බකමූණාගේ ආසම සිංදුව Cult දැන් ලංකාවෙ සිංදු හැදෙන්නෙ නෑ. ඒ වෙනුවට හැදෙන්නෙ රිංගින් ටෝන්. රිංගින් ටෝන් වලින් එළියෙ මියුසික් වලට පැවැත්මක් නෑ. මේක ගැන එහෙම සිංදු කරන අයම වුණත් කතා කරන්නෙ කණස්සල්ලෙන්. ඒක නිකං මූනිච්චාවක් කියලා මුලින් හිතුණත් දිගටම එහෙම අය මුණගැහෙන කොට හිතනවා සල්ලි ගෙව්වත් මෙතන තියෙන බලහත්කාරයේ වේදනාව ඇත්ත වෙන්න පුළුවන් කියල.රිංගින් ටෝන් වලින් බාල සිංදු හැදෙනවා වගේ ප්රබුද්ද මනස්ගාතයක හිර වෙන්නෙ ...
මට මගේ නොවෙන..මගේම ආදරයක් තිබුණා.. Cult ‘ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති’ යි කියලා ෂෙලී කියපු කතාවක් කලූ තිරේ උඩ වැටෙනවා.සමනළ සංධ්වනිය පටන් ගන්නෙ එතනින්.සමනළ සංධ්වනි.... පුදුම ලස්සන නමක්. ජයන්තගෙ හැම චිත්රපටියකම මේ විදිහෙ විචිත්‍ර නමක් සහ යෙදුමක් තිබුණ. මේ නිකං ඉන්න මිනිස්සු සමහර නම් වල තේරුම් හොයන්න පටන් ගත්තා. ද`ඩුබස්නාමානය, ගරිල්ලා මාර්කටිං, අග්නිදාහය කටට මතක් වෙන උදාහරණ කීපයක්. වේදිකාවෙන් පටන් අරං ටෙලිවිෂන් එකට ඇවිත් එතනින් චිත්‍රපටි ...
මිනී එම්බාම් කරනු ලැබේ -දෙරන ලක්ස් සිනමා සම්මාන උළෙල- Cult හු`ගක් කාලෙකින් චිත්‍රපටි ගැන ආයිමත් ලියන්නෙ. ලංකාවෙ ඉඳහිටලා පෙන්නන ඉංග්‍රීසි හරි හින්දි හරි චිත්‍රපටියක් ඇරුණම දැන් මෙහේ සිනමාව කියලා එකක් නැති ගානයි. ගන්න දෙයක් නැති හින්දම ලියන්න වෙන්නෙ හිස්කම ගැන විතරයි. ඒ හිස්කම මැද්දට එකපාරට අවුරුද්දකට සැරයක් එන දෙරන ෆිල්ම් අවෝර්ඞ්ස් කඩං පාත් වුණා. ඒත් සිනමාව නන්නත්තාර වෙච්ච රටක සම්මාන දෙන්නෙ මොනවටද? එතකොට සම්මානත් නන්නත්තාර වෙනවා.ඒත් සිනමාව කියලා එකකට ආස ...
ප්රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන Cult උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක ...
මාලේ ගෙලේ චේ පපුවේ Cult අජියා බොබ්මාලේ ගැන පොතක් එලියට දැම්මා. ඒක පොතක් කිව්වට පොත් පිංචක්. කාලයක් තිස්සෙ ඕක ගැන කතා වෙවී හිටියත් කාටවත් වෙලාවක් තිබුණෙ නෑ ඒකට මැදිහත් වෙන්න. හැමෝටම ඊළ`ග දවස ප්‍රශ්නයක් වෙච්ච කාලයක්. සාමාන්‍යයක් විදිහට ලංකාවෙ කවදත් නෑ කියාගත්ත ගමන් තමයි මිනිස්සු. ඒත් සල්ලි විතරක් ලැබෙන වැඩ අතරෙ අපි හිර වෙලා ඉන්න තරමත් එක්ක ඒක ඇ`ගට දැනෙනවා. එළියෙ මොකුත් නෑ. මං හිතන්නෙ ...
