පොරක් වෙනවද- බරක් වෙනවද? Cult ළ`ගදි දවසක ඔටාරා ඔඩෙල් එකෙන් අයින් වෙලා ගියා. ඒක එයා අවුරුදු 50 පිරෙද්දි ගත්ත තීරණයක්. ලංකාවෙ ගොඩක් උගත් බුද්ධිමත් චරිත වලට අහිමි සම්පූර්ණත්වයක් හැඩයක් තමන්ගෙ ජීවිතේට දෙන්න ඔටාරාට පුළුවන් වුණා කියල මට හිතුණ. එයා තමන්ගේ ජීවිතය ඉතාම හොඳට සහ තමන්ගෙ ඇතුළතට අවශ්‍ය විදිහට ඩිසයින් කරනවා කියල මට හිතුන. අපිට නිතර මුණගැහෙන සමාජ දේශපාලන ක්‍රියාකාරීන් ගොඩක් උත්සාහ කරන්නෙ ලෝකෙට හැඩයක් දෙන්න. ...
වෙනස ඇරඹුණා පමණි Cult ඓතිහාසික දෙවෙනි වතාවටත් මහල්වරාවෙ බේකරියෙ සංගීත සැණකෙලිය සංවිධානය වෙනවා. ඩවුන් ටවුන් පල්ස්. ඒකයි මේ පාර නම. ෆේස් බුක්, යූ ටියුබ් වලින් ඉතා හොඳ මට්ටමක ප්‍රචාරයක් දුන්නා කියන එකයි මගේ අදහස. වඩාත් වැදගත් දේ මේ වැඬේ තවත් පළල් වෙමින් වෙනස් වෙනස් මියුසික් වැඩ සන්තතිකව කරමින් ඉන්න තවත් අය එක්වෙමින් තවත් පාරක් කෙරෙන එක. ලංකාවෙ මේ වෙලාවෙ කිසි දෙයක් නොකර අනිත් උන් ...
ROAD TO NOWHERE - ඒ පාර දිගේ මං ගොඩක් දුර ගියා Cult ශ්‍රී පාලියෙ නලින්ගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා මට ජගා (ජගත් මනුවර්ණ* කරපු ටේ්රලර් එකක් බලන්න හම්බුණා. ‘රෝඞ් ටු නෝ වෙයාර්’ (කොහෙටවත් නැති පාරක්*, ඒක ජගා ගේ ෆිල්ම් එක ගැන ප්‍රමෝ මැටීරියල් එකක්. ඒ කියන්නෙ ෆිල්ම් එක කරන්න නිෂ්පාදකයෙක් වෙනුවෙන් හදපු එකක්.සාමාන්‍යයෙන් ටේ්රලර් එකක් හදන්නෙ ෆිල්ම් එකක් කරල ඉවර වුණාම. අපි සංකගේ ‘ඔබ’ සිංදුවෙ විෂුවල් එකට කලින් ‘මේකින් ඔෆ්’ එක යූ ...
Ad එකක්. Cult ඇඞ්වර්ටයිසින් ගැන ඔයා මොකද හිතන්නෙ?දවසක් මං අජිත් කුමාරසිරිට කෝල් කරලා ඇහුව.‘ලංකාවෙ ඇඞ්වර්ටයිසින් කියන්නෙ ලෝකෙ ඇඞ්වර්ටයිසින් නෙමෙයිනෙ. ලෝකෙ ඇඞ්වර්ටයිසින් වලින් සමාජෙට ගොඩක් වෙනස්කම් එකතු කළා. ලංකාවෙ ඇඞ්වර්ටයිසින් ලංකාවෙ හොරිකඩ ජනතාව හිතන හැටියට සාපේක්ෂයි නෙ. ඒ අයටනෙ බඩු විකුණන්න වෙන්නෙ. ඉතිං අපේ ඇඞ්වර්ටයිසින් වල ඒ ක්‍රියේටිව් එක නෑ. ගොඩක්ම අපේ ඇඞ්වර්ටයිසින් දැන් වහල් ගතියක් :ික්ඩැරහ* පෙන්නන්නෙ. ඒකෙ පොලිටිකල් සෝෂල් ඉන්ෆ්ලූවන්ස් (බලපෑම්* බලවත් ...
