කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැළකීමේ ක්‍රම වෙදහාමිනේගේ අඩවිය කොලෙස්ටරෝල් - cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක ...
මඟුලේ යන්නන් දැකලා - නාග විසට නස්න කළා වෙදහාමිනේගේ අඩවිය මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු ...
ප්‍රවීණ හෙළ වෙදදුරෙකු අවසන් ගමනේ වෙදහාමිනේගේ අඩවිය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්යාචාර්ය ඩබ්ලිව්. අයි. ප්‍රනාන්දු (95) මහතා අභාවප්‍රාප්ත විය. ඔහු ඉපැදුනේ 1917.10.25 වැනිදාය.අඩසිය වසකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි ප්‍රනාන්දු මහතා රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේදී (1989) පාර්ලිමේන්තුවට පත්කැරිණ.වාද්දුව මැලෑගම වෙද පරපුරේ සාමාජියකු වූ ඔහු 1976-94 කාලයේදී සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරයා විය. සර්වාංග වෛද්‍යවරයකු වූ ඔහු ඇස් වෙදකමේ ...
දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා වෙදහාමිනේගේ අඩවිය ඔබ විවාහකයෙක් නම් ඔබේ ඊළඟ අරමුණ සුන්දර දරු සිඟිත්තෙකු කැදැල්ලට කැඳවා ගෙන ඒම. ඒක එහෙම නම් ඔබට මේ ලිපිය වැදගත්. ඔබ ඔබේ දරුවා හදා වඩා ගන්නේ කාගේ වුවමනාවටද? අතීතයේදී නම් ඔබේ දරුවා හදාගන්න ඔබට උපදෙස් අනුශාසනා දෙන්නේ ඔබ දෙපළගේ මව්වරු හෝ වැඩිමහල් සොයුරියන්. නාවන හැටි, කිරි පොවන හැටි, බෙහෙත් දෙන හැටි, කෑම බීම සකසන විදිය ආදිය ගැන දැන හුරුවෙන්, ...
බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු. වෙදහාමිනේගේ අඩවිය උප්පැන්න සහතිකේ ජාතිය සිංහල වුණාට ලෙඩක් දුකක් වුණත් හැදෙනව නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නමක් තියෙන ලෙඩක් හැදෙනවාට කැමති ජාතියක් තමයි සිංහලයා කියන්නේ. එහෙම උජාරුවෙන් තමන් සතුවත් තියෙනවා කියල කැමැත්තෙන් කියන, කාර්ය බහුල ජීවිතයක් ගත කරන බාල,තරුණ, මහළු බේදයකින් තොරව කාටත් වැළඳෙන රෝගයක් තමයි “අම්ලපිත්තය“. හැබැයි ගොඩක් දෙනා මේ රෝගය දන්නේ “ගැස්ට්‍රයිටීස්“ එහෙමත් නැත්නම් “ගැස්ටික්“ කියලා. මූලිකවම බඩ පපුවේ දැවිල්ල, ඇඹුල් ...
මොනවද මේ වෙද ගැට? වෙදහාමිනේගේ අඩවිය ආයුර්වේද වෙදකම ගැන එහෙමත් නැත් නම් සිංහල වෙදකම එක්ක බැඳිච්ච අපූර්ව සාහිත්‍යාංග ගණනාවක් තියෙනවා. කවි, ශ්ලෝක, ගැටපද ඒ අතරින් ප්‍රධානයි. මේ සාහිත්‍යාංග වලට පොදු ව්‍යවහාරෙදි නම් කියන්නේ වෙදගැට කියලා.ඇත්තටම මේ වෙද ගැට කියන්නේ මොනවාද? මේවායේ වැදගත් කම මොකද්ද? කියලා තමයි මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ. පොතේ පතේ ලියැවෙනවට වඩා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු අපේ දේශීය වෙදකම මූලික කරගත් ආයුර්වේදය සංක්‍රමණය ...
