තේරුමක් නැතුව බලන් ඉන්න - ජැක්සන් හෝල් වලට එබෙන්න Cult .ලෝකෙ සදා නිමකල තේරුම් සහිත දේවල් ටිකෙන් ටික අර්බුදයට යමින් තියෙනවා. ඒ වෙනුවට විවිධ අය අතින් විවිධ තේරුම් නිර්මාණය කළ හැකි අවකාශයන් වඩා ව්‍යාප්ත වෙමින් තියෙනවා. මේ හින්ද ජීවිතේ සමාජීය, දේශපාලන හෝ සංස්කෘතික අර්ථයන් හොයන්න යන පිරිස් විකාර වෙන්න පටන් ගන්නවා. කලාව යනු කුමක්ද වගේ ප්‍රශ්න එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා. තමන් විසින් තමන්ට අදාල තේරුමක් සම්පාදනය කර ගැනීමෙන් සෑහීමට පත්වෙන්න පරණ ...
කාලෙකට පස්සෙ කැමූ Cult ඉස්තෙපාන් මාර කවියක් උගේ ස්ටේටස් අප්ඬේට් එක විදිහට දාලා. හරියට කැමූ ලියපු එකක් වගේ. ඇත්තටම ‘ඇෙ`ඩන තරමට ජීවත් වෙනවා’ කියන්නෙ කැමූගෙ වචනයක්. ඒත් කවිය ලියලා තියෙන්නෙ ඉස්තෙපාන්. මේ දවස්වල ඌ ජීවිතේ මොකක් හරි අමුතු පරිච්ෙඡ්දයක ඇවිදින්න පටන් අරගෙන. පාවුලෝ කොයෙලො, ඇලන් වොට්ස්, කැමූ කියන්නෙ ඇතුලෙන් පුපුරන සුළු සංයෝගයක්. මොනවා වුණත් ඒ කවිය සිංහලට නොදා බෑ.‘දවසක මං මැරෙයිඒත් මං මැරෙන්නෙඇෙ`ඩන තරමට ...
ජින්ජර්ස්නැප්ස් Cult ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා.මට කවදාවත් මගේ නව යොවුන් කාලෙ මාර වුනේ නෑ. ඒක මහ චාටර්ම කාලයක්. ඉස්කෝලෙ යනවා කියන්නෙ මරනවා වගේ වැඩක්. මං හිතන්නෙ ඉහල මධ්‍යම පංතියක ඉපදිලා ලංකාවෙ මාස් සංස්කෘතියෙ බලපෑමෙන් නිදහස් වුන එකෙකුට ඇරෙන්න අනිත් හැමෝටම පොදු යතාර්ථය මේක. ඉස්කෝලවල ගුරුවරු ...
හැකර් තරුණයා වැඩර් කෙනෙක්ද? Cult මෑතකදී ජනපති වෙබ් මැදුරට හොරෙන් කඩා පැන්නා යැයි අල්ලා ගත් හැකර් තරුණයාට දිය යුතු ද`ඩුවම ගැන ෆේස් බුක් එකේ විවිද අය විවිද මත පළ කරනවා. එක පිරිසක් මේ .තරුණයාට වෙබ් ත්‍රස්තවාදියෙකු ලෙස සලකා ද`ඩුවම් කළ යුතු යැයි කියන අතර තව පිරිසක් මේ තරුණයා සම්පතක් ලෙස සලකා සංවර්ධනය කළ යුතු යැයි කියනවා.සමාජයේ සිදුවන ඕනෑම පවතින නීතිය අනුව අපරාධයක්යැයි සැලකෙන සිදුවීමක් දෙස ...
