වල්මත් බවේ කුල්මත් වෙන්න. Cult ආයිමත් මුස්පේන්තු කාලයක්. වතුර ඉල්ලං පාරට බහින මිනිස්සුන්ට වෙඩි තියල දානවා, රාමසාන් වලට පහුවෙනිදා පල්ලියක් කුඩු පට්ටම් කරනවා, හරක් මරනවට විරුද්දව හාමුදුරුවරු ගිනි තියා ගන්නවා, දයාසිරි ආණ්ඩුවට පනිනවා, සිගරට් අරක්කු තව ගනං යනවා, මිනිස්සුන්ට අතේ සතේ නැති වෙනවා, බිස්නස් අඩුවෙනවා, කොම්පැණි ඇඞ්වර්ටයිසින් බජට් කපනවා, අපේ ලොක්කොන්ට යකා වැහෙනවා, අන්තමට අපේ ඇ`ගට කඩන් පනිනවා. එතකොට මං ඇහැරෙනවා.මං මේ මොනවද කරමින් ඉන්නෙ? ...
වෘකයන් අතර නග්නව Cult කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ ආරක්ෂාවට පවත්වාගෙන යන රාජ්‍ය සංවිධානෙකින් මට කෝල් කරලා ලිපියක් ඉල්ලූවා, ඒ ගොල්ලොන්ගෙ ස`ගරාවකට. ලංකාවෙ කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ තත්වෙ ගැන මට කියන්න තියෙන දේවල් ඒ වගේ ආයතනේක ස`ගරාවක පළකරන්න තරම් ඒ අය නිදහස් කියල විශ්වාසයක් නැති වුණත් මං ලියමන ලිව්වා. ආයිමත් කෝල් එකක් ආවෙ නැති හින්ද තාමත් ලිපිය මගේ ළ`ග.අපේ රටේ කාන්තාවක් සහ ළමයෙක් කියන කාරණය වැදගත් වෙන්නෙ ...
කියවීම නතර කරමු. Cult ආදරය ගැන ආස හිතෙන විග්‍රහයක් ඉන්ටර්නෙට් එකේ හුවමාරු වෙමින් තිබිලා හම්බුණා. ඒක ආදරය, කාමය සහ යාලූකම ගැන කුලකමය පැහැදිලි කිරීමක්. ආදරය සහ යාලූකම අතරෙ කුලක ෙඡ්දන අවකාශය ‘කම්ප්ලිකේටඞ්’. ආදරය සහ කාමය අතරෙ තියෙන්නෙ ජෝඩු වීම, කාමය සහ යාලූකම අතරෙ ‘ෆක් බඞී’ (ෆ්‍රෙන්ඞ්ස් විත් බෙනිෆිට්ස්), ඒ හැම එකක්ම මුහු වෙන තුන් මුල්ල ආදර්ශී ගැලපීම විදිහට නම් කරලා තිබුණ. කමෙන්ට්ස් දාපු හැමෝම ...
IDEA! Cult උදේ පාන්දර ටීඑන්එල් එකේ ඇඞ් එකක් යනවා. වික්ටර් රත්නායක සිගරට් අරක්කු නොබොන එක ගැන. ඒ දේවල් අත්ඇරියට කිසිදෙයක් වෙනස් වුණේ නෑ කියල එයා කියනවා. මට හරියට දුක හිතුණ. ඒත් එක්කම මතක් වුණා අජිත් කුමාරසිරි හැමතිස්සෙම කියන කතාවක්.’මචං ගායකයො කියන්නෙ උගුරෙ කඩයක් දාගෙන ඉන්න උන්. උන් විකුණන්නෙ උන්ගෙ බඩු නෙමෙයි’වික්ටර් ඇතුළු ලංකාවෙ හු`ගක් ගායකයන්ට මේ කතාව අදාලයි. පේ‍්‍රමකීර්ති අල්විස් වගේ මනුස්සයෙක් ...
දෙයියොත් සූදු කෙළී Cult මේ දවස් වල ෆේස් බුක් එකේ ද්වන්ධව සටනකට කලින් දෙපාර්ශ්වයේ පිරිසගේ වහසි බස් ඇහෙනවා එහෙන් මෙහෙන්. ඒ දීප්ති හා නිර්මාල් අතර මහා වාදය අරඹයා. මඩ ගැසීමේ දේශපාලනයක් ඇත කියන තේමාව යටතේ මේ දෙපැත්ත ඇණකොටා ගැනීමට නියමිතයි. මට හිතෙන්නෙ ඇත්ත මාතෘකාව වෙන්න ඕන නිර්මාල් ගැන කියපු කතා (විශේෂයෙන් ගෑනු කතා) ඇත්තද නැත්තද කියන එක. මේක සංවාදයක් නෙමෙයි මරා ගැනීමක් නැත්තං වාදයක් ...