දෙයියොත් සූදු කෙළී Cult මේ දවස් වල ෆේස් බුක් එකේ ද්වන්ධව සටනකට කලින් දෙපාර්ශ්වයේ පිරිසගේ වහසි බස් ඇහෙනවා එහෙන් මෙහෙන්. ඒ දීප්ති හා නිර්මාල් අතර මහා වාදය අරඹයා. මඩ ගැසීමේ දේශපාලනයක් ඇත කියන තේමාව යටතේ මේ දෙපැත්ත ඇණකොටා ගැනීමට නියමිතයි. මට හිතෙන්නෙ ඇත්ත මාතෘකාව වෙන්න ඕන නිර්මාල් ගැන කියපු කතා (විශේෂයෙන් ගෑනු කතා) ඇත්තද නැත්තද කියන එක. මේක සංවාදයක් නෙමෙයි මරා ගැනීමක් නැත්තං වාදයක් ...
ඉබ්බා සහ හාවා (ඉබ්බාගේ ලෝකයට පසුවදනක්) Cult විමුක්තිගේ චිත්‍රපටි උළෙලෙදි ගත්තත් හොයාගන්න බැරි වෙලා කියවන්න කල් ගිය ඉබ්බාගෙ ලෝකෙ එක හුස්මට කියෙව්වා. ඒක හරිම හොඳ ට්‍රයි එකක් ලේසි විදිහට සංකීර්ණ තේමා මුණගස්සන්න. විශේෂයෙන්ම ඒ දාර්ශනික තර්කනයට එලියෙන් විමුක්තිගෙ අත්දැකීම තියාගෙන කතා කරන එකෙන් සංවාදය සජීවී වෙනවා. සන්නස්ගල ප්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩ වල ඇති. සන්නස්ගල ප්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩවල නැතුවත් ...
අන්‍යාගමිකකරණයට එරෙහිව - රජිනි Cult ලංකාවෙ බෞද්ධයො එක එක ක්‍රිස්තියානි නිකායන් විසින් ඒ අයගෙ ආගම් වලට හරවගන්නවා කියලා ලොකු විරෝධයක් විශේෂයෙන්ම තග් බෞද්ද කල්ලි වලින් කාලෙක ඉඳන් ඇහෙනවා. මේ කතාව බොරුවක් නෙමෙයි. මෑතක බිහිවුණු අලූත් ක්‍රිස්තියානි නිකායන් ඒ අයගෙ අලූත් පල්ලි වලට මිනිස්සු එකතු කරනවා තමයි. ඒක බෞද්ධයන්ට විතරක් නෙමෙයි ඊට වඩා කතෝලිකයන්ට බලපාන ප්‍රශ්නයක්. මොකද ගොඩක් ඒ නිකායන්ට එකතු වෙන්නෙ කතෝලිකයො හින්ද. ඒත් මේ ...
EX- ALIEN ට බයද? Cult දීප්ති දැන් වයසට යමින් ඉන්නවා කියලා මං පහුගිය ලිපියකදි කියපු කතාවකට දීප්තිලාගේ පක්ෂයේ කට්ටිය උත්තරයක් දීලා තිබ්බා. ඒක මගේ අදහස් සාකච්ඡවට අදාල නැති වෙනම පිට්ටනියක ගහන මැච් එකක් හින්දා හුදු පේ්රක්ෂකයෙක් විතරක් වෙන්න මං තීරණේ කළා. ඒත් ඒක හොඳ උත්සාහයක්. මඩ කියන එක ලංකාවෙ ගොඩක් වෙලාවට නෙගටිව් දෙයක් වගේ පෙණුනත් මට හිතෙන්නෙ ඒක පොසිටිව් දෙයක් විදිහට.මොකද මඩකින් ඝාතනය කරන්නෙ (හෝ ...
වල්මත් බවේ කුල්මත් වෙන්න. Cult ආයිමත් මුස්පේන්තු කාලයක්. වතුර ඉල්ලං පාරට බහින මිනිස්සුන්ට වෙඩි තියල දානවා, රාමසාන් වලට පහුවෙනිදා පල්ලියක් කුඩු පට්ටම් කරනවා, හරක් මරනවට විරුද්දව හාමුදුරුවරු ගිනි තියා ගන්නවා, දයාසිරි ආණ්ඩුවට පනිනවා, සිගරට් අරක්කු තව ගනං යනවා, මිනිස්සුන්ට අතේ සතේ නැති වෙනවා, බිස්නස් අඩුවෙනවා, කොම්පැණි ඇඞ්වර්ටයිසින් බජට් කපනවා, අපේ ලොක්කොන්ට යකා වැහෙනවා, අන්තමට අපේ ඇ`ගට කඩන් පනිනවා. එතකොට මං ඇහැරෙනවා.මං මේ මොනවද කරමින් ඉන්නෙ? ...
