මුල් තිබුණට මදි - තටු තියෙන්නත් ඕනි. Cult ලන්ච් බොක්ස් ෆිල්ම් එක එන්න කලින් දාපු පෝස්ටර්, ආපු කතාබහ හින්ද ඔලූවෙ හදාගෙන තිබ්බ චිත්‍රෙ ලොකු වැඩිද මන්ද. ෆිල්ම් එක බලපු ගමන් මළ පැන්නා. ඒක තනිකරම ෆෙස්ටිවල් වලට විකුණන්න ඕන කරන අඩුමකුඩුම දාලා හදපු කෘතිම රසකාරක වලින් පිරිච්ච හොද්දක්. රූප ලස්සනයි, ගැලපීම ලස්සනයි, මදේ බාලයි.‘වැරදි කෝච්චිය වුණත් ඔයා හරි ඉස්ටේසමට ගෙනියන්න ඉඩ තියෙනවා’ෆිල්ම් එකේ තිබ්බ එකම හොඳ දේ ඒ වචන ...
කියවීම නතර කරමු. Cult ආදරය ගැන ආස හිතෙන විග්‍රහයක් ඉන්ටර්නෙට් එකේ හුවමාරු වෙමින් තිබිලා හම්බුණා. ඒක ආදරය, කාමය සහ යාලූකම ගැන කුලකමය පැහැදිලි කිරීමක්. ආදරය සහ යාලූකම අතරෙ කුලක ෙඡ්දන අවකාශය ‘කම්ප්ලිකේටඞ්’. ආදරය සහ කාමය අතරෙ තියෙන්නෙ ජෝඩු වීම, කාමය සහ යාලූකම අතරෙ ‘ෆක් බඞී’ (ෆ්‍රෙන්ඞ්ස් විත් බෙනිෆිට්ස්), ඒ හැම එකක්ම මුහු වෙන තුන් මුල්ල ආදර්ශී ගැලපීම විදිහට නම් කරලා තිබුණ. කමෙන්ට්ස් දාපු හැමෝම ...
අනාත මාරුතේ කුණාටු සාගරේ Cult ජිමී බොටෙලා ගැන මං දැනගත්තෙ චන්දනගේ ෆේස්බුක් පිටුවෙ ෂෙයාර් වෙලා තිබුණ ලින්ක් එකක් හින්ද. ඒක හරිම අවුස්සන සුළු සංවාදයක්. අපි වඩා හොඳ හෝ යහපත් කියලා නිසගයෙන් හිතන දේවල් පිටිපස්සෙ තියෙන අතාර්කිකත්වය ගැන. වැඩිය කතාව සංකීර්ණ නොකර මං ජිමී බොටෙලා ගැන කෙටියෙන් කියන්නං.එයා උද්භිද ජීව තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයෙක්. ක්වීන්ස්ලන්ඞ් ඔස්ටේ්රලියානු විශ්ව විද්‍යාලෙ. එයා ප්‍රශ්න කරනවා අපි ඇයි ස්වභාවික දේ හොඳයි කියන්නෙ ...
සිංදුවක් සිගරට්ටුවක් සහ රාත්‍රියක්.... Cult මං මරණ ගැන ලියන්නෙ නෑ. කොටින්ම ෆේස්බුක් පිටුවල මළ මිනී දාන උන් පවා මට අරහං. මරණය ඒ තරම්ම මම නොපිළිගන්නා දෙයක්. මං හිතන්නෙ ජීවත් වෙන මිනිහෙකුට කවදාවත් මරණය මුණ නොගැහෙන දෙයක්. ඒ වගේම මැරුණා වගේ ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් ජීවිතය මුණ නොගැහෙන දෙයක්. ඉතින් අපි නිතර දකින්නෙ මරණය ගැන දුක්වෙන මැරුණු මිනිස්සු. ගොඩක් බෞද්ධයො එහෙමයි.සංජය (සේනානායක) යන්න ගිය වග මං ...