කාංසාවේ සෞන්දර්යය Cult ජිම් ජාර්මුෂ් ගැන පොඩි ප්‍රමාණයක සංවාදයක් කරන්න පොඩි ඉඩක් වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙන් හදලා දුන්නා. ඒක මාසිකව ඒ කට්ටිය කරගෙන යන චිත්‍රපටියක් පෙන්නලා කතාබහක යෙදෙන වැඩක්. එක පැත්තකින් මේ විදිහෙ එකතු වෙලා සිනමාව නැරඹීම සහ කියවීම කියන අවකාශයන් නිර්මාණය කිරීම කොයි විදිහකින් වුණත් ලොකු දෙයක් වෙන අතරෙ මේ කට්ටිය සිනමාව රසවිඳින්නන්ගේ එකතුවක් වීම එතනදි වඩා වැදගත්. අපි නිතරම මුණගැහෙන්නෙ ...
සුක්කානම පිටුපස බුදුන් Cult ‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ...
රීමේක් වැඩ කෝටියයි - ප්‍රවේගයෙ විසිල් බල්ටියයි Cult මහින්දගෙන් පස්සෙ ලංකාවෙ සිනමාව ගොඩ යන ලකුණු පහල වෙන්න අරගෙන. ඊට කලින් මේ නව රැල්ල වගේ එක ඇති වුණත් මහින්ද චින්තන සිනමාව නිසා ඒ චිත්‍රපටි කම්පියුටර් ඇතුලෙම නතර වුණා. තව ඒවා හැදුනෙම එලියෙ ෆෙස්ටිවල් මාර්කට් එක දිහා බලාගෙන. ඒ වී කරල් පෙන්නලා මෙහේ දුවන අරමුණ හෝ අන්තර්ජාතික සිනමාකරුවෙක් වීමේ ෂෝර්ට් කට් වාසනාව උරගෑමක් විදිහට. ඒත් මහින්දගේ ගෙදර යාමත් එක්ක සිනමාව ...
මගේ මාර්කටින් ගුරු Cult බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා නොදැන කළා කියන්නත් බෑ. ඒත් ඕනම දැවැන්ත කැම්පේන් එකක් ගැන කල්පනා කරද්දි මට නැවත හැරිලා බලන්න හිතෙන තරමට බුදුන්ගේ මාර්කටින් ආකර්ශනීයයි.දුක නැති කිරීමට මග තණ්හාව නැති කිරීමයි.මතුපිටින් ගත්තොත් දුක නැති කිරීමේ මාර්ගය කියද්දිම බුදුන් මාර්කටින්වල ...
යාලූවා, ගලක් වගේ නොඉඳ වතුරක් වගේ ගලන්න... Cult හවස චූ කරන්න යන ගමන් ස්ටෙෆාන් ටිකක් කතා කරන්න නැවතුණා. ඌ කොහෙද තැනක ගිහින් හොඳට ගුටි කන්න පුළුවන් සටන් කලාවක් ප්‍රගුණ කරනව.‘මොකක්ද ඒකෙ තියෙන ත්රිල? උඹ වයලන්ස් එන්ජෝයි කරනවද?’මං ඇහුවා. ඌ ටිකක් ගැඹුරු විදිහෙ උත්තරයක් දුන්න.‘මචං, අපි එක එක දේවල් එක්ස්පීරියන්ස් කරනවනෙ. ලව් එක වෙන්න පුළුවන්, සෙක්ස් වෙන්න පුළුවන්, ඒ වගේ භාවනා වෙන්න පුළුවන්, නිවන වෙන්න පුළුවන්. මේ හැම එකක්ම ...
