කොහොමද බයියන්ගෙ වැඩ? Cult ලංකාවෙ ජනගහනයෙන් බහුතරයක් මං හිතන්නෙ හි`ගන්නො. හි`ගන්නා කියන්නෙ අතපාලා කීයක් හරි හොයාගන්න භෞතික අර්තෙන් නෙමෙයි. ආත්මීය හි`ගන්නො කියන අදහසෙන්. මේ ආත්මීය හි`ගනකම අපි හිතනවට වඩා ගැඹුරුයි. තමන්ගෙ ඇතුළතින් යමක් පිටතට දෙනවා කියන එක නොදන්නාකම. එහෙම එලියට දෙන්න තරම් දෙයක් නැති කම. ඒ වෙනුවට එලියෙන් හැමදේම අරගෙන තමන්ව පුරවගන්න ද`ගලන එක. ඒක සල්ලි වෙන්න පුළුවන්, කීර්තිය වෙන්න පුළුවන්. අඩුම ගානෙ සම්පූර්ණ ...
දේවදූතයො යන්න යනවා, පව්කාරයො ඉතුරු වෙනවා. Cult ‘කන්නලාගෙ තාත්තා නැති වෙලා’මට යායුතු තවත් මරණයක් එකතු වුණා. මේ නොවැම්බර් මාසෙ මළවුන්ගෙ මාසෙ හින්දමද කොහෙද ගොඩක් අය සමුගන්නවා. කොහොම වුණත් ඒ මරණය ගැන මට ආපු පළවෙනි දැන්වීම.‘දන්නෙ නැද්ද? කේ. ඞී කියන්නෙ පරණ ෆිල්ම් පොරක්’‘මාර සිංදු තොගයක් ලියලා තියෙන්නෙ...’‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු.. ඒකත් කේ. ඞීගේ..’දෙවෙනි තුන්වෙනි විස්තර දැනගනිද්දි මං මගේ නොදැනීම ගැන ලැජ්ජ වෙන්න පටන් ගත්තා.‘කොච්චර වැඩ කරපු ...
අන්තවාදයක් ඕන. Cult මේක ප්‍රබන්දයක්. ඒ කියන්නෙ මෙතන ඉඳන් මං ලියන්නෙ ඇත්තක් නෙමෙයි. ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නෙ නෑ මං මීට කලින් ලියපුවා ඇත්ත කියල. ඒත් මේ ලියන්නෙ ෆික්ෂන් එකක්. මිත්‍යාවක්.සමහර වෙලාවට ජොයින්ට් එකකට හෑෂ් ටිකක් වැඩි වුනාම අපි යන අදහස් ධාරාවන් වල වේගය සහ පරාමිතිය අපිට පාලනය කරගන්න බෑ. එකපාර ප්‍රතිවිරුද්ද ගමනාන්තයන්ට යන අදහස් කෝච්චි කීපයක අපි ගමන් කරනවා. පීලි මාරු වෙනවා. ඒත් ...
ඒ රහස් කවුළුවෙන් එබෙද්දි.. Cult කව්වාගෙ පොත ගැන ලියන්න පටන් ගන්නෙ කොතනින්ද? මේ රහස් කවුළුවෙන් එබෙන්න කියන නමෙන්ද? නැත්තං කතාව කියාගෙන යන විදිහෙන්ද? කතාවෙ එළවගෙන යන චරිත වලින්ද?ඒ වෙනුවට මං කතාවට කොහෙත්ම අදාල නැති චිත්‍රපටියකින් පටන් ගන්නවා.ඒක මට මුණගැහුනෙ මේ පොත කියවගෙන යන දවසකම රෑක. රීකන්ස්ට්රක්ෂන් තමයි ෆිල්ම් එකේ නම. මේ පොත කියවන හැමෝටම මං කියන්නෙ ඊට පස්සෙ ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඞ් කරගෙන බලන්න. 2003 ...
පොරක් වෙනවද- බරක් වෙනවද? Cult ළ`ගදි දවසක ඔටාරා ඔඩෙල් එකෙන් අයින් වෙලා ගියා. ඒක එයා අවුරුදු 50 පිරෙද්දි ගත්ත තීරණයක්. ලංකාවෙ ගොඩක් උගත් බුද්ධිමත් චරිත වලට අහිමි සම්පූර්ණත්වයක් හැඩයක් තමන්ගෙ ජීවිතේට දෙන්න ඔටාරාට පුළුවන් වුණා කියල මට හිතුණ. එයා තමන්ගේ ජීවිතය ඉතාම හොඳට සහ තමන්ගෙ ඇතුළතට අවශ්‍ය විදිහට ඩිසයින් කරනවා කියල මට හිතුන. අපිට නිතර මුණගැහෙන සමාජ දේශපාලන ක්‍රියාකාරීන් ගොඩක් උත්සාහ කරන්නෙ ලෝකෙට හැඩයක් දෙන්න. ...
සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ Cult මගේ අතිජාත මිත්‍රයා චන්දන ප්‍රසන්න දවසක් අමුතු කතාවක් කිව්වා. ඌ කතා කරන්නෙ ගොඩක් අඩුවෙන් වගේම කිව්වොත් කියන්නෙත් අංජබජල් කතාවක්.‘ඔය දඩයම් වලට පුරුදු වෙච්ච එකෙන් ආපු දෙයක් වෙන්න ඕනි පාර්ටි දානවා කියන එක. මොකද කොහොමටත් දඩයමෙන් ලොකු සතෙක් එළා ගත්තම ඒක තනියෙන් කාලා ඉවර කරන්න බැරි වෙනවනේ. අනික කල් තියාගන්නත් බෑ, නරක් වෙනවා. එතකොට හොඳම දේ කට්ටියම එකතුවෙලා පාර්ටියක් දාලා මේක ...
අපි ආයෙත් හමු නූනා නම්... Cult මට කාර්ලෝස් මුණගැහීම..මට කාර්ලෝස් රේගඩාස්ව මුලින්ම හම්බුනේ බොලිවුඞ් එකේදි. ඉටිකොල වල දාලා පෝලිම් ගහලා තිබ්බ ෆිල්ම් තොගයක් මැද්දෙදි. ඒ ෆිල්ම් එක ජේපොන්. කවරෙ තිබුනෙ හරිම වෙස්ටර්න් ෆිල්ම් එකක පෙනුමක්. කාන්තාර පසුබිමක්. ඒ හිස් ගතියත් විශේෂයෙන්ම මෙක්සිකානු වීමත් හින්ද රේගඩාස් එදා මං තෝරපු චිත්‍රපටි කීපය අතරට වැටුණ.ජේපොන් වල තියෙන්නෙ මෙක්සිකෝවෙ නගරෙ ජීවත් වෙච්ච මනුස්සයෙක් සිය දිවි නහගන්න කියල ගම් පළාතකට යන ...
ඔබටත් එහි අසුනක් නැත. Cult මේ ටයිට්ල් එක ගත්තෙ පොඩි තිසරගෙන්. ෆෙස්ටිවල් එකේ ෆිල්ම් බලන්න ඇවිල්ලා හැරිලා යන මහා ජනකාය මැද්දෙ අපිත් ඉඳිද්දි පොඩියා ජොලියට කිව්ව කතාවක් ඒක.ෆෙස්ටිවල් එකේ පෙන්නන කිසිම ෆිල්ම් එකකට ඇ`ගිල්ලක් ගහන්න බැරි තරම් සෙන`ග. බලන්න ඕන නම් පැය දෙකකට විතර කලින් පෝලිමේ හිටගන්න වෙනවා. හැරිලා එන්න වුණත් මට තිබුණෙ ත්‍රිල් එකක්. ෆිල්ම් බලන්න මෙහෙම මිනිස්සු ආවෙ කවදද? ඇරත් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් බලන්න. ...
එළ වැඩක්! කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල Cult ලංකාවෙ සිනමාවෙ මගේ ජීවිත කාලෙ සිද්ද වෙච්ච වැදගත්ම දේ සිද්ද වෙන්න යනවා. ඒ තමයි කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලක් පළවෙනි පාරට සංවිධානය වෙන එක. සැප්තැම්බර් 2- 7 වෙනිදා වෙනකල් මේ සිනමා උළෙල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. කිසි තේරුමක් ඇති දෙයක් කරන්නෙ නෑ කියලා මාත් විවේචනය කරමින් හටපු ලංකාවෙ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් වැඩකට අතගහලා. මේක ලොකු පියවරක්.මේ වෙද්දි ...
ඔයා වාරියපොලද? Cult ‘මං පොල් කඩලා තමයි ජීවත් වෙන්නෙ. මට එක දුවෙක් ඉන්නෙ. මේ වෙච්ච දේ මට සෑහෙන අපහාසයක්. මං හිතුවෙ නෑ මෙච්චර දුරට යයි කියල මේක. මගේ ගෑනියි දරුවයි මට නැත්තටම නැතුව ගියා මේ සිද්දියෙන් පස්සෙ...තාත්තා දාලා යනකොට මට අවුරුදු හතයි. අම්මා දාලා යනකොට අවුරුදු දහ අටයි... ගෑනියෙක් හින්ද තමයි මං ඉවසන් හිටියෙ. නංගි මට සමාවෙන්න කියල මං සමාව ඉල්ලූවා. සමාව ඉල්ලද්දි ...
