සිංහයෙක්, සිංදුවක් එක්ක මං Cult කොළපාට වනාන්තරේක පාමුල නවාතැනක ආලින්දයේ මං ඉඳගෙන. දිගටම හිරිකඩ වැස්ස. මං මෝබයිල් ෆෝන් එකෙන් සිංදුවක් හෙව්වා. නදී ගංගා තරණයේසැරිසරා සැඩ මාරුතේඉන්ද්රඛීලයක් සේ.... සීතලට එලියෙ පින්න බැඳිච්ච ලයන් බියර් කෑන් එකක් ළ`ගම කනප්පුව උඩ. උගුර හීතල කරගෙන ක්ලැසික් තිත්තක් එක්ක උගුරෙන් පහලට ගලන පළවෙනි බියර් උගුරෙ ආස්වාදය මං තවත් පරක්කු කළා. මේ සිංදුව මං හිතන් හිටියෙ දිලීප අබේසේකර ලියපු එකක් කියල. ...
සිවුරු පොරවා ගත් චණ්ඩි නිදැල්ලේ. Cult ළ`ගදී ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘ලෝටස්’ මහායාන පන්සල ථේරවාදී භික්ෂු පිරිසක් විසින් වට කළේය. එය නීති විරෝධී ජාවාරමක් බව කියමින් ඔවුන් උද්ඝෝෂණ කළේය. පොලිසිය ඇවිත් එහි සිටි පිරිස බේරා ගත් අතර ලෝටස් ආරාමය සීල් තැබුවේය. රටේ මාධ්‍ය මේ කතාව පළ කළේ වෙනස්ම හැටියකටය. ‘බුදු බව ලබා දෙන බව කියා කෝටි ගණනින් මුදල් ගත් ආරාමයක් වටලයි’මාධ්‍ය ජනතාවට කිව්වේ එහෙමය. බුදු ...
තවත් බුදුවරයෙක් නික්ම ගියේය... Cult ස්ටීව් ජොබ්ස් අග්න්‍යාශ පිළිකාවකින් මැරුණ... එකපාරටම ලෝකෙ හරිම හිස්තැනක් දැණුන.... ඉඳලා හිටලා ඇපල් ගෙඩියක් කනවා ඇරුණම, මං ඇපල් කොම්පියුටරයක්වත්, ඇපල් ෆෝන් එකක් වත් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒත් ස්ටීව් ජොබ්ස් කොම්පියුටර් ලෝකෙන් එහා නිර්මාණශීලීත්වය, ජීවිතය ගැන මට සංකේතයක් වෙලා තිබුණ. ව්‍යාපාරයකට ඔබ්බෙන් සමාජයට පෞර්ෂයක්, ගැඹුරක්, වෙනසක් ස්ටීව් ගෙ ‘ඇපල්’ හරහා ලැබිලා තිබුණ. ස්ටීව් ජොබ්ස් හිතුවක්කාර මුනිවරයෙක්. ඇපල් කියන්නෙ එයාගෙ නිර්මාණ ...
කඳ ඩිජිටල් ඔළු මනමේ - ලාංකේය ඩිජිටල් සිනමාවේ ආරම්භය Cult කාලයක් තිස්සෙ එක එක සාම්ප්‍රදායික සීමාවන් එක්ක ගැටි ගැටී ඉඳලා අන්තිමට ලංකාවෙ ඩිජිටල් ෆිල්ම් තියටර්ස් පටන් ගන්න අවසර ලැබුණ. ඒ ප්‍රවෘත්තිය අහපු ගමන් මට දැණුනෙ මාර ත්‍රිල් එකක්. අපි පොඩි HD කැමරා උස්සන් low budget කරපු වැඩ ප්‍රදර්ශනයට දැන් ඉඩක් හම්බු වෙනවා කියල. නෙගටිව් ප්‍රොජෙක්ටර් වෙනුවෙන්ම පෙනී හිටපු ප්‍රසන්න විතානගේ මාධ්‍යයකදි එක පාරක් අහලා තිබුණ විදිහට, ඕවා කළාට පෙන්නන්නෙ කොහෙද, ...