කැමරා අරං රන්මිහිතැන්නට එන්න Cult ඇයි වසන්ත සිංහලෙන් ලියන් නැතුව කැඩිච්ච ඉංග්‍රීසියෙන් පොලොවෙ කුරුටු ගෑවෙ?දිවි නසා ගැනීම ගැන බ්ලොග් එකේ ගිය ලිපියට එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණ. ඇත්තටම ඇයි ඒ අන්තිම වචන ටික ඉංග්‍රීසියෙන් පොලොවෙ කුරුටු ගෑවෙ? ඒක හීනමානයක් හෝ බටහිර ගැති සිතුවිලි පරම්පරාවක් ගැන ලකුණක්ද?මට හිතෙන විදිහට ඒ වසන්තගෙ මීඩියා ගැන දැනුම. තමන්ගෙ මරණය ගැන සටහන සිංහලෙන් ලිව්වොත් ඒක ස්ථානගත වෙන විදිහ සහ ඒක ඉංග්‍රීසියෙන් ...
සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ Cult මගේ අතිජාත මිත්‍රයා චන්දන ප්‍රසන්න දවසක් අමුතු කතාවක් කිව්වා. ඌ කතා කරන්නෙ ගොඩක් අඩුවෙන් වගේම කිව්වොත් කියන්නෙත් අංජබජල් කතාවක්.‘ඔය දඩයම් වලට පුරුදු වෙච්ච එකෙන් ආපු දෙයක් වෙන්න ඕනි පාර්ටි දානවා කියන එක. මොකද කොහොමටත් දඩයමෙන් ලොකු සතෙක් එළා ගත්තම ඒක තනියෙන් කාලා ඉවර කරන්න බැරි වෙනවනේ. අනික කල් තියාගන්නත් බෑ, නරක් වෙනවා. එතකොට හොඳම දේ කට්ටියම එකතුවෙලා පාර්ටියක් දාලා මේක ...
ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය Cult මේ ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල ඔප්පු කිරීමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට අපි දේව වාක්‍යයන් විදිහට පිළිගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට බාහිර සහ එය අභියෝග කරන තවත් අදහසක් මතු කිරීමයි මගේ අරමුණ. ලිපිය ලියන්නෙ රික් කැන්ට‍්‍රල් කියල වෛද්‍යවරයෙක්. මේ පුද්ගලයා කවුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ මේ හරහා ඇතිකරන සාකච්ඡුාවයි. අපේ ශරීරය සහ අපේ සෞඛ්‍ය ගැන අධිකාරිමය බලය හිමි ...
පාරදිගේ ආයිමත් ඇවිදින්න යන්න එන්න - 1 කොටස Cult ගිය සෙනසුරාදා කොළඹ හැම තැනම එක එක ආර්ට් වැඩ. අපි ෆ්‍රෙන්ච් අලියොන්ස් එකේ පතිරාජ ගෙ ‘පාර දිගේ’ පෙන්නුවා. කොළඹ තැන් කීපයකම ආර්ට් බියනාල් එකේ වැඩසටහන් තිබුණා. හවස මහින්ද, ගෝඨාභය එහෙමත් ඇවිත් ප්‍රදීපා ගේ සංගීතෙ තිබුණ. ඊට එහා පැත්තෙන් සෝනු නිගම් ගෙ ප්‍රසංගෙ. මේ හැමවැඩක්ම හවුස් ෆුල් වෙන්න තරම් සෙනග හිටියා. ආයිමත් කොළඹ ආර්ට් වැඩ වලට මිනිස්සු එකතු වෙන්න පටන් අරගෙන. ...
පාර දිගේ ආයිමත් ඇවිදන් යන්න එන්න - 2 කොටස Cult සම්මාන සිනමාව සහ අපේ සිනමාව යුරෝපීය සම්මාන උළෙල වල නියෝජනය වෙන අපේ චිත්‍රපටි ඒ සම්මාන උළෙලවල් වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ඒවා වෙන එක ගැන මට අවුලක් තිබුණ සහ තියෙනවා. ෆෙස්ටිවල් වලට හරියන්න හදපු චිත්‍රපටියක් බලපු ගමන් කියන්න අපේ ත්‍රීවිල් එළවන අයියාත් දන්නවා.‘ ඕක අර සම්මාන වලට සෙට් වෙනවා. අපිට සෙට් වෙන්නෙ නෑ‘ඒ වගේ චිත්‍රපටි බලද්දි එයා කියනවා. මේක හරියට වෙන ෂෝනර් ...
