බැහැයි කියලා බෑ.... නරකයා ගේ සිතුවිලි "ආ...පෝ ලංකාවනං......!""අප්පෝ මේක ඉතිං ලංකාවනේ...!! ""ලංකාවේ එවුන්නං බං..... කවදාවත් හැදෙන්නෙ නෑ... ""අඩේ එහෙනං එහෙම නෑ...!! ""ඔන්න ලංකාව....." ඒ දවස් වල මට ඔව්වා ඇහිලා එපා වෙලා තිබ්බෙ... මං වැඩ කරපු තැන පියන් අංකලුයි තේ හදපු ඇන්ටියි මායි ඇරුණාම අනිත් උන් ඔක්කොම පිටරටක අවුරුදු 5ක්වත් හිටපු එවුන්... වෙන රටකට කියලා රජරට විතරක් ගිහිල්ලා තියෙන මම සමාජ ඉරිසියාව ජාතිමාමකත්වය බවට පෙරළගෙන නිසා හෝ.... ...
පෝස්ට් එකට වඩා හොඳ..... ප්‍රතිචාර... නරකයා ගේ සිතුවිලි සමහර බ්ලොග් වලට වඩා ඒවායේ කොමෙන්ට් කියවන එක ආතල්.... තේරුමක් නැති කතාවෙද කොහෙද එක පෝස්ට එකක් මං දැක්කා පේලි හතරක ලස්සන කවියක්.... ඒකට දාලා තිබ්බ කොමෙන්ටුවේ පේළි 54ක් තිබ්බා... හෙවනැල්ල පෝස්ට් එකට දිනුෂි දාලා තිබ්බ එකත් ඒ වගේ..... ඒක කීප වාරයක් කියවලා ලස්සනයි කියලා හිතුන නිසා මට අනිත් අයටත් පෙන්නන්න හිතුණා.... පහලින් තියෙන්නෙ දිනූෂිගෙ අදහසක්.....දිනුෂි says: උඹ යාන්තම් දනගාද්දිමම උඹේ ...
බ්‍රව්න් බ්‍රදර්ස්.. නරකයා ගේ සිතුවිලි අපේ අම්මා හරි ගැඹුරු චරිතයක්... මගේ හිතේ ඉපැදුණු සමහර අදහස්.... කවි විදියට කලින් දැම්මා... වෙලාවකට හරි සැරයි... මට ප්‍රසිද්ධියෙම බැනපු අවස්ථාත් තියෙනවා... හැබැයි ඉක්මනට හිත උණුවෙනවා... එයා විදුහල්පති වශයෙන් සෙවය කරන්නෙ ටිකක් විතර දුර ඉස්කෝලෙක... 'චැලි' වර්ගයේ බයිසිකලේකින් තමයි ඉස්කෝලෙට ගියෙ.... වෙසක් මාසේ දවසක අම්මා දැකලා තියෙනවා අම්මා යන පාරෙ තැනකට බලුපැටව් දෙන්නෙක් ගෙනත් දාලා... බණ්ඩිය බිම වැදි වැදී ටික ...
(ගෙඹි) මාළු ඇල්ලීම..... නරකයා ගේ සිතුවිලි ඉඳපු ගමන් අපිත් එක්ක හිටපු එවුන්ට පිස්සු තද වෙනවා... අයෙ ඒකට හඳ මෝරණකං ඉන්ඩ ඔණෙ නෑ.... එතකොට බයික් කටු ටිකක් පස්ස පැත්තෙ ගහගෙන ඇවිදිනවා... පස්සෙ ඉතිං "පට්ට ආතල්.." කියලා කිව්වට දන්න එකා දන්නවා කාපු චාටරේ තරම... පිස්සු තදවෙන උන් කියුවෙ අල්ලි, අයියාමල්ලී ඩබලයි.. හඩ්ඩා ඇතුළු කිහිපයක්.... ඔහොම දවසට එළි බහින්නෙ අනිවා මොකක් හරි මගඩියකට.. එහෙව් දවසක මේ නරි පැටවු ටිකත් ...
අයියාමල්ලි....... නරකයා ගේ සිතුවිලි මගේ අයියා ගැන නං මීට කලින් ලිවුවා මේ අයියාමල්ලි....... රෑට රෑ වෙලා ගෙදර එනකොට කවදාවත් ඉස්සරහ පැතතෙන් එන්න හොඳ නෑ බල්ලා බුරණවා... ඒ හින්දා අහඹු ලෙස තෝරගත්ත තැනකින් වැටෙන් පැනලා හොරෙන් එන්න ඔනේ.... ඊට පස්සෙ මල්ලිගෙ කාමරෙ ජනේලෙන් පනින එක ලේසියි... හැබැයි සමහර දවසකට අම්මා නිදියනවා ඒ කාමරෙ අයියාගෙ හොර අල්ලන්න... ඔ්ක අපේ අයියගෙ කතාව.. දවසක් ඔහොම කකුල ජනේලයෙන් දානකොටම ...
දෙලුයි පොලුයි නරකයා ගේ සිතුවිලි මේක මං මුලින්ම දැම්මෙ අන්තිම පේලියෙ.. ඊට දවස් 3කට පස්සෙ ඔන්න මේකෙත් දානවා.... හද්ද පිටිසර හැදුනා උණාට...... කුජීතයෝ සැට් එකකුත් එක්ක නුගේගොඩ පැත්තෙ තමයි අතර මං වෙලා හිටියේ.. අල්ලපු වත්ත හිස්... හිස් කිව්වට තැඹිළි ගහකුයි දෙල් ගහකුයි තිබ්බා...! අතට සල්ලි එන දවසටයි ඊට දවස් දෙකකුත් යනකං අපිට සිරාම තමයි.. කැන්ටමෙ කුණු බක්කියට වැටුණු කාක්කො වගේ... ඊට පස්සෙ ආයෙ හාකුට්ටර වෙනවා ...
ගූග්ල් ඇමිනිල්ල... නරකයා ගේ සිතුවිලි මම ඔය ප්‍රසිද්ධියට කැමති නෑනෙ... ඒක මගෙ බ්ලොග් එක බලන කාට උණත් තේරෙණවා... හෙණ ගහපු තට්ටෙ වගෙ... මළාට කෙමෙන්ටුවක්, ෆලෝ කරන එකෙක් සැට් වෙන්නෑ... කොමෙන්ට් දාන්ට පෝස්ට් එකක් එන්නෙත් කලාතුරකින්නෙ... මම මුලින්ම නරකයා කියලා නමක් හදාගෙන ආරූඪව පෙනී හිටියෙත් ඒකම නෙව.. මං කරපු ඔක්කොම ජරා වැඩ ටික බය නැතුව දාන්න පුළුවන්නෙ... පොස්ට් දෙකක් විතර දාලා එළියට බැස්සාමයි රෙද්ද නෑ කියලා ...
ඉස්කොලෙ යනකාලේ නරකයා ගේ සිතුවිලි ඉස්කොලෙ යනකාලේ අනේ ඇත්තට කොච්චර අපූරුද..!! කිසි බරක් පතලක් නැතිව, මං කියන්නෙ පොත් බෑග් එක ඇරෙන්න.. හරි සැහැල්ලුයි, උදේ ට නැගිටින්නයි... නැගිටලා ඇඳෙන් බහින්නයි.... මූන හෝදන වැඩ ඇරුනාම මාර සැහැල්ලුයි.පොත් බෑග් එකේ බර අඩු කර ගන්න මුලදිම කලේ අච්චු පොත් ටික ගේන්නෙ නැතිව හිටපු එක... එක එකා ගේ පස්සට වැඳ වැඳ පොත් ඉල්ලපු ඒකයි, අයියා මල්ලිගෙ චිත්‍ර කතා ඇඳපු පොත ...
ප්‍රපඤ්ච නරකයා ගේ සිතුවිලි සමනළ තටු අතරින් එබී රසවිදි පුංචි මල් කැකුළු හිරුට ඇදෙන දුටු..නොමෙරු ළහිරු මම...!!මගේ කිරණ වත් නොදුටු................... සුපිපි තනියට එලිය ඉල්ලපු.... ඛීල හිරු බව අමා සදකට පුදපු.නරකයා.. ...
නුඹ හිනැහියන්..... නරකයා ගේ සිතුවිලි සොඳුර නුඹ හිනැහියන්.....මෑත ඉම විමසන්ට..බිඳී ගිය තුෂර කැටිපිසදමා නැගිට....!!නරකයා..
සෙමිනා එක නරකයා ගේ සිතුවිලි හද්දා පිටිසර නාගරීකරණයෙන් ඔද වැඩුනු අපේ ගෙවල් ලගින් බස් එකක් එනකන් ඔරලෝසුවෙ කටු ගණිනවා... ඇත්තටම කට්ට රවුම් දෙකකුත් චුට්ටක් ගියාට පස්සෙ යන්තම් බස් එකක සද්දයක් ආවා..... තෙහෙට්ටුව කොහෙන් ගියාද නෑ....ලගපාත ගෙවල් කිවුවට මොකෝ විනාඩි 5ක් විතර තියෙනවා.... හැබැයි වේගෙන් යන්න ඔ්නේ... (ගෙවල් පැත්ත ගැන ඔන්න කලින් පොස්ට් එකකත් ලියවුණා...... බලනවා නම් ඔන්න ලින්ක් එක....) .......ඉතිං බස් එක ලගට එන කොටම ...