කාලෙකට පස්සෙ කැමූ Cult ඉස්තෙපාන් මාර කවියක් උගේ ස්ටේටස් අප්ඬේට් එක විදිහට දාලා. හරියට කැමූ ලියපු එකක් වගේ. ඇත්තටම ‘ඇෙ`ඩන තරමට ජීවත් වෙනවා’ කියන්නෙ කැමූගෙ වචනයක්. ඒත් කවිය ලියලා තියෙන්නෙ ඉස්තෙපාන්. මේ දවස්වල ඌ ජීවිතේ මොකක් හරි අමුතු පරිච්ෙඡ්දයක ඇවිදින්න පටන් අරගෙන. පාවුලෝ කොයෙලො, ඇලන් වොට්ස්, කැමූ කියන්නෙ ඇතුලෙන් පුපුරන සුළු සංයෝගයක්. මොනවා වුණත් ඒ කවිය සිංහලට නොදා බෑ.‘දවසක මං මැරෙයිඒත් මං මැරෙන්නෙඇෙ`ඩන තරමට ...
කළු බල්ලො බුරන හඳපානට ඔයත් එන්න. Cult මං ලියන්න ඉඳගත්තා. ඒත් ලියන්න ටිකක් මූඞ් එක පරක්කු වැඩියි වගේ. අනිත් පිටුවෙන් වැහිලා තිබ්බ ෆේස්බුක් පිටුව ඉස්සරහට ඇදගත්තෙ මූඞ් එකක් එනකල් නන්නත්තාර වෙන්න. ඉස්සර කොතන හරි තැනක මට මතක විදිහට ජගත් වීරසිංහ වෙන්න ඕන, කියනවා හිත ටිකක් නිවාගන්න ඕන වුණාම එම්සී එකේ නියෝන් ලයිට් එලි මැද්දෙ ටිකක් ඇවිදින්න යනවා කියල. සමහර විට ජගත් වීරසිංහ එහෙම දෙයක් කියල නැතුවත් ඇති. ...
වෙන්වීමක් සහ මුණගැසීමක්. Cult මාත්තෙක්ක කාලයක් වැඩ කරපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා ලොකු වෙලා වෙන තැනකට යනවා. නිකංම එකට රස්සාවක් කරපු එකෙක් වෙන් වෙලා යනවට වඩා ගොඩක් අමාරුයි එකට හිතපු එකෙක් වෙන් වෙලා යනකොට. එහෙම එක දිශාවක් දිගේ එක දිගට හිතන්න, අනෙකා හිතන අදහසේ පය තියලා ඊළ`ග පිම්ම පනින්න, ඒ සිතුවිල්ලෙන් එකම රූපය දකින්න, මේ විදිහෙ සම්බන්දතාවක් ගොඩනගා ගන්න ලොකු කාලයක් ගත වෙනවා. ...
ඇසිඞ් වැස්සට තෙමුනා නෙමෙයි පිච්චුණා Cult කල්ට් තුන්වෙනි අවුරුද්දෙත් අන්තිම කෙළවර. මට මේ ඉඬේ මොකක් හෝ කාරණයක් ගැන මගේ ප්‍රබන්ධ යතාර්ථයක් ගොඩ නගන්න පත්තරයක් ඇතුලෙ කොහෙත්ම බලාපොරොත්තු විය නොහැකි ඉඩක් තිබුණ. මං හිතනවා කවුරුවත් මං කියන අදහස් පොලොවෙ යතාර්ථයන් විදිහට නොගන්න ඇති. මේ කියන්නෙ මං පොලොවෙ යතාර්ථය කියල එකක් විශ්වාස කරන හින්ද නෙමෙයි. ඒ වෙනුවට තෝරා ගත හැකි ප්‍රබන්ධ යතාර්ථයන් ගොඩක් මං විශ්වාස කරනවා. අද පොලොවෙ ...
අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක් Cult මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට කලින් මට පොතක් ගෙනත් දුන්නා. කියවලා කතා කරන්න.මං සිංහල පොත් කියවන එක අත්ඇරලා තියෙන්නෙ. විශේෂයෙන්ම ප්‍රබන්ධ. උක්ත ආඛ්‍යාත ගැටගහන වාක්‍ය ඇතුලෙ කොයිතරං අලූත් අදහසක් කියන්න හැදුවත් මට දැනෙන්නෙ පරණ විදිහටමයි. ...