ශ්‍රී ලාංකේය සිනමාවේ සැබෑ රංගධරයාණෙනි, ඔබට සුබ රාත්‍රියක්. Cult සුරදූතිකාවෝ ඔබ නළවන්නට නැළවිලි ගී ගයත්වා..ජෝ අබේවික්‍රම මැරණ කිව්වම මට කිසි හේතුවක් නැතුව ලොකු තිගැස්මක් ආවා. මම ජෝ ව පුද්ගලිකව අඳුනන හෝ ජෝ එක්ක ගොඩක් වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඒත් මට හිස්තැනක් දැණුන. මං ගෙදර ඇවිත් වැලිකතර ආයිමත් බැලූවා. ගෝරිං මුදලාලි, ලංකාවෙ සිනමාව කියන එකේ මං ආස කරන එකම චරිතය දිහා මං බලාගෙන හිටියෙ දෙබසක්වත් නෑහෙන්න කන් අගුල් දාගෙන.ජෝ කියන්නෙ ...
සමලිංගික පත්තර සදාචාරය Cult මිනිසෙකුගේ ලිංගිකත්වයේ වර්ගය සහ මට්ටම ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මයේ ගැඹුරු තැන දක්වාම දිවෙන්නකි.-ෆෙඞ්රික් නීට්ෂේ පසුගිය සතියක ජාතික යැයි කියාගන්නා බාල ටැබ්ලොයිඞ් වර්ගයේ ඉරිදා පුවත්පතක මුල් පුවත වුණේ සමලිංගික සංවිධාන වලට විදේශ ආධාර ලැබීමක් ගැනයි. සමලිංගික සංවිධාන ව්‍යාප්තියට විදෙස් රටවලින් ආධාර දී ඇතැයිද, වහා අපේ සංස්කෘතිය රැුක ගත යුතු යැයිද, කියන ඒ ලියූ නිලීන සමලිංගිකයා (ඒ ගැන ඊළ`ග ඡේදයේ පැහැදිලි කරන්නම්) ...
කොන්ඩම් ළ`ග තබා ගැනීම නීතියෙන් තහනම්ද? Cult ලංකාවඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයිමං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැනගොඩක් අය අවලාද කිව්වටමං දකින්නෙ මිනිස්සු සෙක්ස් හොයන එක හොඳ දෙයක්විදිහට. ඒ එක්කම ඉන්ටර්නෙට්එකේ තමන්ගෙ ෆෝන් එකෙන් වීඩියෝ කරපු පර්සනල් පෝර්න් එන්න එන්නම වැඩිවෙනවා. ඒවා බලද්දි පැහැදිලිවම පේන දෙයක් තමයි අපි ටිකෙන් ටික ආර්ට් එකක් විදිහට නැත්තං ප්ලෙෂර් එකක් ...
සිනමාව ළමා වීම සහ ළමයින් වෙනුවෙන් සිනමාව අතර වෙනස. Cult පහුගිය දවසක වසන්ත මොරගොඩගෙ පළවෙනි වෘත්තාන්ත චිත්‍රපටිය ‘මවුස්’ ප්‍රදර්ශනය කළා රුසියානු කේන්ද්‍රයෙ. ඒක සුවිශේෂ මාධ්‍ය දර්ශනයක් කියල ඉන්විටේෂන් එකේම ලියල තිබුණ. ඒ චිත්‍රපටිය පෙන්නනවට අමතරව ඇන්කර් එකටයි, ඊ සොෆ්ට් එකටයි විශේෂ කතා මගින් තමන්ගේ ප්‍රචාරණයට ඉඩ දීලා තිබ්බ හින්ද කියල මං දැනගත්තෙ ගියාට පස්සෙ. ඒක හරිම මෝඩ විදිහෙ ප්‍රචාරණ ප්‍රයෝගයක්. පේ්රක්ෂාගාරය ඉස්සරහ විහිළුවක් වෙන එකෙන් තමන්ගෙ භාණ්ඩය හරි සේවාව හරි ...
හඳට යන්න බය නොවන්න Cult ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප්රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ...
