එල්ලලාද මැරුවෙ? මරලාද එල්ලූවෙ? Cult මේ ලියමන මාලින්ද සෙනෙවිරත්න ලියපු ආර්ටිකල් එකේ කොටසකින්ම පටන් ගන්නං. ‘ලියෝ බර්නට් එක ලංකාවෙ සිංහයා හම ගසා කෑන්ස් සිංහයෙක් දින්නේ කෙසේද?’ කියන මාතෘකාව යටතේ මාලින්ද මෙහෙම කතාවක් කියනවා.‘නිදහස් දවසේ මව්බිම පත්තරේ නිකුත් වෙලා පැය කීපයකින් ඔක්කොම පත්තර අළෙවි වුණා කියල ලියෝ බර්නට් එක උජාරුවට කියනවා. ඒක ගැන කියන්න අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා ලංකාවෙ මිනිස්සු ජාතික කොඩියක් හදා ගන්න ...
රාවය ගැන මිලින්ද ප්රශ්නය Cult මේ ලියමන කුහක හෝ ද්වේශ සහගත වගේ පුංචි ලාංකේය තැන් වල හිර කරන්නෙ නැතුව තවත් එක අදහසක් කියන තැනකින් කියවන්න කියල මුලින්ම ඉල්ලනවා. ඒ පුද්ගලිකව මගේ ගැන කලූ චිත්‍රයක් ඇඳෙන එක ගැන අවුලකට නෙමෙයි. ඒක සංවාදයක් වෙනුවෙන් මගේ අදහස කැන්සල් කරන හින්ද.රාවය පත්තරේ මාත් කාලෙක ඉඳන් කියවන පත්තරයක්. ඒ ව්‍යාකරණානුකූල භාෂා සීමාවල්, සීරියස් වැඩි ගතිය, ගමේ ඇකඩමික් ප්‍රතිරූපය ආරක්ෂා කිරීම ...
සංසුන් නොසංසුන් හෙවත් මා ගිය වන්දනා ගමනක් Cult නිවාඩුවකට මං ලංකාවෙ යන්න කැමතිම තැනක් අනුරාධපුරේ. අව්ව, කාශ්ටක ගතිය හින්ද ගොඩක් මගේ යාලූවන්ට ඒක චාටර් ගමනක් වුණාට රෑ ලයිට් එලි යටින් පාලූවට ගිය ස්තූප, ගල්කණු මැද්දෙ ඇවිදින්න මං ආසයි. ඒ ගොරෝසු තණකොල උඩින් තැනින් තැන වැවිච්ච ගස් අතරෙ මට මාර සැදැහැයක් ඇති වෙනවා. ඒක හාමුදුරුවරු බණට කියන සැදැහැයට වඩා වෙනස්. ඒත් හිරිගඩු පිපෙන තරම් ශ්‍රද්ධා හැ`ගීමකින් මං අනුරාධපුරේ පුල්ලි ...
ආනන්ද, සර්පයා දුටුවාද? (තණ්හා රතී රගා ගැන කලින් වැඩි විචාරයක්) Cult අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප්රත්යක්ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං ...
විනෝද සාගරයක් රස ආකරයක් Cult මගේ බ්ලොග් එකේ ලිපි වලට කියවන අය කරන කමෙන්ට් ගැන මං මොකුත් නොකියන එක කියවන අයට ලොකු අවුලක් වෙලා. කොටින්ම දැන් කියවන කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑ. අපි සයිබර් ගනුදෙනු පටන් ගත්තත් තාම කර්තෘත්වය හොයන අර්බුදෙන් එලියට ඇවිත් නෑ කියලයි මට හිතෙන්නෙ. මාගලක් විතර දිගට අදහස් ලියැවිල්ලක් කරල කමෙන්ට් ඉඩත් ආයිමත් පාවිච්චි කරන එක එච්චර ප්රජාතන්ත්රවාදී නෑ වගේ එකක් මගේ පුද්ගලික ...
එරෙහිව උඩු සුළං අහුරට Cult පරාගේ ‘කල්ට්’ එකට පනහ පිරුණ. චැනල් මාරු වුණත් පරා එක දිගට කරගෙන එන වැඩක තුන්වෙනි චැප්ටර් එක විදිහටයි කල්ට් ගන්න වෙන්නෙ. ආර්ට් එක, ඊට පස්සෙ ස්වරූපන, ඊළ`ගට කල්ට්. අපි ඇත්තටම කරන වැඬේ වෙන්නෙ අපිටත් නොදැනීම අපිත් එක වැඩෙන මේ වගේ වැඩ කියලයි මට හිතෙන්නෙ.කල්ට් නම මේ ප්‍රෝග්‍රෑම් එකට දුන්නා කියලා මාව කියවන ගොඩක් අය එක එක විදිහෙ චෝදනා කළා. ඒත් ...