සිංහල අවුරුදු කැවිලි පෙවිලී - වේවිද ලෙඩ දුක් වඩන පෙරළී ( නෑ එහෙම වෙන්නෙ නෑ) වෙදහාමිනේගේ අඩවිය සිංහල අවුරුද්ද බොහෝම කිට්ටුවට ඇවිත්. එරබදු මල් පිපිලා. කොවුලන්ගේ ගීත නාද, කජු පුහුලම්, අඹ පොකුරු ස්වභාව ධර්මයේ අවුරුදු සුදානම පෙන්වන සංකේත. ඒ වුණාට අපේ කාලයේ ලාංකිකයන්ට අවුරුදු එනවා කියල දැනෙන්නේ වෙළඳ ව්‍යාපාරිකයින්ගේ වුවමනාවට. කඩපිල්වල වැටෙන සේල් බෝඩ් වලින් පාර අහගෙන ලස්සන ඇඳුම් ආයිත්තම්, වුවමනා හෝ නූවුමනා නවීනතම උපාංග, තරඟයට වගේ ගෙවල් වල ගොඩ ගහගන්න එක තමයි අද දවසේ ලාංකික සිංහලයාගේ ...
ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙනියන්න නම් - "පේයාව" පැකට් එකත් ඇති වෙදහාමිනේගේ අඩවිය අවශ්‍ය වෙන්නේ හොඳ දැක්මක් විතරයි - සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ අශෝක හෙට්ටිගොඩලංකාවේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. එය ආයුර්වේදය සහ හෙළ වෙදකම පිළිබඳ නව රජයේ ප්රතිපත්තියෙහි වාචික අදහස ලෙස සැළකිය හැකිය. මන්ද නව ජනපතිවරයා එසේ කීවේ අලුත් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම්දීමෙන් පසුව ඒ ඇමැතිවරුන් අමතමින් ...
වෙදහාමිනේ යළි කරලියට ..... විරාම ලකුණු රැසකට පසු අඛණ්ඩ ලිවීමකට සැරසෙමින් වෙදහාමිනේගේ අඩවිය වෙදහාමිනේගේ අඩවිය - සෑහෙන කාලයක් අළුත් ලිපියක් පළකරන්න අවස්ථාව ලැබුණෙ නෑ. ඒ වෙනුවෙන් වෙදහාමිනේගෙ පැත්තෙන් නිදහසට හේතු දක්වන් අවස්ථාවක් හැටියට තමයි මුල්ම ලිපිය යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ. 2010 අවුරුද්දේ කන්තලේ ගිය වෙදහාමිනේ වසර දෙකක දුෂ්කර කාලයක් ගෙවල ඉවර වෙලා 2012 අවුරුද්දේ ආපහු හුරුපුරුදු ගම්පහ කිට්ටුවට ආවා. ඒ එනකොට ආපහු සාමාන්‍ය රාජකාරී ජීවිතයට හැඩගැහෙන්න උත්සහයක් නොගත්තේ පෞද්ගලික ජීවිතේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙන්න ...
පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ සැබෑ පංචකර්මය වෙදහාමිනේගේ අඩවිය අද කාලෙ ආයුර්වේද කේෂත්රයේ හොදම ව්‍යාපාරික යොමුවීම හැටියට මතුවෙලා තියෙන්නේ''ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන"නමින් පවත්වාගෙන යන ආයතන ආරම්භ කිරීම.කාලෙන් කාලෙට විවිධාකාර ව්‍යාපාරික රැලි වලට අහුවෙන ආයුර්වේදය මේ දවස් වල පංචකර්ම රැල්ලට අහුවෙලා එහාට මෙහාට පැද්දෙනවා. අද දවස වෙනකොට බස්නාහිර හා දකුණු පළාත,මහනුවර නගරය, දඹුල්ල - අනුරාධපුර වගේ ප්‍රධාන සංචාරක කළාප ආශ්‍රිතවත් අගලෙන් අගලට බෝඩ් ලෑලි ගහල තියෙන 'පංචකර්ම මධ්‍යස්ථාන' දකින්න පුළුවන්. ...
වෙදහාමිනේ ඖෂධ නිෂ්පාදනයට - වෙදහාමිනේගේ අඩවිය වෙදහාමිනේ පහුගිය දවස් ටිකේම බරට වැඩ. රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන වැඩ ටිකක් පහුගිය මාස පහ හයේම අත්හදා බැලුවා.ඒ සදහා වෙද හාමිනේට පාරම්පරික දේශිය වෛද්‍ය වරයෙකුගෙ සහයෝගයත් ලැබුණා. අත්හදා බැලීම් එහෙමත් කරල සාර්ථක ප්‍රතිඵල ලැබෙන ඖෂධ පන්තින් දෙකක් වගේම ඖෂධීය තෙල් වර්ග දෙකකුත් බාහිර ආලේපන වර්ගයකුත් නිෂ්පාදනය වෙදහාමිනේ විසින් පසුගිය ජූලි 01දා සුභ මොහොතින් ආරම්භ කළා. ...
