තේරුණද දන් නෑ Cult තේරුණද දන් නෑ කියන්නෙ දීප්ති ස්ටයිල් එකට කතා මැද්දෙ පාවිච්චි කරන පොඩි දීප්තියානු කෑල්ලක්. ඒක මේ වෙද්දි ගොඩක් අය පාවිච්චි කරන ෆැෂන් එකක් වෙලා. කතා මැද්දෙ ෂර්ට් එක අර අසල්වැසියෝ ටෙලියෙ හේමසිරි ලියනගේ වගේ උරහිසින් උස්සන ගමන් ‘තේරුණද දන්නෑ’ කියල අහන්නෙ මාර ආඩම්බරේට. ඒකට මං කැමතියි. දීප්තිගේ අදහස් වෙනුවට මේ වගේ ඉගිබිගි වලින් ‘දේශපාලනය කරනවා කියන’ චරිත ඉන්ෆ්ලූවන්ස් වෙන එක. ...
මහින්ද පරාදයි. Cult ‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’- එලී වීසල්මහින්ද මේ ඡන්දය දැනටමත් පරාදයි. නිර්මාල් කියන විදිහට සදාචාරාත්මක අතින් මේ වෙද්දි මහින්ද අන්ත පරාජයකට ලක්වෙලා තියෙන එක ඒකෙ එක පැත්තක්. ඒත් සමස්තයක් විදිහට, තත්වයක් විදිහට මහින්ද පරාද වෙන එකයි ඇත්ත සිද්දිය. ඒකට ඇත්තටම එයාට කරන්න දේකුත් නෑ.මහින්දව ...
කාන්තා විමුක්තියේ දෝංකාරය රෝස පාටද? PINK Cult පින්ක් කියන්නෙ අනිරුද්ධ රෝයි චෞද්රි විසින් 2016 අන්තිම හරියෙදි රිලීස් කරන ෆිල්ම් එකක්. ඒකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ අමිතාබ්. ඒත් නම් ලැයිස්තුවෙ කෙල්ලො තුන්දෙනෙකුගෙ නම් තමයි කලින් දාන්නෙ.මේක කෝර්ට් රූම් ඩ්‍රාමා කියන ජෝන්රා එකට වැටෙන ෆිල්ම් එකක්. ඒ කියන්නෙ චිත්‍රපටිය කේන්ද්‍ර වෙන්නෙ උසාවියක්, නඩුවක්, නීතිමය ප්‍රශ්නයක් වගේ කාරණයක් වටේට. දොලහක් කියන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පාදක කරගත්ත ටුවෙල්ව් ඇන්ග්රි මෙන් කියන ...
I NEVER FORGET STILL . I KILL : සියදිවි නසා ගැනීම ආත්මීය වීර කැරැල්ලක් ලෙස Cult සියදිවි නසා ගැනීමට එන සිතුවිල්ලමත් ලොකු සැනසීමක්. කෙනෙකුට ගත කරන්නට නියමිත භයානක රාත්‍රීන් ගණනාවකින් නිදහසක් ඉන් ලැබෙන නිසා.- ෆෙඞ්රික් නීට්ෂෙඑප්පාවල වසන්ත ප්‍රදීප් ගේ ඇතුලෙ එල්ලිලා මැරණ. ලංකාවෙ තමන්ම වීඩියෝ කරපු මුල්ම සිය දිවි නසා ගැනීම ඒක. තමන්ගෙ අතින් තමන්ගෙ මරණය පටිගත කිරීම... ඒක සාමාන්‍ය දිව නසා ගැනීමකට එහා ගිය ඇඟේ හිරිගඩු පිපෙන වැඩක්. දිවි නහගන්න කලින් ලියන ලියුම් ගැන කතන්දර ...
කුණුවෙන්න කලින් ඇහැරෙන්න Cult මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ගමන් හැමෝම බැලූවෙ ආණ්ඩුවට බැනලා හිත නිදහස් කරගන්න. ඒක තමයි සිද්දයකදි වෙන්න පුළුවන් නරකම දේ මට හිතෙන්නෙ. බෝලෙ කාට හරි පාස් කරන එක. යමක් සිද්ද වුනාම ඒකෙ තමන් වගකිව යුතු කොටස ගැන හැගීමක් පුරවැසියො විදිහට අපිට නෑ. තාත්තාගෙන් වගේ ආන්ඩුවකින් හැමදෙයක්ම කෙරෙන කල් බලන් ඉන්නවා.මීතොටමුල්ල ගැන ආන්ඩුවෙ වගකීමක් නෑ කියනවා නෙමෙයි. මේ අවදානම්කාරී තත්වය ගැන ...