කැසිනො වලට කැමති අය අත් උස්සන්න.. Cult මේ ලෝකෙ තියෙන ඛේදවාචකම තත්වෙ කල්පනා කරගෙන ගියොත් ඒ තමයි හැම මිනිහෙකුටම තමන්ගෙ ක්‍රියාව සාධාරණීකරණය කරගන්න පුළුවන් සාධාරණ හේතු තියෙන එක. හොරකමක මිනීමැරුමක ඉඳන් නිකං ඉඳලා සල්ලි හෙවීම දක්වාත් ඕනෑම කුප්පකමක් දක්වාත් මේ සාධාරණීකරනය වලංගුයි. ඒක පූර්ණ සාධාරණයි. ඕනම කෙනෙකුගේ පැවැත්ම ඇතුලෙන් එයා කරන යම් ක්‍රියාවකට සාධාරණ හේතුවක් තියෙනවා. එතකොට වරද වෙන්නෙ අපි මානව සම්මුතියක් කඩලා තියෙන එක. ගිල්ටිය ඇති ...
සුන්දර බොහීමියානුවා Cult හෙඩොනිස්ම් සිංහලෙන් කිව්වොත් සුඛපරමවාදය ගැන සුඛයෙන් යුතුව භාවනාවක ඉන්න කොට එක එක අදහස් වීදි දිගේ හිත නන්නත්තාර වෙන්න ගත්තා. අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකෙ සුඛපරම දිශාවට මෙහෙයවෙන එක නවත්තන්න බෑ. වාමාංශික විදිහට මේක ධනේශ්වරයෙ පරිභෝජනවාදී හරි වෙන මොකක් හරි විදිහට කියන්න පුළුවන් වුණත් මිනිස්සු වඩ වඩාත් ආශාවෙ දිශාවට මෙහෙයවෙන එක ඇතුලෙ ලෞකික ජීවිතේ යළි යළිත් නිර්මාණය වෙනවා. පිනවීම සංතර්පනය ...
කැතී ආපහු ඒවිද? Cult මීට අවුරුදු 5ට කලින් තරංගනී හෝල් එකේදි අපි අපේ පළවෙනි ෆිල්ම් එක පෙන්නුවා. ගොඩක් සෙනග ඇවිත් හිටියා. අපිව ඇතුලෙන් වෙව්ලනවා දැණුනා. ඒක පිපිරිලා යන්න තරම් බලාපොරොත්තු ඉතිරිච්ච මොහොතක්. How I Wonder What You Are.. සිංහලෙන් කිව්වොත් ආදරයේ අංශූමාත්රයක්, ඒකයි ඒකෙ නම.ඒ හිතපු හැම දෙයක්ම ඒ විදිහට සිද්ද වුණේ නෑ. ඒත් අපි කොහෙත්ම නොහිතපු ගොඩක් හොඳ දේවල් සිද්ද වුණා. මිනිස්සු අපිව ...
සාදු ඩෝ! Cult බොබසෙ ගැන ආයිමත් ලියන්නෙවත් අඩුම ගානෙ හිතන්නෙවත් නෑ කියල හිතාගෙන හිටපු මාව ආපහු ඒ ගොහොරුවටම ගේන්න තරමට බොබසෙ මාර්කටින් වැඩ කළා. ඒ ගොල්ලො මල්වතු මහනායක මුණගැහෙන්න යාම සහ එතනදි මහනායක හාමුදුරුවො කරපු මං කොහෙත්ම බලාපොරොත්තු නොවුණු ප්‍රකාශය හින්ද මාව තිගැස්සුණා. කෙටියෙන් ඒ අදහස සම්පිණ්ඩනය කරනවා නම්, මේ රටේ පාලකයො අතින් බුද්ධාගම රැුකීමට අවශ්‍ය දේවල් සිද්ද නොවෙන හින්ද තමයි බොබසෙ පාරට ...
ආදරය අත්හරින්න. Cult අපි හැමතිස්සෙම හිතන්නෙ ආදරය කියන්නෙ හැමදේම කියල. ආධ්‍යාත්මික උපදෙස් දෙන ගොඩක් ශාස්තෲන්ගේ ඉඳන් අළෙවිකරුවන් දක්වා හැමෝම කියන්නෙත් මේ කතාව. එක පැත්තකින් මේක ආදර වෙළඳපොලක්. අපේ හදවත් ආදර වෙන්දේසි පොළවල්. ඒත් ඇත්තටම ආදරය මේ තරම් ගැඹුරුද?මං හිතන්නෙ ආදරය කියන්නෙ අපි ඕනවට වඩා ලොකු කරපු පොඩි දෙයක්. ආදරයට මුල් වෙන්නෙ ඇගයීම. අපිට පේනවා මාර දෙයක් ඒ ආදරය කරන වස්තුව ඇතුළෙ. මේ ඇගයීම ...