ඔබටත් එහි අසුනක් නැත. Cult මේ ටයිට්ල් එක ගත්තෙ පොඩි තිසරගෙන්. ෆෙස්ටිවල් එකේ ෆිල්ම් බලන්න ඇවිල්ලා හැරිලා යන මහා ජනකාය මැද්දෙ අපිත් ඉඳිද්දි පොඩියා ජොලියට කිව්ව කතාවක් ඒක.ෆෙස්ටිවල් එකේ පෙන්නන කිසිම ෆිල්ම් එකකට ඇ`ගිල්ලක් ගහන්න බැරි තරම් සෙන`ග. බලන්න ඕන නම් පැය දෙකකට විතර කලින් පෝලිමේ හිටගන්න වෙනවා. හැරිලා එන්න වුණත් මට තිබුණෙ ත්‍රිල් එකක්. ෆිල්ම් බලන්න මෙහෙම මිනිස්සු ආවෙ කවදද? ඇරත් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් බලන්න. ...
ටෙලිවිෂන් වංශකතාවක කෙලවර. හිරු නගීද? නැත්තං බහීද? Cult ජීවිතේ යන්නෙ කලාව කියන හැටියට නෙමෙයි. ජීවිතේ යන්නෙ ටීවී එකේ නරකම දේවල් වල හැටියට.-වූඩි ඇලන්අලුත් ටීවී චැනල් එකක් එනවා කිිව්වම හැමෝටම ඕන වුනේ වෙනසක්. හැම චැනල් එකක්ම තිබ්බෙ එකම රාමුවක. එකම වෙලාවට ටෙලි නාට්ටි. එකම වෙලාවට ප්රවෘත්ති. හරි බෝරිං. ඕනකරන්නෙ කොයි වගේ දෙයක්ද කියලා හරියට නොතේරුණත් මොකක් හරි දෙයක් හැමෝටම ඕන වෙලා තිබුණ.ටීවී එක පුදුම විදිහට දියවෙලා යමින් තිබුණෙ.(සහ තියෙන්නෙ) ...
අපේ රටේ මිනිස්සු වෙනස්. නොහොත් දිලිත් -දෙරණ සිනමා සම්මාන උළෙල Cult ලංකාවෙ සිනමාව මැරිලා හු`ගක් කල්. අපි වළ නොදැමූ ඒ කුණ අරගෙන අබ හොයාගෙන දුවන පිස්සු පටාචාරාලා වගේ. මාත් ඇතුළු ලංකාවෙ සිනමාකරුවන්ව මට පේන්නෙ එහෙමයි. ඒත් මේ අබ හොයන්නෙ සිනමාව ගොඩගන්නද අපි ඇතුලෙම කුණුවෙමින් දියවෙමින් ගලන ජීවිතය ගොඩගන්නද කියා එකපාර හිතාගන්නට බෑ. ඒත් ජීවිතය ගොඩගන්න සිනමාවෙන් පුළුවන්කමක් නෑ. ඒත් සිනමාව ගොඩගන්න (හෝ ඒ වගේ මොකක් හරි එකකට) ජීවිත තියෙන මිනිස්සු නං ...
සත්තු එක්ක කතා කරන රහස කියන්න: ෆෙස්ටිවල් සිනමාව ගැන පේමන්ට් කතාබහක්. Cult පහුගිය දවස් කීපෙකට වැනිසියේ වෙළෙන්දෙක් ලංකාවට ඇවිත් හිටියා. එයා චිත්‍රපටි වෙළෙන්දෙක්. ඒ කියන්නෙ වැනීසියේ සිනමා උළෙලට ආසියාතික චිත්‍රපටි තෝරන්නෙක්. ලංකාවට ඇවිත් හිටියෙ අපේ අලූත් චිත්රපටිකරුවන් දැනුවත් කරන්න. ඒ මාර්කට් එකට චිත්‍රපටි යවන හැටි ගැන.නෙළුම්ලගේ ගෙදර ? කෑමත් එක්ක පාවුලෝ (බර්ටොලින්) අඳුරගන්න ලැබුණට කෑම රහ වැඩි හින්ද මට පාවුලෝ අමතකම වුණා. පස්සෙ සත්‍යා පුකට පයින් ගහලා ඉන්ටර්විව් එකක් ගනින් කියල බල ...
මං වල් නෑ Cult සේයා සඳමිණී කියන පුංචි දැරිය දූෂණය කරලා මරා දාපු එක ලංකාවෙ ලොකු කලබැගෑනියක් ඇති කළා. මේ දූෂකයාගේ අහවල් එක කපන්න ඕන කියන තැන ඉඳන් රටේ මරණ ද`ඩුවම නීතිගත කිරීම දක්වාම මේ ප්‍රශ්නෙ දුර දිග ගියා. කිසි දෙයක් හිතලා බලන්නෙ නැතුව මෛත්‍රීපාල සිරිසේනත් මරණ ද`ඩුවම පනවන්න එක`ග වුණා. රටේ විධායක ජනාධිපතිවරයා මේ විදිහට රැුල්ලකින් ඇළලී යන එක එක්තරා විදිහකට භයානකයි. රාජ්‍ය ...
