරුවක් - බ්ලොග් ලිවීමට කොමාවක්! වෙදහාමිනේගේ අඩවිය අවසානයට පෝස්ට් එකක් දාලා මාසයකටත් කිට්ටුයි. ඒත් මේ දිනවල අලුත් ලිපියක් ලියන්න තරම් ඉස්පාසුවක් වෙදහාමිනේට නෑ.මොකද කියනවනම් වෙදහාමිනේලාගේ ව්‍යාපාර කටයුතු කොළඹින් ටිකක් විතර (ඇත්තටම නම් ගොඩක්) දුරට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.මොකද වෙදහාමිනේට ස්ථාන මාරුවක් ලැබුණු නිසා.ස්ථාන මාරුව ලැබිල තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේට.හරියටම කිව්වොත් සිව්වෙනි ඊලාම් යුද්ධය ආරම්භ වෙච්ච මාවිල්ආරු සොරොව්වට බොහොම කිට්ටු තැනකට.අලුතෙන් ජනපදකරණය වෙන නැගෙනහිර පළාතේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව ...
තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි! වෙදහාමිනේගේ අඩවිය මේ වෙනකොට වෙදහාමිනේගේ අඩවියට ගොඩවෙන අපේ සහෘදයන් කිහිප දෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීම සඳහා අඩවිය තුළ ඉඩකඩ වෙන්කරන්න කියලා ඉල්ලීම් කරල තිබුණා.දැනටත් එලෙස ආයුර්වේද ප්‍රතිකාර නියම කරන බ්ලොග් හා වෙබ් අඩවි පවතින බව සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරණ ඔබත් හොඳින්ම දන්නවා ඇති.මේ නිසා ආයුර්වේදයේ ප්‍රතිකාර නියම කිරීමේ සම්මත සිද්ධාන්ත ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කිරීමයි මගේ අපේක්ෂාව. නිවැරදි චිකිත්සා ...
ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ. වෙදහාමිනේගේ අඩවිය අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතන බොහෝදෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ තමන් උපදෙස් ගන්න විශේෂඥ වෛද්‍ය වරැන්ගෙ වගතුග.එහෙම විශේෂයෙන් කතා නොවුණත් ආයුර්වේදයත් සැබෑවටම අංශ ගණනාවක් ඔස්සේ වෙන වෙනම ප්‍රභේද ගත වී තිබෙනවා. රෝගියෙකු නොවී නිරෝගීව සිටීමේ වැදගත් කම සැමවිටම අපේක්ෂා කළ ආයුර්වේදයේ ප්‍රභේද අටක් තියෙනවා. මේක " අශ්ඨාංග ආයුර්වේදය" කියල තමයි හඳුන්වන්නෙ.ඒවා මොනවද කියල නම් කරනවනම්,01. කාය චිකිත්සාව02. කෞමාර චිකිත්සාව03. ශල්‍ය ...
හැමදාම තෙල් ජෙල් ගාපු හිසට අවුරැද්දටම එක සැරයක් නැකතට තෙල් ගාමුද? වෙදහාමිනේගේ අඩවිය සිංහල හින්දු අලුත් අවුරැද්ද ඉවරයි. නැකැත්, චාරිත්‍ර වාරිත්‍ර, නෑදෑ හිතමිතුරන් අතරෙ ගෙවුනු සුන්දර දින කිහිපය නිමා වෙලා ආයෙමත් සුපුරැදු යාන්ත්‍රික ජීවන රටාවට අවතීර්ණ වෙන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා. ජ්‍යොතිෂය, ආයුර්වේදය හා බුදු දහම කියන අග්නිදිග ආසියාවේ විශිෂ්ඨතම ප්‍රායෝගික දර්ශනයන්වල අපූරැ සංකලනයන් සමග සොබාදහමත් එකතු පහදු කරගෙන පවත්වන සූර්ය මංගල්ලය කාල, බීල, නටල විනෝදවෙන්න යොදා ගත්ත අවස්ථාවක් නොවෙයි.(කාල, බීල, නටල විනෝදවෙන්න ...
සිංහල වෙදකම හා ආයුර්වේදය කියන්නේ එකක් නොවේ දෙකක් වෙදහාමිනේගේ අඩවිය බටහිර වෛද්‍ය ක්‍රමය හැරැනම මෙරට ක්‍රියාත්මක වෙන්නෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරයි කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියල කියන්නෙත් එකම දේ නෙවෙයි. ඒ දෙක අතරත් වෙනසක් තියෙනවා. සුද්දගෙ පාලනය අවසන් වෙලා මෙහේ හිටපු කලු සුද්දන්ට පාලනය බාර දුන්න මොහොතෙ ඉදල මෙරට පිළිගත් වෛද්‍ය ක්‍රමය වුණේ බටහිර වෛද්‍ය ක්‍රමය තමයි.ඒ අනුව සිංහල වෙදකම, ආයූර්වේද වෛද්‍ය ...
ඔසුතුරැ විසිතුර-හදුනමු සුමිතුර - දිවියට ගෙන දෙන - සුවසෙත අමයුර වෙදහාමිනේගේ අඩවිය 2010 වර්ෂය ශ්‍රී ලංකා රජය "ආයූර්වේද වර්ෂය" ලෙසයි නම් කරලා තියෙන්නේ.(හැබැයි මැතිවරණ වර්ෂයක් වීම නිසා ඒක අමතක වෙලා යාවිද දන්නේ නෑ.) ඒ අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වර්ෂය නම් කරලා තියෙන්නේ "ජෛව විවිධත්ව වර්ෂය" ලෙසයි.දෙගොල්ලෝ දෙවිධියකට නම් කලත් මේ දෙකේම ලොකු සහ සම්බන්ධයකුත් තියෙනව. හේතුව තමයි ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ප්‍රධානම භාවිතය ශාක හා ශාකමය ද්‍රව්‍ය වීම. ඒ වගේම ශ්‍රී ...
මැරෙන්න කෑම වෙනුවට ජීවත් වීමට කෑම වෙදහාමිනේගේ අඩවිය කතාවක් තියෙනවා "මාළුවා නහින්නෙ කට නිසා" කියලා.ආයෙමත් තැනක "හොදට නරකට දෙකට කටමය" කියලත් කියැවෙනවා. සාහිත්‍යයේදී වෙනත් අරමුණක් උදෙසා මේ යෙදුම් භාවිතා වුණත් ආයුර්වේදයේදිත් මේ යෙදුම් සාධාරණයි අපේ ආහාර භාවිතාවය ගැන සැලකීමෙදි. මේක දේශපාලන කතාවක් නොවුණත් පාන් රාත්තලට, කිරි පිටි පැකට් එකට ඡන්දය දෙන රටක මැතිවරණ කාලෙදි බඩ කට පිනවන කතා බහත් බහුලයි. කොහොම වුණත් තමන්ගෙ කට රැක නොගත්තොත් විදින්න තියෙන ...