ආර්ට් කියන්නෙ මොනාද, කාලා බලන්න.... Cult පහුගිය දවසක සිනමාව හදාරන ළමයි කට්ටියක් ඒ ගොල්ලො අවුරුදු දෙකක් තිස්සෙ හදාරපු සිනමාව ගැන දේවල් එලියට දාන්න කරපු චිත්‍රපටි කීපයක් බලන්න ගියා. මෑතක ඉඳන් අලූත් උන් කරන දේවල් වලින් අමන්දානන්දයට පත්වෙන හින්දම මං ගියේ ගොඩක් කැමැත්තෙන්. ඒකට මට අමතරව විමුක්ති, සමන් වික්‍රමාරච්චි ඇතුළු තවත් කීප දෙනෙක්ම එකතු වෙලා තිබුණ.වැඬේ පටන් ගන්න කලින් සමන් පොඩි කතාවක් කරමින් කිව්වෙ සිනමාව මේ විදිහට ...
හිනාවක් යට මරණයක් ඇත Cult රොබින් විලියම්ස් මැරුණ. එයා එල්ලිලා මැරුණ. ඒක ඩිප්රෙෂන් හින්ද වෙච්ච සිය දිවි නසා ගැනීමක්. මීට කාලෙකට කලින් මං ලිපියක ලිව්වා මෝඩයන්ට ඩිප්රෙෂන් හැදෙන්නෙ නෑ කියල. ඒකට කෙනෙක් කමෙන්ට් කරල තිබුණ ඒක මගේ ඉමෝෂනල් බොරුවක් කියල. ඒත් රොබින් විලියම්ස්ගෙ මරණය මට ඒ කතාව ආයිමත් ලියන්න බලකරනවා.ගොඩක් වෙලාවට ඩිප්රෙෂන් කියන්නෙ ක්‍රියේටිව් වීමත් එක්ක එන බයි වන් ගෙට් වන් ෆී්ර පැකේජ් එකක්.රොබින් විලියම්ස්ගෙ ...
ඩාලි මයි ඩාලිං Cult මට ඕන වුනේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983 දි ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප්රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි. ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා.. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි මේ පර්ෆියුම් එක හදන්න එයාගෙ කැමතිම මල් ...
මොටෝ නැති කවියක රස Cult මෑතක ෆේස්බුක් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට මං දැක්කා ලංකාවෙ වෛද්‍යවරයෙක් විසින් ලියපු ලිපියක්. පත්තරේක ගිහින් ඊට පස්සෙ වැඩි චූන් එකට ෆේස් බුක් එකෙත් ෂෙයාර් කරලා. ඒක තිබුනෙ අජිනොමොටෝ ගැන. අජිනොමොටෝ කියපු ගමන් මේ කාලෙ සෞඛ්‍යය ගැන උනන්දු හැමෝම උඩ පනින කාරණයක්. ඒක හින්දම රසකාරක වලින් තොරයි කියල වෙනම මාර්කට් එකක් පවා හැදිලා තියෙනවා. සමහර කඩ තමන් රසකාරක වලින් තොරයි කියන ...
ආදරෙන් ඇවිලීම සහ ඇවිලී පිළිස්සී යාම Cult නෝ මෝර් ජුලයි වැඬේ ඉවර වෙලාම ලියනවා කියල හිටපු හින්ද ලියන්න වුණේ පත්තරේට යවන දවසත් පහුවෙලා. ඒත් ඒ වැඬේ ඇවිළිලා ගිය විදිහ හින්ද ඒ ගැන නොලියා වෙන මොකක්වත් ලියන්න හිත විරෝධය පළ කලා. මොනවා වුණත් ඊයෙ ? තමයි ?. ජූලිය පැත්තකින් තියල ගත්තොත් හැමතිස්සෙම මිනිස්සු විවෘතව එකතු වෙලා පොදු වැඩක් කරද්දි එතන ජීවිතේ පත්තු වෙනවා දැනෙනවා. නෝ මෝර් ජුලයි වැඬේ ...