මේ කවුද? මොනවද කරන්නෙ? Cult මුස්ලිම් විරෝධී ජාතික දුමාරයකින් ෆේස් බුක් එක වැහිලා ගිහින්. නෝ ලිමිට් එක ඉස්සරහ පිකට් කරලා, හලාල් බඩු තහනම් කරලා අමුතු සිංහල බෞද්ධ ත‍්‍රිලකට ජනතාව සෙට් වෙලා. තවත් කට්ටියක් මේ විනෝදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව ලොකු ෆේස් බුක් කැරළි ගහනවා. සනීපාරක්ෂක තුවා වර්ගයක වඳ වෙන තෙලක් ගානවා කියල අද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය කියල එකකින් පෝස්ට් කරලා තිබුණ. බෞද්ධ සහ සනීපාරක්ෂක තුවා අතර ...
මුල් තිබුණට මදි - තටු තියෙන්නත් ඕනි. Cult ලන්ච් බොක්ස් ෆිල්ම් එක එන්න කලින් දාපු පෝස්ටර්, ආපු කතාබහ හින්ද ඔලූවෙ හදාගෙන තිබ්බ චිත්‍රෙ ලොකු වැඩිද මන්ද. ෆිල්ම් එක බලපු ගමන් මළ පැන්නා. ඒක තනිකරම ෆෙස්ටිවල් වලට විකුණන්න ඕන කරන අඩුමකුඩුම දාලා හදපු කෘතිම රසකාරක වලින් පිරිච්ච හොද්දක්. රූප ලස්සනයි, ගැලපීම ලස්සනයි, මදේ බාලයි.‘වැරදි කෝච්චිය වුණත් ඔයා හරි ඉස්ටේසමට ගෙනියන්න ඉඩ තියෙනවා’ෆිල්ම් එකේ තිබ්බ එකම හොඳ දේ ඒ වචන ...
රුවන්වැලි සෑය සහ දුටුගැමුණු : දස් කපිටාල් සහ කාල් මාක්ස් Cult කාල් මාක්ස් විසින් කැපිටලිසම් ප්රබන්ධගත කළා සහ එයාගෙ සෝෂලිසම් වීරයා කරන්න කැපිටලසිම් ‘විලන්කරණයට’ ලක් කළා කියල මං දාපු පෝස්ට් එකට මාක්ස්ගෙ ෆෑන්ස්ලා ගොඩක් කලබල වුණා. මෝඩයෙක්, තක්කඩියෙක්, නානසාරයෙක්, වෙළෙන්දෙක්, ප....යෙක්, හු.....තෙක් ආදී අනේක විධ කමෙන්ට් පළවුනා. නාගරික බුද්දිමය සංවාද තලයෙන් මාව අතුගාලා දාන්න ඕන කියලත් සංවිදානය වුනා. කොටින්ම වම අවදි වුණා කිව්වොත් වැරදි නෑ. ඒත් කිසි කෙනෙක් මාක්ස් කැපිටලිසම් ප්රබන්දගත ...
අසැබි දේ අගුණ නැත Cult මං කංසා වලටත් වැඩිය පෝර්න් වලට ඇබ්බැහි වෙලා කියල මං හිතන්නෙ. කවද හරි දවසක මං ලොකු චිත්රපටිකාරයෙක් වෙලා මගේ සිනමාවට ගොඩක් බලපාපු වෙනත් සිනමාකරුවො කවුද කියල ඇහුවොත් මට කියන්න වෙන්නෙ තමන්ගෙ මෝබයිල් එකෙන්, හංගපු කැමරාවෙන් තමන්ගෙ අතිශය පුද්ගලික මොහොතක් අන්තර්ජාලයේ බෙදාහදා ගත්තු ඒ හැමෝම කියල. එච්එම්අයි ලයිට් ගහලා, සුරූපි නිළියො එක්ක සික්ස් පැක් තරුණයෝ දාලා කරපු ඒ ප්‍රධාන ධාරවෙ පෝර්න් ...
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ Cult චිත්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ...
උඹලට වැඩ ඇතිනෙ මං ගිහින් එන්නං... Cult පසන් මැරිලා කියල කෝල් එකක් ආවෙ හසාට. ඌ තව විස්තර දැනගන්න හැදුවට කෝල් එක දුන්න කෙනා ඊට වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.පසන් මැරිලා... හසා මට කිව්වෙ ඊට පස්සෙ.මාව පස්සට විසිවුනා. එකපාර ආපු තිගැස්මකින් කාලය ටිකක් වෙලා යනකල් නතර වෙලා තිබුණ.පසන් මැරුණු වග දැනගත්තම මට දැණුන ඒ හිස්තැන මොකක්ද?මං පසන්ගෙ පරිවර්තන කියවලා නෑ. මට ඒ භාෂාව අල්ලන්නෙ නෑ. පසන්ගේ නාට්‍ය හෝ ...