දාං අදින්න ඉඳගන්න Cult රතුපස්වල ගැන ලියනවද කියල මං කල්පනා කළේ ඒක මොන ලියවිල්ලකටවත් වඩා පැහැදිලි සරල කෙලින් උත්තරයක් හින්ද. බෝදි පූජා තිය තිය අමාරුවෙන් හදපු අලූත් සංකල්ප එලව එලවා ජනතාවට ගහන්න පටන් අරං. රණ විරුවෝ, අපි වෙනුවෙන් අපි, දේශපේ‍්‍රමය ඔක්කොම අංශක 180ක් අනිත් පැත්තට හැරෙන කොටයි අපිට පේන්නෙ මේ වචන පිටිපස්සෙ ඇත්ත තේරුමක් තිබිලා නැති වග. එහෙම නැත්තං ඒ වචන වලට අදාල තේරුම ...
එක බිංදුවට වඩා ලොකුද? Cult සංජීවගේ චිත්‍රපටිය බලලා දීප්ති කුමාර ගුනරත්නත් එයාගෙ වෙබ් එකට ලිපියක් ලියලා තිබුණ. ඒකෙ මාතෘකාව තිබුනෙ මිනිසුන්ගේ ආශාවන් පෙළපාලි යන්නෙ නැත කියල. මට ඒකෙ තේරුම එච්චර පැහැදිලි නැති හින්ද සබ් ලයින් එක කියෙව්වා. බාලිකා පාසැලක් අසලට ගොස් සරම උස්සා පෙන්නීම කලා කෘතියක් ලෙස සැලකීම කියල තමයි පැහැදිලි කිරීම තිබුනෙ.මේ ලියමනේ පළවෙනි ෙඡ්දය කියවන්න මට හු`ගක් අමාරු වුණා. උභයාවේගයක් අපාරගම්‍ය කරමින්..ඒ පාරාන්ධ ...
අලූත් වීරයෝ පැමිණීම සහ පරණ වීරයෝ කිච වීම Cult ලංකාවෙ සිනමාවෙ කාලෙකින් වුණු වැදගත්ම සිද්දිය වුණේ සංජීවගේ ෆ්ලයින් ෆිෂ් තහනම් කරපු එක. මෙච්චර කාලයක් මෙහේ සිනමාවෙ (මහින්ද චින්තන සිනමාව) වීරයො වුණේ රජකතා බණකතා කරපු දෙකයි පණහෙ චිත්රපටිකාරයො ටිකක්. ඒ සිනමාව හදලා දුන්නෙත් මේ ආණ්ඩුව.යුද්දෙන් පස්සෙ ආණ්ඩුව ගහපු තෙල් ටිකෙන් තමයි ඔය සිනමාව දුව දුව තිබුණෙ. ඒත් සංජීවගේ චිත්‍රපටියත් එක්ක මේ මහා සිනමාව කාණු පල්ලට වැටුන ගානයි. ආචාර්ය සෝමරත්නලා ජැක්සන්ලා ...
අනුරාධපුරෙන් කෝල් එකක් Cult අඳුරන්නෙ නැති නොම්මරේකින් කෝල් එකක් ආවා. අඳුරන්නෙ නැති කටහ`ඩක්.‘හලෝ චින්තනද? මං අනුරාධපුරෙන් කතා කරන්නෙ. රන්දිව පත්තරේ ඔයා ලියන කල්ට් පිටුව දිගටම මං කියවනවා’එක මොහොතකට මට විශ්වාස නැතුව ගියා. අනුරාධපුරේ කල්ට් පාඨකයෙක් ගැන මගේ හිතේ කොහොමවත් සිතුවිල්ලක් තිබුනෙ නෑ. ජාතික පත්තරයක් ඇතුලෙන් මේ තරං ඈතට මේ අදහස් පැතිරෙන්න පුළුවන් කියල මං හිතලා තිබුනෙ නෑ.ඒක එක විදිහක සතුටක් සහ එක විදිහක අවදානමක් ...
