දඩයක්කාර මුනිවරයා... Cult (27) මහා ශිව රාත්‍රිය දවසශිව කියන්නෙ මං ගොඩක් කැමති කන්සෙප්ට් එකක්. ඒ දඩයක්කාර මුනිවරයාට, නටන, පෙම් කරන, කංසා උරන, ප්රතිවිරෝධතා වල එකතුවට මට ඇති වෙන්නෙ භක්තියක්. උපත සහ විනාශය අතර හැම ප්රතිවිරෝධතාවයකම ඒකත්වය වෙන්නෙ ශිව. ඒ අදහසට, පැවැත්මට ගොඩනගලා තියෙන මනුස්ස රූපය මාර ආර්ට් එකක්. ෂුවර් එකටම ඇසිඞ් ටි්රප් එකක මුණගැහුනු චරිතයක්.මේ වියමනේ සංකීර්නතාවය හින්දම ශිව ගොඩක් වෙලාවට භාවනාවට ...
විද්‍යා ප්‍රබන්ධ සහ මිත්‍යා ප්‍රබන්ධ Cult මං විශ්වාස කරන්නේ දැනුමට වඩා පරිකල්පනය ශක්තිමත් බවයි. ඉතිහාසයට වඩා පුරාවෘත්තය (මිත්‍යාකල්පිතය) වැදගත් බවයි. සිද්ධි වලට වඩා සිහින බලවත් බවයි. බලාපොරොත්තුව සෑම විටම අත්දැකීම අභිභවා යන බවයි. දුකට ඇති පිළියම සිනහව බවයි. ඒ වගේම ආදරය මරණයට වඩා ශක්තිමත් බවයි.-රොබර්ට් ෆුල්ගුම්රොබර්ට් ෆුල්ගුම් කියන්නෙ ඇමෙරිකානු ලේඛකයෙක්. විශේෂයෙන්ම එයාගෙ කෙටි රචනා විලාසයත් එක්ක එයා ගොඩක් ජනප්‍රිය වුණා. කාණු කපන්නෙක්, පත්තර මිටි ඔසවාගෙන යන්නෙක්, ...
ඇග බේරා ගැනීම Cult .කාලෙකට පස්සෙ ආයිමත් ටිකක් නිදහස් ලිවිල්ලක් ලියන්න හිතුනා. මාක්ස්, වම, සයිටම් වගේ එකකට පස්සෙ එකක් ගෝත මාතෘකාවල පැටලිච්ච හින්ද ඔලූව කම්කරු වෙලා තිබුනෙ. අපි මොන අප්රෝච් එකකින් කතාවට ආවත් මහ මුස්පේන්තු, දුක්ඛිත, කාලකණ්ණි ගතියක් ඒ සාකච්ඡුා ඇතුලෙ තියෙනවා. ආවේගශීලීයි. පාදඩයි. බුද්දිමයයි.මොකක් හරි කරුමයක් හින්ද අපිට දේශපාලනය කියල මුනගැහෙන්නෙ මේ විදිහෙ දුක්කිත අදහස් ගනුදෙනුවක්. වඩා හයියෙන් කෑ ගැහිල්ලක්. රංචු වීමක්. පෙළපාලි ...
එන්න අපි රටට වැඩ කරමු. Cult කණාමැදිරියෙකුට ලස්සනට ඉගිල්ලෙන්න අන්ධකාරය අවශ්යයිමාළුවෙකුට ලස්සනට පීනන්න වතුර අවශ්යයිසාමාන්ය හොරෙකුට ලස්සනට හොරකම් කරන්න භීෂණය අවශ්යයිසුපිරි හොරෙකුට ලස්සනට හොරකම් කරන්න සාමය අවශ්‍යයි..-චරිත හොරු අරන් නාට්යයෙන්බලාපොරොත්තු වූ විදිහටම මහින්ද ඡුන්දයෙන් පැරදුනා. අවුරුදු දහයක් තිස්සෙ වපුරපු ජාතිවාදය සහ ඉන් රෝගී වූ පිරිස් තාමත් අතන මෙතන පුපුරනවා. ඒ අය පුනරුත්ථාපනය වෙන්න තව කාලයක් යයි. ඒත් සමාජ පුනරුත්ථාපනයක් වෙනුවෙන් සංකල්පමය ව්‍යාපෘතියක් පටන් ගන්න ඕන. බෙදී ...