දේශීය ආයුර්වේදය ලොව දිනන්නට සැරසීම - Ayurveda Expo 2011 වෙදහාමිනේගේ අඩවිය දේශීය වෙද්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවන Ayurveda Expo 2011 ජාත්‍යන්තර ආයුර්වේද වෙලද ප්‍රදර්ශනය හා දෙදින සම්මන්ත්‍රණය 2011 ජූලි මස 15 හා 17 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව රටවල් 22ක සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී Indian Ocean Rim CountriesOriental Medicine methods නමින් පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබද දේශණ මාලාවක්ද පැවැත්වේ.මෙය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර ...
සේරුවිල සරණකිත්ති හිමියන් උපවාසයකට වෙදහාමිනේගේ අඩවිය ගව ඝාතනය මෙරට නීතියෙන් තහනම් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ උපවාසයක් ආරම්භ කිරීමට සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගරුසේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේ අද උදෑසන පියවර ගෙන ඇත.ඊයේට යෙදුනු 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය හා අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් නළු නිලියන් මෙන් පන්සිල් කියවීමෙන් පමණක් සෑහීමකට පත්වූ බව ප්‍රකාශ කරන උන්වහන්සේ එය අර්ථාන්විත කිරීමටනම් බෞද්ධ රටක් වන ශ්‍රී ...
ඔබත් රහට කන්නෙ වහද? වෙදහාමිනේගේ අඩවිය ඔබ පසුගිය මාසයට දින කීයක් වෛද්‍යවරයෙකු හමුවුනාද? එහෙමත් නැත්නම් පසුගිය වසරක කාලය ඇතුළත ඔබ කී වරක් වෛද්‍යවරයෙකු හමුවුනාද? කියල මතකයට නගා ගන්න ඔබට පුළුවන්ද? දැන් සමහරවිට ඔබ ආඩම්බරයෙන් සිහිකරාවි "පසුගිය වසර පුරාවටම මම වෛද්‍යවරයෙක් හමුවුනේ නෑ කියල."ඇත්ත, අපි කවුරුත් කැමති වෛද්‍යවරයෙකු හමුනොවී, ප්‍රතිකාර නොගෙන ඉන්න. ඒත් ඔබේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියො, දූ දරුවො, පවුලේඅය ගැන හිතුවහම එයාලත් එහෙමද කියල හිතල ...
බෝවිටියා දං පලු ගෙඩි වාරේ .......... වෙදහාමිනේගේ අඩවිය පළතුරු කිව්වහම මතක් වෙන්නෙ මොනවාද? එකිනෙකට වෙනස් පළතුරු වර්ග කීයක නම් තත්පර 10ක් 20ක් ඇතුළත ඔබේ මතකයට ඒවිද?ඔබට වගේම මෙය කියවන බොහෝ දෙනෙකුටත් ඒ නම් අතරින් මුලන්ම මතක් වෙන්නෙ ඇපල්, දොඩම්, මිදි , නාරං වගේ විදේශීය පළතුරු තමයි. එතැනින් ටිකක් ඉදිරියට ගියහම අඹ , දිවුල්, කෙසෙල්, ගස්ලබු, අන්නාසි වගේ අපි නිරන්තරයෙන් නගරයේ පළතුරු කඩවල දකින ජනප්‍රියතම දේශීය පළතුරු වර්ග ...
සේරුවිල නැත්නම් සේරුවාවිල වෙදහාමිනේගේ අඩවිය අවිස්සාවේල්ල ට ආයුබෝවන් කියල ඇවිත් වෙදහාමිනේට නවතින්න වුනේ පින්බර සේරුවිලට නුදුරු තැනක. අලුත් පරිසරය, අලුත් මුහුණු එක්ක අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න මේ ටික කාලෙට හැකියාවක් ලැබුණා. සිංහල බහුතරයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ හැදිල වැඩිල දෙමළ වචනයක්වත් කථා නොකරපු වෙදහාමිනේ දැන් දෙමළත් ටික ටික කතා බහ කරනවා. මේ පරිසරයට මුහු වෙන්න නම් මේ මිනිසුන්ගෙ ජීවන රටාව, වටපිටාව, මේ පරිසරයටම ...