වඳුරා නිදහස් කරන්න. Cult බොන එක කොහෙත්ම මට අල්ලලා ගිය වැඩක් නෙමෙයි. ඒ වෙනුවට ගොඩක් අප්පිරියාවක් එකතු කරපු වැඩක්. විශේෂයෙන්ම ලංකාවෙ ඇල්කොහොලික් මේන් ස්ටී්රම් සිතීමම (මේක බොන නොබොන සමස්තයටම අදාලයි) මට ගෙනාවෙ අවුලක්. ඒත් මේ ලියමනේ කතා කරන්න යන්නෙ ඊට වඩා ක්ෂුද්‍ර තලයෙ කතාවක්. බොන්න සෙට් වෙන එක බීමට වඩා එපා වුණේ සෙට් වෙන කට්ටිය හින්ද කියල මං හිතන්නෙ. කතා කරන්න දෙයක් නැතුව බැරි ...
ගල්කණු උරුමය වෙනුවට හුස්ම ගන්නා උරුමයක්. Cult මට කවදාවත් මහාවංසෙ ඉතිහාස කතාව මට අදාල කතාවක් කියල දැනිලා නෑ. කාලාන්තරයක් පුරා අද වගේම බලය තිබුණු උන් කරපු ජඩකම් සූරාකෑම් සහ චණ්ඩිකම් ටිකකට එහායින් ඒ ලිඛිත ඉතිහාසය ගැන මට වටිනාකමක් නෑ. කවුරුහරි අද මහින්ද ගැන ලියන ප්රශස්තියක් වගේම මහා වංසකතාවෙත් ඇත්ත කෑල්ල තියෙන්නෙ නොලියූ කතාවෙ. මේ රාජාවලිය එක්ක ගැටගැහිලා එයින් එකෙක් කියලා උද්දාම වෙන සිංහල බහුතරය දිහා බලන් ඉද්දි ...
රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා? Cult සිරි පැරකුම් බලන්න මං තල්ලූ වුණේ ඒක ගැන ආපු ලොකු සද්දෙ හින්දමයි. හෝල් 55ක නඩු කියලා දාපු චණ්ඩි ෆිල්ම් එකක් වීම වගේම සෝමරත්නගේ දෙරන අවෝර්ඞ්ස් වලදි වගේ දාපු චණ්ජි ටෝක්ස් වුණත් මට බලපාන්න ඇති. අනිත් පැත්තට සූරිය අරණ, සරෝජා වගේ සෝමරත්නගේ කලින් චිත්‍රපටි කීපෙකට මං කැමතියි. ළමයි පාවිච්චි කරලා කරන වැඩිහිටි චිත්‍රපටි වට්ටෝරුවක් ගැන එයාගෙම දැනුමක් සෝමරත්නට තිබුණ. ඒක හොඳයිද ...
බොලිවුඞ් වැහුවට පස්සෙ - කාන් දැන් වෙනස් Cult බම්බලපිටියෙ බොලිවුඞ් එක වහල දාලා. කිසි කෙනෙකුට ගානක් තිබුණෙ නෑ. කවදාවත් ඞීවීඞී ෂොප් වලට එන්නෙ නැති යුරෝපියානු, ඉන්දියානු විකල්ප චිත්‍රපටි හොයාගන්න කොළඹ තිබ්බ එකම තැන ඒක. (ලංකාවෙ වෙන කොහෙවත් එහෙම තැනක් තියෙනවා කියන එක නෙමෙයි) බුද්ධිමය දේපොල හරි වෙන මොකක් හරි හින්ද ඒ කඬේ වහලා දාන්න ඒ මුස්ලිම් මනුස්සයට සිද්ද වෙන්න ඇති. ඒත් ලංකාවෙ සිනමාව ඉගෙන ගන්න උන්ට මොනම සිනමා ...
හරකා ලකුණද? මිනිස් ලකුණද? Cult ඉස්තෙපාන් අපේ ඔෆිස් එකෙන් අයින් වෙලා ගියා. ‘ඉස්තෙපාන් ගැන ලියන්න ඕන’ මං හිතුවා. ඒත් කවුද කියවන්න කැමති කවුරුවත් නොවුණු කෙනෙක් ගැන විස්තර? කවුරුවත් නොකියෙව්වට කමක් නෑ. හු`ගක් කලාතුරකින් මුණගැහෙන හිතන්න පුළුවන් එකෙක් ගැන ලියන එකමත් ස්වයං වින්දනයක් වගේ ඉන්ස්පයරින්. ඌ මට ගොඩක් අලූත් දේවල් මුණගස්සපු යාලූවෙක්. ජේසන් සිල්වා, ගොස්වාමි, ජෝ රෝගන් වගේ හාදයන් වගේම ඇනිමි කාටූන්, මික්ස් මාර්ෂල් ආර්ට්ස් වගේ ...