මේ වගේ දිනක් නෑ එන්නේ...... Cult 2014 දිහා මං හිස් කාමරයක් දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන හිටියා. ආයිමත් මොකක්වත් ලියන්න බලාගෙන ඉන්න හිස් කරදාසියක් නෙමෙයි, බඩු මුට්ටු ඔක්කොම හිස් කරපු, ආයිමත් කුලියට නොදෙන හිස් කාමරයක්. බිත්ති වල විතරක් අතීතයක් පිරෙන්න ගාපු කුරුටු. ළං වෙලා කියවන්න නොගිහින් කාලයක් යද්දි ඒ කුරුටුත් මැකිලා යනවා. නැත්තං නොපෙනී යනවා. කුරුට්ටක්වත් නැති හිස් ජීවිතේ මැද්දෙ පළවෙනිදා මං ඉඳගෙන ඔහේ ඉන්නවා.හරි අමාරු ...
සිංදුවක් සිගරට්ටුවක් සහ රාත්‍රියක්.... Cult මං මරණ ගැන ලියන්නෙ නෑ. කොටින්ම ෆේස්බුක් පිටුවල මළ මිනී දාන උන් පවා මට අරහං. මරණය ඒ තරම්ම මම නොපිළිගන්නා දෙයක්. මං හිතන්නෙ ජීවත් වෙන මිනිහෙකුට කවදාවත් මරණය මුණ නොගැහෙන දෙයක්. ඒ වගේම මැරුණා වගේ ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් ජීවිතය මුණ නොගැහෙන දෙයක්. ඉතින් අපි නිතර දකින්නෙ මරණය ගැන දුක්වෙන මැරුණු මිනිස්සු. ගොඩක් බෞද්ධයො එහෙමයි.සංජය (සේනානායක) යන්න ගිය වග මං ...
පොදු අපේක්ෂකයා මම Cult මං ලංකාව ගැන බලාපොරොත්තු අත්ඇරගෙනයි හිටියෙ. මෝඩකම දිහාවට රට පෙරලීගෙන යන වේගය ආයිමත් කොයිම විදිහකින් වත් නවත්තන්න පුළුවන් වෙයි කියල මං හිතුවෙ නෑ. ඒකට වැඩියෙන්ම හේතුවුනේ ලංකාවෙ බුද්ධිමත් යැයි හිතෙන අතලොස්සක් දෙනා පවා ඒ අඳුර තදටම බදාගෙන හිටිය හින්ද. ඒක ජාතිවාදී හෝ වෙනයම් ඒ අයගෙ මතවාදයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මතවාදය තාර්කිකව සංවාදයකට ගන්න පවා බැරි ආගමිකත්වයක් එතන තිබ්බ. ද්රෝහියාද ...
ඇසිඞ් වැස්සට තෙමුනා නෙමෙයි පිච්චුණා Cult කල්ට් තුන්වෙනි අවුරුද්දෙත් අන්තිම කෙළවර. මට මේ ඉඬේ මොකක් හෝ කාරණයක් ගැන මගේ ප්‍රබන්ධ යතාර්ථයක් ගොඩ නගන්න පත්තරයක් ඇතුලෙ කොහෙත්ම බලාපොරොත්තු විය නොහැකි ඉඩක් තිබුණ. මං හිතනවා කවුරුවත් මං කියන අදහස් පොලොවෙ යතාර්ථයන් විදිහට නොගන්න ඇති. මේ කියන්නෙ මං පොලොවෙ යතාර්ථය කියල එකක් විශ්වාස කරන හින්ද නෙමෙයි. ඒ වෙනුවට තෝරා ගත හැකි ප්‍රබන්ධ යතාර්ථයන් ගොඩක් මං විශ්වාස කරනවා. අද පොලොවෙ ...