කොහොමද වතුර? Cult ඇ`ග හොඳට රත් වෙන්න උණ අරන්, මුලූ ඔලූව බර වෙන්න සෙම පිරිලා තියෙන වෙලාවක හිතෙන්නෙ විකාර දේවල්. හැම ශාරීරික අසනීපයක්ම ගොඩක් ගැඹුරු තේරුම් ගැනීම් ඇති කරනවා. විශේෂයෙන්ම උණ. මට හිතෙන්නෙ උණක් කියන්නෙම ඇතුලෙ ලොකු මානසික පරිණාමයකදි පිටවෙන තාපයක්. මේක විද්‍යාවට එක`ග නොවෙන්න පුළුවන්. ඒත් ඒ්ක හැම වෙලාවකම මගේ ජීවිතේට එක`ග වෙලා තියෙනවා.ඒ අතරෙ ඉස්තෙපාන් මට එවලා තිබුණ ඬේවිඞ් ෆොස්ටර් වොලාස් ...
මං කොයි ජාතියෙ මිනිහෙක්ද? Cult මං ජාතිය ගැන හිතන්න පටන් ගත්තා. පහුගිය දවස් කීපයෙ ඇති වෙච්ච ලෝක නවනිංගිරාවට පත් වෙන අපේ ශ්‍රී වික්‍රමයන් ඒකට එක හේතුවක්. ඇත්තටම මම මොන ජාතියෙ මිනිහෙක්ද? උප්පැන්නෙ ලැජ්ජාවෙන් ගැලවෙන්න මට හිතන්න සිද්ද වුණා.පහුගිය දවසක දලයි ලාමා ලංකාව ගැන මතක් කිරීමක් කරලා තිබුණ. ඒ ලෝක බෞද්ද උරුමයක් විදිහට සළකන සංගවරයෙක් (සංග කියන ගුණයන්ගෙන් පිරුණා වූ) බෞද්දකම ගැන කරපු මතක් කිරීමක්.‘මියන්මාරයේ සහ ...
සංකේත පියා සහ ගප්පියා Cult අහම්බෙන් ෆේස් බුක් එකේ ෂෙයාර් වෙච්ච ලින්ක් එකක් දිගේ ගිහින් ජිප්සීස්ලා ඩෙල් ස්ටුඩියෝ එකේ කරපු සිංදු ටික අහන්න හම්බුණා. ඒක දෙරණෙන් කරන හොඳ වැඩක්. නිකංම විකුණගන්න හදන ප්‍රෝග්‍රෑම් එකක තැනකින් එහාට ගිහින් දැන් වඳවෙලා ගිහිල්ලා තියෙන මියුසික් වලට පණක් එකතු කරන වැඩක්. ලොකු සිංහලෙන් කියනවා නම් මෙහෙවරක්. නැත්තං රිංග් ටෝන් වගුරක ගිලිලා පොට්ට වෙලා යනවා අපේ කන්. ඊටත් වඩා වටින්නෙ ...
සුනාපරත්නෙද දර්ගාවද වැඩිය වස? Cult කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලකණ්ණි කාලයක්. අදහසක් සාකච්ඡවක් ඇති වෙන්න රටක සමාජයක ටෙම්පො එකක් බලපානවා. ඒ අතින් මේක බයිලා විතරක් කියන්න පුළුවන් ටෙම්පො එකක්. ඒක හින්ද මේ දවස්වල හැමෝම කියන්නෙ බයිලා.සීරියස් දෙයක් කතා කරන්න තරමට මමමත් නොසන්සුන්. කියා ගන්න බැරි අප්පිරියාවක්, ඔක්කාරයක්, මුස්පේන්තුකමක් දවස පුරාම ළ`ගම කැරකෙනවා. අපේ ජීවිත මේ විදිහට වඳ වෙලා කුණු වෙලා යන දිහා බලාගෙන ඉන්න ...
පිස්සො කලබල වුණාට ඩොක්ට කලබල නෑ Cult අලූත්ගම මුස්ලිම් අයට සිංහල අය ගැහුවද, සිංහල අයට මුස්ලිම් අය ගැහුවද, ඒ ගැහිල්ල ඓතිහාසිකව කොයිතරං සාධාරණද, වගේ කාරණා අලූත්ගම සිද්දියට අදාල නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ පාරෙ බස් හෝල්ට් වල, ඔෆිස් වල, ෆේස් බුක් එකේ ඇතිවෙච්ච සංවාද රැුල්ල දිහා බලාගෙන හිටියම අලූත්ගම සිද්දියට අලූත්ගම පවා අදාල නෑ කියල තේරෙනවා. බොරු කතන්දර නැතුව කිව්වොත් මුලූ රටේම සිංහල බෞද්ධයො එක`ගයි අලූත්ගම ...