අපිචත්පොන්ග් ගේ පාවෙන සිනමාව සහ අපේ බඩගාන විචාර Cult පහුගිය සිකුරාදාවක එස්එල්ටීටීඊ යේ අපිචත්පොන්ග් වීරසේතුකල් ගෙ ‘අතීත භවයන් සිහි කළ හැකි අන්කල් බූන්මේ’ පෙන්නුවා. චිත්‍රපටිය ගැන කෙටි සංවාදයකට මට කතා කරලා තිබුණ. චිත්‍රපටයෙ තේමාව මරණය. වකුගඩු රෝගයකින් පෙළෙන අන්කල් බූන්මේ තමන්ගෙ ගොවිපොලක ගෙවන අන්තිම දවස් ගැන කතාවක්. අන්කල් බූන්මේට මියගිය බිරිඳගේ අවතාරය මුණගැහෙනවා කෑම මේසෙදි.‘දිව්‍යලෝකෙ ඒ තරම් ඇති දෙයක් නෑ. ඒක අධිතක්සේරු වෙලයි තියෙන්නෙ’බිරිඳ බූන්මේ ට කියනවා. ඒ කෑම ...
කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ Cult කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් ...
පියසීලි: ලස්සන ගැහැණියක් Cult (පියසීලි විජේගුණසිංහ අනුස්මරණය කරමින් මුද්‍රණය වන පොතකට ලිපියක් ලියැන්නැයි මගෙන් ඉල්ලූ නිසා මේ ලිපිය ලියැවුණි. ඒත් ලිපිය ඊමේල් කළ පසු ඒ ගැන වෙනත් කිසි ආරංචියක් ලැබුණෙ නැත. කාලෙකට පසු ආපහු මේ ලිපිය දකිද්දී මට එය පළ කරන්න ඕන කියා සිතුණි.* පියසීලි විජේගුණසිංහ ගැන ලිපියක් ලියන්නැයි ‘මනෝ‘ මට කෝල් එකක් දෙද්දී මට එකපාරට මතක් වුණේ ‘මම පියසීලි ගැන දන්නෙ මොනවද?‘ ...
තනිකමට ඉඩ දෙන්න Cult තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස් එක ෂෙයාර් කරගැනීමේ ෆිසිකල් තනිකමක්. ඒත් තමන් කියන දේ ඇහෙන කෙනෙක් නැතිකම කියන්නෙ වෙන දෙයක්. කවුරු කොහොම ළ`ග හිටියත් කතා කරන එකේ තේරුමක් නෑ කියල දැනෙන විදිහක්. වෙන කෙනෙකුට උදව්වට එන්න බැරි වෙලාවක්. කොයිතරම් සාවධාන වුනත් ...
සිනමා නවරැුල්ලේ සිහින සැබෑ කරන්නා Cult සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත්‍රපටය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලේ කීනෝෆෝරම් අංශයේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තා. ඒ චිත්‍රපටය සංජීවගේ පළමු චිත්‍රපටය වන අතරම එය නිර්මාණය කළේ ැං1 ඩිජිටල් කැමරාවකින්. අඩු පිරිවැයකින් වඩා හොඳ චිත්‍රපට ගොඩක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන අපේ චිත්‍රපට කර්මාන්තයට එක්වුණු ඒෂියා ඩිජිටල් හි සභාපති මනෝ නානායක්කාර මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ ...
සෙක්ස් දේශපාලනිකද? Cult චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට වැටුනා. ඒක එහෙමද? මොකක්ද දේශපාලනිකයි කියන්නෙ? අපිට පුළුවන්ද එහෙම යම් දෙයක් දේශපාලනිකයි කියල හිතලා කරන්න. අනිත් පැත්තට දේශපාලනික නොවෙන වැඩ තියෙන්න පුළුවන්ද?උදා විදිහට මට මධූ රොක්ස් දේශපාලනිකයි වමේ පක්ෂයකට වඩා. මධූ රොක්ස්ට පුළුවන් වෙනවා එක දවසකින් ...
සැටිය උඩ..හිනා බං මට..දුකට. Cult නාලිකාව - දෙරණ වේදිකාව - රියලිට වේදිකාවකි ගායකයා - චාපා (ඉන්ද්‍රචාපා ලියනගේ* ඇතුළු පිරිස විනිසුරු මඩුල්ල - චාමික සිරිමාන්න, රජීව් සෙබෙස්තියන්, රාජු බණ්ඩාර, අතුල අධිකාරි නිවේදක - සාරංග චාපා උඹ කිව්වා ක්ලැරන්ස්ව ටිකක් වැඩියෙන් පොප් කරලා ටියුන් එක වෙනස් කරලා කට්ටිය කර උඩ නටනවා මම සැටිය උඩ... හිනා බං මට... දුකට සාරංග ඇහුවා චාමිකගෙන් චාපා මොකද්ද කලේ කියලා කට්ටිය ...