ශ්‍රී ලාංකේය අපි, මට පේන හැටි Cult ලාංකේය කිව්වම මට මතක් වෙන්නෙ පරණ සිද්ධියක්. මං ඒක මෙහෙම කියන්නම්. පොඩි කාලෙ මං ගිය ඉස්කෝලෙ නිදහස් දවසක උත්සවයක් තිබුණා. පිට්ටනිය මැද්දෙ ජාතික කොඩි උස්සලා කිරිබත් කන්න දුන්නා. මටත් බඩගිනි නිසා පිට්ටනිය දිගේ ඇවිදගෙන ගියා කොඩිය යටට කිරිබත් කන්න. එතකොට ඔක්කොම කාලා. මට එක කිරිබත් කෑල්ලක් වත් හම්බුණේ නෑ. දැන් ආපහු ඇවිදන් යන්න ඕනි පිට්ටනිය කෙළවරට. කට්ටිය බලාගෙන ඉන්නවා. මං ...
Activism is So Gay Cult 14 වෙනිදා පස්වරු 8.30ට ෆ්රන්සුවා හොලන් (ප්‍රංශ ජනාධිපතිවරයා) හිටියෙ ප්‍රංශ ජාතික ක්‍රීඩාංගනයෙ ජර්මනිය එක්ක සෙල්ලම් කරන සුහද ෆුට්බෝල් තරගෙ බල බල. ඊට ටිකක් එහායින් එකපාරට ලොකු පිපුරුම් සද්ද දෙකක් ඇහුන. ආදරයේ නගරයට බෝම්බ සද්ද වැඩිය හුරු නෑ. ඊට පැයකට පස්සෙ ස්ටේඩියම් එකට හැතැප්ම පහකට විතර එහා කුඩා කාම්බෝජ් රේස්ටුරන්ට් එකකට එකපාර වෙඩි උන්ඩ වරුසාවක් එල්ල වුණා. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඉලක්කයක් ...
බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි Cult ලංකාවෙ එපික් ෆිල්ම් හදන්න බෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව එපික් ෆිල්ම් එකක් හදන්න අවශ්‍ය වෙන යන්ත්‍ර උපකරණ අපිට නෑ කියන එක නෙමෙයි. ඇත්තටම ඒක අවසාන කාරණය වෙන්න පුළුවන්. ඊට වඩා එහෙම වැඩකට අවශ්‍ය කර්මාන්තමය පසුබිමක් ලංකාවෙ නෑ. ඒ අවශ්‍ය නිෂ්පාදන සම්බන්ධතා වගේම පුහුණුව, අත්දැකීම අපිට නෑ.ඊටත් වඩා මූලික වෙන්නෙ අපිට එපික් ලියන්න බැරි එක. අපි තාම ලියන්නෙ තොරනෙ ...
කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්... Cult මේ පාර ලියන්නෙ මොකක් ගැනද කියල කල්පනා කරද්දි මට කාලෙකට ඉස්සර සිරිමල් පාරාදීසෙට ලියපු පෙරවදනක් මතක් වුණා. සිරිමල් පාරාදීසෙ කරද්දි පත්තරේට ආවෙ පෙරවදන ලියන්න විතරයි. ලොකු පත්තරේ හිස් පිටුවක් මැද්දෙ ඌ මෙහෙම ලිව්වා,කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...එච්චරයි. පාරාදීසෙ කවදාවත් ලංකාවෙ සිද්ද නොවුණු විදිහෙ වැඩක් වුණෙ සිරිමලාගෙ මේ හිතුවක්කාරකම හින්ද. ආයිමත් එහෙම පත්තරයක් ලංකාවෙ වෙන එකක් නෑ. ඒ සිරිමලාට ඇරෙන්න ...