විනෝද සාගරයක් රස ආකරයක් Cult මගේ බ්ලොග් එකේ ලිපි වලට කියවන අය කරන කමෙන්ට් ගැන මං මොකුත් නොකියන එක කියවන අයට ලොකු අවුලක් වෙලා. කොටින්ම දැන් කියවන කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑ. අපි සයිබර් ගනුදෙනු පටන් ගත්තත් තාම කර්තෘත්වය හොයන අර්බුදෙන් එලියට ඇවිත් නෑ කියලයි මට හිතෙන්නෙ. මාගලක් විතර දිගට අදහස් ලියැවිල්ලක් කරල කමෙන්ට් ඉඩත් ආයිමත් පාවිච්චි කරන එක එච්චර ප්රජාතන්ත්රවාදී නෑ වගේ එකක් මගේ පුද්ගලික ...
Be Stupid! Cult ෆේස් බුක් එකේ එක දිගට ෂෙයාර් වෙන තමන් විහින්ම තමන්ගෙ පිංතූර ගන්න ‘සෙල්ෆීස්’ ගැන ගොඩක් අය හිතන්නෙ ලෙඩක් කියල. ලංකාවෙ හැම අලූත් දෙයක්ම ලෙඩක් හෝ භීතියක් වෙන එක ස්වභාවික වුණත් සෙල්ෆීස් කියන්නෙ දරුණු නාසිස්මය තත්වයක්ද කියන එක ගැන වෙන රටවලත් කතා බහ ඇති වෙනවා. ඒ කොච්චර කතා බහ ඇති වුණත් මේ ටේරන්ඞ් එක නතර වෙන්නෙ නෑ. හිතාගන්න බැරි තරම් විවිධ ...
සුරතල්ද මාධ්‍ය? Cult 19 සම්මත වුනා. තුනෙන් දෙකක් නෙමෙයි සරත් වීරසේකර ඇරෙන්න ඔක්කොම ඒකට අත ඉස්සුවා. නාමල් රාජපක්ෂ පවා.. විමල් වීරවංස පවා.. බොරු හේතු හදාගෙන හරි අන්තිමට අත ඉස්සුවා. අත උස්සන්නම බෑ වගේ අය නෑවිත් හිටියා. එතකොට ලංකාවෙ හිටපු එකම දේශපේ‍්‍රමියා සරත් වීරසේකරද?19 නොගෙනෙන්න මැදමුලන පෙරමුන ද`ග දැම්මා. නානාප්‍රකාර විධි වලින් ට්‍රයි කළා. මුරුත්තෙට්ටුවෙ ආනන්ද වගේ තක්කඩි චීවරධාරීන්ව පිටපත් පවා නැතුව එලියට දැම්මා, ...
අයියෝ හැමණෙනවා! Cult ජවිපෙට මන්ත්‍රී ආසන දහයක් විතර ආපු නැති එක ගැන ලොකු කතා බහක් ආවා චන්දෙන් පස්සෙ. ආසන ගාන ටිකක් වැඩි වුණාට ඒක අපේක්ෂිත ගානට ළං නොවුණු එකයි අවුල වුනෙ. එතකොට අපේක්ෂිත ගාන කීයක් විතර වෙන්න ඇද්ද? මං හිතාගෙන හිටියෙ ජවිපෙ ආසන පහලොවකට ළං වෙන්න ගනීවී කියල. ඒ තරං ලොකු ප්රබෝධයක් සද්දයක් සහ පිරිසක් ජවිපෙ වෙනුවෙන් හිටියා. ඒත් අන්තිමට ප්‍රතිඵල බලාපොරොත්තු කඩකරවන ...
එක බිංදුවට වඩා ලොකුද? Cult සංජීවගේ චිත්‍රපටිය බලලා දීප්ති කුමාර ගුනරත්නත් එයාගෙ වෙබ් එකට ලිපියක් ලියලා තිබුණ. ඒකෙ මාතෘකාව තිබුනෙ මිනිසුන්ගේ ආශාවන් පෙළපාලි යන්නෙ නැත කියල. මට ඒකෙ තේරුම එච්චර පැහැදිලි නැති හින්ද සබ් ලයින් එක කියෙව්වා. බාලිකා පාසැලක් අසලට ගොස් සරම උස්සා පෙන්නීම කලා කෘතියක් ලෙස සැලකීම කියල තමයි පැහැදිලි කිරීම තිබුනෙ.මේ ලියමනේ පළවෙනි ෙඡ්දය කියවන්න මට හු`ගක් අමාරු වුණා. උභයාවේගයක් අපාරගම්‍ය කරමින්..ඒ පාරාන්ධ ...