සිනමාව ඩ්ජිටල් කිරීම වෙනුවට සිනමාව නිදහස් කිරීම Cult ලියන්න යන කතාවට කොහෙත්ම අදාල නැති වුණත් කියන්න තියෙන ත්රිලට මේක ලියන්නම ඕන. විශේෂයෙන්ම මේ වගේ කතා මාධ්‍ය වල පළ නොවෙන හින්ද. ඒක ‘බරක් ඔබාමා’ගේ කතාවක්. එයා කියනවා කංසා සිගරට් වලට වඩා අහිතකර දෙයක් නෙමෙයි කියල. ඇත්තටම කංසා නීතිගත කරන්න අවශ්‍ය කෙටුම්පත් ඉක්මණට සම්පාදනය වෙන්න ඕන කියල. කොහෙත්ම ඇල්කොහොල් වලට වඩා අහිතකර බවක් නැති කංසා නිසා මිනිස්සු හිරේ දාන නතර ...
චුට්ටෙයි -පොඞ්ඩෙයි Cult ලංකාවෙ කොමඩියන්ලා කියන්නෙ අපි කිති කවාගෙන හිනාවෙන්න ඕන වර්ගයේ විහිළු කරන කට්ටියක්. ඇ`ග අඹරනවා සහ දෙපැත්ත කැපෙන කතා කියනවා ඇරුණම මෙහේ කොමඩි වලට ගැඹුරක් හෝ අදහසක් නෑ. විශේෂයෙන්ම මේ අවුල පේන්නෙ සිනමාව හරහා බිහිවෙන කොමඩි චරිත වලින්. ඇත්තටම මට දුක හිතිලා තියෙනවා බැරි බැරි ගානෙ මිනිස්සු හිනස්සවන්න ද`ග දාන විදිහට. අපි කොමඩි කියල මෙහේ දකින්නෙ කෝලං. මේක හින්දම මං හිතන්නෙ ...
අසැබි දේ අගුණ නැත Cult මං කංසා වලටත් වැඩිය පෝර්න් වලට ඇබ්බැහි වෙලා කියල මං හිතන්නෙ. කවද හරි දවසක මං ලොකු චිත්රපටිකාරයෙක් වෙලා මගේ සිනමාවට ගොඩක් බලපාපු වෙනත් සිනමාකරුවො කවුද කියල ඇහුවොත් මට කියන්න වෙන්නෙ තමන්ගෙ මෝබයිල් එකෙන්, හංගපු කැමරාවෙන් තමන්ගෙ අතිශය පුද්ගලික මොහොතක් අන්තර්ජාලයේ බෙදාහදා ගත්තු ඒ හැමෝම කියල. එච්එම්අයි ලයිට් ගහලා, සුරූපි නිළියො එක්ක සික්ස් පැක් තරුණයෝ දාලා කරපු ඒ ප්‍රධාන ධාරවෙ පෝර්න් ...
මේ වගේ දිනක් නෑ එන්නේ...... Cult 2014 දිහා මං හිස් කාමරයක් දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන හිටියා. ආයිමත් මොකක්වත් ලියන්න බලාගෙන ඉන්න හිස් කරදාසියක් නෙමෙයි, බඩු මුට්ටු ඔක්කොම හිස් කරපු, ආයිමත් කුලියට නොදෙන හිස් කාමරයක්. බිත්ති වල විතරක් අතීතයක් පිරෙන්න ගාපු කුරුටු. ළං වෙලා කියවන්න නොගිහින් කාලයක් යද්දි ඒ කුරුටුත් මැකිලා යනවා. නැත්තං නොපෙනී යනවා. කුරුට්ටක්වත් නැති හිස් ජීවිතේ මැද්දෙ පළවෙනිදා මං ඉඳගෙන ඔහේ ඉන්නවා.හරි අමාරු ...
අවුරුද්දෙ අන්තිම වැස්ස... Cult අවුරුද්දෙ අන්තිම කෙළවර. මං ගාල්ල කොටුවෙ ඕලන්ද හැඬේට හදපු පුංචි හෝටලේක බැල්කනියට වෙලා මේ අවුරුද්දෙ අන්තිම ලිපිය ලියනවා. හීනියට හිරිපොද වැස්සක් වැටිලා මුහුද තෙමෙනවා.අවුරුද්දෙ මගේ ආසම මාසෙ දෙසැම්බර්. හීතලට, ලා අව්වට, නිතරම ඇඟේ හැපෙන හුළ`ගට අමතරව දෙසැම්බරයේ හැ`ගීමට මං ගොඩක් කැමතියි. ඒක උත්සව මාසයක්. හැම දෙයක්ම ලස්සනට සැරසෙන, මිනිස්සු උණුහුම් වෙන, පාටි දාන, කන්තෝරු වැහෙන මාසයක්. ජීවත් වෙන්න ආසාව ඇති ...