පිස්සො කලබල වුණාට ඩොක්ට කලබල නෑ Cult අලූත්ගම මුස්ලිම් අයට සිංහල අය ගැහුවද, සිංහල අයට මුස්ලිම් අය ගැහුවද, ඒ ගැහිල්ල ඓතිහාසිකව කොයිතරං සාධාරණද, වගේ කාරණා අලූත්ගම සිද්දියට අදාල නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ පාරෙ බස් හෝල්ට් වල, ඔෆිස් වල, ෆේස් බුක් එකේ ඇතිවෙච්ච සංවාද රැුල්ල දිහා බලාගෙන හිටියම අලූත්ගම සිද්දියට අලූත්ගම පවා අදාල නෑ කියල තේරෙනවා. බොරු කතන්දර නැතුව කිව්වොත් මුලූ රටේම සිංහල බෞද්ධයො එක`ගයි අලූත්ගම ...
ගොම්බෙට්ටේ මල් පිපේ... Cult ෆේස් බුක් එකත් එක්ක දැන් හැමෝම විවේචකයො සහ විචාරකයො වෙලා. හරියට සේකර ප්‍රාර්ථනා කරපු ප්රබුද්ධත්වය වගේ. හැමෝටම එකපාර. ඒක නරක දෙයක් නෙමෙයි. පළල් සංවාදයක් හදන්න හු`ගක් හොඳ තත්වයක්. මෝබයිල් ෆෝන් සහ අඩු ගානට ඩිජිටල් කැමරා ලැබීමත් එක්ක හැම කෙනෙක්ම සිනමාකරුවෙක් වීම වගේම ඒකත් නොවැලැක්විය හැකි තත්වයක්.ඒත් මේ හින්දම විවේචනයක අර්ථය සහ ධර්මය අහෝසි වෙලා යමින් වෙන ලෙඩ ගොඩක් විවේචන/ විචාර ...
දේවදූතයො යන්න යනවා, පව්කාරයො ඉතුරු වෙනවා. Cult ‘කන්නලාගෙ තාත්තා නැති වෙලා’මට යායුතු තවත් මරණයක් එකතු වුණා. මේ නොවැම්බර් මාසෙ මළවුන්ගෙ මාසෙ හින්දමද කොහෙද ගොඩක් අය සමුගන්නවා. කොහොම වුණත් ඒ මරණය ගැන මට ආපු පළවෙනි දැන්වීම.‘දන්නෙ නැද්ද? කේ. ඞී කියන්නෙ පරණ ෆිල්ම් පොරක්’‘මාර සිංදු තොගයක් ලියලා තියෙන්නෙ...’‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු.. ඒකත් කේ. ඞීගේ..’දෙවෙනි තුන්වෙනි විස්තර දැනගනිද්දි මං මගේ නොදැනීම ගැන ලැජ්ජ වෙන්න පටන් ගත්තා.‘කොච්චර වැඩ කරපු ...
දාං අදින්න ඉඳගන්න Cult රතුපස්වල ගැන ලියනවද කියල මං කල්පනා කළේ ඒක මොන ලියවිල්ලකටවත් වඩා පැහැදිලි සරල කෙලින් උත්තරයක් හින්ද. බෝදි පූජා තිය තිය අමාරුවෙන් හදපු අලූත් සංකල්ප එලව එලවා ජනතාවට ගහන්න පටන් අරං. රණ විරුවෝ, අපි වෙනුවෙන් අපි, දේශපේ‍්‍රමය ඔක්කොම අංශක 180ක් අනිත් පැත්තට හැරෙන කොටයි අපිට පේන්නෙ මේ වචන පිටිපස්සෙ ඇත්ත තේරුමක් තිබිලා නැති වග. එහෙම නැත්තං ඒ වචන වලට අදාල තේරුම ...