බල්ලො ගොඩක් මැද පූසෙක්.. Cult මං මිනිස්සුන්ව දකිනවා ප්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට. තනියි. පොකුරුවාසී ජීවිතේට අකමැතියි. තනි නිදහස ගැන උපරිමෙන් හිතනවා. ඒත් ගොඩක් වෙලාවට සමාජ දේශපාලන වැඩවලදි අපිට මුනගැහෙන්නෙ බල්ලො. සාමූහිකයි. රැලේ තීරණයට යනවා. ඉතිං මගේ බරපතල නොපෑහීමක් තියෙනවා මං ගැවසෙන විෂය ප්‍රදේශයත් එක්ක.ඇත්තටම ඇයි පූසෙක් සමාජ කාරණා ගැන උනන්දු වෙන්නෙ? එතනදි මේ අවුල අහුවෙනවා. මට සමාජය ...
සිංදු කියන බේකරිය Cult බේකරියෙ කට්ටිය මේ අවුරුද්දෙත් ඩවුන් ටවුන් පල්ස් ඕගනයිස් කළා. ආපහු බේකරිය ඉස්සරහම, ඒත් වෙනදට වඩා ලොකුවට. බේකරියම ඩවුන් ටවුන් පල්ස් බිම විදිහට තෝරා ගත්ත එක හොඳ තීරණයක්. ඒ සංස්කෘතික සුවිශේෂ බව තියෙන්නෙ එතන. මහල්වරාව ගමක් විදිහට සාමූහිකව මේ වෙනසට ඉඩ දීම කියන එක. ඒක ලංකාවෙ සාමාන්‍ය තත්වයක් නෙමෙයි. තමන්ට අහගෙන ඉන්න බැරි ගෝෂාකාරී සංගීතය සහ තමන්ට දරාගන්න බැරි සංස්කෘතික විපර්යාසයන් ...
මේක ඕල්ඞ් ස්කූල් අයවැයක් Cult මේ පාර අයවැය ගැන හිත හිත ඉන්න අතරෙදි අහම්බෙන් ජැකී අර්ල් හාලෙ අධ්‍යක්ෂණය කරපු ‘ක්‍රිමිනල් ඇක්ටිවිටීස්’ බලන්න හම්බුණා. විශිෂ්ටම චිත්‍රපටියක් නොවුණත් වෙනස් විදිහක ‘රිවෙන්ජ්’ ස්ටෝරි එකක්. පල්ප් ෆික්ෂන් වලින් පස්සෙ ඒ තරමටම නොවුණත් ජෝන් ට්රැවොල්ටා හොඳ ‘ෆන්’ එකක් දෙනවා. ඒකෙ හැටියට එයා පාතාල නායකයෙක්. මොබ්ස්ටර් කෙනෙක්. හඳුන්වාදෙන දර්ශනයෙදි මේසයක් වටේ අනාත වෙලා ඉඳගෙන ඉන්න කොල්ලො සෙට් එකකට එයා ‘තෙලක්’ බෙදනවා. ...
කොන්දේසි විරහිත ජීවිතයක්.. Cult ජීවිතය කියන්නෙ ආපහු ආපහු චැලෙන්ජ් කරන්න ඕන දෙයක්. කොයි විදිහක වුණත් අනුගත වීමක් ඒක සාධාරණ වේවා අසාධාරණ වේවා, ඇති කරන්නෙ හීලෑ වීමක්. ඒක ඉතිහාසයට වෙන්න පුළුවන් නැත්තං අති දියුණු ප්රගතිශීලී අදහසකට වෙන්න පුළුවන්. පුද්ගලික පැවැත්ම ඇතුලෙ අපේ හැම පිළිගැනීමක්ම කඩන්න බිඳින්න අපිට සිද්ද වෙනවා. ඒ ජීවිතේ අලූත් කිරීම වෙනුවෙන්. හැම නීතියක්ම සම්ප්රදායක්ම ච ැලෙන්ජ් කරන්න අපිට සිද්ද වෙනවා. නැත්තං අපේ ...