පෙති හයක අරලියා මලක් Cult අහම්බෙන් ආපු කෝල් එකක් මට ෆිල්ම් එකක් බලන්න ආරාධනා කළා. නිල සම්මත විදිහ නැතුව සරල අවිධිමත් විදිහට මේ කරපු ආරාධනය හින්දම මං ෆිල්ම් එක බලන්න යන්න හිතා ගත්තා. ප්‍රීමියර් එකක් කිව්වට මං හිතුවෙ ඒක ප්‍රෙස් එකට වගේ කරන ස්ක්රීනින් එකක් කියල. වැඬේ තිබුණෙත් පුංචි තියටර් එකේ.පුංචි තියටර් එකේ ෆිල්ම් බලන්න මං මාර ආසයි. ඒ තියෙන පසුබිම, පොඩි සෙනග හැමදෙයක්ම එතන ...
වාවා ගත නොහැකි ඔක්කාරය Cult ජුගුප්සාව 1පෝල් වෝකර් මැරුණම ෆේස් බුක් එක පිරෙන්න ඒකට සුදු කොඩි එල්ලන ලාංකේය ජනතාව දැක්කම මට අප්පිරිය හිතුණ. පෝල් වෝකර් ගැන ඇත්තට එහෙම දැනෙන සම්බන්ධයක් ලංකාවෙ කීප දෙනෙකුට ඇරෙන්න තියෙන්න පුළුවන්ද? නැත්තං මේ තමන් ඉන්නෙ ලන්ඩන් හරි බි්රස්බන් හරි කියලා තමන්ගේ සිහින නගරයකින් ෆේස් බුක් එකේ පෙනී ඉන්නවා වගේම පොඩි බෝවෙන හීනමානයක්ද? කොහොමටත් මට පෝල් ගැනවත් එයාගෙ රේස් චිත්‍රපටි ගැනවත් ...
ස්නේහයේ නගරයයි (ගම නෙමෙයි) ඔබ මගේ Cult අපේ ජීවිතේ තේරුම් ගන්න හරි අපේ ඉස්සරහ ජීවිතේ තේරුම් ගන්න හරි අතීතෙට හැරෙන්න ඕනද? අතීතෙ හරි ඉතිහාසෙ හරි කියල අපි ලංකාවෙ කතිකාව ඇතුලට අරගෙන ඉන්න සීමාව එක්ක හිතුවොත් මට හිතෙන්නෙ ඉතිහාසයක් නැතුව ජීවත් වෙන එක වඩා හොඳයි කියල. හේතුව අපි සංවාද කරමින් ඉන්නෙ මළ ඉතිහාසයක් ගැන. ඒක හුස්ම වැටෙන ඉතිහාසයක් නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් කරුණුමය ඉතිහාසයක් මිස හැ`ගීම්මය ඉතිහාසයක්, ඉංග්‍රීසියෙන් ...
V for Vendetta හෙවත් ඩයිනසෝරයන්ගේ අවසානය Cult මේ ලිපිය කොහොම පටන් අරගෙන කොහොම ලියාගෙන යන්නද කියල තාම මං ඉන්නෙ පැටළිල්ලක. සමහර වෙලාවට විෂයක්ම ලිපියකින් කියන්න වුණාම මේ අවුල එනවා. සාරාංශගත කරනවා කියන එක හැමදාම මං පේල් වැඩක්. අනිත් පැත්තට ඒ ලියමනට මගේ ඇතුලෙ තියෙන නිමිත්ත නැත්තං මාව ඒකට පොළඹවපු කාරනේ හරියට නිශ්චිතව කොලයක් උඩට දාගන්න බැරි කම. ඒ නිමිත්ත නැතුව කතාව කියාගෙන ගියොත් ඒක මළ වාක්‍ය රචනාවක් ...
