මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 – crossword puzzle on sinhala blog 6 මේඝය හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසර ආරම්භ වෙලා මාස එකහමාරක් ගතවුන මුත් තවමත් වසරේ පළමු හරස්පද ප්‍රහේලිකාව පල කල නොහැකි වුණේ අවිවේකය නිසා. මෙන්න එය උත්සහා කර බලන්න විසදන්න. කලින් පල වූ ප්‍රහේලිකා සදහා පිවිසෙන්න පහත යොමු වලින් 5 4 3 [...] ...
බන්ධුල ගුණවර්ධන මහතා ගේ 2,500යේ කතාවේ ඇත්ත හා නැත්ත මේඝය අද දින (අප්‍රේල් පළමු වනදා) ආර්ථික විශේෂඥ බන්ධුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවකින් තම කුප්‍රකට 7,500කින් මසක් ජීවත් විය හැකි යන කතාවේ සත්‍යතාව පැහැදිලි කර තිබිණී. ඔහු පවසන පරිදි මේ රු පියල් 2,500 න් එක් පුද්ගලයෙකුට කළ හැක්කේ තම මාසික ආහර අවශ්‍යතාව සපුරාගැනීම පමණකි.අප රටේ ජනතාව තම ආදායමින් 40% (හෝ ඒ ආසන්න ප්‍රතිශතයක්) [...] ...
සිංහල බ්ලොග් අවකාශයේ ධවල රථ සැරිසරයිද? – ඇටමැස්සා කෝ? මේඝය ඇට මැස්සා යන නාමය මා මුල්වරට ඇසුවේ පාසල් සිසුවෙක් ව සිටියදීය.ඒ සුගතපාල ද සිල්වා මහතා සිංහට පරිවර්තනය කළ The Gadfly නම් කෘතිය නිසාය. ඉන් කලකට පසු මුල්වරට සිංහල බ්ලොගයක් කියැවූ දිනක එහිදී හමුවූ යොමුවක් ඔස්සේ ඇටමැස්සා ගේ අඩවිය නම් බ්ලොගය වෙත මුල් වරට පිවිසුණෙමි.ඒ අදට වසරකටත් මාස හතරකට පහකට පමණ පෙරාතුවදීය.එදා සිට පසුගිය සතිය වනතුරුම [...] ...
ලංකා ඊ නිවුස් අනාගත් හැටි – How can believe it now? මේඝය අප රටේ පවතින්නේ පසුගාමී සමාජයක් යයි කියනු ලැබේ.කාලීන සමාජ හා දේශපාලන සංසිද්ධි පිලිබඳව සංවේදීතාව අඩුව.එනිසා ම ඒවාට උචිත ප්‍රතිචාර නිසි අවස්ථාවේ නොදක්වයි.මැතිවරණ යනු මේ ස්වාභාවය කදිමට පෙන්වන අවස්ථාවකි.ජනමාධ්‍ය ක්‍රියාත්මක විය යුතුවන්නේ මෙවන් ජනතාවකට ඉදිරියෙන් සිට මඟ කියාදීමටය.නමුත් අවාසනාවට මෙරට සිදුවන්නේ එහි අනෙක් පැත්තය.අහනවාට බලනවාට හොය හොයා සල්ලි බෙදන,මළ මිනී හා කඳුලු සාලයට ගෙනත් විකුණන,ප්‍රධාන ධාරාවේ […] ...
ඉබ්බා (2කොටස) මේඝය බඩගිණි වූ නරියෙක් දිනක් පණ පිටින් ඉබ්බෙක් අල්ලාගත්තේය.තම ඉරණම නරියා අතින් විසඳීමට යන බව දුටු ඌ නරියා රැවටීමට උපායක් යෙදීය. ඌ “යාලුවේ ඔහේට මාව දැන්ම ම කන්න බෑ.මේ අව්වේ සැරට මගේ ඇඟ හොදටම වේලිලා.බොරුනම් බලන්න අල්ලලා” යනුවෙන් කීවේ ලු. ඉබ්බා ගේ පිට අතගා බැලූ නරියාට අසු වුනේ උගේ සවිමත් පිටකටුවයි. “මූ කියන්නේ ඇත්ත ඒත් අල්ලගත්තු [...] ...
මා දෑසේ වේදනා – මතුකරපු චෞරයා මේඝය මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන අම්මේ යන්න එපා දුරු රටකට, හද සාගරේ, ඔබ නෑසූ කතාවක් ආදී ගීත අදටත් [...] ...
ඉබ්බා මේඝය ඉබ්බා ගැන ලියන්න සිත් වූයේ මාතලන් මීයා ගැන ලියූ පසුවය.ඔහුට ප්‍රණාමය ඉබ්බා උපතින් ම නිවසක් හිමි සතුන් අතලොස්ස අතරින් එකෙකි.එනිසා ඌ ගම්උදාව, ජනඋදාන, නිවාස දශ ලක්ශය, පසලොස් ලක්ශය ආදියෙන් ඌ නිදහස්ය.ඉබ්බාට ම වෙන්වූ ගම ඉබ්බාගමුවයි.මෝදර ඉබ්බගෙ වත්ත ඌටම හිමි වත්තකි.දඔුල්ලේ අන්තර්ජාතික ක්‍රිකට් ගැසූ කාලයේ ලෝකයම රූප පෙට්ටියෙන් දුටු ඉබ්බන්කටුව වැව තවමත් ඉබ්බාගේ ජල අවශ්‍යතා පිරිමහයි. [...] ...