නිරුවත් ජීවිතයේ සරුවත් Cult ’අපේකාලයේ දාර්ශනිකයා’ කියලදීප්තිගේ පිංතූරයක් දාපු පැපරාසියා ස`ගරාවක් ෆේස්බුක් එකේ දැක්කා. ඇතුලෙ මොනවා තියෙනවද කියල කියවන්න වුණේ නෑ. සේපාල් සංවිධානය කරපු කර්ම චිත්‍රපටි සංවාදෙට දීප්ති ආපු එකත් එක්ක ඒකෙ මොකක් හරි හැ`ගුම්බර සම්බන්ධයක් ඇති. එක්ස් එක ගැන කලින් උපහාර ග්‍රන්තයක් කළෙත් සේපාල්. ඒ නිහාල් එක්ක එකතු වෙලා.දීප්තිගැන මේ විදිහෙ හඳුන්වාදීමක් දැක්ක පළවෙනි වතාව. ඒත් මාත් ඒ ගැන කල්පනා කෙරුවා. දීප්ති ...
වෙසක් බෞද්ධ නෑ Cult වෙසක් දවසෙ මං එලියට බැස්සා. තවත් මහා ජන ග`ගක් මගේ ඉස්සරහෙන් සහ පිටිපස්සෙන්. පුදුම සතුටකින් හැමෝම. හරියට ශ්‍රී ලාංකිකයො නෙමෙයි වගේ. එහෙම සතුටකින් ඉන්න ශ්‍රී ලාංකිකයො මං වෙසක් දවසට කලින් දැකලා තිබ්බෙ නෑ. ඒක ඇත්තටම සැණකෙලියක්.එක එක ගෙවල් වල එක එක විදිහෙ පාට, ලයිට්, කූඩු, තොරන්. හැමෝම තමන්ගෙ විදිහට මොනවා මොනවා හරි නිර්මාණය කරලා. ඊට පස්සෙ පාරට බැහැලා අනිත් අය ...
වීරයන් සඳහා ඇබෑර්තු ඇත. Cult මගේ ජීවිතේ වීරයො ඔක්කොම බලාගෙන ඉද්දි කුණු වෙලා ගියා ළුනු ගෙඩි වගේ. වීරයෙක් අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ කෙලවරකට එනවා. කෙනෙක් ඇතුලෙ වීරයෙක් කියන්නෙ ජීවිතේ පැත්තෙන් හදා ගත්ත ආදර්ශ පාඨයක් වගේ. දුෂ්ටයෙක් කියන්නෙ පාපය, මරණය. අපි නොදන්න ගොඩක් දේවල් අපි අපේ වීර චරිත ඇතුලෙ තැන්පත් කරලා තියෙනවා. ලංකාවෙ ඒ චරිත මැරෙනවා නෙමෙයි. කුණු වෙලා යනවා. ඒකයි ඛේදවාචකය. සාංදෘෂ්ටික තනිකමක් දැනෙන්න ගන්නවා ...
කාමරයක් ඇතුලෙ දොළහක් Cult ලයනල් වෙන්ඞ්ට් එකේ දොළහක් බලන්න ගියා' කට කපලා සෙනග' ඇඞ්වර්ටයිසින්" ඉන්ග්ලිෂ් තියටර්" ජෝන්ද සිල්වා" නළු නිළියන් සහ පොලිටික්කන් හැම කාණ්ඩෙකම කට්ටිය එක ඕඩියන්සa එකක' බකමූණා වගේම තව ජෝක් පොලිටිකල් වැඩක් වෙන්න ඇතs කියල මට හිතුණ' නාට්ටිය පටන් ගත්ත' ජූරි කාමරයක් ඇතුලෙ සෙට් එකක්' කොල්ලෙක් විසින් තාත්තාව පිහියෙන් ඇන මරා දැමීමක් ගැන විනිශ්චයකාරවරයාගේ කතාවක් ඇහෙන්න ගන්නවා' ජූරි කාමරේ හිස් පුටු ...
වඳ චිත්‍රපටි හදන්න වද වෙන්න එපා (කෙටි චිත්‍රපටි ගැන සංවාදයක්) Cult 14 මැගසින් එකෙන් ෂෝර්ට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් කළා. ෂෝර්ට් ෆිල්ම් හදන අය මුහුණදෙන අභියෝග සහ ඉදිරි මග ගැන සාකච්ඡුාවක් කරන්න මට කතා කළා. මං බූඩිවයි, ධනුෂ්කවයි එකතු කර ගත්තා. ස්ත්‍රී/පුරුෂභාවය බැලන්ස් කරන්න කියල අනෝමා චතුරිකා වත් එකතු කළා. (චතුරිකා කියන්නෙ කෙටි චිත්‍රපටි හදන මගේ ගෑණු යාලූවෙක්. එයාගෙ බෝනික්කෝ චිත්‍රපටිය ගොඩක් කතාබහට ලක්වුණා*ඒ කොහොම වුණත් මේ විදිහට ජෙන්ඩර් (ස්ත්‍රී/පුරුෂ භාවය* බැලන්ස් ...