හා.... සඳ වැටෙන්නෙ පිණි අහුරුවල ගුලි වෙලා... Cult සංගාගේ හාද්ද ගැන මං කලින් ලියපු ලියමන සමාජ විචාර කියන ෆේස් බුක් කට්ටිය ටිකක් බරපතල සාකච්ඡුාවකට ගත්තා. ඒකට ස්තුති කරන ගමන් ඒ ගැන කිසි දෙයක් කියන්න ඉදිරිපත් නොවුනෙ ඇයි කියලත් කියන්න ඕන. මං ලියන අදහස් ඇකඩමික් රාමු ඇතුලෙ කතා බහකට එන එකෙන්ම ඒ අදහස් වලට හානියක් වෙනවා කියලයි මං හිතන්නෙ. ඊට වඩා ව්‍යවහාරික, ප්‍රායෝගික, අවිධිමත් රටාවක් ඇතුලෙයි මේ අදහස් පැතිරීමක්, ...
වීරයා මැරෙයිද? Cult අපි මැච් එක දින්නා. සංගා වීරයෙක් වුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින්.මිනිස්සු පාරට බැස්සා නෙමෙයි පැන්නා. පාරවල් දිගේ සතුට දෝරෙ ගලන්න ගත්තා. හැම කෙනෙක්ගෙම මූණු පිපිලා. මගතොට නැවතිලා අඳුරන්නෙ නැති උනුත් මැච් එක ගැන වචනයක් හරි බෙදා හදා ගත්තා.සංගා.... කියලා වැඩක් නෑනේ....ක්‍රිකට් ගැන කිසි උනන්දුවක් නැති මාත් මේ ත්රිල දිහා බලන් ඉඳලා ත්‍රිල් වුණා. ඒ තරං ලස්සනයි මිනිස්සුන්ගෙ උතුරා යන ...
ඇඳුම යට ඇඳුම Cult බෙනිටන් කියල ඇ`ගළුම් කොම්පැණියක් එකපාරක් මාර කැම්පේන් එකක් කළා. ‘අන්හේට්’ ඒකයි ඒකෙ නම. ලෝකෙ විවිධාකාර නායකයො ඒ අයගෙ ප්රතිවාදියන්ගෙ තොල් සිපගන්නා ඡායාරූප තමයි මේ කැම්පේන් එකේ තිබුණෙ. බැරක් ඔබාමා හියුගෝ චාවේස්ව ඉඹිනවා, පලස්තීනෙ මොහොමඞ් අබ්බාස් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුව ඉඹිනවා. නෝර්ත් කොරියාවෙ ලොක්කා සවුත් කොරියාවෙ ලොක්කව ඉඹිනවා. ලංකාවෙ ගත්තොත් එහෙම මහින්ද ප්‍රභාකරන්ව ඉඹිනවා (රනිල්ව ඉඹිනවා දාලා වැඩක් නෑනෙ) එහෙම එකක් වුණා ...
මාලනී එන්න මල් පිපී දැයි බලන්න. Cult මාලනී ගැන ලියන්න... මාලනී ගැන හෝ නන්දා මාලනී ගැන තව මොනවා ලියන්නද? ඒවා ඉවර වෙච්ච චරිත. මේ වෙද්දි තමන් ගැන මිනිස්සුන්ගෙ හිත්වල ඇති වුණු සුන්දර හැ`ගීම් වෛශ්‍යා වෘත්තියේ යොදවමින් ජීවත් වෙන..ඒ කියන්නෙ මාලනීලා අතින් යමක් නොවුණා කියල නෙමෙයි. ඒත් වර්තමානයේ ඔවුන් ගත කරන ජීවිතය විසින් අතීතයේ ඔවුන්ට ආදරය කළ මං වගේ චරිත තුල ඇති කරන ජුගුප්සාව නොලියාම බෑ.මාලනීට ප්‍රංශයේ පැවැත්වෙන ...