ගේට්ටුව ළ`ග මුනිවරයෙක්. ජනේලෙට පිටිපස්සෙ මම. Cult ජූලි 23සෙනසුරාදාකවුරු හරි ගේට්ටුව ළ`ග කතා කරනවා ඇහිලා මං නොකර සද්ද හිටියෙ එක එක්කෙනා ඇවිත් අහන එක එක දේවල් වලට උත්තර දෙන්න කම්මැලි හින්ද. අම්මා ගේ ඉස්සරහට යනවා මට ඇහුණා.”නෝනා මහත්තයා කෑම උයලද තියෙන්නෙ? තාම 10යිනෙ. කෑම නැතුව ඇති. මට උයන කල් ඉන්නත් බෑනෙ. කීයක් හරි තියෙනවා දෙන්න. මොනා හරි බොන්න.”හු`ගක් ගැඹුරු හ`ඩකින් සැහැල්ලූවෙන් කියාගෙන යනවා මට ඇහුණ. ටිකක් අමුතු ...
ඉගිල්ලෙන මාළුවෝ: Best Director Award @ St Petersburg Film Fest Cult සංජීව පුෂ්පකුමාර එයාගෙ පළවෙනි චිත්‍රපටිය වුණු ‘ඉගිල්ලෙන මාළුවෝ’ වෙනුවෙන් ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලේදී හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තා. සංජීව මේ සම්මානය දිනා ගත්තේ චීනය, ඉරානය, ඇමරිකාව, පෝලන්තය, රුසියාව, ස්පාඤ්ඤය ආදී රටවල් 10ක නියෝජනයන් අතරින් ඉදිරියට ඇවිත්. මේ චිත්‍රපටිය සංජීව කළේ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලකින්. ඒ නිෂ්පාදනයට මැදිහත් වීම වෙනුවෙන් මනෝ නානායක්කාර (එහි නිෂ්පාදක* මහතාට විශේෂ ස්තුතියක් හිමිවිය යුත්තෙ ...
නිර්මාණශීලී නිදහස් වීම. Cult පූර්ව උපකල්පනයක් නැතුව, නිගමනයක් හෝ අර්ථ ගැන්වීමක් නැතුව ඇහුම් කන් දෙන්න පුළුවන්ද? අපේ සිතීම එක්තරා රටාවකට අනුගත වෙලා කියන කාරණය පැහැදිලියි. අපි හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි විදිහට කොටු වෙලා ඉන්නෙ. අපි අහන අලූත් හෝ පරණ හැමදෙයක්මත් මේ රාමු ඇතුලෙනුයි එන්නෙ. ඒ හින්ද අපිට ප්‍රශ්නයක් අලූත් විදිහෙන් දකින්න බෑ. ඒක නිසයි ඇහුම් කන් දීම අතිශය වැදගත්. ලියලා තියෙන දේවලට විතරක් නෙමෙයි, හැමදෙයක් ...
මන්ත්‍රී හොඳයි... ඇමති හොඳාාාාාාාාාායි.... Cult ‘අපි ඉන්නෙ ට්රැජඩියක. ඒත් අපිට පේන්නෙ කොමඩියක් වගේ’- ආඩස් හක්්ස්ලි ටීවී එකේ ෆිල්ම් එක බලලා එන අයගෙ වමනෙ යන සුළු ප්‍රතිචාර ටිකක් අමතක වෙලා යන කල් ඉඳලා සැවෝයි එකට ගියා දවස් 50ක් පහු කරපු කිංග් හන්තර් බලන්න. මුලින්ම ඉස්සරහට එන චිත්‍රපටි වල කෑලි පෙන්නන්න ගත්තා. කටේ තියන්න බැරි වර්ගයේ බන්දු-ටෙනී මන්ද බුද්දික කොමඩියක් ඊළ`ගට ඊඒපී මණ්ඩලයට එනවා කියලා පෙන්නුවා. ඊට ...