ජීවිතය දේශපාලනයට වඩා විශාලය Cult ආයිමත් මැයි පළවෙනිදා දවසක්. පෙලපාලි යන්න පාට ඇඳුම් බෝඞ් අරන් දේශපාලනය කරන හැමෝම එක එක විදිහට පාරට බහිනවා. සටන් පාඨ කිය කිය පෙලපාලි යනවා. චාරිත්‍රයක් වගේ හැමදාම එක විදිහට රැුස්වීම් තියලා යටිගිරියෙන් කෑ ගහනවට වඩා තේරුමක් මේ දවසෙ තියෙනවද? වෙන විදිහකට කිව්වොත් කාට ඇහෙන්නද මේ කෑ ගහන්නෙ? කාගෙන්ද මේ ඉල්ලන්නෙ? මොනාද ඉල්ලන්නෙ? මට හිතෙන්නෙ මේ දවස වැඩ කරන ජනතාව වෙනුවෙන් ...
සුනාපරත්නෙද දර්ගාවද වැඩිය වස? Cult කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලකණ්ණි කාලයක්. අදහසක් සාකච්ඡවක් ඇති වෙන්න රටක සමාජයක ටෙම්පො එකක් බලපානවා. ඒ අතින් මේක බයිලා විතරක් කියන්න පුළුවන් ටෙම්පො එකක්. ඒක හින්ද මේ දවස්වල හැමෝම කියන්නෙ බයිලා.සීරියස් දෙයක් කතා කරන්න තරමට මමමත් නොසන්සුන්. කියා ගන්න බැරි අප්පිරියාවක්, ඔක්කාරයක්, මුස්පේන්තුකමක් දවස පුරාම ළ`ගම කැරකෙනවා. අපේ ජීවිත මේ විදිහට වඳ වෙලා කුණු වෙලා යන දිහා බලාගෙන ඉන්න ...
අතීතයට ටටා කියමු. Cult අපි ජීවත් වෙන්නෙ ගොඩක් වාසනාවන්ත කාලෙක. ඒක කොහෙත්ම රොමාන්තික කතාවක් නෙමෙයි. ඇත්තටම අපි අතීතය වෙනුවෙන් වර්තමානය අවතක්සේරු කරන්න ඇබ්බැහි වෙලා. වර්තමානය කියවාගන්න දැනුමක් අපිට නෑ. අපි මේ මොහොතෙ ජීවත් වෙන වර්තමානය කොයිම පරණ ලෝක තත්වෙකින්වත් විග්රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හින්දම අපි දැනුම කියල පරණ ලෝකෙන් ගේන ගොඩක් දේවල් මේ අලූත් පරිණාමය ඇතුලෙ විහිළු වගේ වෙනවා. අපි වාසනාවන්ත මිනිස් ...
K-සෙරා A තරම් ලස්සනද? Cult ‘කේ-සෙරා’ ගැන කිසිම දෙයක් නොලියාම ඉන්න මං තීරණය කළේ රූපවාහිනී නාළිකාවක් විසින් පවත්වන ලද සම්මාන උළෙලක තීන්දු තීරණ ඒ තරම් සීරියස් ගන්න ඕනද කියල හිතුන හින්ද. අනිත් පැත්තට ජූරිය සහ සම්මාන නොලැබුණු පාර්ශ්ව කියන දෙපාර්ශ්වයෙන්ම මේ තීරණයට බලපාපු සිනමා කෘතියට බාහිර දේශපාලනයක් ඉ`ගි කෙරුණු හින්ද. ඒත් සමන් වික්‍රමාරච්චි විසින් නැවත රාවයට මේ සම්මාන දීම ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීම නිසා ...
ගල්කණු උරුමය වෙනුවට හුස්ම ගන්නා උරුමයක්. Cult මට කවදාවත් මහාවංසෙ ඉතිහාස කතාව මට අදාල කතාවක් කියල දැනිලා නෑ. කාලාන්තරයක් පුරා අද වගේම බලය තිබුණු උන් කරපු ජඩකම් සූරාකෑම් සහ චණ්ඩිකම් ටිකකට එහායින් ඒ ලිඛිත ඉතිහාසය ගැන මට වටිනාකමක් නෑ. කවුරුහරි අද මහින්ද ගැන ලියන ප්රශස්තියක් වගේම මහා වංසකතාවෙත් ඇත්ත කෑල්ල තියෙන්නෙ නොලියූ කතාවෙ. මේ රාජාවලිය එක්ක ගැටගැහිලා එයින් එකෙක් කියලා උද්දාම වෙන සිංහල බහුතරය දිහා බලන් ඉද්දි ...