වාවා ගත නොහැකි ඔක්කාරය Cult ජුගුප්සාව 1පෝල් වෝකර් මැරුණම ෆේස් බුක් එක පිරෙන්න ඒකට සුදු කොඩි එල්ලන ලාංකේය ජනතාව දැක්කම මට අප්පිරිය හිතුණ. පෝල් වෝකර් ගැන ඇත්තට එහෙම දැනෙන සම්බන්ධයක් ලංකාවෙ කීප දෙනෙකුට ඇරෙන්න තියෙන්න පුළුවන්ද? නැත්තං මේ තමන් ඉන්නෙ ලන්ඩන් හරි බි්රස්බන් හරි කියලා තමන්ගේ සිහින නගරයකින් ෆේස් බුක් එකේ පෙනී ඉන්නවා වගේම පොඩි බෝවෙන හීනමානයක්ද? කොහොමටත් මට පෝල් ගැනවත් එයාගෙ රේස් චිත්‍රපටි ගැනවත් ...
රාවය ගැන මිලින්ද ප්රශ්නය Cult මේ ලියමන කුහක හෝ ද්වේශ සහගත වගේ පුංචි ලාංකේය තැන් වල හිර කරන්නෙ නැතුව තවත් එක අදහසක් කියන තැනකින් කියවන්න කියල මුලින්ම ඉල්ලනවා. ඒ පුද්ගලිකව මගේ ගැන කලූ චිත්‍රයක් ඇඳෙන එක ගැන අවුලකට නෙමෙයි. ඒක සංවාදයක් වෙනුවෙන් මගේ අදහස කැන්සල් කරන හින්ද.රාවය පත්තරේ මාත් කාලෙක ඉඳන් කියවන පත්තරයක්. ඒ ව්‍යාකරණානුකූල භාෂා සීමාවල්, සීරියස් වැඩි ගතිය, ගමේ ඇකඩමික් ප්‍රතිරූපය ආරක්ෂා කිරීම ...
සාදු ඩෝ! Cult බොබසෙ ගැන ආයිමත් ලියන්නෙවත් අඩුම ගානෙ හිතන්නෙවත් නෑ කියල හිතාගෙන හිටපු මාව ආපහු ඒ ගොහොරුවටම ගේන්න තරමට බොබසෙ මාර්කටින් වැඩ කළා. ඒ ගොල්ලො මල්වතු මහනායක මුණගැහෙන්න යාම සහ එතනදි මහනායක හාමුදුරුවො කරපු මං කොහෙත්ම බලාපොරොත්තු නොවුණු ප්‍රකාශය හින්ද මාව තිගැස්සුණා. කෙටියෙන් ඒ අදහස සම්පිණ්ඩනය කරනවා නම්, මේ රටේ පාලකයො අතින් බුද්ධාගම රැුකීමට අවශ්‍ය දේවල් සිද්ද නොවෙන හින්ද තමයි බොබසෙ පාරට ...
මායාකාරියන්ට පෙම් බඳින පුංචි ඉවාන්ලා Cult සරල සාමාන්‍ය ගෑණු එක්ක යාලූ වෙලා සරල විදිහට ජීවිතේ එක්ක යනවට වඩා මගේ යාලූවො ගොඩක් කැමති සංකීර්ණ ගෑණු චරිත එක්ක පැටළෙන්න. ඒ සංකීර්ණ ගෑණුන්ගෙ ඇතුලෙ තියෙන ප්‍රහේලිකාව විසඳීමෙන් ජීවිතේ සුරතාන්තයට ළංවෙන්න. පස්සෙ ඒ හැමෝම ඔලූ බදාගෙන ඉන්න පටන් ගත්තා. ‘ඒ ගෑණු මිනිස්සුන්ව පණපිටින් කනවා’ එක යාලූවෙක් මට කිව්වා.මාත් ඊට වෙනස් නෑ. ඔලූව බදාගෙන ඉන්න එක මගේ ආදරෙත් සාමාන්‍යයක් වෙලා තිබුණ. ...