ජීවිතය දේශපාලනයට වඩා විශාලය Cult ආයිමත් මැයි පළවෙනිදා දවසක්. පෙලපාලි යන්න පාට ඇඳුම් බෝඞ් අරන් දේශපාලනය කරන හැමෝම එක එක විදිහට පාරට බහිනවා. සටන් පාඨ කිය කිය පෙලපාලි යනවා. චාරිත්‍රයක් වගේ හැමදාම එක විදිහට රැුස්වීම් තියලා යටිගිරියෙන් කෑ ගහනවට වඩා තේරුමක් මේ දවසෙ තියෙනවද? වෙන විදිහකට කිව්වොත් කාට ඇහෙන්නද මේ කෑ ගහන්නෙ? කාගෙන්ද මේ ඉල්ලන්නෙ? මොනාද ඉල්ලන්නෙ? මට හිතෙන්නෙ මේ දවස වැඩ කරන ජනතාව වෙනුවෙන් ...
TURN ON-TUNE IN-DROP OUT Cult මං ටෙරන්ස් මැකේනා එක්ක ටි්රප් එකක් යන ගමන් හිටියෙ. එයා ගැන මං හිතන්නෙ කිසි දෙයක් සිංහලට පරිවර්තනය වෙලා නෑ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ දැනුම් කලාපය ගැන අපේ රටේ සිතීමේ කලාප තාම වර්ධනය වෙලා නෑ. ඒත් සයිකඩෙලික්ස් වලින් (විකිපීඩියා තේරුම හැටියට ප්රජානනය හා සංවේදනය දියුණු කරන මනෝක්රියාකාරී රසායන. ලේසි විදිහට කිව්වොත් කංසා, එල්එස්ඞී, එක්ස්ටසි ආදී අපේ රටේ රාස්සයන්ට අන්දලා ...
කිකිළිද? බිත්තරේද? Cult ‘ඔබ හිතන් ඉන්නෙ බොහොම ප්රජාතන්ත්රවාදී රටක ඔබ ජීවත් වෙනවා කියලද? කළු මුඩුක්කුවක් මැද්දෙන් ඇඳිරි වෙලාවක ඇවිදන් යන්න. උස මහත කල්ලෙක් එක්වරම කඩා පැනලා ඔබව බිම පෙරලාගෙන ඔලූව පාරෙ හප්පගෙන හප්පගෙන යද්දි ඔබ සිහිනයෙන් ඇහැරේවි’ කියල චාර්ල්ස් මැන්සන් එක වෙලාවක කියනවා.ලයිෆ් ඔෆ් පායි චිත්‍රපටිය බැලූවොත් ‘මං ජීවත් වුනේ ඔරුවේ අනික් කොනේ ව්‍යාඝ්‍රයා හිටපු නිසා. මට අවදියෙන් ඉන්න සිද්ද වුණා’ කියල පිසින් ...
තේරුණද දන් නෑ Cult තේරුණද දන් නෑ කියන්නෙ දීප්ති ස්ටයිල් එකට කතා මැද්දෙ පාවිච්චි කරන පොඩි දීප්තියානු කෑල්ලක්. ඒක මේ වෙද්දි ගොඩක් අය පාවිච්චි කරන ෆැෂන් එකක් වෙලා. කතා මැද්දෙ ෂර්ට් එක අර අසල්වැසියෝ ටෙලියෙ හේමසිරි ලියනගේ වගේ උරහිසින් උස්සන ගමන් ‘තේරුණද දන්නෑ’ කියල අහන්නෙ මාර ආඩම්බරේට. ඒකට මං කැමතියි. දීප්තිගේ අදහස් වෙනුවට මේ වගේ ඉගිබිගි වලින් ‘දේශපාලනය කරනවා කියන’ චරිත ඉන්ෆ්ලූවන්ස් වෙන එක. ...
වෙනස ඇරඹුණා පමණි Cult ඓතිහාසික දෙවෙනි වතාවටත් මහල්වරාවෙ බේකරියෙ සංගීත සැණකෙලිය සංවිධානය වෙනවා. ඩවුන් ටවුන් පල්ස්. ඒකයි මේ පාර නම. ෆේස් බුක්, යූ ටියුබ් වලින් ඉතා හොඳ මට්ටමක ප්‍රචාරයක් දුන්නා කියන එකයි මගේ අදහස. වඩාත් වැදගත් දේ මේ වැඬේ තවත් පළල් වෙමින් වෙනස් වෙනස් මියුසික් වැඩ සන්තතිකව කරමින් ඉන්න තවත් අය එක්වෙමින් තවත් පාරක් කෙරෙන එක. ලංකාවෙ මේ වෙලාවෙ කිසි දෙයක් නොකර අනිත් උන් ...
දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල Cult සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි්රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා ...
ඇයි මාව කලින් දැකලා නැද්ද? Cult ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ ඕර්ගි (සාමූහිකව කරන රති ක්‍රීඩා) ...
සුක්කානම පිටුපස බුදුන් Cult ‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ...
හිස් නැති හිස්වලට. Cult ලංකාවෙ රේඩියෝව කියන්නෙ තවදුරටත් අහන්න පුළුවන් එකක් නෙමෙයි. ඕනම චැනල් එකක උදේ ප්‍රෝග්‍රෑම් දෙක අහද්දි තේරුං ගන්න පුළුවන් කොහාටද දක්කන්න හදන්නෙ කියල. උදේ පාන්දර රුධිර පීඩනය වැඩි කරවන හඞ්ඩාගේ ගඳ ෂෝ එකේ ඉඳන් මීඩියා කියන්නෙ බුලත් විටි කඩයක් කියල හිතාගෙන ඉන්න ෂාන්ගෙ රේඩියෝ එකත් අසන්නා කියන්නෙ ලෙඩෙක්, බෝම්බ උඩින් පැන පැන යන ගෙම්බෙක්, කියල හිතාගෙන ඉන්න ඇසෙන නෑසෙන වැසෙන චැනල් ...
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ Cult චිත්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ...
වෘකයන් අතර නග්නව Cult කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ ආරක්ෂාවට පවත්වාගෙන යන රාජ්‍ය සංවිධානෙකින් මට කෝල් කරලා ලිපියක් ඉල්ලූවා, ඒ ගොල්ලොන්ගෙ ස`ගරාවකට. ලංකාවෙ කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ තත්වෙ ගැන මට කියන්න තියෙන දේවල් ඒ වගේ ආයතනේක ස`ගරාවක පළකරන්න තරම් ඒ අය නිදහස් කියල විශ්වාසයක් නැති වුණත් මං ලියමන ලිව්වා. ආයිමත් කෝල් එකක් ආවෙ නැති හින්ද තාමත් ලිපිය මගේ ළ`ග.අපේ රටේ කාන්තාවක් සහ ළමයෙක් කියන කාරණය වැදගත් වෙන්නෙ ...
හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට. Cult මට හම්බුවෙනවා චිත්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක ...
මේ කවුද? මොනවද කරන්නෙ? Cult මුස්ලිම් විරෝධී ජාතික දුමාරයකින් ෆේස් බුක් එක වැහිලා ගිහින්. නෝ ලිමිට් එක ඉස්සරහ පිකට් කරලා, හලාල් බඩු තහනම් කරලා අමුතු සිංහල බෞද්ධ ත‍්‍රිලකට ජනතාව සෙට් වෙලා. තවත් කට්ටියක් මේ විනෝදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව ලොකු ෆේස් බුක් කැරළි ගහනවා. සනීපාරක්ෂක තුවා වර්ගයක වඳ වෙන තෙලක් ගානවා කියල අද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය කියල එකකින් පෝස්ට් කරලා තිබුණ. බෞද්ධ සහ සනීපාරක්ෂක තුවා අතර ...
අතිශයින්ම පිරිමින්ට පමණයි; Manic Pixie Dream Girl Cult ගිම්හානයේ දවස් පන්සීයක් (500 ඬේස් විත් සමර්) සහ උද්‍යාන ප්‍රාන්තය (ගාර්ඞ්න් ස්ටේට්) කියන්නෙ මං හු`ගක් ආස චිත්‍රපටි. ඒ චිත්‍රපටිවල මං වැඩියෙන් කැමති වෙන්නෙ මොකකටද කියලා හිතදාගෙන යද්දි අන්තිමට මං තේරුම් ගත්තෙ මං ආස වෙන්නෙ චිත්රපටියෙ සිනමා කාරණාවකට වඩා මේ කතාවල ඉන්න ගෑණු චරිතෙට කියල. ගිම්හානයේ දවස් පන්සීයක් චිත්රපටියෙ මේ චරිතෙ කරන්නෙ සුයී ඩිස්චැනල්. උද්‍යාන නගරයේ මේ චරිතය නතාලි පෝර්ට්මන්. මේක ...