ජිනීවා පරාජය පිලිබඳ තවත් කියැවීමක් මේඝය බලවතා විසින් දුබලයා යටත් කොට ගැනීම නම් කැලෑ නීතිය ලෙස හැදින්වේ.මිහිමත ජීවය බිහි වූයේ යම් දිනකද එදා සිට අද දක්වාම වනාන්තරය කුල ක්‍රියාත්මක ස්වාභාවික නීතිය නම් මෙයයි.උදාහරණ ලෙස මාංශභක්ෂක සිංහයන්,දිවියන්, හමුවේ ශාක භක්ෂක සාවුන් හා මුවන් භීතියට පත්ව අසරණවය පලායයි.එකම සත්ව වර්ගය තුල ද භූමිය,ආහාර හෝ සහකරුවා වෙනුවෙන් සටන් වදින්නන් අතුරින් ජයලබන්නේ බාහු බලයෙන් පරිණත [...] ...
වෙස්සන්තර ජාතකය, බෝසතුන්ට කළ අපහාසයක් නොවන්නේද? – It is an insult ! මේඝය බුදුරජාණන්වහන්සේ ගේ පූර්ව උප්පත්තීන්න් හීදී බෝසතුන් මතු බුදු බව පතා දස පාරමිතාවන් පිරූ අයුරු පිලිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතී ජාතකකතා වෙයි.පන්සිය පනස් ජාතකකතා පොතේ ජාතකකථා අතර බොහොමයක් අද සමාජයට ද ජීවිතාවබෝධය ලද හැකි සර්වකාලීන වටිනාකමකින් යුතු නිර්මාණයන් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මේ ජාතකකථා අතර අවසාන කොටසේ දක්වා ඇති වෙස්සන්තර ජාතකය නම් බෝධිසත්වයන් ගේ ශ්රීනාමයට කැලැල් […] ...
Zක්‍රමය පිලිබඳ සංඛ්‍යාන විද්‍යාව ඇසුරු කළ විපරමක්. මේඝය විශය නිර්දේශ දෙකක් හැදෑරූ සිසුන් දෙකොට්ඨාශයක් අතරින් සරසවි වලට සිසුන් තෝරා ගැනීම කළ හැක්කේ කෙසේදැයි ජයශ්‍රී පුද්ගලිකව කල අධය්යයනයක් පාඨකයන් සමග බෙදා ගැනීමටයි මේ සූදානම. මෙහිදී උදාහරණයක් ලෙස සිසුන් 40ක පිරිසකගෙන් 10 දෙනෙක් සඳහා පමණක් සරසවි වල පුරප්පාඩු ඇතැයි සිතමු.පැරණි නිර්දේශය යටතේ 16ක් ද නව නිර්දේශය යටතේ 24 ක් ලෙස සිසුන් විභාගයට මුහුණදුන්නේ යයි [...] ...
සජිත් සහ වලහා ගේ මිතුරා මේඝය අතීත කතාව මිතුරන් දෙදෙනෙකු දිනක් යම් කටයුත්තක් සඳහා ඝන කැලෑවක් මැදින් ගමන් කරමින් සිටියහ.හදිසියේ ම මේ දෙදෙනා ඉදිරියෙන් දැවැන්ත වලහෙක් එනු දෙදෙනාම ඈත තියා දුටහ.මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට ගස නැගීමට හැකි අතර අනෙකාට නොහැකිය.ගස් නැගිය හැකි මිතුරා වහා උස් ගසකට නැග වලහාගෙන් ආරක්ෂාව සලසාගත්තේ තම කළණ මිතුරා අසරණ කරදමමිනි.වලහාගෙන් බේරීමට අන් මගක් නොදුටු දෙවැනි මිතුරා [...] ...
පිය-පුතු දෙපල රජතුමා හමුවේ – Become a chief, not so easy මේඝය “මේ මල්මාලා ජනතාවට ම පලන්දල ජනතාවට සේවය කරන්නයි මම හිතං හිටියේ” ජූනියර් වික්ටරි ජෙම්ස් නෝක්කාඩු කියයි. “ජනතාවට සේවය කරන්න මහමැතිට ම අදින්න ඕනිය?ඔය තනතුරු පට්ටම් නැතුවත් පුලුවන්නේ සේවය කරන්න.” මහරජතුමා උත්තර දේ. “ඒ කතාව කියන් පුලුවන්නේ අර වන්ලීඩර්ටත්, දැන් කොච්චර කල් ඉදන් මහමැතිට අඳිනවද? “අනික ඔහෙට එක්ස්පීරියන්ස් තියෙනවය ඔය චරිතෙට?” “මගේ කොල්ල උප මහරජ සෙකට්‍රි […] ...