පරණ යාලූවෝ එක්ක මාතා (නො) බැලීම Cult අලූත් අවුරුද්දෙ ගොඩක් අය පුරුදු අත්අරිනවා. ගොඩක් වෙලාවට පුරුදු අත්අරින්නෙ සාමාන්‍ය වෙන්න. ගොඩක් අය එක`ග විදිහෙ කෙනෙක් වෙන්න. සිගරට් බොන එක අත්අරිනවා. අරක්කු බොන එක අත්අරිනවා. ගණිකාවො එක්ක යන එක අත්අරිනවා. ඒත් ඒ පුරුද්දත් එක්ක තවත් අත්ඇරෙන ගොඩක් දේවල් ගැන ඒ අය නොදැනුවත්. මං උණ ගැනිලා කාලෙකට ගංජා පාවිච්චිය අත්ඇරියා. ‘හොඳ වැඩක් මචං’ කිසි තේරුමක් නැතුව වුණත් මගේ යාලූවො සතුටු ...
අනුරාධපුරෙන් කෝල් එකක් Cult අඳුරන්නෙ නැති නොම්මරේකින් කෝල් එකක් ආවා. අඳුරන්නෙ නැති කටහ`ඩක්.‘හලෝ චින්තනද? මං අනුරාධපුරෙන් කතා කරන්නෙ. රන්දිව පත්තරේ ඔයා ලියන කල්ට් පිටුව දිගටම මං කියවනවා’එක මොහොතකට මට විශ්වාස නැතුව ගියා. අනුරාධපුරේ කල්ට් පාඨකයෙක් ගැන මගේ හිතේ කොහොමවත් සිතුවිල්ලක් තිබුනෙ නෑ. ජාතික පත්තරයක් ඇතුලෙන් මේ තරං ඈතට මේ අදහස් පැතිරෙන්න පුළුවන් කියල මං හිතලා තිබුනෙ නෑ.ඒක එක විදිහක සතුටක් සහ එක විදිහක අවදානමක් ...
ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ Cult ඊයේ ඩෙනිස් එක්ක බීච් එක අයිනෙ ගරා වැටිච්ච රෙස්ටුරන්ට් එකක පරණ ෆ්රයිඞ් රයිස් එකක් කකා බොන අතරෙදි ඌ මාර කතාවක් කිව්වා. වන්දනා ගමන් ගැන. ලෝකෙ වන්දනා ගමන් කියන සංකල්පෙ හැදිලා තියෙන්නෙම වයසක පරම්පරාවෙන් සමාජයට දැනෙන බර සැහැල්ලූ කරන්න කියන එක. ඉස්සර දේපොල ලියලා දීලා වන්දනාවෙ යනවා කියලා ආච්චිලා සීයලා මේ විදිහට පිටත් වෙන්නෙ තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් කියන එකයි එයාගෙ අදහස. ...
කන්ද උඩ ඕමි ගැහීම Cult විමුක්තිගේ අලූත් ෆිල්ම් එක පෙන්නන්නෙ හවස 4.15 ෂෝ එක විතරයි. ඒ ෆිල්ම් එකේ ස්වභාවය හැටියට මං හිතන්නෙ නෑ ඊට වඩා ලොකු ඉල්ලූමක් හෝල්වල පැත්තෙන් එයි කියල. වැඩ ඉවර වෙලා සෑහෙන කාලයක් ගතවුනත්, කීපතැනක වරින්වර ප්‍රදර්ශනය වුනත් මට ෆිල්ම් එක බලන්න ලැබුන පලවෙනි වතාව.කොහොමටත් විමුක්තිගෙ සිනමා ශෛලියට මං ආශක්තයි. මුලින්ම සුළ`ග එනු පිනිස චිත්‍රපටිය ලංකාවෙදි දැකපු පළවෙනි වතාවෙදි ඒ රූපරාමු වලින් ...