වීරයන් පිස්සු වැටීම.... Cult දීප්ති විසින් මාව ඉවර කරන්න කියලා ආරම්භ කරලා තියෙන මඩ ප්‍රහාර ගැන කිසි දෙයක් නොකියන්නයි මගේ තීරණය වුණේ. ඒත් මම කියපු දෙයක් විකෘති කරලා නැවත නැවත පළකිරීමෙන් නොකියපු අදහසක් සමාජගත වෙමින් තියෙන නිසා කියපු දේ මොකක්ද කියල පැහැදිලිව සටහන් කරලා තියන්න හිතුවා . ඒ වගේම සිද්ද වෙමින් යන දේ ගැන මගේ පුද්ගලික විපරීත කියවීමත් සටහන් කරන්න මේක හොඳ ඉඩක්.පුද්ගලිකව මගේ ...
මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක්ද? Cult හෙඩිම මෙහෙම ලිව්වෙ ළාබාල උන්ව අවුස්සන්න හිතාගෙනමයි. ඇත්තටම මම ජාති ද්‍රෝහියෙක් වීමෙන් කොයිතරම් නම් ජාතික ප්රබෝධයක් දල්වන්න උදව් වෙලා තියෙනවද? පිංපොං වගේ ජාතික වීරයන් පහළ වුනේ මම දුෂ්ටයෙක් වීම නිසා නෙමෙයිද? කොයි වෙලාවකවත් වීරයා නිර්මාණය කරන්න දුෂ්ටයා විසින් කරපු මැදිහත්වීම අමතක කරන්න නරකයි. බුදුන් නිර්මාණය කරන්න දේවදත්ත ඉටු කරන කොටස, ජේසුන් නිර්මාණය කරන්න ජුදාස් කළ කොටස වගේම දුටුගැමුණු නිර්මාණය කරන්න ...
ගාන්ධිගේ දරුවෝ නොහොත් විෂ්ණු වාසු ගේ තහනම් කට උත්තරය 2 Cult විෂ්ණු එක්ක ඉතුරු කතාව තව ගොඩක් දිගයි. අකමැත්තෙන් වුණත් මට වුණා සමහර ඒවා කොට කරන්න. මං අකමැතිම දෙයක් ඒක. සහ පුළුවන් තරම් මගේ මැදිහත් වීම අවම කරන්න. ඒක පිටුවක ඉඩ ගැන ආර්ථික ප්‍රශ්නයක්.විෂ්ණු- මට ඇත්තටම ලස්සන ජීවිතයක් හම්බ වුණා. මං මට ඕන විදිහට ජීවත් වුණා. කවදාවත් අනිත් මිනිස්සු මොනවද මං ගැන හිතන්නෙ කියල දැනගන්න මට ඕන වුණේ නෑ. මං දෙවි ...
ඕකත් විප්ලවයක්ද? Cult පහුගිය ජනවාරි 08 වෙනිද සිද්ද වුනේ සරල සාමාන්‍ය බල පෙරලියක් කියන තැන ඉඳන් අත්වැරැුද්දක්, කුමන්ත්ර්රණයක් කියන තැන දක්වා විවිද කතා කියන කට්ටිය ඉන්නවා. මහින්දට කඬේ යන පිරිස් විතරක් නෙමෙයි කවදාහරි මහා ඔක්තෝම්බර් විප්ලවයක් වෙනකල් බලන් ඉන්න වර්ගයේ වාමාංශිකයොත් මේ අතර ඉන්නවා. සමාජයේ සිද්ද වෙන වැදගත් සවිඥාණක වෙනස්කම් වලට බරක් තියන්න බැරි වෙන එකම මේ අයගෙ දේශපාලන නොදැනුම සටහන් කරනවා.මගේ ජීවිත ...
හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට. Cult මට හම්බුවෙනවා චිත්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක ...