හන්ටර් තොම්ප්සන් එක්ක හවසක බාර් එකක Cult සාමාන්‍යයෙන් ප්‍රසිද්ද කියමන් කියන ඒවා කියවන්න මිසක් වැඩකට ගන්න පුළුවන් ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට ‘තමන්ගේ හීනය කිසි හේතුවක් නිසා අත් නොහරින්න’ වගේ කියමන් වචන වලට එහායින් ජීවිතේ කිසි ගැඹුරක් ස්පර්ශ කරන්නෙ නෑ. ඇත්තට ගත කරන ජීවිතේ ඇතුළෙ මේ වචන අනුව ජීවත් වෙන්න බෑ.කොහොමටත් මේ වගේ උදෘත කියමන් නිෂ්පාදනය වෙන්නෙ ඒ ඒ චරිතයේ ඒ ඒ කාල වකවානු අනුවයි කියලයි මට හිතෙන්නෙ. ...
කරුමක්කාර ජීවිතේ විඳින්න ශෘංගාර රිදී නිම්නයේ වැතිරෙන්න Cult කාලෙකට පස්සෙ ආපහු තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ ෆිල්ම් එක බැලූවා. 1980 මුල කරපු ඒක තිස්සගෙ පළවෙනි අධ්‍යක්ෂණය. එතකොට මට අවුරුදු හතරක් විතර. ඒ වෙද්දි එයා වැලිකතර පිටපතත් ලියලා. මට අනුව ලංකාවෙ කෙරිච්ච හොඳම චිත්‍රපටිය වැලිකතර. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ ඞීබී නිහාල්සිංහ. තිස්ස අබේසේකර කියන්නෙ ලංකාවෙ බිහිවුණු හොඳම තිර රචකයා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් මං තිස්ස අබේසේකර කියන චරිතෙ අඳුරගන්න කාලෙ තිස්ස ...
චුට්ටෙයි -පොඞ්ඩෙයි Cult ලංකාවෙ කොමඩියන්ලා කියන්නෙ අපි කිති කවාගෙන හිනාවෙන්න ඕන වර්ගයේ විහිළු කරන කට්ටියක්. ඇ`ග අඹරනවා සහ දෙපැත්ත කැපෙන කතා කියනවා ඇරුණම මෙහේ කොමඩි වලට ගැඹුරක් හෝ අදහසක් නෑ. විශේෂයෙන්ම මේ අවුල පේන්නෙ සිනමාව හරහා බිහිවෙන කොමඩි චරිත වලින්. ඇත්තටම මට දුක හිතිලා තියෙනවා බැරි බැරි ගානෙ මිනිස්සු හිනස්සවන්න ද`ග දාන විදිහට. අපි කොමඩි කියල මෙහේ දකින්නෙ කෝලං. මේක හින්දම මං හිතන්නෙ ...
හිස් නැති හිස්වලට. Cult ලංකාවෙ රේඩියෝව කියන්නෙ තවදුරටත් අහන්න පුළුවන් එකක් නෙමෙයි. ඕනම චැනල් එකක උදේ ප්‍රෝග්‍රෑම් දෙක අහද්දි තේරුං ගන්න පුළුවන් කොහාටද දක්කන්න හදන්නෙ කියල. උදේ පාන්දර රුධිර පීඩනය වැඩි කරවන හඞ්ඩාගේ ගඳ ෂෝ එකේ ඉඳන් මීඩියා කියන්නෙ බුලත් විටි කඩයක් කියල හිතාගෙන ඉන්න ෂාන්ගෙ රේඩියෝ එකත් අසන්නා කියන්නෙ ලෙඩෙක්, බෝම්බ උඩින් පැන පැන යන ගෙම්බෙක්, කියල හිතාගෙන ඉන්න ඇසෙන නෑසෙන වැසෙන චැනල් ...
ප්රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන Cult උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක ...
මැයි 19 සහෝදරත්වයේ දිනය Cult යුද්දෙන් පස්සෙ ලංකාවෙ ගමන් දිශාව වෙනස් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කරන්න තිබුනෙ පොඩි දෙයක් කියල මට නිතර හිතෙනවා. ඒත් මැදමුලනෙ ඔලූවකට ගැලරියෙ විසිල් එකකට වඩා දුර හිතන්න බැරි වුණා. ඒකෙන් රටක් විදිහට ලංකාවම ආපස්සට ගිය කාලෙ දික් වුනා.මැයි 19 ඒ හැරවුම කරන්න තිබුන දවසක්. යුද ජයග්‍රහනය උඩ පැන පැන සමරනවා වෙනුවට එදා රටේ ජනාධිපති විදිහට බෙදුනු ජාතීන් එකතු කරන ...
සමන්ත බද්දගේ අබද්ද කකුළු හොද්ද. Cult සමන්ත බද්ද එයාගෙ උපන්දින සාදය ආයිමත් පාරක් ආන්ෙදා්ලනාත්මක විදිහට සැමරුවා. මේ පාර ගිය පාරටත් වඩා. චිකන්, මටන්්, පෝර්ක්, සීෆූඞ් ඔක්කොමත් එක්ක කියලයි ප්‍රචාරය ගියේ. මේ පාර ඒක ජාතික රූපවාහිනී නාලිකාවල පවා හිට් නිව්ස් එකක් කරන්න සමන්ත බද්දට පුළුවන් වුණා. ආඩම්බරකාර විදිහට ඔෆීෂල් ෆොටෝ වෙබ් සයිට් වල පළවුණා. ඒවට විරුද්දව නැගෙන සාම්ප්‍රදායික බෞද්ධ තර්ක වලට උත්තර දෙන්න ‘බද්දවාදී’ වෙබ් පිටු හැදුන. ...
ඩයොජිනිස්ගේ කතා Cult මට අද උදේ ඩයොජිනිස්ව මුනගැහුනා. පහල ගේට්ටුවට හයියෙන් තඩිබබා ඉන්නකොට. ඒ ගෙදර මනුස්සයා දුවගෙන ආවා. ඩයොජිනිස් හිනාවෙලා අතපෑවා. ගෙදර මනුස්සයා බැනලා එලවගත්තා.නෑ නෑ යනවා යනවා. මෙතන..ඩයොජිනිස් හයියෙන් හිනාවුනා. හිනාවෙවී පාර දිගේ ආපහු ගියා. දුකක කණස්සල්ලක සේයාවක් වත් තිබුනෙ නෑ. මිනිස්සු ගැන ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් ඩයොජිනිස්ගෙ හිතේ තිබුනෙ නෑ.ඒ සල්ලි ඉල්ලපු මනුස්සයගෙ නම ඇත්තටම ඩයොජිනිස්ද කියල මං දන්නෙ නෑ. සමහර ...
සංත්රාසය- සංවේගය- සම්බෝධිය එක්තැන් වුණු රියැලිටි අත්දැකීම...Sri Lanka Live Cult හැමදාම උදේට මාරාන්තික හිස්කමක් ඇවිත් මාව ඇහැරවනවා. උදේ හයහමාර වෙද්දි ඒක පටන් ගන්නවා. ඒ ස්වර්ණවාහිනියෙ පත්තර කියවිල්ලත් එක්ක. ඇඳේ හිටියත් ගෙදර සාලෙ දාන ටීවී එකේ මානසික වදේ විඳගන්න අමාරුයි. නිදාගෙන හිටියත් බය හිතෙන හීන පේන්න ගන්නවා.ඊට කලින් යන්නෙ බණ. ඒකෙ පරලොවට වැඩ කරගන්න හැටි කියල දෙනවා. පත්තර කියවිල්ලට පස්සෙ යන්නෙ ලෙඩ සහ ග්‍රහ දෝෂ.ඊට පස්සෙ මං වැඩට යනවා. ඇඞ් ඒජන්සියට. ...
සංකේත පියා සහ ගප්පියා Cult අහම්බෙන් ෆේස් බුක් එකේ ෂෙයාර් වෙච්ච ලින්ක් එකක් දිගේ ගිහින් ජිප්සීස්ලා ඩෙල් ස්ටුඩියෝ එකේ කරපු සිංදු ටික අහන්න හම්බුණා. ඒක දෙරණෙන් කරන හොඳ වැඩක්. නිකංම විකුණගන්න හදන ප්‍රෝග්‍රෑම් එකක තැනකින් එහාට ගිහින් දැන් වඳවෙලා ගිහිල්ලා තියෙන මියුසික් වලට පණක් එකතු කරන වැඩක්. ලොකු සිංහලෙන් කියනවා නම් මෙහෙවරක්. නැත්තං රිංග් ටෝන් වගුරක ගිලිලා පොට්ට වෙලා යනවා අපේ කන්. ඊටත් වඩා වටින්නෙ ...
ගොළුබෙල්ලන් සුරකිමු Cult වායු ගෝලය උණුසුම් වෙනවා කියන එක ලෝක පරිසර සටනෙ මේ වෙද්දි ප්‍රධාන මාතෘකාව. ලියනාඩෝ කැප්රියෝ වගේ නළුවො පවා බරපතල විදිහට මේ වායු ගෝලය උණුසුම් වීම සහ කර්මාන්ත නිසා පරිසරයට වෙන බලපෑම ගැන කතා කරලා තමන්ගෙ ප්රතිරූප විශාල කරගන්නවා. ඒත් එහෙම උණුසුම් වීමක් තියෙනවද කියන එක ගැන ජනපි‍්‍රය කතිකාවට එපිටින් ගිහිල්ලා කරුණු හොයා බලන්න කාටවත් ඕන වෙන්නෙ නෑ. මේ උණුසුම් වීම ...
කතා නැති සිනමාව. Cult උදයාගෙ ෆිල්ම් එක ගතෙ (ජර්මන් සංස්කෘතික කේන්ද්‍රය) එකේ පෙන්නපු දවස. තාම එලියට දාගන්න බැරි වෙච්ච චිත්‍රපටි එතන පෙන්නන එක සාධනීය වැඩක් වුණත් ඒ සාකච්ඡාව චිත්‍රපටි පැත්තෙන් වැඩදායී ඵලදායී තැනකට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. අලූත් කෘතියක් රස විඳීමේ හා සාකච්ඡුාවේ විනයක් ඇති පිරිසක් විතරක් නෙමෙයි එතනට එකතු වෙන්නෙ. ඒ නිසා ඒ ඉඩකඩ ප්‍රදර්ශනය වෙන කෘතිය පැත්තෙන් හානිකර තැනක් දක්වා වුණත් යන්න ...
එන්න ඡුන්දෙ දාන්න. Cult ලබන සෙනසුරාදා ඒ කියන්නෙ 10 වෙනිද ප්‍රදේශීය සභා- මහ නගරසභා ඡුන්දෙ. මේ පාර ඡුන්දෙදි වමේ අදහස් දෙකක් තරග කරනවා. ඒ එක පිලක් කියන්නෙ ඡුන්දෙ වර්ජනය කරන්න කියල. විරෝධය දක්වන්න කියල. ඒකටත් සෑහෙන සද්දයක් තියෙනවා. කලාකාරයො කතිකාචාරියො වගේ හැමදාම ඡුන්දයක් කිට්ටු වෙද්දි සොරි කලින් වැරදුනා කියලා අලූත් එකකට සපෝර්ට් කරන සෙට් එක මේ පාර කියන්නෙ ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල. රණ විරුවො, ...
කොකා කෝලා සහ නාසිසම්. Cult මං පටන් ගන්නවා ලියන්න. ලියන්න පටන් ගන්න කලින් මගේ ඔලූවෙ පිලිවෙලට සංවිධානය වෙලා තියෙනවා අදහස් පෙලක්. කොකා කෝලා- සන්නස්ගල සහ ජවිපෙ. ඒත් ඒක ලියන්න කලින් හදිස්සියෙම කිසිම තේරුමකට නැතුව මට මතක් වෙනවා ඇල්කෙමිස්ට් පොත. පොතේ කතාව නෙමෙයි. ඊට කලින් තියෙන ප්‍රෝලොග් එක. මං හිතන්නෙ කොයෙලො ගෙ මේ පොත ගොඩක් දෙනෙක් කියවලත් ඇති. පරිවර්තනය වෙලත් ඇති. ඒත් මට ඒක නොලියා බෑ.”ඇල්කෙමිස්ට් ...