සේරුවිල සිට නැවතත් ලියමි වෙදහාමිනේගේ අඩවිය වෙදහාමිනේ සේරුවිලට ගියාට පස්සෙ බ්ලොග් ලියනකම් බලාගෙන හිටපු බොහෝ දෙනා ඊමේල් වලිනුත් පෞද්ගලිකව දන්න කියන අය දුරකථන ඇමතුම් වලිනුත් විමසීම් කරල තිබුණා. බොහෝ දෙනා අනුමාන කරපු විදියට බ්ලොග් සටහන් නොලියන්න හේතු වුණේ ඩයලොග් සබදතාවයේ දුර්වල කම් නම් නෙවී. විදුලිය සම්බන්ධතාවය නොමැති කම තමා ඊට ප්‍රධානම හේතුව වුණේ. අපි සේරුවිලට යද්දි අපේ නවාතැනට විදුලිය ලබාදීල තිබුණා.හැබැයි ඒ විධිමත් විදියට මීටර් ...
වෙදහාමිනේට මාරුවක් - බ්ලොග් ලිවීමට කොමාවක්! වෙදහාමිනේගේ අඩවිය අවසානයට පෝස්ට් එකක් දාලා මාසයකටත් කිට්ටුයි. ඒත් මේ දිනවල අලුත් ලිපියක් ලියන්න තරම් ඉස්පාසුවක් වෙදහාමිනේට නෑ.මොකද කියනවනම් වෙදහාමිනේලාගේ ව්‍යාපාර කටයුතු කොළඹින් ටිකක් විතර (ඇත්තටම නම් ගොඩක්) දුරට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.මොකද වෙදහාමිනේට ස්ථාන මාරුවක් ලැබුණු නිසා.ස්ථාන මාරුව ලැබිල තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේට.හරියටම කිව්වොත් සිව්වෙනි ඊලාම් යුද්ධය ආරම්භ වෙච්ච මාවිල්ආරු සොරොව්වට බොහොම කිට්ටු තැනකට.අලුතෙන් ජනපදකරණය වෙන නැගෙනහිර පළාතේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව ...
තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි! වෙදහාමිනේගේ අඩවිය මේ වෙනකොට වෙදහාමිනේගේ අඩවියට ගොඩවෙන අපේ සහෘදයන් කිහිප දෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීම සඳහා අඩවිය තුළ ඉඩකඩ වෙන්කරන්න කියලා ඉල්ලීම් කරල තිබුණා.දැනටත් එලෙස ආයුර්වේද ප්‍රතිකාර නියම කරන බ්ලොග් හා වෙබ් අඩවි පවතින බව සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරණ ඔබත් හොඳින්ම දන්නවා ඇති.මේ නිසා ආයුර්වේදයේ ප්‍රතිකාර නියම කිරීමේ සම්මත සිද්ධාන්ත ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කිරීමයි මගේ අපේක්ෂාව. නිවැරදි චිකිත්සා ...
ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ. වෙදහාමිනේගේ අඩවිය අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතන බොහෝදෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ තමන් උපදෙස් ගන්න විශේෂඥ වෛද්‍ය වරැන්ගෙ වගතුග.එහෙම විශේෂයෙන් කතා නොවුණත් ආයුර්වේදයත් සැබෑවටම අංශ ගණනාවක් ඔස්සේ වෙන වෙනම ප්‍රභේද ගත වී තිබෙනවා. රෝගියෙකු නොවී නිරෝගීව සිටීමේ වැදගත් කම සැමවිටම අපේක්ෂා කළ ආයුර්වේදයේ ප්‍රභේද අටක් තියෙනවා. මේක " අශ්ඨාංග ආයුර්වේදය" කියල තමයි හඳුන්වන්නෙ.ඒවා මොනවද කියල නම් කරනවනම්,01. කාය චිකිත්සාව02. කෞමාර චිකිත්සාව03. ශල්‍ය ...