හෝල් කඩාගෙන එන්නෙ! Cult මං ෆිල්ම් එකක් කරන්න යන්නෙ?මෙහෙම කියපු ගමන් ගොඩක් වෙලාවට මුලින්ම ආපිට ඇහෙන්නෙ එක ප්‍රශ්නයක්.‘ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණාද?’‘මොකද්ද මචං ස්ටෝරි එක’ වගේ කතා එන්නෙ ඊට පස්සෙ. මේක වැරැුද්දක් නෙමෙයි. ඇත්ත ප්‍රශ්නයක්. පළවෙනි දේ මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියල දැන ගන්න එක.ඒත් ඒ ප්‍රශ්නෙ මාත් ඇතුළු ගොඩක් චිත්‍රපටි හදන්න ට්‍රයි කරන උන්ව අධෛර්ය කරනවා. ඒ ප්‍රොඩියුසර් කෙනෙක් නැති ඇත්ත තත්වය හින්ද නෙමෙයි. ...
ජැක්සන්ට ආදරෙනි Cult දෙරණෙන් කරන හොඳටම නැට්ටුවා තේරීමේ රියැලිටි ෂෝ එකේ හොඳම නැට්ටුවා වුණේ ජැක්සන් ඇන්තනිගෙ පුතා. කොයි තරං අසධාරනයක් වෙන්න පුළුවන් වුණත් මට ජැක්සන්ගෙ පුතා කියනවා ඇරෙන්න එයාටම කියලා තියෙන නම කටට එන්නෙ නෑ. ඒක නම නොකියවෙනවට වඩා එහාට ගිහින් ජැක්සන්ගෙ අතක් කකුලක් විදිහට වඩා වෙන අනන්‍යතාවයක් මේ ළමයින්ට හිමි වෙලා නැති එක කියලයි මට දැනෙන්නෙ. ඉස්සෙල්ලා මහරජ පැරකුම්බා වෙච්ච ලොකු පුතාටත් ...
හන්ටර් තොම්ප්සන් එක්ක හවසක බාර් එකක Cult සාමාන්‍යයෙන් ප්‍රසිද්ද කියමන් කියන ඒවා කියවන්න මිසක් වැඩකට ගන්න පුළුවන් ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට ‘තමන්ගේ හීනය කිසි හේතුවක් නිසා අත් නොහරින්න’ වගේ කියමන් වචන වලට එහායින් ජීවිතේ කිසි ගැඹුරක් ස්පර්ශ කරන්නෙ නෑ. ඇත්තට ගත කරන ජීවිතේ ඇතුළෙ මේ වචන අනුව ජීවත් වෙන්න බෑ.කොහොමටත් මේ වගේ උදෘත කියමන් නිෂ්පාදනය වෙන්නෙ ඒ ඒ චරිතයේ ඒ ඒ කාල වකවානු අනුවයි කියලයි මට හිතෙන්නෙ. ...
ඔලූවට නෙමෙයි කෙලින්ම පපුවට - මරාකරණය 2 Cult ‘මං රාජ කුමාරයෙක් නෙමෙයි.. මං ගමේ කොල්ලෙක්..’ පපර පා....ං.... සිරි පැරකුම් අධ්යක්ෂ සෝමරත්න දිසානායක... ඔන්න එතකොට සෝමරත්න කතා කරනවා. චෝගම් හින්ද අපේ රටට මාර එකක් වෙනවා කියලා කියනවා. මේ දවස්වල අයිරාංගනී සේරසිංහ ඉඳන් පෝලිමට එක එක අය ඔය කතාව කියනවා. ඒත් සෝමරත්න ඒ කතාව කියන්නෙ නිකං නෙමෙයි. එයාගෙ ෆිල්ම් එකටත් ඇඞ් එකක් දාගන්න ගමන්. චෝගම් මාරයි කියද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය ...
මරාකරණය- Cult රිංගින් ටෝන් ගැන මගේ ගිය සුමානෙ ලිපියට කමෙන්ට් එකක් දාපු යාලූවෙක් අහලා තිබුන, ජයතිලක බණ්ඩාර, අජිත් වගේ අය කරමින් ඉන්නෙ පේ්රක්ෂකයා හා සංගීතකරුවා අතර මේ මම යෝජනා කරන සජීවී සම්බන්දය ගොඩනැගීමම නේද කියලා. ඒත් එතකොට ඔවුන්ගෙ පැවැත්ම අර්බුදයට යාම ගැන ගැටළුව ඉස්සරහ අසරණ වීමේ යතාර්ථයට පිළියම් මොනවද කියන එක හිතන්න වෙනවා. ඒක ඇත්ත ප්‍රශ්නයක්. එක අතකින් අජිත් සහ විමුක්ති ...