සතුටෙන් දවස් සීයක්... Cult දින සීයක සතුට (හන්ඞ්රඞ් ඬේස් ඔෆ් හැපිනස්) කියන්නෙ මේ දවස් වල සමාජ ජාල වෙබ් අඩවි පුරා පැතිරෙන ප්‍රොජෙක්ට් එකක්. ඒ ව්‍යාපෘතියෙ අදහස හරි ලස්සනයි. ඒ වගේම ක්‍රියාත්මක කරන විදිහ හරිම දියුණුයි. අපි ජීවිතේ එන්න එන්නම බිසී වෙන එක ඇතුලෙ ඇත්තටම අපි කරමින්, විඳිමින් ඉන්නෙ මොනවද කියන එක පවා අපිට අමතක වෙනවා. අපිට අපිවම නොපෙනී යනවා. ඒක හරි සංකීර්ණ අත්දැකීමක්. අපි ...
වැදගත් වන්නේ ගමන මිස ගමනාන්තය නොවේ... Cult හඳගමගේ අලූත් චිත්රපටියෙ ප්‍රධාන චරිත විදිහට ධර්මසිරි සහ ස්වර්ණා ගන්න යනවා කියන කතාව ඉන්ටර්නෙට් එකේ පැතිරුණා. කවුරු හරි කෙනෙක් නිර්ණාමිකව ඒ ගැන ටිකක් හිතන්න ඕන අදහසක් පළ කරලා තිබුණ.‘ස්වර්ණාට හා ධර්මසිරිට ලාංකේය සිනමාව දැන් ගොඩදැමිය හැකිද?’ කියල ඒ ලියමනෙන් ප්‍රශ්න කරනවා. හංසවිලක් ගැන තියෙන සහ නැවත නැවත වමාරමින් කන, කළු සුදු නොස්තැල්ජියාවත් එක්ක ධර්මසිරි හා ස්වර්ණා යලිත් සිනමාවට කියන එක ...
Be Stupid! Cult ෆේස් බුක් එකේ එක දිගට ෂෙයාර් වෙන තමන් විහින්ම තමන්ගෙ පිංතූර ගන්න ‘සෙල්ෆීස්’ ගැන ගොඩක් අය හිතන්නෙ ලෙඩක් කියල. ලංකාවෙ හැම අලූත් දෙයක්ම ලෙඩක් හෝ භීතියක් වෙන එක ස්වභාවික වුණත් සෙල්ෆීස් කියන්නෙ දරුණු නාසිස්මය තත්වයක්ද කියන එක ගැන වෙන රටවලත් කතා බහ ඇති වෙනවා. ඒ කොච්චර කතා බහ ඇති වුණත් මේ ටේරන්ඞ් එක නතර වෙන්නෙ නෑ. හිතාගන්න බැරි තරම් විවිධ ...
ෆේස් බුක් වහා තහනම් කරනු. Cult ෆේස් බුක් තහනං කරන්න යන එක ගැන පත්තු වෙන කතා බහට එකතු නොවී ඉන්නයි මං හිතන් හිටියෙ. එක පැත්තකින් පොදු ජන විනෝදය පිණිස ආණ්ඩුව සපයන මාතෘකා වල ඔංචිලි පදින එක තේරුමක් නැති හින්ද. අනිත් පැත්තෙන් ෆේස් බුක් එහෙම තහනං කරනවට මං කැමති හින්ද.ෆේස් බුක් තහනං කරනවා කියන්නෙ මට හිතෙන විදිහට ලොකු කතා බහක් දැනුවත් වීමක් අවදි කරන සිද්දියක්. නිකං ඉබාගාතේ ...
දඩයක්කාර මුනිවරයා... Cult (27) මහා ශිව රාත්‍රිය දවසශිව කියන්නෙ මං ගොඩක් කැමති කන්සෙප්ට් එකක්. ඒ දඩයක්කාර මුනිවරයාට, නටන, පෙම් කරන, කංසා උරන, ප්රතිවිරෝධතා වල එකතුවට මට ඇති වෙන්නෙ භක්තියක්. උපත සහ විනාශය අතර හැම ප්රතිවිරෝධතාවයකම ඒකත්වය වෙන්නෙ ශිව. ඒ අදහසට, පැවැත්මට ගොඩනගලා තියෙන මනුස්ස රූපය මාර ආර්ට් එකක්. ෂුවර් එකටම ඇසිඞ් ටි්රප් එකක මුණගැහුනු චරිතයක්.මේ වියමනේ සංකීර්නතාවය හින්දම ශිව ගොඩක් වෙලාවට භාවනාවට ...