නෝ මෝර් මාර්ක්ස් Cult කලූ බල්ලො බුරන හඳපානට ඔයත් එන්න.අජිත් කුමාරසිරිගෙ අලූත් මියුසික් වැඬේ ‘නෝ මෝර් මාර්ක්ස්’. ඒක ‘මරණය’ සහ ‘රමණය’ අතර වෙනස ගැන කතාවක්. ආයිමත් අජිත්ගෙ ඒ රළු පිරිමි හ`ඩ ලයිව් අහන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්. ගොඩක් අය අජිත් ගැන දැන ගත්තෙ අලිමංකඩ ෆිල්ම් එකේ සිංදුවත් එක්ක.‘පෙරුම්පිරුවෙ මම සමනළයෙක් වෙන්න..සිද්ද වුණේ මට යුද සෙබළෙක් වෙන්න’මං දවසක් හවසක අජිත් එක්ක චැට් එකක් ...
ඇඩ්රස් නැති පෙරවදනක්. Cult ‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ්රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත්රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ ඇඞ්වර්ටයිසින් කැම්පේන් එක ඇතුලෙ වැඩ කරනවා. ඒ හින්දම ඒක සෑහෙන වයිරල් මීඩියා වලත් ෂෙයාර් වෙන්න ගත්ත. ෆිල්ම් එක පැත්තකින් තියල මේ කතාව එලියෙ දේශපාලනයත් එක්ක ඉස්සෙල්ල ගලපලා බලන්න වටිනවා.මේ වචන පේලියෙ තියෙන සාර්තකබව වෙන්නෙ මේක මේ ...
ව්‍යාජ අනුකරණ වලට නොරැුවටෙන්න Cult විදර්ශන කන්නන්ගර යුධ සිනමාව ගැන දේශනේකදි මට අම්බානක බැන්නා කියල යාලූවෙක් කිව්වා.මොනවා කියලද බැන්නෙ?උඹයි උඹේ ලොකු අයියා බූඩියි දෙන්නම ගැන කියල බැන්නා.උඹට දේශපාලනේ ගොඬේ වැඩක් වෙච්ච එක ගැනත් කිව්වා.ඒ මට හම්බුණ අසම්පූර්ණ ඕපාදූපයක්.උඹත් එක්ක විදර්ශන අවුලෙන්ද ඉන්නෙ? සමහරු ඇහුවා.බනින එක අවුලක් නෙමෙයි. වැඩකදි ඊට සාපේක්ෂ කණ්ඩායම් හරි මතවාද හරි එක්ක ගැටෙන්න ඕනි. ඒකෙන් සංවාදයක් ඇති වෙනවා. උණුසුම් වෙනවා. අනිත් හැමදේටම ...
ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි Cult මේ දවස්වල කැම්පස්වල රැග් ගැන කතාවක් ලොකුවට පැතිරීගෙන යනවා. හැම අවුරුද්දකම වගේ රැග් සීසන් එකට මේ විදිහෙ කතාබහ ඇවිලෙන එක සාමාන්‍යයක්. ඊට පස්සෙ කැම්පස් ඇතුලට පොලිසිය දැමීමේ ආණ්ඩුවෙ කුමන්ත්‍රණයක්, නිදහස් අධ්‍යාපනයට එරෙහි තව මොකක් හරි වගේ චෝදනා කැම්පස් පැත්තෙනුත් එල්ලවෙන්න ගන්නවා, හැමදාම. හරියට බැලූවොත් මේකත් රැග් එක එක්කම බැඳිච්ච සම්ප්රදායක් වගේ. කැම්පස්වලින් හැමදාම කියන්නෙ මේ එකම කතාව. ඒත් කාලෙන් කාලෙට ...
අමරදේව - නොදකින සීමාව Cult ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලූ අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. ඒත් කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා, ඩබ් ඞී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම ...
ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි Cult ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඇතිවෙලා තියෙන සංවාදය ටිකක් නෙමෙයි ගොඩක් විකාරරූපී එකක්. ඒත් ඇත්තටම අපේ වගේ රටවල අධ්‍යාපනය හැසිරෙන්නෙ කොහොමද සහ එයින් නිෂ්පාදනය වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක හොඳ සංදර්භයක් සපයනවා. මේ සංවාදය වඩාත් ආකර්ශනීය වෙන්නෙ මේකටම ගැටගැහිලා සයිටම් එකෙන් පුද්ගලික දොස්තරලා බිහිකරනවාට එරෙහි අරගලයකුත් දියත් වෙන නිසා. මේ වෙනුවෙන් ‘නිදහස් අධ්‍යාපනය සුරකිනු’ කියල බෝඞ් ලෑල්ලක් ගහගෙන මං ...
පූසා සහ මාරේ Cult මේ මොහොතේ විතරක් ජීවත් වීම..... මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා. ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන සද්දෙට. ඒත් කෑමක් නෙමෙයි කියල තේරුං ගත්තට පස්සෙත් ඒ වචනෙ ඇහෙන හැම පාරකම ඌ වලිගෙ ටිකක් හරි වනනවා. ඕන කතාවක ඉතුරු ටික ඌට අනුව ‘මිනිස්සුන්ගෙ මනස්ගාත’ විතරයි. ...
කෝලං නටන්න එනවද? Cult චන්දෙ ඉවරයි. ප්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නෙ රනිල්.මහින්ද පරාද වුණා. ඒත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු එනවා කියල එයා කියනවා. දේශපාලනිකව කොයිතරම් විරුද්ද වුණත් අවුරුදු හැත්තෑවක් වෙලත් මහින්දගෙ සටන්කාමීත්වය මං අගය කරනවා. ජාතිය බේරා ගත් විශ්‍රාමික නායකයා විදිහට විවේක සුවයෙන් ඉන්න ...
බුදුන් මැරීම Cult ‘‘මා කියන සත්‍යය පුරාතන ධර්ම ග්‍රන්ථවල තිබුණු නිසාවෙන් විශ්වාස නොකරන්න. එය ඔබේ ජාතික විශ්වාසයක් නිසාවෙන් විශ්වාස නොකරන්න. ඔබ කුඩා කල පටන් හුරු පුරුදු කළ නිසා යැයි විශ්වාස නොකරන්න. සත්‍යාසත්‍ය බව විමසා විශ්ලේෂණය කොට එය ඔබට හා අන් අයටත් යහපත් වේ යැයි වැටහුණොත් පමණක් සත්‍යයක් ලෙස පිළිගන්න. අන් අයටත් ඒ සත්‍යයේ මග පෙන්වන්න.-බුද්ධළ`ගදි නැවත ඉපදීම ගැන කතාවක් කරගෙන යද්දි බුදුන් කිව්වා ...
ලයිසන් නැති ආදරේ Cult සමීර ෆිල්ම් එකක් කළා කියල අහලා තිබුනත් සමීර මුනගැහුනු කිසිම තැනකදි මට ඒ ෆිල්ම් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියල හිතාගන්න අමාරු වුනා. වෙන විදිහකට කිව්වොත් සමීරගේ ක්රියේටිවිටි එක ගැන මට දැනීමක් ඇති කරන්න අපේ මුනගැසීම් වලට බැරි වුනා. විශේෂයෙන්ම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට සිස්ටම් එකට පත්තියං වෙලා ඉන්න කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වෙද්දි මුහුණපාන දරුණු සීමාවන් මං දැකලා තිබුන. අපි ...
ෆැන්ටසිය ගෙට ගමුද? Cult රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන් දුරස්ත වීමක් ඕනවෙනවා. නැත්තං අපි හුස්ම ගන්න අමාරු තරමට ඒ ඉමෝෂනල් ගංවතුරෙ ගිලිලා යනවා.ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන ගැඹුරු ආදරේකින් බැඳෙන්න පොළඹවන කෘතියක්. මට ...