සරාගී දේශපාලනය – Acting in the politics මේඝය නිළියන් හා නිරූපිකාවන් එළබෙන බස්නාහිර සහ දකුණු පලාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ගැන සැම තැනම කතා වෙයි.මේ නිළියන් දේශපාලනයට අවතීර්ණ වූ මුලු ම අවස්ථාව නොවේ.නිළි රැජිණ විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා දැනටමත් (ජාතික ලැයිස්තුවෙන්)පාර්ලිමේන්තුව නියෝජනය කරයි.උපේක්ෂා ස්වර්ණමාලී හෙවත් “පබා“පක්ෂ මාරු කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටී.අනාර්කලී දකුණු පලාත්සභාවේය.ගීතා කුමාරසිංහ පිරිමින් සමඟ කෙහෙවලු පටලගනිමින් බෙන්තර සංවිධායක ධුරය දරයි.සමහර […] ...
උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ? මේඝය 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වූයේ නම් එහි ප්‍රතිපලය ඉහත ආකාරවේ. අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රතිපල ද මෙසේ හෝ මීට ආසන්න එකක් වීමට හොදටම ඉඩ ඇත. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල හිමි නොවීමට ඇති ඉඩ කඩ වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් ගැන නිතර […] ...
ශර්මා එයි – Sharma arrives මේඝය [පොදුරාජ්‍ය මණ්ඩලීයේ මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඊයේ (නොවැම්බර් 9)දිවයිනට ලඟාවීමෙන් පසු,මෙරට ප්රමුඛ පෙලේ ජනමාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිනි.] ප්රශ්නය-ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ගැන ඔබේ අදහස කුමක්ද? පිළිතුර-හිරුනොබසින අධිරාජ්‍යයේ සාඩම්බර යටත් වැසියන් වශයෙන් ඇත්ත වශයෙන් ම අපි කාටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් මේක.කවදත් මුල අමතක නොකරන ලංකාව ශතවර්ෂ කීපයක් තමන් ගේ ස්වාමියා […] ...
වාත වැඩේ මොකක්ද?~Try to solve this මේඝය තවත් අලුත් තුන් තේරවිලිප කීපයක් දයාබර පාඨක මිතුරන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා.බලන්න විසඳන්න හැකිද කියල. 1.නොයෙක් පලතුරු 2.දණ්ඩේ යන්න 3.පුෂ්ප පැතිරුණු රෙද්ද 4.වාත වැඩේ 5.කැලේ දිහාව 6.සුලං රඹ පුෂ්පය 7.ගව භාගය 8.ඔහු පුෂ්ප ඇස 9.මලු හයිය ඇඳ සම අවස්ථා හිමිකළ යුතු බැවින් ප්‍රතිචාර පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.Filed under: තේරවිලි ...
ගව ඝාතනයට එරෙහිව ප්රචන්ඩත්වය – Violence against the cattle saughter මේඝය ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ. ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම අවිහිංසාවාදී දර්ශනයකි.එය සත්ව ඝාතනය මුලු මනින් ම ප්‍රතික්ෂේප කරයි.ඒ ගැන […] ...
සූසැට වසරකට පසු…….. මේඝය බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා හැට හතර වසරකට පසු අප සිටින්නේ කොතැනකද?මේ ඒ පිලිඔඳ කෙටි විමසුමක්. 1.දල ජාතික නිශ්පාදිතයෙන් 80% පමණ අපි ණය ගෙවීම සදහා වැය කරන්නෙමු.(අපගේ නිදහස ඒ ණය හිමියන් අත රැඳී පවතී) 2.රටේ දැවෙන ගැටලු වලට විසඳුම් දෙන්නේ (නැතිනම් විසදුම් කඩිනම් වන්නේ ) විදේශ රටවල මැදිහත් වීමෙන් ඔවුන්ගේම අවශ්‍යතාව මතය.මෑත උදාහරණය එස්.එම් ක්‍රිශ්ණා ගේ [...] ...
විකෘති කර විකිණීම – Selling after contorting මේඝය දුරගමන් බස් රථය ගමන් ඇරඹීමටත් පෙර සිටම ශබ්ධවාහිනිය ගමන් අරඹා තිබිණි.බස් රථය ඉදිරියේම වහලයේ සවිකොට තිබූ පැතලි තිර මොනිටරයේ දර්ශන ප්‍රචාරය වෙමින් පැවතිණි.අතට මයික්‍රෆෝනය ගත් ගායකයා ජනප්‍රිය පැරණි ගීත මරමින් රංගනයේ යෙදෙයි.ගීතයේ සමහර වචන ඔහු ශබ්ධ නොකරයි.සමහර තැන් අනවශ්‍ය ලෙද අදී.හිටිගමන් වචන අමතක ද වේ.බොහෝ විට ශ්රැතියක් ඇත්තේ ම නැත.ගීතය අතර මැද නරඹන්න් ගෙන් අත් […] ...