කිකිළිද? බිත්තරේද? Cult ‘ඔබ හිතන් ඉන්නෙ බොහොම ප්රජාතන්ත්රවාදී රටක ඔබ ජීවත් වෙනවා කියලද? කළු මුඩුක්කුවක් මැද්දෙන් ඇඳිරි වෙලාවක ඇවිදන් යන්න. උස මහත කල්ලෙක් එක්වරම කඩා පැනලා ඔබව බිම පෙරලාගෙන ඔලූව පාරෙ හප්පගෙන හප්පගෙන යද්දි ඔබ සිහිනයෙන් ඇහැරේවි’ කියල චාර්ල්ස් මැන්සන් එක වෙලාවක කියනවා.ලයිෆ් ඔෆ් පායි චිත්‍රපටිය බැලූවොත් ‘මං ජීවත් වුනේ ඔරුවේ අනික් කොනේ ව්‍යාඝ්‍රයා හිටපු නිසා. මට අවදියෙන් ඉන්න සිද්ද වුණා’ කියල පිසින් ...
දඹුල්ල මරණයේ ඇත්ත පොලිසිය Cult දඹුල්ලේදී කාන්තා ඇඳුම් ඇඳගෙන රෑ පාරෙ හිටපු තරුණයෙක් පොලූවලින් පහර දීලා මරලා දාලා තියෙනවා කියල ප්‍රවෘත්තියක් පල වෙනවා. ඒ ප‍්‍රවෘත්තියෙම පොලිසිය විසින් මේ තරුණයා කීප වරක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. මේ ප්‍රවෘත්තිය මාධ්‍යවල පලවෙන්නෙ ට්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනවත් කිසිම දැනීමකින් තොරවයි. තනිකරම බෝරිං සමාජ ජීවිතවලට බයිට් එකට තලූමරන්න දෙන නිව්ස් එකක් විදිහටයි.පොලූවලින් මිනිහෙක්ව ගහලා මරනවා ...
කේ සෙරා හොඳම අධ්‍යක්ෂණය වෙන රටක ජිම් ජාර්මුෂ් කවුද? Cult ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව් ෆිල්ම් එක ගැන ජිම් ජාර්මුෂ්ගෙන් මාධ්‍ය ප්‍රශ්න කරනවා.ප්රශ්නය- ඔයාගෙ මේ ෆිල්ම් එක වැම්පයර් ස්ටෝරි එකක්. ඔයාම කියන විදිහට වැම්පයර් ආදර කතාවක්. ඒත් ඇයි වැම්පයර්ස්ලා? ඔයා මේ ජෝන්රා එකට පනින්න කලින් හිතලා බැලූවද මේක කොයිතරම් ඔය විදිහෙ කතා වලින් ගොඩගැහිලද කියල.ජිම් ජාර්මුෂ් - ‘‘මං ඔය වගේ වැඩකට නැති ජරාව ගැන හිතන එක පැත්තකට කරලා තියෙන්නෙ. මං නොදන්නවා ...
අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක් Cult මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට කලින් මට පොතක් ගෙනත් දුන්නා. කියවලා කතා කරන්න.මං සිංහල පොත් කියවන එක අත්ඇරලා තියෙන්නෙ. විශේෂයෙන්ම ප්‍රබන්ධ. උක්ත ආඛ්‍යාත ගැටගහන වාක්‍ය ඇතුලෙ කොයිතරං අලූත් අදහසක් කියන්න හැදුවත් මට දැනෙන්නෙ පරණ විදිහටමයි. ...
EX- ALIEN ට බයද? Cult දීප්ති දැන් වයසට යමින් ඉන්නවා කියලා මං පහුගිය ලිපියකදි කියපු කතාවකට දීප්තිලාගේ පක්ෂයේ කට්ටිය උත්තරයක් දීලා තිබ්බා. ඒක මගේ අදහස් සාකච්ඡවට අදාල නැති වෙනම පිට්ටනියක ගහන මැච් එකක් හින්දා හුදු පේ්රක්ෂකයෙක් විතරක් වෙන්න මං තීරණේ කළා. ඒත් ඒක හොඳ උත්සාහයක්. මඩ කියන එක ලංකාවෙ ගොඩක් වෙලාවට නෙගටිව් දෙයක් වගේ පෙණුනත් මට හිතෙන්නෙ ඒක පොසිටිව් දෙයක් විදිහට.මොකද මඩකින් ඝාතනය කරන්නෙ (හෝ ...